ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bm 13 කොටස 16 පි.
  • හොඳ රජවරු සහ නරක රජවරු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හොඳ රජවරු සහ නරක රජවරු
  • බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • සමාන තොරතුරු
  • වැරදිවලින් පාඩමක් ඉගෙනගත් යෝනා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැරදිවලින් පාඩමක් ඉගෙනගත් කෙනෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • යෙහෝවඃවහන්සේගේ දයාව ගැන යෝනා ඉගෙනගනියි
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දයාවෙන් පාඩමක් ඉගෙනගත් කෙනෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
bm 13 කොටස 16 පි.
තරුණ ඊශ්‍රායෙල් රජෙක්

13වන පාඩම

හොඳ රජවරු සහ නරක රජවරු

රාජ්‍යය බෙදී යයි. බොහෝ කාලයක් පුරා ඊශ්‍රායෙල්වරුන්ව විවිධ රජවරුන් විසින් පාලනය කරයි. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් දෙවිට අකීකරු වෙයි. බැබිලෝනිවරුන් විසින් යෙරුසලම විනාශ කර දමයි

සලමොන් රජු යෙහෝවා දෙවිට කළ නමස්කාරයෙන් ඉවත්ව ගිය පසු දෙවි පැවසූ ලෙසම රාජ්‍යය බෙදී ගියා. ඊට හේතු වුණේ සලමොන්ගෙන් පසු රජු බවට පත් වූ ඔහුගේ පුත් රෙහබෝවම්ගේ කෲර පාලනයයි. ඔහුගේ පාලන කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර දහයක් එකතු වී එක් රාජ්‍යයක් සෑදුණා. බයිබලයේ එය උතුරු රාජ්‍යය නැත්නම් ඊශ්‍රායෙල් රාජ්‍යය ලෙස හඳුන්වනවා. ඉතුරු ගෝත්‍ර දෙක දාවිත්ගේ පෙළපතින් පැමිණි යෙරුසලමේ රජුට යටත්ව සිටියා. දකුණු රාජ්‍යය නැත්නම් යූදා රාජ්‍යය ලෙස හඳුන්වන්නේ එයයි.

ඒ රාජ්‍යයන් දෙකේම රජවරුන් බොහෝදෙනෙක් දෙවිට අකීකරු වී ක්‍රියා කළ නිසා ප්‍රශ්න ගැටලු රැසකට මුහුණ දීමට ඔවුන්ට සිදු වුණා. ඊශ්‍රායෙල් රාජ්‍යයේ රජවරුන් මුල සිටම වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමින් සෙනඟවත් එසේ කිරීමට පෙලඹවූ නිසා ඒ රාජ්‍යයේ අයට යූදා රාජ්‍යයට වඩා ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වුණා. ඒ කාලයේදී එලියා සහ එලිෂා වැනි දෙවිට විශ්වාසවන්තව සේවය කළ අය දෙවි කෙරෙහි විශ්වාසයක් නැවතත් සෙනඟ තුළ ඇති කිරීමට ආශ්චර්යවත් දේවල් කළා. ඔවුන් මිය ගිය අයව පවා නැවත නැඟිට්ටෙව්වා. නමුත් සෙනඟ නැවත නැවතත් දෙවිට අකීකරු වුණා. ඒ නිසා දෙවි උතුරු රාජ්‍යය විනාශ කර දැමීමට ඇසිරියාවට ඉඩහැරියා.

ඊශ්‍රායෙල් රාජ්‍යය විනාශ වී අවුරුදු 100ක් පමණ ගත වන තුරුත් යූදා රාජ්‍යය පැවතුණා. නමුත් ඔවුන්ටත් දෙවිගෙන් දඬුවම් ලැබුණා. ඒ ගැන දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් කලින් අනතුරු ඇඟවීම් කළත් ඊට සවන් දුන්නේ යූදා රජවරුන්ගෙන් කිහිපදෙනෙක් පමණයි. ඔවුන් සෙනඟට දෙවි සමඟ නැවත මිත්‍රත්වයක් ඇති කරගන්න උදව් කිරීමට උත්සාහ කළා. යොෂියා එවැනි උත්සාහයක් දැරූ එක් රජ කෙනෙක්. වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීමට සෙනඟ භාවිත කළ දේවල් දේශයෙන් ඉවත් කර යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා ඉදි කර තිබූ ගෘහය අලුත්වැඩියා කිරීමට ඔහු පටන්ගත්තා. ඒ කාලයේදී දෙවි මෝසෙස් මාර්ගයෙන් ලබා දුන් නීතියේ පිටපතක් ඔහුට සම්බ වුණා. එහි තිබූ දේ කියවූ ඔහු, දෙවි පිළිකුල් කළ දේවල් සහමුලින්ම දේශයෙන් ඉවත් කර දැමීමට වහාම පියවර ගත්තා.

