පරිච්ඡේද 18
මගේ ලකුණු මට්ටම වැඩි දියුණු කිරීමට මට හැක්කේ කෙසේ ද?
‘ඔබ වඩාත් ම කරදර වන්නේ කුමක් ගැන ද?’ කියා මූලික පාසල් ශිෂ්‍යයින් ගණනාවකින් ඇසූ විට, සියයට 51ක් කියා සිටියේ, “ලකුණු මට්ටම” කියා ය!
පාසල් ලකුණු, යෞවනයන් අතර කාන්සාවට විශාල හේතුවක් වීම පුදුමයක් නොවේ. උපාධියක් ලබා ගැනීම හා පහත් මට්ටමක සිටීම අතර වෙනස, හොඳ-ගෙවීමක් කරන රැකියාවක් ලබා ගැනීම හා අවම වේතනයක් පමණක් ලැබීම අතර වෙනස, දෙමව්පියන්ගෙන් ප්‍රශංසාව ලැබීම හා ඔවුන්ගේ කෝපයට ලක්වීම අතර වෙනස, ලකුණුවලින් අදහස් විය හැක. ලකුණුවලට හා විභාගවලට ඒවායේ තත්ත්වයන් තිබෙන බව පිළිගත හැක. මන්දයත්, යේසුස් වහන්සේ බොහෝ විට ඇතැම් කාරණා සම්බන්ධයෙන් තම ගෝලයන්ගේ තේරුම් ගැනීම පරීක්ෂා කළ බැවිනි. (ලූක් 9:18) තව ද මෙෂමන්ට් ඇන්ඩ් ඉවැලුඒෂන් ඉන් ද ස්කූල්ස් පොත පවසන පරිදි: “විභාග ප්‍රතිඵල මගින් ශිෂ්‍යයින් එක් එක්කෙනාගේ හැකියාවන් හා දුර්වලතාවයන්ගේ ප්‍රමාණයන් ගැන හෙළි කළ හැකි අතර ම අනාගත අධ්‍යයනය සඳහා පෙලඹෙන උපක්‍රම වශයෙන් ද ක්‍රියා කළ හැක.” හොඳට හෝ නරකට—ඔබ පාසලේ කටයුතු කරන ආකාරය ගැන යම් අදහසක් ඔබේ දෙමව්පියන්ට දීමට ද ඔබේ ලකුණු මට්ටම උපකාර කරයි.
සමබරතාවය සොයා ගැනීම
කෙසේ වුවද, ලකුණු මට්ටම පිළිබඳ ව වුවමනාවට වඩා සැලකිලිමත්වීම, සම්පූර්ණයෙන් ම ක්‍රියා විරහිත කිරීමේ වෙහෙසීම් ද, දරුණු තරඟයක් ද ඇති කළ හැක. විශේෂයෙන් විද්‍යාලයට ම බැඳී සිටින ශිෂ්‍යයින් “ඉගෙන ගැනීමට වඩා, ලකුණු සහ පංති නිලය අවධාරණය කරන තරඟකාරී අවුල් ජාලයක පැටලෙන්නට හැක,” යයි තරුණ භාවය ගැන එක් පාඩම් පොතක සඳහන් කරයි. ප්‍රතිඵලයක් වශයෙන්, ශිෂ්‍යයෝ, “විභාගයට තිබෙන්න යන්නේ කුමක් දැයි ඇසීමට පාසලේ දී කලින් ම ඉගෙන ගෙන ඇති අතර . . . එම කරුණු පමණක් පාඩම් කරති.”
සාලමොන් රජ මෙසේ අනතුරු ඇඟවූයේ ය: “සියලු ආකාර වෙහෙසත් සියලු දක්ෂ වැඩත් නිසා මනුෂ්‍යයෙකු තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යා විඳින බව දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව [සුළඟ ලුහුබැඳ යාමක් ව NW] තිබේ.” (දේශනාකාරයා 4:4) ද්‍රව්‍යමය ධනයන් හෝ ශාස්ත්‍රීය ගරු නම්බු සඳහා වුවත්, තියුණු තරඟය නිෂ්ඵල ය. දේව-බියැති යෞවනයෝ පාසලේ දී තමන් ව ම ඵලදායී අයුරින් යොදවා ගැනීමේ අවශ්‍යතාවය දකිති. එහෙත් අධ්‍යාපනය ජීවිතයේ අති වැදගත් දෙය කර ගන්නවා වෙනුවට, තම ද්‍රව්‍යමය අවශ්‍යතාවයන් ගැන දෙවියන් වහන්සේ සලකන බවට විශ්වාස කරමින්, ඔවුහු ආත්මික දේවල් ලුහුබඳිති.—මතෙව් 6:33; වෘත්තීන් තෝරා ගැනීම ගැන පරිච්ඡේද 22 බලන්න.
