ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gf 13 පාඩම 21 පි.
  • මායාව සහ මන්ත්‍ර ගුරුකම් වැරදියි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මායාව සහ මන්ත්‍ර ගුරුකම් වැරදියි
  • දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • සමාන තොරතුරු
  • මායා කර්මය—ඔබේ තේරීමද?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • භූතයන්ට විරුද්ධව සටන් කරන්න යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මායා කර්මය—එය කුමක්ද?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • භූතයන්ගෙන් ආරක්ෂා වෙන්න
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
gf 13 පාඩම 21 පි.

13වන පාඩම

මායාව සහ මන්ත්‍ර ගුරුකම් වැරදියි

මිනිස් හිස්කබලක්, මතුරපු බෙහෙත් වර්ගයක්, මායාකාරී වැඩවල යෙදෙන දෙන්නෙක්

සාතන්ට අවශ්‍ය වන්නේ ඔබ මන්ත්‍ර ගුරුකම්වල නිරත වනවා දකින්නයි. බොහෝ අය මුතුන්මිත්තන්ට හෝ භූතාත්මයන්ට පූජා ඔප්පු කරන්නේ, ඔවුන්ගෙන් එල්ල වන වධ හිංසාවන්ගෙන් ආරක්ෂාවක් ලබාගැනීම සඳහායි. ඇත්තෙන්ම ඔවුන් මෙවැනි දේ කරන්නේ භූතයන්ගේ බලයට ඔවුන් බිය වන නිසායි. එමනිසා, ඔවුන් මතුරන ලද මුදු, වළලු ආදිය පළඳින අතර මන්තර බලයක් ඇතැයි කියා සිතන “බෙහෙත්” පානය කරනවා. එහෙමත් නැත්නම් ඇඟේ ගාන තෙල් වර්ග පාවිච්චි කරනවා. තවදුරටත්, ආරක්ෂා කිරීමට බලයක් ඇතැයි සිතන ද්‍රව්‍ය ඔවුන්ගේ නිවෙස්වල එල්ලා හෝ පොළොවේ වළලා තබනවා. තවත් අය ව්‍යාපාර සාර්ථක කරගැනීමට, පාසැලේ විභාග සමත් වීමට හෝ පූර්ව විවාහ ඇසුරක් සාර්ථක කරගැනීමට මතුරන ලද “බෙහෙත්” පාවිච්චි කරනවා.

සාතන්ගේ පීඩාවලින් බේරීමට ඇති හොඳම ආරක්ෂිත ක්‍රමය වන්නේ යෙහෝවාව ඔබේ මිතුරා කරගැනීමයි. සාතන් සහ ඔහුගේ භූතයන්ට වඩා යෙහෝවා දෙවි සහ ඔහුගේ දූතයන් ඉතා බලවත්. (යාකොබ් 2:19; එළිදරව් 12:9) ඇත්තෙන්ම තම පක්ෂපාත මිතුරන් වෙනුවෙන් බලය යෙදවීමට යෙහෝවා ආශාවෙන් බලා සිටිනවා.—2 ලේකම් 16:9.

“මායම් භාවිතා නොකරන්න” කියා දෙවිගේ වචනයෙහි පවසනවා. යෙහෝවා මායාව සහ මන්ත්‍ර ගුරුකම් හෙළා දකිනවා. ඊට හේතුව එවැනි දේවලින් කෙනෙකුව කෙළින්ම සාතන් නමැති යක්ෂයාගේ බලයට හසු වන නිසයි.—ලෙවී කථාව 19:26.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න