කෙසේනමුත් යොෂියාගෙන් පසුව රජකමට පත් වූ අය ඔහුගේ හොඳ ආදර්ශය අනුගමනය කළේ නැහැ. ඒ නිසා යූදා රාජ්‍යය යටත් කරගෙන යෙරුසලම සහ එහි තිබූ දෙවිගේ ගෘහය විනාශ කිරීමට දෙවි බැබිලෝනිවරුන්ට ඉඩහැරියා. ඉතුරු වූ අයව වහලුන් හැටියට බැබිලෝනියට ගෙන ගියා. දෙවි කලින්ම පැවසූ ලෙස ඔවුන්ට අවුරුදු 70ක් වහලුන් ලෙස එහි සිටීමට සිදු වුණා. ඔවුන් නැවතත් තම මව්බිමට පැමිණෙන තුරු දේශය පාළුවට ගොස් තිබුණා.

සෙනඟ නැවත යූදා දේශයට පැමිණියත් දාවිත්ගෙන් පැවත ආ කෙනෙක් නැවත රජු ලෙස පත් වුණේ නැහැ. පොරොන්දු වූ ගැලවුම්කරුගේ පාලනය ආරම්භ වන තුරුම තත්වය ඒ විදිහටම පැවතුණා. දාවිත්ගේ පෙළපතින් පැමිණි රජවරුන් වැඩිදෙනෙකුගේ පාලනයෙන් පැහැදිලි වුණේ මිනිසුන්ට සාර්ථකව පාලනය කිරීමට හැකියාවක් නැති බවයි. ඒ සඳහා සුදුසු එකම තැනැත්තා පොරොන්දු වූ ගැලවුම්කරු වන ක්‍රිස්තුස් පමණයි. දාවිත්ගෙන් පැවත ආ අවසන් රජවරුන්ට දෙවි මෙසේ පැවසුවේ ඒ නිසයි. “ඔටුන්න ඉවත් කරන්න. . . . නීත්‍යනුකූල අයිතිය ඇති තැනැත්තා පැමිණෙන තෙක් ඔටුන්න කිසිවෙකුටවත් හිමි වන්නේ නැත. ඔහු පැමිණි විට මම එය ඔහුට දෙන්නෙමි.”—එසකියෙල් 21:26, 27.

—1 රාජාවලිය; 2 රාජාවලිය; 2 ලේකම් 10-36; යෙරෙමියා 25:8-11.

  • ඊශ්‍රායෙල්වරුන් බෙදී ගියේ ඇයි? එහි ප්‍රතිඵලයක් ලෙස බිහි වූ රාජ්‍යයන් දෙකට සිදු වුණේ කුමක්ද?

  • දාවිත්ගේ රාජකීය පෙළපතට සිදු වුණේ කුමක්ද? ඒ ඇයි?

  • යෝනාගේ සිද්ධියෙන් අපට දෙවි ගැන ඉගෙනගත හැක්කේ මොනවාද? (කොටුව බලන්න.)

යෝනා

රාජ්‍යයන් දෙකකට බෙදී සිටි කාලයේදී යෙහෝවා දෙවි යෝනා නම් තැනැත්තාට දුර ඈත පිහිටි නිනිවය නගරයට යන ලෙස පැවසුවා. ඒ නගරයේ ජීවත් වුණේ ඉතා දුෂ්ට මිනිසුන්. ඒ නිසා ඔවුන් දඬුවම් ලබන්න යන බව අනතුරු ඇඟවීමට යෝනාට එහි යන්න කියා දෙවි පැවසුවා. නමුත් යෝනා නිනිවයට නොගොස් වෙනත් දිශාවකට යන නැවකට ගොඩ වුණා. යෝනා දෙවිට අකීකරු වූ නිසා විශාල මාළුවෙකුට ඔහුව ගිල දැමීමට දෙවි සැලැස්වූවා. තමා කළ වරද තේරුම්ගත් යෝනා, මාළුවාගේ බඩේ සිටියදී දෙවිට යාච්ඤා කළා. පසුව දෙවි යෝනාව ගොඩබිමකට වමාරන ලෙස මාළුවාට අණ කළා. දෙවි ඔහුට දුන් පැවරුම ඉටු කිරීමට ඉන්පසු ඔහු නිනිවයට ගියා.

ඒ සිදුවීමෙන් දෙවි යෝනාට කීකරුකම සම්බන්ධයෙන් පාඩමක් ඉගැන්වූවා. නමුත් යෝනා තුළ තිබූ තවත් දුර්වලකමක් පසුව ඉස්මතු වුණා. යෝනා නිනිවයේ වැසියන්ට අනතුරු ඇඟවීම කළ පසු ඔවුන් පසුතැවිලි වූ නිසා ඔවුන්ව විනාශ නොකර ඔවුන්ට දයාව පෙන්වන්න දෙවි තීරණය කළා. ඒ ගැන යෝනා දැඩි සේ කෝපයට පත් වුණා. නමුත් දයාව පෙන්වීමේ ඇති වැදගත්කම තවත් සිදුවීමක් තුළින් දෙවි යෝනාට ඉගැන්වූවා. ඒ ගැන දැනගැනීම සඳහා යෝනා නම් පොත කියවා බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න