තවදුරටත්, අධ්‍යාපනය යනු විභාගවලට කරුණු එකතු කිරීමට වඩා වැඩි දෙයකි. ඉන් අදහස් කරන්නේ සාලමොන් පැවසූ “කල්පනා කිරීමේ හැකියාව,” එනම් අලුත් තොරතුරු ලබා ගෙන අදහස් විමසා බලා, එයින් ප්‍රායෝගික අවසානයන්ට එළැඹීමට ඇති දක්ෂතාවය වර්ධනය කර ගැනීමයි. (හිතෝපදේශ 1:4, NW) අනුමාන කිරීම, අන්තිම මොහොතේ පාඩම් කිරීම, එසේත් නැතහොත් වංචා කිරීම මගින් පවා ලකුණුවලින් සමත් වන යෞවනයෙක්, ඇත්තෙන් ම කිසිදාක කල්පනා කරන ආකාරය ඉගෙන ගන්නේ නැත. පසු කලෙක ඔබට චෙක් පොතක් තුලනය කිරීමට නොහැකි බව ඔබ දැනගතහොත් ගණිතයෙන් උසස් ලෙස සමත් වීමෙන් කුමන යහපතක් ද?
මෙලෙස ඔබ ලකුණු සැලකීම වැදගත් වන්නේ, ඒවා ඔබේ අවසන් පරමාර්ථය වීමක් වශයෙන් නොව, නමුත් පාසලේ දී ඔබේ දියුණුව මැන ගැනීමට උපකාරවත් මාධ්‍යයක් වශයෙන් ය. එහෙත්, ඔබේ හැකියාවන් පිළිබිඹු කරන ලකුණු මට්ටමක් ඔබට අත්කර ගත හැක්කේ කෙසේ ද?
ඉගෙන ගැනීම සඳහා වගකීමකින් යුක්ත වන්න!
ලින්ඩා නීල්සන් ගුරුවරයා මෙසේ පවසයි, දුර්වල ශිෂ්‍යයින් “ඔවුන්ගේ දුර්වල [පාසල්] වැඩවලට හේතුව වශයෙන් අසාධාරණ විභාග ප්‍රශ්න, අගති සහගත ගුරුවරයෙකු, අවාසනාව, ඉරණම, කාලගුණය, වැනි තම පාලනය ඉක්මවා යන මූලාශ්රයන් කෙරෙහි දොස් පවරති.” එහෙත්, බයිබලය මෙසේ පවසයි: “අලසයාගේ ප්‍රාණය ආශාවන නුමුත් ඔහුට කිසිවක් නැත.” (හිතෝපදේශ 13:4) එසේ ය, බොහෝ විට ලකුණු අඩු වීම සඳහා සැබෑ හේතුව වන්නේ අලසකම ය.
කෙසේ වුවද, හොඳ ශිෂ්‍යයෝ තම ඉගෙනුම සඳහා වගකීමකින් යුක්ත වෙති. එක් අවස්ථාවක දී ’ටීන් සඟරාව විසින් යම් උසස්-අත්කර ගැනීමක් ලැබූ ඇතැම් උසස් (ද්විතීය) පාසල් ශිෂ්‍යයින්ගෙන් කරුණු විමසන ලදි. ඔවුන්ගේ රහස? “පුද්ගලික පෙලඹීම, දිගට ම ක්‍රියාත්මක වීමට තමාට උපකාර කරයි,” යයි කෙනෙක් පැවසී ය. “කාලසටහනකට අනුව වැඩ කර, තමාගේ කාලය පිළියෙළ කිරීමෙන්,” යයි වෙනත් කෙනෙක් පැවසී ය. “ඔබ සඳහා ඔබ ඉලක්ක තැබිය යුතුයි,” කියා තවත් කෙනෙක් පැවසී ය. එසේ ය, වැඩි කොටසක් සඳහා තම ලකුණු කෙතරම් හොඳ ද යන්න රඳා පවතින්නේ, ඔබේ පාලනය ඉක්මවා යන සාධක මත නොව නමුත් ඔබ මත ය—එනම් ඔබ කෙතරම් මහන්සි වී වැඩ කිරීමට කැමති ද යන්න හා පාසලේ දී ඔබ හිතට ගෙන වැඩ කරනවා ද යන්න මත ය.
