ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp 7 පරි. 56-63 පි.
  • මා නිවස අත් හැර යා යුතු ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මා නිවස අත් හැර යා යුතු ද?
  • යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ස්වාධීනත්වය සඳහා සූදානම් ද?
  • ‘මගේ දෙමව්පියන් සමඟ මට කල් ගෙවන්න බෑ!’
  • සදාචාරයන් සහ අභිමතයන්
  • මා පිටවී නොයනවා නම් මට වැඩීමට හැකි වන්නේ කෙසේ ද?
  • මෝඩයන්ගේ පාරාදීසයක්
  • ආර්ථික ස්වෛරී භාවය
  • ඔබ අත් හැර යාමට පෙර ඉගෙන ගන්න
  • තනිවම ජීවත් වෙන්න මම සූදානම්ද?
    2010 පිබිදෙව්!
  • මගේ දෙමව්පියන්ට මා කීකරු විය යුත්තේ මන්ද?
    1995 පිබිදෙව්!
  • මට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයිද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • මගේ දෙමව්පියන් විසින් මට වැඩි නිදහසක් දීමට මා ඉඩ සලසා ගන්නේ කෙසේ ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
තව තොරතුරු
යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
yp 7 පරි. 56-63 පි.

පරිච්ඡේද 7

මා නිවස අත් හැර යා යුතු ද?

“අම්මේ, තාත්තේ:

“ඉතින් මම යන්න තීරණය කළෙමි. මා කලින් පවසා තිබුණු ලෙස ම, මා මෙසේ කරන්නේ ඔබ ව මහත් වේදනාවකට ඇද දැමීමට හෝ කිසියම් ආකාරයකින් ඔබලාගෙන් පළිගැනීමට හෝ නොවේ. ඔබලාට වුවමනා ආකාරයට සිර වී සිටීමෙන් මට ප්‍රීතියෙන් ඉන්න බෑ. මෙසේ කිරීමෙන් පවා මට සතුටක් ලැබෙන එකක් නෑ, නමුත් මා මෙය අත්දැක බැලීමට කැමතියි.”

මෙලෙස 17-හැවිරිදි ගැහැණු ළමයෙකු විසින් තම දෙමව්පියන්ට ලියූ සමුගැනීමේ ලිපිය ඇරඹුණි. උදාහරණයක් ලෙස, ජර්මන් සමූහාණ්ඩුවේ, වයස අවුරුදු 15 සහ 24 අතර සෑම ගැහැණු ළමුන් තිදෙනෙකුගෙන් එක්කෙනෙක් හා පිරිමි ළමුන් සිව්දෙනෙකුගෙන් එක්කෙනෙක් නිවසෙන් බැහැර ව ජීවත් වේ. සමහර විට ඔබත් නිවස අත් හැර යාම ගැන කල්පනා කර තිබෙනවා විය හැක.

විවාහ වීමට ඇති ආශාව “තමාගේ පියාද මව්ද අත්හැර” යාමට පුද්ගලයෙකුට හේතු වන බව දෙවියන් වහන්සේ කලින් දැන සිටි සේක. (උත්පත්ති 2:​23, 24) තව ද නිවස අත් හැර යාමට, කෙනෙකුගේ දේව සේවය පුළුල් කිරීම වැනි වෙනත් හොඳ හේතු තිබේ. (මාර්ක් 10:​29, 30) කෙසේ වුවද, බොහෝ යෞවනයන්ට, ඉවසිය නොහැකි තත්ත්වයක් යයි ඔවුන් සිතන දෙයින් ඉවත්වීමට මාර්ගයක් වන්නේ නිවස අත් හැර යාම ය. එක් තරුණ මනුෂ්‍යයෙක් මෙසේ පවසයි: “එය නිකම් ඔබට වැඩි ස්වාධීනත්වයක් වුවමනා වීමකි. ඔබේ දෙමව්පියන් සමඟ නිවසේ ජීවත්වීම තවදුරටත් සෑහීම ගෙන දෙන්නේ නෑ. ඔබ සැමවිට ම වාදයන්ට පැටලෙන අතර, ඔවුහු ඔබේ අවශ්‍යතාවයන් තේරුම් නොගනිති. ඒ හැර, ඔබ කරන සෑම දෙයක් සඳහා ම සැමවිට ම දෙමව්පියන්ට උත්තර දීමට සිදු වන නිසා ඔබ ව ඉතා සීමා කර ඇතැයි ඔබට හැඟේ.”

