ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gf 12 පාඩම 20 පි.
  • මරණයේදී සිදු වන්නේ කුමක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මරණයේදී සිදු වන්නේ කුමක්ද?
  • දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • සමාන තොරතුරු
  • මැරුණාට පස්සේ අපිට මොකද වෙන්නේ?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • බයිබලයේ කියන්නේ මොනවාද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ඔබ මළවුන්ට බිය විය යුතුද?
    2009 පිබිදෙව්!
  • මිය ගිය අය කොහේද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
gf 12 පාඩම 20 පි.

12වන පාඩම

මරණයේදී සිදු වන්නේ කුමක්ද?

මරණය කියන්නේ ජීවිතයේ ප්‍රතිවිරුද්ධ දෙයයි. මරණය තද නින්දක් වගෙයි. (යොහන් 11:11-14) මැරුණු අයට කිසිවක් අසන්න, බලන්න, කතා කරන්න හෝ කිසිම දෙයක් සිතන්න බැහැ. (දේශනාකාරයා 9:5, 10) මැරුණු අය තම මුතුන්මිත්තන් සමඟ ජීවත් වීමට ආත්ම ලෝකයකට යනවා කියා බොරු ආගම්වල උගන්වනවා. බයිබලයේ ඒ වගේ දෙයක් කොහෙත්ම උගන්වන්නේ නැහැ.

යේසුස් යායිරස්ගේ මැරණු දුවව නැවත නැඟිට්ටෙව්වා

අපට උපකාර කිරීමටවත් හිංසා කිරීමටවත් මැරුණු අයට බැහැ. යම් චාරිත්‍ර සහ පූජා මගින් මැරුණු අයව සතුටු කිරීමට පුළුවන් කියන විශ්වාසය මනුෂ්‍යයන් අතර පොදු දෙයක් වී තිබෙනවා. මෙම විශ්වාසය සාතන්ගේ බොරුවක් මත පදනම් වූ දෙයක් නිසා එය දෙවිව අසතුටට පත් කරනවා. ඒ වගේම මැරුණු අයට පණ නැති නිසා, අපිට ඔවුන්ව සතුටු කරන්නත් බැහැ. එමනිසා, මැරුණු අයට බිය වෙන්න හෝ නමස්කාර කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. අපි නමස්කාර කළ යුත්තේ දෙවිට පමණයි.—මතෙව් 4:10.

මැරුණ අය නැවත ජීවත් වෙන්න යනවා. යෙහෝවා මැරුණු අයව පාරාදීස පොළොවකට නැඟිටවන්න යනවා. නුදුරු අනාගතයේදීම එම කාලය පැමිණෙනවා. (යොහන් 5:28, 29; ක්‍රියා 24:15) ඔබට නිදා සිටින කෙනෙකුව නින්දෙන් නැඟිටවන්න පුළුවන් වගේම යෙහෝවාටත් පුළුවන් මැරුණු අයව නැඟිටුවන්න.—මාර්ක් 5:22, 23, 41, 42.

අප මැරෙන්නේ නෑ කියන අදහස සාතන් නමැති යක්ෂයා පැතිරවූ බොරුවක්. සාතන් සහ ඔහුගේ භූතයන් මැරුණු අයගේ ආත්ම ජීවත් වන බවත් එම ආත්ම, රෝග සහ වෙනත් ගැටලු ඇති කරන බවත් මනුෂ්‍යයන්ට හැඟීමට සලස්වනවා. සාතන් සමහර අවස්ථාවලදී සිහින සහ දර්ශන මගින් මනුෂ්‍යයන්ව රවටනවා. මැරුණු අයත් එක්ක කතා කිරීමට උත්සාහ කරන අයව යෙහෝවා හෙළා දකිනවා.—ද්විතීය කථාව 18:10-12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න