‘නමුත් මා පාඩම් කරනවා’
ඇතැම් යෞවනයන් මෙසේ කිව හැකියි. දැනටමත් ඔවුන් හැකි තරම් මහන්සි වී පාඩම් කරනවා යයි ඔවුන් අවංක ව ම සිතන නමුත් ප්‍රතිඵල ලැබෙන්නේ නැත. කෙසේ වුවද, වර්ෂ කීපයකට පෙර, ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ (අ. එ. ජ.) පර්යේෂකයන් විසින් ශිෂ්‍යයින් 770කින් පමණ විමසූ අතර තම පාසල් වැඩ සඳහා තමන් කෙතරම් වෑයමක් දරන බව තමන්ට හැඟෙන්නේ දැයි අසන ලදි. පුදුමයට පත් කරමින්, පහත් ලකුණු මට්ටමක් ලද ශිෂ්‍යයෝ, අන් අය මෙන් ම තමන් ද හැකි තරම් මහන්සි වී වැඩ කළා යයි සිතුවෝ ය! එහෙත් ඔවුන්ගේ පාඩම් පුරුදු පරීක්ෂා කරනු ලැබූ විට, උසස්-අත්කර ගැනීම් ලැබූ තම පාසල් මිතුරන්ට වඩා ඇත්තෙන් ම ඔවුන් ඉතා අඩුවෙන් ගෙදර වැඩ කළ බව සොයා ගන්නා ලදි.
පාඩම? සමහර විට ඔබ සිතන තරමට ම ඔබත් පාඩම් නොකරනවා විය හැකි අතර ඒ සඳහා යම් වෙනස්කම් සිදු කිරීම යෝග්‍ය ය. “ගෙදර වැඩ සඳහා ගත කරන කාලය වැඩි කිරීමෙන් පමණක් උසස් පාසලේ ශිෂ්‍යයෙකුගේ ලකුණු මට්ටම කෙරෙහි ඒකාන්ත බලපෑමක් තිබෙන,” බව ජර්නල් ඔෆ් එඩ්යුකේෂනල් සයිකොලජි හි ලිපියක් පෙන්නුම් කරන ලදි. ඇරත්, “සාමාන්‍ය හැකියාවක් ඇති ගෙදර වැඩ නොකරන ශිෂ්‍යයෙකුගේ සමානත්වයට ලකුණු මට්ටම අත්කර ගැනීමට, සතියකට පැය 1ත්, 3ත් අතර කාලයක් ගෙදර වැඩ කිරීමෙන්, සාමාන්‍ය අඩු හැකියාවක් ඇති ශිෂ්‍යයෙකුට හැක.”
උපමාලංකාර ලෙස ප්‍රේරිත පාවුල්ට ‘ඔහුගේ ශරීරය දමනය’ කර ගැනීමට සිදු විය. (1 කොරින්ති 9:27) විශේෂයෙන් ම රූපවාහිනිය හෝ වෙනත් බාධාවන්, පාඩම් කිරීම වෙතින් ඔබේ අවධානය පහසුවෙන් ම වෙනතකට හරවන්නේ නම්, එලෙස ම ඔබ සමඟ දැඩි ප්‍රතිපත්තියක් පිහිටුවා ගැනීමට ඔබට සිදු විය හැක. “ගෙදර වැඩ අවසන් කරන තුරු රූපවාහිනිය බලන්නෙ නෑ!” යන දැන්වීම රූපවාහිනිය මත දැමීම පවා අත්හදා බැලීමට ඔබට හැක.
ඔබේ පාඩම් වාතාවරණය
පාඩම් කිරීම සඳහා වෙන් කර ඇති නිශ්චල ස්ථානයක් තිබීමෙන් අපගෙන් වැඩි දෙනා ප්‍රයෝජන ලබනු ඇත. ඔබ කාමරයක් හවුලේ බෙදා ගන්නෙහි නම් හෝ ඔබේ නිවසේ ඉඩකඩ සීමා සහිත නම්, වේලාව පිරිමසා ගැනීමට ඉඩකඩ සකසා ගන්න! සමහර විට සෑම සන්ධ්‍යාවක ම පැයකට හෝ ඊට වැඩි ගණනකට මුළු තැන් ගෙය හෝ කෙනෙකුගේ නිදන කාමරය ඔබේ පාඩම් ක්ෂේත්රය ලෙස සූදානම් කර ගත හැක. නැතහොත් අවසාන උපාය වශයෙන්, මහජන පුස්තකාලයක් හෝ මිතුරෙකුගේ නිවසක් අත්හදා බලන්න.
හැකි නම්, ඔබේ වැඩ අතුරාලීමට වැඩි ඉඩ ප්‍රමාණයක් ඇති ලියන මේසයක් හෝ සාමාන්‍ය මේසයක් පාවිච්චි කරන්න. ඔබට නිතර නිතර නැගිට යාමට අවශ්‍ය නොවන ලෙස පැන්සල් සහ කඩදාසි කොල වැනි වුවමනා දේවල් ප්‍රමාණවත් ව තබා ගන්න. තව ද, කීමට කනගාටුයි, දුරකථන පණිවුඩ හෝ බැහැදැකීම් මගින් මෙන් ම රූපවාහිනිය හෝ ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක වෙමින් තිබෙන විට, සාමාන්‍යයෙන් සිත යොමු කිරීමට බාධා පමුණුවයි.