ස්වාධීනත්වය සඳහා සූදානම් ද?

එහෙත් ඔබ ස්වාධීනත්වයට ආශා කරනවා යන කරුණෙන් ඔබ ඒ සඳහා සූදානම් බව අදහස් කරයි ද? එක් දෙයක් නම්, තනි ව ම ජීවිතය ගත කිරීම ඔබ සිතන තරම් ම පහසු දෙයක් නොවිය හැක. බොහෝ විට රැකියා විරල ය. ගෙවල් කුලී ඉහළ නැග ඇත. තව ද ආර්ථික බරකට අසු වී සිටින යෞවනයන්ට බොහෝ විට කිරීමට බල කරනු ලබන්නේ කුමක් ද? පුලිං අප් රූට්ස් හි කර්තෘවරු මෙසේ පවසති: “ඔවුහු නැවත නිවසට යන අතර තමන්ට උපකාර කිරීමේ බර යළිත් දෙමව්පියන් විසින් භාර ගනී යයි අපේක්ෂා කරති.”

තව ද ඔබේ මානසික, චිත්ත වේගීය සහ ආත්මික මේරූ භාවය ගැන කුමක් කිව හැකි ද? ඔබ වැඩුණු-කෙනෙකු යයි ඔබ විසින් ම කල්පනා කරනු ඇති නමුත්, තවමත් ඇතැම් “ළාමක දේ,” ඔබ තුළ තිබෙන බව ඔබේ දෙමව්පියන් දකිනු ඇත. (1 කොරින්ති 13:​11, නව අනුවාදය) තව ද සැබවින් ම, කෙතරම් නිදහසක් ඔබට පාලනය කරගත හැකි දැයි විනිශ්චය කිරීමට හොඳ ම තත්ත්වයේ සිටින්නේ ඔබේ දෙමව්පියන් නොවේ ද? ඔවුන්ගේ විනිශ්චයට විරුද්ධ ව යාම සහ ඔබේ කැමැත්ත පරිදි තනි ව ම ක්‍රියා කිරීම විපත්තිය කැඳවීමක් විය හැක!—හිතෝපදේශ 1:8.

‘මගේ දෙමව්පියන් සමඟ මට කල් ගෙවන්න බෑ!’

ඔබ සම්බන්ධයෙන් මෙය සැබෑ ද? එසේ වුවත්, ඔබේ ගමන් මලු අසුරා ගැනීම පටන් ගැනීමට මෙය හේතුවක් නොවේ. යෞවනයෙකු වශයෙන්, ඔබට තවමත් ඔබේ දෙමව්පියන් අවශ්‍ය වන අතර පැමිණෙන වර්ෂ සඳහා ඔවුන්ගේ තීක්ෂ්ණ බුද්ධිය සහ ප්‍රඥාව ඔබට ප්‍රයෝජනවත් විය හැක. (හිතෝපදේශ 23:22) ඔවුන් සමඟ ක්‍රියා කිරීමේ දී ඔබට හුදෙක් දුෂ්කරතා කීපයක් ඇති වූ හෙයින් ඔබේ ජීවිතයෙන් ඔබ ඔවුන් කපා හැරිය යුතු ද?

