ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bm 15 කොටස 18 පි.
  • අනාගතය ගැන විශිෂ්ට එළිදරව්වක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනාගතය ගැන විශිෂ්ට එළිදරව්වක්
  • බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • සමාන තොරතුරු
  • දානියෙල් පොත සහ ඔබ
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
  • දානියෙල් පොතෙන් විශේෂාංග
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දානියෙල්ට පුදුමාකාර විපාකයක් පොරොන්දු වෙයි
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
  • අපේ කාලයට අදාළ දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය දෙන්න
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
bm 15 කොටස 18 පි.
නෙබුකද්නෙෂර් සිහිනෙන් දැකපු රූපය

15වන පාඩම

අනාගතය ගැන විශිෂ්ට එළිදරව්වක්

දෙවිගේ පාලනය සහ ගැලවුම්කරුගේ පැමිණීම ගැන දානියෙල් කාරණා එළිදරව් කරයි. බැබිලෝනිය වැටී යයි

දානියෙල් කියන්නේ තරුණ කාලයේ සිට යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළ කෙනෙක්. යෙරුසලම විනාශ වීමට කලින් ඔහු ඇතුළු තවත් පිරිසක්ව වහලුන් හැටියට බැබිලෝනියට ගෙන ගියා. වහලුන් ලෙස සිටියත් දානියෙල්ට සහ තවත් කිහිපදෙනෙකුට එහි යම් නිදහසක් ලැබුණා. දානියෙල් බැබිලෝනියේ ගත කළ දීර්ඝ කාලයේදී දෙවි ඔහුට බොහෝ පැතිවලින් ආශීර්වාද කළා. ඔහුව සිංහ ගුහාවකට දැමූ අවස්ථාවේදී ඔහුට කිසි කරදරයක් වෙන්න නොදී දෙවි ඔහුව ආරක්ෂා කළා. එමෙන්ම අනාගතයේ සිදු වීමට යන දේවල් දෙවි දර්ශන මාර්ගයෙන් ඔහුට දැන්වූවා. ඒ විතරක් නොවෙයි ගැලවුම්කරු ගැන සහ ඔහුගේ පාලනය ගැන ඇතුළත් පණිවිඩ දැනුම් දීමට දානියෙල්ට අවස්ථාව ලැබුණා.

ගැලවුම්කරුගේ පැමිණීම කවදාද කියා දැනුම් දීම. ගැලවුම්කරුගේ පැමිණීම සිදු වන්නේ විනාශ වී ගිය යෙරුසලමේ පවුර නැවත ගොඩනැඟීමට අණක් නිකුත් කළ දවසේ සිට සති 69කින් පසුව බව දානියෙල්ට දැන්වූවා. සති 69ක් යනු දවස් 483ක්. අනාගතයේ ඉටු වීමට නියමිත යම් දේවල් ගැන බයිබලයේ කතා කරද්දී එක දවසක් යොමු දක්වන්නේ එක අවුරුද්දකටයි. ඒ නිසා ගැලවුම්කරුගේ පැමිණීම සිදු වන්නේ දවස් 483කින් පසුව නොව අවුරුදු 483කින් පසුවයි. යෙරුසලමේ පවුර ගොඩනැඟීමට අණ ලැබුණේ දානියෙල් මිය ගොස් බොහෝ කාලයක් ගත වූ පසුවයි. එනම් ක්‍රි.පූ. 455දීයි. ඒ අනුව සති 69 නැත්නම් අවුරුදු 483 අවසන් වුණේ ක්‍රි.ව. 29දීයි. ඒ අවුරුද්දේදී යම් විශේෂ දෙයක් සිදු වුණා. (ඒ ගැන වැඩි විස්තර ඊළඟ පාඩමේ සලකා බලනවා.) දානියෙල්ට දැන්වූ පණිවිඩයේ මිනිසුන්ගේ පව්වලට සමාව ලබා දීම සඳහා ගැලවුම්කරු මරණය අද්දැකිය යුතු බවත් සඳහන් වී තිබුණා.—දානියෙල් 9:24-26.