ඇසට පීඩා නොකරන ප්‍රමාණවත් ආලෝකයක් ඔබට තිබෙන බවට ද සහතික වන්න. හොඳ ආලෝකය, පාඩම් කිරීමේ දී ඇති වන බලවත් වෙහෙස අඩු කරන අතර ම ඔබේ ඇස් ද ආරක්ෂා කරයි. තව ද හැකි නම්, වාතාශ්‍රය සහ කාමරයේ උෂ්ණත්වය පරීක්ෂා කරන්න. උණුසුම් කාමරයකට වඩා සිසිල් කාමරයක් වැඩි ශක්ති වර්ධක පාඩම් වාතාවරණයක් සපයයි.
පාඩම් කිරීමට ඔබ තුළ හුදෙක් කැමති ස්වභාවයක් නැත්නම් කුමක් ද? අපේ කැමති ස්වභාවයන් විපුල ලෙස පිනවීමට කලාතුරකින් ජීවිතය අපට ඉඩ හරී. බාහිර රැකියාවක දී, ඔබ එයට කැමති ස්වභාවයක සිටියත් නැතත් සෑම දිනක ම ඔබට වැඩ කරන්නට සිදු වේ. එබැවින් ගෙදර වැඩ, ආත්ම-හික්මවීමේ පුහුණුවක්, පසු කලෙක සේවා අත්දැකීම් සඳහා පෙර හුරුවක් ලෙස සලකන්න. ඒ ගැන නියම පිළිවෙළකට කටයුතු කරන්නෙකු වන්න. එක් අධ්‍යාපන වේදියෙක් මෙසේ යෝජනා කරයි: “හැකි නම්, සෑම දිනක ම එක ම ස්ථානයක එක ම වේලාවක පාඩම් කළ යුතු ය. මෙලෙස, නොකඩවා පාඩම් කිරීම පුරුද්දක් බවට පත් වන අතර . . . පාඩමට ඇති ඔබේ අකමැත්ත ද අඩු වේ.”
ඔබේ පාඩම් දින චර්යාව
“නිතර එකම ක්‍රියා මාර්ගයක් අනුගමනය කරමු,” යයි පාවුල් පිලිප්පි 3:16 හි [ඇත්ත ඇති තැන], ක්‍රිස්තියානින්ට උනන්දු කළේ ය. පාවුල් කථා කරමින් සිටියේ ක්‍රිස්තියානි ජීවිතය ගත කිරීමේ දින චර්යාව ගැන ය. කෙසේ වුවද, ඔබ පාඩම් කරන පිළිවෙළ ගැන සලකා බලන විට එයට දින චර්යාවක් හෝ දේවල් කිරීමේ පිළිවෙළක් ද උපකාරවත් ය. උදාහරණයක් ලෙස, ඔබ පාඩම් කරන්නට යන දේ පිළියෙළ කර ගැනීමට වෑයම් කරන්න. (විදේශීය භාෂා දෙකක් වැනි) සමාන විෂයන් අනුපිළිවෙළින් පාඩම් කිරීමෙන් වළකින්න. විශේෂයෙන් ම ඔබට ගෙදර වැඩ බහුල ව තිබේ නම්, විෂයන් අතර කෙටි විවේකයන් සැලසුම් කරන්න.
ඔබට භාර දී ඇති වැඩයට බෙහෙවින් කියවීම ඇතුළත් ව තිබේ නම්, ඔබට පහත ක්‍රමය අත්හදා බැලිය හැක. පළමු ව, ඔබේ කරුණු සමීක්ෂණය කරන්න. ඒ ගැන සම්පූර්ණ අදහසක් ලබා ගැනීම සඳහා, උප මාතෘකා, සටහන් සහ එවන් දෑ සලකමින්, දී ඇති කරුණු දෙස කඩිනමින් බලන්න. ඊළඟට, පරිච්ඡේද මාතෘකා හෝ මාතෘකා වගන්ති මත පදනම් වූ ප්‍රශ්න සාදා ගන්න. (මෙය ඔබ කියවන දෙය කෙරෙහි ඔබේ මනස යොමු කර තබයි.) මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයමින්, දැන් කියවන්න. ඔබ සෑම ඡේදයක් හෝ කාණ්ඩයක් කියවා අවසන් කළ පසු, පොත නොබලා, ඔබ කියවා ඇති දෙය කටපාඩමින් හෝ මතකයෙන් ඔබට ම කියන්න. තව ද පැවරූ මුළු කොටස ම ඔබ අවසන් කළ පසු, මාතෘකාවන් සියුම් ලෙස පරීක්ෂා කරමින් හා සෑම කාණ්ඩයක් ගැන ම ඔබේ මතකය පරීක්ෂා කරමින් පුනරීක්ෂණය කරන්න. ශිෂ්‍යයින් කියවන දෙයින් සියයට 80 දක්වා ධාරණය කර ගැනීමට ඔවුනට මෙම ක්‍රමය උපකාරවත් වී ඇතැයි ඇතැමෙක් කියා සිටිති!
