කාණ්ඩ 10
ඔබේ අනාගතය
අද දින යෞවනයෝ වැඩී තිබෙන්නේ කොහෙත්ම අනාගතයක් නැති තර්ජනයක් යටතේ ය. න්‍යෂ්ටික යුද්ධ, පාරිසරික ව්‍යසනය සහ ආර්ථික ව්‍යාකූලතාව යන සියල්ල පැහැදිලි ව පෙනෙන්ට පටන්ගෙන තිබේ. කෙසේ වුවද, ඔබ අඩුවෙන් ම කරදර වන්නේ මිනිස් සංහතියේ ඉරණම ගැන විය හැක. දැන් සිට තව වර්ෂ 10, 20 හෝ 30කින් ඔබ කොතැනක සිටිනු ඇත්දැයි ඔබ ඊට වඩා සැලකිලිමත් වනවා විය හැක.
භාග්‍යයකට, ඔබේ අනාගතය හොඳ වෙයි කියා බලාපොරොත්තු තැබීම සඳහා ඔබට සැබෑ හේතුවක් ඇත. මෙය රඳා පවතින්නේ ඔබ වර්තමානය ප්‍රයෝජනයට ගන්නා ආකාරය මත ය.