ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 53 පාඩම 268 පි.-271 පි. 2 ¶
  • සබය දිරිගැන්වීම හා ශක්තිමත් කිරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සබය දිරිගැන්වීම හා ශක්තිමත් කිරීම
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • හැම දවසකම එකිනෙකාව දිරිගන්වන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දිරිගැන්වීම් ලබා දෙන යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවියන් ඔයාව සවිමත් කරයි
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘දිගටම එකිනෙකාව ශක්තිමත් කරන්න’
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 53 පාඩම 268 පි.-271 පි. 2 ¶

පාඩම 53

සබය දිරිගැන්වීම හා ශක්තිමත් කිරීම

කළ යුතු වන්නේ කුමක්ද?

ඔබේ සබයේ සිටින්නන් තුළ බලාපොරොත්තුවක් හෝ ධෛර්යයක් ඇති කරන්න. ඔවුන්ව ප්‍රාණවත් කරවමින්, ශක්තිමත් කරන්න.

එය වැදගත් වන්නේ මන්ද?

මෙම ලෝකයේ බලපෑම් හේතුවෙන් මිනිසුන් සිටින්නේ ඉමහත් පීඩනයක් යටතේය. ඒ හේතුවෙන් වැඩිදෙනා අධෛර්යයට පත් වේ. මේ අනුව, කථිකයෙකු පවසන දේ හා එය පවසන ආකාරය ඔහුගේ සබයට ගැඹුරින් බලපෑ හැක.

දෙවිගේ සේවකයන් විවිධාකාර ගැටලුවලට මුහුණ දුන්නත්, ක්‍රිස්තියානි සභාව තුළ ඔවුන්ට යම් අස්වැසිල්ලක් සහ ධෛර්යයක් ලබාගැනීමට හැකියාව තිබිය යුතුය. එබැවින් දිරිගන්වනසුලු කතා සහ උපදෙස් ඉදිරිපත් කිරීමට වැඩිමහල්ලන් විශේෂයෙන්ම වගබලා ගත යුතුය. වැඩිමහල්ලන් “සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද” විය යුතුය.—යෙසා. 32:2.

ඔබ වැඩිමහල්ලෙක් නම්, ඔබේ කතාවලින් ප්‍රබෝධයක්, සැනසීමක්, අස්වැසිල්ලක් ගෙන දේද? යෙහෝවාට විශ්වාසවන්තව සේවය කිරීමට උත්සාහ කරන අය ඒවා මගින් තවත් ප්‍රාණවත් වේද? මහජනයාගේ උදාසීනකම හෝ විරුද්ධවාදිකම් හමුවේ දෙවිගේ කැමැත්ත නොපසුබස්නා උත්සාහයකින් කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය ඒවායින් ලැබේද? ඔබේ සබයේ සිටින ඇතැමුන් සිටින්නේ පීඩනයෙන්ද? ඔවුන් ප්‍රබල ආර්ථික ප්‍රශ්නවලින් මිරිකී සිටිනවාද? එසේ නැතහොත් සුව කළ නොහැකි බරපතළ අසනීපයන්ට ගොදුරු වී ඇද්ද? එසේ නම් කුමක් කළ හැකිද? ‘ඔබේ මුඛයෙන් ඔබේ සහෝදරයන්ව ශක්තිමත් කිරීමට’ ඔබට පුළුවන.—යෝබ් 16:5.

යෙහෝවාගෙන් සහ ඔහුගේ සැපයුම්වලින් බලාපොරොත්තුවක් සහ ශක්තියක් ජනිත කරවීමට කථිකයෙකු ලෙස ඔබට උදා වන ප්‍රස්තාව ඔබේ සහෝදරයන්ට උපකාර කිරීම සඳහා භාවිත කරන්න.—රෝම 15:13; එපී. 6:10.

යෙහෝවා කර ඇති දේ සිහියට නංවන්න. ධෛර්යය ඉපදවිය හැකි වැදගත් ක්‍රමයක් වන්නේ, අතීතයේ යෙහෝවා තම සෙනඟට උපකාර කළ අන්දම පෙන්නුම් කිරීමයි.—රෝම 15:4.