එක් ගුරුවරයෙක් තවදුරටත් මෙසේ පවසයි: “සාධකයක් තනි ව ම නොතිබෙන නමුත් සැමවිට ම වෙනත් තොරතුරු සමඟ සම්බන්ධ ව තිබෙන බව ශිෂ්‍යයෙකු විසින් වටහා ගෙන තිබීම වැදගත් ය.” එමනිසා, ඔබ පාඩම් කරන දෙය, ඔබ දැනටමත් දන්නා දෙය හා අත්දැක තිබෙන දෙය සමඟ සම්බන්ධ කිරීමට වෑයම් කරන්න. ඔබ ඉගෙන ගන්නා දෙයෙහි ප්‍රායෝගික වටිනාකම ද සොයන්න.
සිත් ගන්නා ලෙස, දේව-බියැති යෞවනයාට මෙහි දී සැබෑ වාසියක් තිබේ. මන්ද බයිබලය තුළ මෙසේ කියවීමට තිබේ: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය.” (හිතෝපදේශ 1:7) උදාහරණයක් ලෙස, භෞතික විද්‍යාවේ නීති ඉගෙන ගැනීම, මහත් අප්‍රිය දෙයක් ලෙස පෙනෙන්නට තිබිය හැක. එහෙත් මැවිල්ල පුරා දෙවියන් වහන්සේගේ “අදෘශ්‍යමාන ගුණාංග පැහැදිලි ලෙස දකින්නට” ලැබෙන බව දැන සිටීම, ඔබ ඉගෙන ගන්නා දෙයට අතිරේක අර්ථයක් දෙයි. (රෝම 1:20, NW) එමෙන් ම ඉතිහාසය බොහෝ විට යෙහෝවඃ වහන්සේගේ අරමුණු ක්‍රියාත්මක කිරීමක් සඳහන් කරයි. බයිබලයේ ම ලෝක බලවේග (වත්මන් එංගලන්ත-අමෙරිකානු ද්විත්ව බලවේගය ඇතුළු ව) හතක් ගැන සාකච්ඡා කර ඇත!—එළිදරව් 17:10; දානියෙල්, 7වන පරිච්ඡේදය.
ඔබ ඉගෙන ගත් දෙය ඔබ දන්නා දෙයට හෝ ඔබේ ක්‍රිස්තියානි ඇදහිල්ලට සම්බන්ධ කිරීමෙන්, එය ඔබට යම්කිසි අර්ථවත් බවක් ගෙන දෙයි, දැනගැන්ම තේරුම් ගැනීමක් බවට වර්ධනය වේ. තව ද සාලමොන් මෙසේ නිරීක්ෂණය කළේ ය, “නුවණ ඇත්තාට දැනගැන්ම පහසුය.”—හිතෝපදේශ 14:6.
‘ලබන සතියේ විභාගයක් තිබේ’
මෙම වචන නිසා ඔබ තුළ අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැත. සියල්ලට ම ප්‍රථම, එය රචනා විභාගයක් හෝ බහුවරණයක්, වැනි කුමන ආකාරයේ විභාගයක් වනු ඇත්දැයි, ඔබේ ගුරුවරයා පවසන දෙයින් වටහා ගැනීමට වෑයම් කරන්න. තව ද, විභාගයට පෙර දවස් කීපයේ දී, විභාගයට පැමිණෙනු ඇති දේ සම්බන්ධ හෝඩුවාවන්වලට සවන් දෙන්න. (“මෙම ඊළඟ කරුණ ඉතා වැදගත්” හෝ “එය නොවරදවා ම මතක තබා ගන්න” යනාදිය සුපුරුදු ඉඟියන් යයි සීනියර් ස්කොලාස්ටික් සඟරාවේ පවසයි.) ඉන් පසු, ඔබේ සටහන්, පාඩම් පොත් සහ ගෙදර වැඩ පැවරුම් පුනරීක්ෂණය කරන්න.