පූර්ණ-කාලීන දේව සේවකයෙකු ලෙස වෘත්තියක් කර ගෙන යාමට නිවස අත් හැර ගිය කාර්ස්ටන් නැමැති යෞවන ජර්මන් ජාතිකයා එය මෙසේ පැවසී ය: “ඔබේ දෙමව්පියන් සමඟ ඔබට කල් ගෙවිය නොහැකි නිසා ම කිසිදා නිවස අත් හැර නොයන්න. ඔබට ඔවුන් සමඟ කල් ගෙවිය නොහැකි නම්, වෙනත් අය සමඟ කල් ගෙවීමට ඔබට හැකි වන්නේ කෙසේ ද? වෙනත් තැනකට මාරු වී යාමෙන් ඔබේ ගැටලුව විසඳෙන්නේ නැත. ඊට පටහැනි ව, ඔබේ ම කැමැත්ත පරිදි ක්‍රියා කිරීමට ඔබ ළාමක වැඩි බව පමණක් එය ඔප්පු කරන අතර, ඔබේ දෙමව්පියන්ගේ ඇල්මෙන් වැඩි ඈත්වීමකට මඟ පාදනු ඇත.”

සදාචාරයන් සහ අභිමතයන්

යෞවනයෝ පමණට වඩා කලින් නිවස අත් හැර යාමේ දී ප්‍රතිඵලයක් වශයෙන් ඇති විය හැකි සදාචාර අනතුරු නොසලකා හැරීමට ද නැඹුරු වෙති. ස්වෛරී ව හා තමන්ගේ ම කැමැත්ත අනුව ක්‍රියා කිරීමට වුවමනා වූ යෞවනයෙකු ගැන ලූක් 15:​11-32 හි, යේසුස් වහන්සේ පවසන සේක. තම දෙමව්පියන්ගේ මනා පාලනය යටතේ නොසිටි බැවින්, වැඩි කලක් යාමට පෙර ලිංගික දුරාචාරයට යටත් වෙමින්, ඔහු “අවකල් ක්‍රියාවෙන් ජීවත්” වීමට පටන් ගත්තේ ය. විගස ඔහු තම මුදල් නාස්ති කර ගත්තේ ය. රැකියාවක් ලබා ගැනීම එතරම් දුෂ්කර වූ බැවින්, ඌරන් බලා ගැනීම වැනි යුදෙව්වන් විසින් පහත් කොට සැලකූ රැකියාවක් පවා ඔහු කළේ ය. කෙසේ වුවත්, එම අකීකරු හෝ නාස්තිකාර පුත්‍රයා තම ප්‍රකෘති සිහියට පැමිණියේ ය. ඔහුගේ උඩඟුකම යටපත් කර ගෙන, ඔහු යළි ගෙදර පැමිණ තම පියාගෙන් ක්ෂමාව අයැද සිටියේ ය.

මෙම උපමාව දෙවියන් වහන්සේගේ දයාව හුවා දැක්වීමට පවසා තිබුණත්, එහි මෙම ප්‍රායෝගික පාඩම ද අඩංගු වේ: අඥාන අභිමතාර්ථයකින් නිවස අත් හැර යාමෙන් ඔබට සදාචාරමය ව සහ ආත්මික ව අනතුරුදායක විය හැක! කීමට කනගාටුයි, ඇතැම් යෞවනයන් ස්වෛරී ක්‍රියා මාර්ගයක් ඇරඹීමෙන් ආත්මික විනාශයකින් පීඩා විඳ තිබේ. මුදල් අතින් ණය නොවී සිටිය නොහැකි නිසා, ඇතැමෙක් බයිබල් ප්‍රමිතිවලට විරුද්ධ ජීවන-රටාවක් ඇති වෙනත් යෞවනයන් සමඟ වියහියදම් බෙදා ගැනීමට නැඹුරු වී සිටිති.—1 කොරින්ති 15:33.