එවකට සතුරු ජාතීන්ගේ අණසක යටතේ පැවති පොරොන්දු දේශයට ඉශ්‍රායෙල් ජාතිය ඇතුල් වන්නට පෙරාතුව, යෝෂුවාව ‘ධෛර්යවත්’ කරන්නටත්, ‘ශක්තිමත්’ කරන්නටත් යෙහෝවා මෝසෙස්ට අණ කළේය. මෝසෙස් එවැන්නක් කළේ කෙසේද? යෝෂුවා ඉදිරියෙහිම මෝසෙස් මුළු ජාතියට සිහිගැන්වූයේ ඔවුන් ඊජිප්තුවෙන් පිටත් වූ විට යෙහෝවා ඔවුන් වෙනුවෙන් කර තිබුණු දේවල්ය. (ද්වි. 3:28; 7:18, 19) යෙහෝවා අමෝරිවරුන්ට එරෙහිව ලබා දුන් ජයග්‍රහණද මෝසෙස් සිහිපත් කළේය. අනතුරුව මෝසෙස් යෝෂුවාගෙන් උදක්ම ඉල්ලා සිටියේ මෙසේය. “ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න.” (ද්වි. 31:1-8) එසේ නම්, ඔබේ සහෝදරයන්ව දිරිමත් කිරීමට උත්සාහ දරද්දී, යෙහෝවා මේ වන විටත් ඔවුන් වෙනුවෙන් කර ඇති දේවල් මතක් කිරීමෙන් ඔබ ඔවුන්ට ශක්තිමත් වීමට උපකාර කරනවාද?

ඇතැම් අවස්ථාවලදී, පුද්ගලයන් තම ගැටලුවලින් කොතරම් දුරට මිරිකී සිටිනවාද කිවහොත්, ඔවුන්ට රාජ්‍යයේ ආශීර්වාද අද්දකින්නට හැකි වේද යන්න ගැන ඔවුන්ට සැක පහළ විය හැක. යෙහෝවාගේ පොරොන්දු කොතරම් විශ්වාසවන්තද යන්න ගැන ඔවුන්ට මතක් කරන්න.—යෝෂු. 23:14.

සමහර රටවල ආණ්ඩු මගින් පනවා ඇති තහංචි හේතුවෙන් අපගේ සහෝදරයන්ට ශුභාරංචිය දේශනා කිරීම තහනම් කර තිබේ. මෙවැනි අවස්ථාවලදී, යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයන්ගේ අද්දැකීම්වලින් ශක්තියක් ලබාගැනීම සඳහා සෙසු ඇදහිලිවන්තයන්ට උපකාර කිරීමට ප්‍රේමනීය වැඩිමහල්ලන්ට පුළුවන. (ක්‍රියා 4:1–5:42) තවද සහෝදරයන්ව ධෛර්යයෙන් ප්‍රබෝධවත් කිරීමට නිසැකවම උපකාරවත් වන තවත් වාර්තාවක් වන්නේ, එස්තර්ගේ පොතෙහි සඳහන් සිද්ධීන්ය. දෙවි තම අරමුණු ඉටු කරගැනීමට සිදුවීම් මෙහෙයවූ ආකාරය එහි මොනවට දක්වා තිබේ.

සමහර අය සභා රැස්වීම්වලට පැමිණියත්, යම් හේතු නිසා තවදුරටත් ප්‍රගතියක් ලබන්නේ නැත. ඔවුන් කලින් ඉතා පාපිෂ්ඨ ජීවිතයක් ගත කළ නිසා, දෙවි ඔවුන්ට කිසි ලෙසකින්වත් සමාව නොදේවි යයි ඔවුන්ට හැඟෙන්නට පුළුවන. මෙවැනි අවස්ථාවකදී, යෙහෝවා මනස්සේ රජු සමඟ කටයුතු කළ ආකාරය ගැන විස්තර ඉදිරිපත් කළ හැකිය. (2 ලේක. 33:1-16) එසේ නැතහොත්, පුරාණ කොරින්තියේ විසූ අය තම ජීවිත වෙනස් කර ක්‍රිස්තියානීන් බවට පත් වී, දෙවි විසින් ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කරනු ලැබූ ආකාරය ගැන කියන්නට පුළුවන.—1 කොරි. 6:9-11.

