දිගටම ප්‍රගතිය ලබන්න
මෙම පාසැල් වැඩසටහනෙහි උපදෙස් ලැබෙන සෑම කරුණක්ම ඔබ පෞද්ගලිකව වැඩ කර තිබේද? නිර්දේශිත අභ්‍යාස සම්පූර්ණ කිරීමටත් ඔබට හැකියාව ලැබී ඇද්ද? පාසැලේදී හෝ වෙනත් රැස්වීම්වලදී කතා ඉදිරිපත් කරන විට සහ ක්ෂේත්‍ර සේවයේ නිරත වන විට ඔබ මේ සෑම කරුණක්ම අදාළ කරගනිමින් සිටිනවාද?
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් දිගටම ප්‍රයෝජන ලබන්න. ඔබ කතා දීමෙහි කොතරම් පළපුරුද්දක් ලබා තිබුණද, අඛණ්ඩව ප්‍රගතියක් ලබාගත හැකි පැති ඔබට තවමත් ඇතැයි නිසැකව පැවසිය හැක.