ස්වර්ගයේදී ගැලවුම්කරු රජ වීම. ස්වර්ගයේ සිදු වීමට නියමිත දෙයක් දානියෙල් දර්ශනයක් මාර්ගයෙන් දුටුවා. ඒ දර්ශනයේදී, “මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු” ලෙස හඳුන්වන ගැලවුම්කරු, යෙහෝවා දෙවිගේ සිංහාසනය ඉදිරියට පැමිණෙන ආකාරයත් දෙවි ඔහුට, “රාජ්‍යයද බලයද ගෞරවයද” ලබා දුන් ආකාරයත් දානියෙල් දුටුවා. ඒ රාජ්‍යය සදහටම පවතින රාජ්‍යයක්. දානියෙල් ඒ දර්ශනයෙන් තවත් වැදගත් දෙයක් දැනගත්තා. එනම් ඒ රාජ්‍යයේ පාලනය කිරීමට එහි රජු සමඟ, “අතිශ්‍රේෂ්ඨ තැනැත්තාණන්ට සේවය කරන ශුද්ධ තැනැත්තන්” ලෙස හඳුන්වන තවත් පිරිසක් හවුල් වන බවයි.—දානියෙල් 7:13, 14, 27.

දෙවිගේ රාජ්‍යය පොළොවේ සියලු රාජ්‍යයන් විනාශ කිරීම. බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්ට මහත් ප්‍රහේලිකාවක් වූ සිහිනයක් තේරුම් කර දීමට යෙහෝවා දෙවි දානියෙල්ට හැකියාව ලබා දුන්නා. රජු සිහිනයෙන් විශාල රූපයක් දුටු අතර එහි හිස රනින්ද පපුව හා අත් රිදීයෙන්ද බඩ සහ කළවා තඹවලින්ද කෙණ්ඩා යකඩවලින්ද පාදවල සමහර කොටස් යකඩවලින්ද තවත් සමහර කොටස් මැටිවලින්ද සාදා තිබුණා. නමුත් ගලක් කන්දකින් ගැලවී ඇවිත් යකඩවලින් හා මැටිවලින් සෑදී තිබූ රූපයේ පාද කොටසට වැදී මුළු රූපයම සුනුවිසුනු කර දැමුවා. රජු දුටු ඒ සිහිනයේ තේරුම දානියෙල් ඔහුට දැන්වූවා. රූපයේ සෑම කොටසකින්ම අනුපිළිවෙළින් බලයට පත් වන විවිධ අධිරාජ්‍යයන් නියෝජනය වන බවත් එහි රන් හිසෙන් මුල්ම අධිරාජ්‍යය වූ බැබිලෝනිය නියෝජනය වන බවත් ඔහු පැවසුවා. රූපයේ අවසන් කොටසේදී එනම්, අවසන් ලෝක අධිරාජ්‍යය පාලනය කරන කාලයේදී දෙවිගේ රාජ්‍යය මැදිහත් වී මිනිස් පාලන සියල්ල විනාශ කරන බවත් දෙවිගේ රාජ්‍යය පමණක් සදහටම පවතින බවත් දානියෙල් පැවසුවා.—දානියෙල් 2වෙනි පරිච්ඡේදය.

බැබිලෝනිය වැටී ගිය අයුරු සියැසින් දැකගැනීමට මහලු වයසේ සිටි දානියෙල්ට හැකි වුණා. අනාගතවක්තෘවරුන් පැවසූ ලෙසම සයිරස් රජ බැබිලෝනිය යටත් කරගත් අතර වහලුන්ව සිටි යුදෙව්වරුන්ට තම මව්බිමට යෑමට අවස්ථාව සලසා දුන්නා. ඒ වන විට වහල්භාවයේ සිටීමට සිදු වන බවට පවසා තිබූ අවුරුදු 70ක කාලය සම්පූර්ණ වී තිබුණා. දෙවිට විශ්වාසවන්තව සිටි ආණ්ඩුකාරයන්, පූජකයන් හා අනාගතවක්තෘවරුන්ගේ මඟ පෙන්වීම යටතේ යුදෙව්වරු යෙරුසලම හා එහි තිබූ දෙවිගේ ගෘහය යළි ගොඩනැඟුවා.

—දානියෙල් පොත.

  • ගැලවුම්කරු සහ දෙවිගේ රාජ්‍යය ගැන දානියෙල් දැනගත්තේ මොනවාද?

  • දෙවිගේ රාජ්‍යය මිනිස් පාලනවලට සිදු කරන්නේ කුමක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න