තමුන් ගැටලු අද්දකින්නේ දෙවිගේ අනුග්‍රහය නැති කරගෙන ඇති නිසායයි ඇතමුන්ට හැඟෙනවාද? යෝබ් අද්දුටු දේ ඔවුන්ට සිහිගන්වා, යෙහෝවා කෙරෙහි ඇති තම අඛණ්ඩතාව විශ්වාසවන්තව රැකගත් නිසා, ඔහු මහඟු ආශීර්වාද භුක්ති විඳි ආකාරය ඔවුන්ට සිහිගැන්විය හැක. (යෝබ් 1:1-22; 10:1; 42:12, 13; ගීතා. 34:19) යෝබ්ගේ ව්‍යාජ සැනසිලිකරුවෝ ඔහු අතින් යම් බරපතළ පවක් සිදු වී ඇති බවට වැරදිසහගත ලෙස තර්ක කළෝය. (යෝබ් 4:7, 8; 8:5, 6) මීට වෙනස්ව, පාවුල් සහ බාර්ණබස් ගෝලයන්ව ශක්තිමත් කරමින් “ඇදහිල්ලේ පවතින්නැයි දිරි” දුන් අවස්ථාවේදී ඔවුන් පැවසුවේ “අප බොහෝ පීඩා මැදින් දෙවිගේ රාජ්‍යයට ඇතුල් විය යුතු” බවය. (ක්‍රියා 14:21, 22, NW) අදදිනත්, පීඩාවලින් මිරිකී සිටින අයව ශක්තිමත් කිරීමට ඔබට පුළුවන. පීඩා විඳදරාගෙන සිටීම සියලුම ක්‍රිස්තියානීන්ගෙන් බලාපොරොත්තු වන දෙයක් බව පෙන්නුම් කරන්න. එමෙන්ම එය දෙවි ඉදිරියේ ඉතා අනර්ඝ යමක් බවත් පෙන්වා දෙන්න.—හිතෝ. 27:11; මතෙ. 24:13, NW; රෝම 5:3, 4; 2 තිමෝ. 3:12.

තම පෞද්ගලික ජීවිත තුළ පවා යෙහෝවා ඔහුගේ පොරොන්දු ඉටු කර ඇති ආකාර ගැන කල්පනා කර බැලීමට ඔබේ සවන්දෙන්නන්ව දිරිගන්වන්න. එසේ උනන්දු කළහොත්, යෙහෝවා පොරොන්දු වූ ලෙසම, ඔවුන් වෙනුවෙන් මේ වන විටත් ක්‍රියා කර ඇති ආකාරය දැකගැනීමට ඔවුන්ට හැකි වේ. ගීතාවලිය 32:8හිඅපට මෙසේ කියවීමට තිබේ. “ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යා යුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමු කොට ඔබට දැනමුතුකම් දෙන්නෙමි.” යෙහෝවා ඔබේ සවන්දෙන්නන්ට මඟ පෙන්වා ශක්තිමත් කර ඇති අන්දම මතක් කරගැනීමට ඔවුන්ට උපකාර කරන්න. එසේ කිරීමෙන් පෞද්ගලිකව යෙහෝවා ඔවුන් ගැන ගැඹුරින් සලකන බව ඔවුන්ට දැකගැනීමට සැලැස්විය හැක. එමෙන්ම දැනට මුහුණ දීමට සිදු වන ඕනෑම පරීක්ෂණයක් මධ්‍යයෙහි වුවද ඔවුන්ට සැබවින්ම පිහිට වීමට ඔහු සිටින බව මෙමගින් දැකගැනීමටත් උපකාර කරන්නට පුළුවන.—යෙසා. 41:10, 13; 1 පේතෘ. 5:7.

