ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gf 11 පාඩම 18-19 පි.
  • බොරු ආගම ප්‍රතික්ෂේප කරන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බොරු ආගම ප්‍රතික්ෂේප කරන්න!
  • දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • සමාන තොරතුරු
  • ආගම් නිසා මිනිස්සු සැබෑ දෙවියන්ගෙන් ඈත් වෙලා තියෙන්නේ කොහොමද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • ආගමේ නාමයෙන් සිදු කරන දුෂ්ට දේවල්වලට අවසානයක් තිබෙනවාද?
    ආගමේ නාමයෙන් සිදු කරන දුෂ්ට දේවල්වලට අවසානයක් තිබෙනවාද?
  • බොරු ආගමේ ග්‍රහණයෙන් නිදහස්වීම
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආගම් ගැන දෙවියන් පවසන්නේ මොනවාද?
    සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
තව තොරතුරු
දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
gf 11 පාඩම 18-19 පි.

11වන පාඩම

බොරු ආගම ප්‍රතික්ෂේප කරන්න!

ඔබ දෙවිට සේවය කරනවාට සාතන් සහ ඔහුගේ භූතයන් කැමති නෑ. ඔවුන්ට අවශ්‍ය වන්නේ පුළුවන් නම් සියලුදෙනාවම දෙවිගෙන් ඉවතට හරවාගන්නයි. මෙය කිරීමට වෑයම් කරන්නේ කොහොමද? ඔවුන් යොදාගන්නා එක් ක්‍රමයක් වන්නේ බොරු ආගමයි. (2 කොරින්ති 11:13-15) යම් ආගමක් බයිබලයේ තිබෙන සත්‍යය උගන්වන්නේ නැත්නම් එය බොරු ආගමක්. බොරු ආගම හරියට හොර සල්ලි වගෙයි. ඒවා පෙනුමෙන් ඇත්ත සල්ලි වගේ පෙනුණට, එහි කිසි වටිනාකමක් නෑ. එය ඔබව ප්‍රශ්න ගොඩකට ඇද දමනවා.

යුවළක් පල්ලියක යාච්ඤා කරනවා

බොරු ආගමික දේවල් මගින් සැබෑකමේ දෙවි වූ යෙහෝවාව සතුටු කරන්න බෑ. යේසුස් පොළොව මත සිටියදී, ඔහුව මරන්න සෙවූ ආගමික කණ්ඩායමක් සිටියා. ඔවුන් සිතුවේ ඔවුන්ගේ නමස්කාර ක්‍රමය තමයි හරි ක්‍රමය කියලා. ඔවුන් ‘අපට ඇත්තේ එකම පියෙක්, ඒ දෙවිය’ කියා පැවසුවා. ඔවුන් කියූ දේට යේසුස් එකඟ වුණාද? කොහෙත්ම නෑ! ඔහු ඔවුන්ට මෙසේ පැවසුවා: “නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය.” (යොහන් 8:41, 44) අදදිනත් බොහෝ මනුෂ්‍යයන් තමන් දෙවිට නමස්කාර කරනවා කියා සිතන නමුත්, ඇත්තටම ඔවුන් සේවය කරන්නේ සාතන්ට සහ ඔහුගේ භූතයන්ටයි!—1 කොරින්ති 10:20.

නරක ගසක් නරක ඵල නිපදවනවා වගේ බොරු ආගම දුෂ්ට ක්‍රියා කරන මනුෂ්‍යයන්ව බිහි කරනවා. මනුෂ්‍යයන් කරන දුෂ්ට ක්‍රියා නිසා මුළු ලෝකයම කරදරවලින් පිරිලා. දුරාචාරය, ගහගැනීම්, සොරකම්, පීඩා, මිනීමැරීම් සහ දූෂණය කිරීම් සෑම තැනකම පාහේ දකින්න තිබෙනවා. මෙම දුෂ්ට ක්‍රියා කරන බොහෝදෙනෙකුට ආගමක් තිබෙනවා. එහෙත් ඔවුන්ගේ ආගම හරි දේ කිරීමට ඔවුන්ව පොලඹවන්නේ නෑ. ඔවුන් කරන නරක දේවල් නතර කරන තුරු ඔවුන්ට දෙවිගේ මිතුරෙක් වෙන්න බෑ.—මතෙව් 7:17, 18.

රූපවලට යාච්ඤා කිරීමට බොරු ආගම මනුෂ්‍යයන්ට උගන්වනවා. දෙවි පවසන්නේ රූපවලට යාච්ඤා කරන්න එපා කියලයි. ඇත්තෙන්ම මෙය සාධාරණයි. යම්කිසි කෙනෙක් ඔබ සමඟ කතා නොකර ඔබේ පින්තූරය සමඟ විතරක් කතා කරනවා නම් ඔබ කැමතිද? එම පුද්ගලයා ඔබේ සැබෑ මිතුරෙක් වෙයිද? එසේ වෙන්නේ නෑ. යෙහෝවාට අවශ්‍ය වන්නේ මිනිසුන් ඔහුත් සමඟ කතා කරනවාටයි. පණ නැති පිළිමයකට හෝ පින්තූරයකට කතා කරනවා දකින්න ඔහු කැමති නෑ.—නික්මයාම 20:4, 5.

ආයුධ අරන් ඉන්න සෙබළුන්

යුද්ධයකදී අනිත් අයව මැරීම වැරදි නෑ කියා බොරු ආගම තුළින් උගන්වනවා. දෙවිගේ මිතුරන් එකිනෙකාට ප්‍රේමය පෙන්වයි කියා යේසුස් පැවසුවා. මීට එකඟව අපි ප්‍රේම කරන මනුෂ්‍යයන්ව අපි මරන්නේ නෑ. (යොහන් 13:35) නරක මනුෂ්‍යයෙකුව පවා මරන එක වැරදි දෙයක්. එනිසා යේසුස්ගේ සතුරෝ ඔහුව අත්අඩංගුවට ගන්න පැමිණි අවස්ථාවේදී, ඔහුව බේරාගැනීම සඳහා ඔහු තම ගෝලයන්ට සටන් කිරීමට ඉඩ දුන්නේ නෑ.—මතෙව් 26:51, 52.

දුෂ්ටයන් නිරයක වද විඳින්න යනවා කියා බොරු ආගම් තුළින් උගන්වනවා. එහෙත්, බයිබලයේ පවසන්නේ පාපය මරණයට මඟ පාදනවා කියලයි. (රෝම 6:23) යෙහෝවා ප්‍රේමයේ දෙවි කෙනෙක්. එවැනි ප්‍රේමනීය දෙවි කෙනෙක් මනුෂ්‍යයන්ව සදහටම වද විඳින්න ඉඩහරියිද? කොහෙත්ම නෑ! ඇත්තෙන්ම පාරාදීසයේදී තිබෙන්න යන්නේ එකම එක ආගමයි. එනම්, යෙහෝවා අනුමත කරන ආගම පමණයි. (එළිදරව් 15:4) සාතන්ගේ බොරු මත පදනම් වූ සියලුම ආගම් පහව ගිහින් තිබේවි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න