“යකඩින් යකඩ මුවහත් වේ; එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත්කරයි,” කියා සාලමොන් අපට සිහි ගන්වයි. (හිතෝපදේශ 27:17) සමහර විට පංතියේ ඉගෙන ගත් කරුණු ඔබ කටපාඩමින් කියන විට ඔබට සවන් දීමෙන් හෝ ප්‍රශ්න කිරීමෙන් ඔබ ව විභාග කිරීමට මිතුරෙකු හෝ දෙමව්පියන්ගෙන් කෙනෙකු සතුටු වනු ඇත. ඉන් පසු විභාගයට පෙර රාත්‍රියේ දී, පහසු ගෙන, රාත්‍රියේ සුව නින්දක් ලබා ගැනීමට වෑයම් කරන්න. “කරදර වීමෙන් තමාගේ ආයු ප්‍රමාණය දික් කර ගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන්ද?” යයි යේසුස් වහන්සේ ඇසූ සේක.—මතෙව් 6:27, නව අනුවාදය.
අසමත්වීම
විශේෂයෙන් ම සමත්වීමට පරිශ්‍රමයක් දැරීමෙන් පසු විභාගයකින් අසමත්වීමෙන්—ඔබේ ආත්ම-ගෞරවයට හානි සිදු විය හැක. එහෙත් මැක්ස් රැෆර්ටි නමැති ගුරුවරයා අපට මෙසේ සිහිගන්වයි: “අප ජීවත් ව සිටින තාක්කල්, අප ලකුණු ලබන්නේ අප දන්නා දේ මත හා ප්‍රතිඵල කෙතරම් හොඳවේ දැයි යන්න මත ය. . . . ජීවිතය හුදෙක් සැණකෙළියක් වීමට යන බව සිතීමට දරුවන් ව රවටන පාසල පාසලක් නොවේ. එය සිහින මවන තැනකි.” විභාගයක් අසමත්වීමෙන් ඇති වන ලජ්ජාව, ඔබේ දෝෂයන් හා දියුණුවීම්වලින් ඔබට ඉගෙනීමට පොලඹවයි නම් එය ඉතා වටිනා එකක් විය හැක.
එහෙත් නරක ප්‍රගති වාර්තාවක් ඇති ව බලාපොරොත්තු සුන්වූ දෙමව්පියන්ට මුහුණ දීම ගැන කුමක් කිව හැකි ද? එසේ කිරීමට බිය වීම නිසා ඇතැම් අවස්ථාවල දී ප්‍රමාද කිරීමේ උපක්‍රම වැඩි කිරීමට මුල පුරා ඇත. “මම මගේ ප්‍රගති වාර්තාව මුළු තැන් ගෙයි මේසය මතට දමා, උඩ තට්ටුවට ගිහින්, ඊළඟ දවස වෙන තෙක් නිදා ගැනීමට වෑයම් කරනවා,” යයි එක් යෞවනයෙක් සිහිපත් කරයි. වෙනත් කෙනෙක් පවසන්නේ මෙසේ ය, “මම කරන්නේ, අන්තිම මොහොත දක්වා සිට එය මගේ අම්මාට පෙන්වීමයි. උදෑසන ඇය වැඩට යන්න ඔන්න මෙන්න කියා තිබිය දී, මම එය ඈ වෙත රැගෙන යන අතර ‘මෙන්න ඔබට මේක අත්සන් කරන්නට තිබෙනවා,’ යයි කියනවා. මා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට—අඩු ම තරමින් ඒ මොහොතේ—ඇයට කාලය තිබුණේ නෑ.” එපමණක් නොව, සමහර යෞවනයෝ තම ප්‍රගති වාර්තාවල බොරුවට හොර ලකුණු සාදා තිබේ!
එහෙත්, ඔබ පාසලේ දී කෙසේ වැඩ කරනවා දැයි දැනගැනීමට ඔබේ දෙමව්පියන්ට අයිතියක් තිබේ. ස්වභාවයෙන් ම, ඔබේ හැකියාවන් පිළිබිඹු කිරීම ඔවුන් ඔබෙන් අපේක්ෂා කරන අතර, ඔබේ ලකුණු සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු නම්, මනා-යෝග්‍ය හික්මවීම ලැබෙන බවට ඔබට අපේක්ෂා කළ හැක. එබැවින් ඔබේ දෙමව්පියන් සමඟ අවංක ව සිටින්න. තව ද “පියාගේ අවවාදය අසන්න; මවගේ උපදෙස් ඉවත නොදමන්න.” (හිතෝපදේශ 1:8, නව අනුවාදය) ඔබෙන් වැඩි පුර අපේක්ෂා කර ඇතැයි ඔබට සිතෙන්නේ නම්, ඔවුන් සමඟ ඒ ගැන කථා කරන්න.—2වන පරිච්ජේදයේ “මගේ දෙමව්පියන්ට මා කියන්නේ කෙසේ ද?” යන මාතෘකාව ඇතුළත් අතිරේකය බලන්න.