දෙවි දැන් කරමින් සිටින දේ සම්බන්ධයෙන් ඔබේ ප්‍රීතිය පෙනෙන්නට සලස්වන්න. ඔබේ සහෝදරයන්ව දිරිගැන්වීමට උත්සාහ දරන විට, යෙහෝවා දැන් කරමින් සිටින දේටද අවධානය යොමු කරන්න. මෙවැනි දේවල් ගැන කතා කරන විට, ඔබට දැනෙන ප්‍රීතිය පෙනෙන්නට සැලැස්වීමෙන් ඔබේ සවන්දෙන්නන්ගේ හදවත් තුළ ඒ හා සමාන හැඟීම් ජනිත කරවනු ඇත.

ජීවිතයේ පීඩනවලට සාර්ථකව මුහුණ දීමට යෙහෝවා පිහිට වන ආකාරයද සලකා බලන්න. අපට ජීවත් විය හැකි හොඳම මාර්ගය පෙන්වා දෙන්නේ ඔහුය. (යෙසා. 30:21) අපරාධ, අයුක්තිය, දුගීකම, අසනීප සහ මරණය වැනි දේවලට හේතු ඔහු පැහැදිලි කර දෙන අතර, මේ සියල්ලක්ම තුරන් කර දමන ආකාරයද විස්තර කරයි. අප ප්‍රේමනීය සහෝදරත්වයකින් වටවී ඇත්තේ ඔහු නිසාවෙනි. අපට යාච්ඤාව නමැති අනගි වරප්‍රසාදයද ලැබී තිබෙන්නේ ඔහුගෙන්ය. සිය සාක්ෂිකරුවන් වීමේ භාග්‍යයද ඔහු අපට දී ඇත. ක්‍රිස්තුස් දැනටමත් ස්වර්ගයෙහි සිංහාසනාරූඪ වී ඇති බවත්, පරණ ක්‍රමයේ අන්තිම දවස් ශීඝ්‍රයෙන් එහි අවසානය කරා පැමිණෙන බවත් දැකගැනීමට ඔහු අපගේ දෑස් විවර කරයි.—එළි. 12:1-12.

මෙම යහපත් දේවලට අමතරව, අපගේ සභා රැස්වීම්, එක්රැස්වීම් සහ සමුළු සඳහන් කරන්නට පුළුවන. ගැඹුරු කෘතඥතාවක් සහ අගයක් පෙන්නුම් කරන ආකාරයකින් මෙම යහපත් දේවල් ගැන කතා කරන විට, තම සහෝදරයන් සමඟ එකට රැස්වීමේ ප්‍රස්තාව නොසලකා නොහරින්නට සහෝදරයන් තුළ තිබෙන අධිෂ්ඨානය ඔබ තවත් ශක්තිමත් කරනු ඇත.—හෙබ්‍රෙ. 10:23-25.

ක්ෂේත්‍ර සේවයේදී අප දරන වෑයම්වලට යෙහෝවා ආශීර්වාද කරන බව ඔප්පු කරන වාර්තාවලින්ද යම් ශක්තියක්, ධෛර්යයක් ලබාගත හැක. මුල් සියවසේදී පාවුල් සහ බාර්ණබස් යෙරුසලම බලා යන අතරමඟදී අන්‍යජාතිකයන් ක්‍රිස්තියානි ධර්මය වැලඳගත් ආකාරය ගැන දැනුම් දීමෙන් “සහෝදරයන් සෑමදෙනා අතරේ මහත් ප්‍රීතියක්” ඇති කළෝය. (ක්‍රියා 15:3, NW) ඒ හා සමානව, සහෝදරයන් සමඟ ගොඩනංවනසුලු අද්දැකීම් බෙදාගැනීමෙන් ඔවුන්ට ප්‍රීතියක් ගෙන දීමට අපටත් පුළුවන.

තමන් කරමින් සිටින දේ කොතරම් වටිනවාද යන්න දැකගැනීමට පුද්ගලයන්ට උපකාර කරන විට, ඔවුන්ට අමතර වශයෙන් දිරිගැන්වීමක් ලැබේ. ක්‍රිස්තියානි දේවසේවයෙහි ඔවුන්ගේ සහභාගිත්වය වෙනුවෙන් ඔවුන්ව පැසසුමට ලක් කරන්න. වයස හා අසනීප හේතුවෙන් ඉතා අඩු සේවයක් කිරීමට සිදු වුවත්, විශ්වාසවන්තව විඳදරාගෙන සිටින අයවද පැසසුමට ලක් කරන්න. යෙහෝවාගේ නාමය උදෙසා ඔවුන් පෙන්වා ඇති ප්‍රේමය ඔහු අමතක නොකරන බව ඔවුන්ට සිහි කරවන්න. (හෙබ්‍රෙ. 6:10) ඇත්තෙන්ම පරීක්ෂා යටතේ පන්නරයක් ලබන ඇදහිල්ල අමිල වස්තුවකි. (1 පේතෘ. 1:6, 7) මේ සම්බන්ධයෙන් අපගේ සහෝදරයන්ට නිතරම සිහිගැන්විය යුතුය.

ඉදිරියෙහි ඇති බලාපොරොත්තුව ගැන හැඟීමෙන් කතා කරන්න. මතු පැමිණෙන දේ සම්බන්ධයෙන් දේවානුභාවයෙන් දී ඇති පොරොන්දු දෙවිට ප්‍රේම කරන සියලුදෙනාට ඉමහත් දිරිගැන්වීමක් ලබා දෙයි. සමහරවිට ඔබේ සබයේ සිටින වැඩිදෙනා මෙවැනි දේවල් නිතරම අසා ඇති. එනමුත් මෙවැනි පොරොන්දු ගැන කතා කරද්දී ඔබ තුළින් ප්‍රකාශ වන අගය සහ කෘතඥතාවෙන්, ඒවා ඉටු වන බවට ස්ථිර විශ්වාසයක් ජනිත කළ හැකි අතර, ඔවුන්ගේ හදවත්ද කෘතඥතාවෙන් පිරී ඉතිරී යෑමට සැලැස්විය හැක. එවැනි ඉලක්කයක් කරා එළඹීමට ඔබට උපකාරයක් වන්නේ දිව්‍යාණ්ඩු සේවා පාසැලෙන් ඔබ ඉගෙනගෙන ඇති දේවල් අදාළ කරගැනීමයි.

තම සෙනඟට මහත් සේ දිරිගැන්වීම සහ ශක්තිය සපයන්නේ යෙහෝවාය. එනමුත් ඔබ විසින් එකිනෙකාව ශක්තිමත් කිරීමෙන් හා දිරිගැන්වීමෙන් ඔහුට සහයෝගය දැක්වීමට ඔබට පුළුවන. එමනිසා සභාව අමතන විට, එසේ කිරීමට ලැබෙන ප්‍රස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

එය කරන අන්දම

  • කතාවක් සූදානම් කරමින් සිටින විට, ඔබේ සබයේ සිටින අය මුහුණ දෙමින් සිටින ගැටලු සිහියට නඟන්න. ඔවුන්ව ශක්තිමත් කර දිරිගැන්වීමට හැකි අයුරු හොඳින් සලකා බලන්න.

  • දේවවචනය බලපෑමෙන් යුතුව භාවිත කරන්න. එහි සඳහන්ව ඇති දේ අප මුහුණ දෙන ගැටලුවලට සම්බන්ධ වන ආකාරය පෙන්වා දෙන්න.

  • අවංක හැඟීම්වලින් කතා කරන්න.

අභ්‍යාසය: මෙම සතියේ, ඔබේ බයිබල් කියවීම හෝ පෞද්ගලික පාඩම කරද්දී අන් අයට දිරිගැන්වීම සඳහා භාවිත කළ හැකියයි ඔබ සිතන කොටසක් තෝරාගන්න. සභාවේ කෙනෙකු සමඟ එහි අදහස් බෙදාගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න