ලකුණු වැදගත් වුවත්, පුද්ගලයෙකු වශයෙන් ඔබේ වටිනාකම කෙරෙහි අවසාන විනිශ්චය ඒවා සතු නොවේ. කෙසේ නමුත්, ඔබ පාසලේ සිටින කාලයෙන් ප්‍රයෝජන ලබා ගන්න, එමෙන් ම ඔබට හැකි තරම් ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් ම ලකුණුවලින් එම වෑයම පිළිබිඹු වන අතර, ඔබට සහ ඔබේ දෙමව්පියන්ට සතුට සහ සෑහීම ගෙන දෙනු ඇත.
සාකච්ඡාව සඳහා ප්‍රශ්න
◻ ලකුණුවලින් සිදු කරන අරමුණ කුමක් ද, තව ද ඒවා ගැන සමබර ආකල්පයක් තබා ගැනීම වැදගත් වන්නේ මන්ද?
◻ ඉගෙන ගැනීම සඳහා ඔබ පුද්ගලික වගකීමකින් යුක්ත වීම වැදගත් වන්නේ මන්ද?
◻ පාසල් වේලාවෙන් පසු ක්‍රියාකාරකම් කිරීම ගැන සලකා බැලිය යුතු ඇතැම් දේවල් මොනවා ද?
◻ ඔබේ ලකුණු මට්ටම දියුණු කළ හැකි ඇතැම් මාර්ග මොනවා ද?
◻ විභාගවලට සූදානම් වීමට ඔබට හැක්කේ කෙසේ ද?
◻ ඔබ අසමත්වීම සැලකිය යුත්තේ කෙසේ ද, තව ද එවන් අසමත්වීමක් ඔබේ දෙමව්පියන්ගෙන් සැඟවිය යුතු ද?
[141 පිටුවෙහි හුවා දැක්වීම]
අනුමාන කිරීම, අන්තිම මොහොතේ පාඩම් කිරීම, එසේ නැතහොත් වංචා කිරීම මගින් ලකුණුවලින් සමත් වන යෞවනයෙක්, ඇත්තෙන් ම කිසිදාක කල්පනා කරන ආකාරය ඉගෙන ගන්නේ නැත
[144 සහ 145 පිටුවල ඇති කොටුව]
පාසල් වේලාවෙන් පසු ක්‍රියාකාරකම් ගැන කුමක් කිව හැකි ද?
පාසල් වේලාවෙන් පසු ක්‍රියාකාරකම්, සම්පූර්ණ කළා යන හැඟීමක් තමන්ට ලබා දෙන බව බොහෝ යෞවනයෝ සොයා ගනිති. බෝල්ටිමෝ, මෙරිලන්ඩ් හි (අ. එ. ජ.) එක් පිරිමි ළමයෙක් මෙසේ සිහිපත් කරයි, “ මම එහි වූ සෑම සමාජයකට ම වාගේ යමින් සිටියෙමි. මා ආශා කළ දේවල් සමඟ ක්‍රියා කිරීම යහපතකැයි සිතීමට එය මට සැලසී ය. මම මෝටර් රථවල වැඩ කිරීමට සතුටු වූ බැවින් රථවාහන සම්බන්ධ සමාජයකට බැඳී සිටියෙමි. මා පරිගණක යන්ත්‍රවලට ආශා කළ බැවින් මම එම සමාජයට ද බැඳුණෙමි. මා සංගීතයට සවන් දීමට කැමති බැවින්, මම ඊට සම්බන්ධ සමාජයකට බැඳුණෙමි.” උසස් අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වී සිටින යෞවනයන්ට පාසල් වේලාවෙන් පසු ක්‍රියාකාරකම්වල යෙදීමට විශේෂයෙන් ම උනන්දු කරනු ලබයි.
කෙසේ වුවද, කලින් ගුරුවරයෙකු ව සිටි—එ. ජ. යේ එක්සත් සමූහාණ්ඩු නිලධාරියෙකු—පිබිදෙව්! සඟරාවට මෙසේ පැවසී ය: “ පෙනෙන හැටියට ශිෂ්‍යයින් පාසල් වැඩවල නිරත වෙනවාට වඩා බාහිර විෂය මාලා ක්‍රියාකාරකම්වල වැඩි කාලයක් ගත කරන බැවින් ලකුණු හොත්ටද මට්ටමක තබා ගැනීම එමගින් අපහසු කරවයි.” එසේ ය, බාහිර විෂය මාලා ක්‍රියාකාරකම් ගැන සලකන විට සමබරතාවය පවත්වා ගැනීම පහසු නොවේ. පාසල් බේස් බෝල් ක්‍රීඩා කණ්ඩායමකට සෙල්ලම් කරමින් සිටි කැතී නම් ගැහැණු ළමයෙක් මෙසේ පවසන්නී ය: “ පුහුණු වීමෙන් පසු ව, වෙනත් දෙයක් කළ නොහැකි තරමට මම ඉතා වෙහෙස වී සිටියා. මගේ පාසල් වැඩවලට එය බලපෑවා. ඒනිසා මා මෙම වසරේ බැඳුණේ නෑ.”
ආත්මික අනතුරු ද තිබේ. තම යෞවන වයස ගැන කල්පනා කරමින් එක් ක්‍රිස්තියානි පුරුෂයෙක් මෙසේ පවසයි: “ පාසල් වැඩ, දුවන කණ්ඩායමක පුහුණු වීම, හා ආත්මික ක්‍රියාකාරකම් යන ක්‍රියාකාරකම් තුනට ම සමාන සැලකිල්ලක් දැක්වීමට මට හැකි යයි මම සිතුවෙමි. නමුත් තුන ම එක විට යෙදෙන සෑම අවස්ථාවක දී ම මගේ ජීවිතයේ ආත්මික පැත්ත කැප කර තිබුණෙමි.”
පාසලේ ක්‍රීඩා කණ්ඩායම් දෙකකට සම්බන්ධ වී සිටි යෞවන තෙමන්, මෙසේ එකඟ වෙයි: “ අඟහරුවාදා අප නගරයෙන් පිටතට ගොස් සිටි බැවින්, බ්‍රහස්පතින්දා ද අප නගරයෙන් පිටතට ගොස් සිටි බැවින්, සහ සෙනසුරාදා ද අප නගරයෙන් පිටතට ගොස් සිටි අතර උදෑසන දෙක වන තුරු ආපසු ඒමට නොහැකි වූ බැවින් [ආත්මික උපදෙස් සඳහා රාජ්‍යය] ශාලාවේ රැස්වීම්වලට සහභාගි වීමට මට නොහැකි විය.” “ ශාරීරික ව්‍යායාමයෙන් ලැබෙන්නේ මඳ ප්රයෝජනයකි. එහෙත් ආගමික ව්‍යායාම [දිව්‍ය භක්තිය] හැම අතින් ම ප්‍රයෝජනවත්,” වන බව මතක තබා ගැනීම වැදගත් වේ.—1 තිමෝති 4:8, නව අනුවාදය.
සදාචාර අනතුරු ගැන ද කල්පනා කරන්න. මනා සදාචාර බලපෑමක් ඇති යහපත් මිතුරන් සමඟ ඔබ ආශ්‍රය කරමින් සිටින්නෙහි ද? කතා බහේ විෂය කුමක් වනු ඇත් ද? කණ්ඩායම් මිතුරන්ගේ හෝ සමාජයේ සාමාජිකයන්ගේ බලපෑම ඔබ කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කළ හැකි ද? “ නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය,” යයි 1 කොරින්ති 15:33 පවසයි.
සිත් ගන්නා ලෙස, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් අතර බොහෝ යෞවනයන්, තම පාසල් වේලාවෙන් පසු කාලය ක්‍රීඩාවට වඩා ඉතා වැඩි ප්‍රයෝජනවත් දෙයක් සඳහා යෙදවීමට තෝරා ගෙන තිබේ: එනම් මැවුම්කරුවාණන් දැනගැනීමට අන්‍යයන්ට උපකාර කිරීම ය. කොලොස්සි 4:5 මෙසේ අවවාද කරයි: “ නුඹලා ප්‍රස්තාව අල්ලා ගනිමින්, පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්රියාකරපල්ලා.”
[143 පිටුවෙහි ඇති පින්තූර]
බොහෝ විට වුවමනාවකින් තොර පාඩම් පුරුදුවලට ඵල විපාකය පහත වැටුණු ලකුණු මට්ටමක් ලැබීම ය
[146 පිටුවෙහි ඇති පින්තූර]
ඔබේ ගෙදර වැඩ සමඟ පාසලෙන් පසු ක්‍රියාකාරකම් සමබර කිරීම පහසු දෙයක් නොවේ
[148 පිටුවෙහි ඇති පින්තූර]
නරක ප්‍රගති වාර්තාවකින් දෙමව්පියන් සිත් තැවුලට පත් වන බව සහතික ය. එහෙත් ඔවුන් ඔබෙන් වැඩි පුර අපේක්ෂා කරන්නේ යයි ඔබට සිතෙන්නේ නම්, ඔවුන් සමඟ ඒ ගැන කථා කරන්න