හෝර්ස්ට් නැමැති ජර්මන් ජාතික යෞවනයා නිවස අත් හැර ගිය සම වයසේ යෞවනයෙකු ගැන මෙසේ සිහි කරයි: “විවාහ නොවී සිටියත්, ඔහු තම පෙම්වතිය සමඟ ජීවත්වීමට පටන් ගත්තේ ය. මත්පැන් ඕනෑ තරම් තිබුණා වූ සාදයන්ට ඔවුන් සහභාගි වූ අතර ඔහු බොහෝ විට අවසානයේ දී මත් වී සිටියේ ය. ඔහු තවමත් නිවසේ ජීවත් වෙමින් සිටියා නම්, ඔහුගේ දෙමව්පියන් මේ කිසිවකට ඉඩ හරිනු ලබන්නේ නැත.” හෝර්ස්ට් මෙසේ අවසන් කළේ ය: “ඔබ නිවස අත් හැර ගිය විට ඔබට වැඩි නිදහසක් තිබෙන බව සැබෑ ය. එහෙත් අවංක ව ම කියනවා නම්, බොහෝ අවස්ථාවන්හි දී මෙය නරක දේවල් කිරීමට ප්‍රස්තාවක් ලෙස භාවිතා කර නැද්ද?”

එබැවින් ඔබ වැඩි නිදහසකට බෙහෙවින් ආශා කරන්නේ නම්, ඔබෙන් ම අසා ගන්න: මට හුදෙක් වැඩි නිදහසක් වුවමනා මන්ද? එසේ වුවමනා වන්නේ මට ද්‍රව්‍යමය වස්තූන් ඇති ව සිටීමට හෝ මා නිවසේ ජීවත් ව සිටියා නම් දෙමව්පියන් විසින් තහනම් කරන මාර්ගයන්හි මට නිදහසේ ක්‍රියා කිරීමට හෝ ලැබෙන නිසා ද? බයිබලයේ යෙරෙමියා 17:9 හි පවසන දෙය මතක තබා ගන්න: “සියල්ලට වඩා සිත [හෘදය NW ] රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?”

මා පිටවී නොයනවා නම් මට වැඩීමට හැකි වන්නේ කෙසේ ද?

ඇඩොලෙසන්ස් යන පොත මෙසේ නිරීක්ෂණය කරයි: “නිවසේ පවුලෙන් හුදෙක් ඉවත් ව යාමෙන් [වැඩිහිටි භාවයට] සාර්ථක මාරු වීමක් සහතික කරන්නේ නැත. එමෙන් ම නිවසේ සිටීමෙන් වැඩීමට අසමත් වන බව ද අඟවන්නේ නැත.” ඇත්තෙන් ම, හැදී වැඩීම යන්නෙන් අදහස් කරන්නේ තමන්ගේ ම මුදල්, රැකියාව සහ නවාතැන තිබීමට වඩා වැඩි යමකි. එක් දෙයක් නම්, සම්පූර්ණයෙන් ම ජීවිතය ගැන ඉගෙන ගැනීමට හැකි වන්නේ ගැටලුවලට ඍජු ව මුහුණ දීමෙන් පමණි. අප අකමැති තත්ත්වයන්ගෙන් පැන දිවීමෙන් කිසිවක් අත්කර ගත නොහැක. “තමාගේ බාල [යෞවන NW ] වයසේදී වියගහ දැරීම මනුෂ්‍යයෙකුට යහපත”, යයි විලාප ගී 3:27 පවසයි.

උදාහරණයක් වශයෙන්, කල්ගෙවීමට අපහසු හෝ ඉතා දැඩි දෙමව්පියන් ගැන සලකා බලමු. දැන් වයස අවුරුදු 47ක් වන මැක්ට, පාසලෙන් පසු වැඩ කොටස සමඟ වගකීම් පැවරුවා වූ පියෙකු සිටියේ ය. ගිම්හාන නිවාඩු කාලයේ දී, අන් යෞවනයින් සෙල්ලම් කරමින් සිටිය දී, මැක්ට වැඩ කිරීමට සිදු විණ. “සෙල්ලම් කිරීමෙන් හා ප්‍රීති වීමෙන් අප ව වැළැක් වූ නිසා ජීවත් වී සිටින කෲරතම මිනිසා ඔහු යයි මා සිතුවා,” කියා මැක් පවසයි. “ ‘මට මෙතැනින් පිට වී ගොස් මගේ ම තැනක් ඇතුව සිටිය හැකි නම්!’ යයි මං බොහෝ වෙලාවල සිතුවා.” කෙසේ නමුත්, මැක්, දැන් කාරණය සම්බන්ධයෙන් බලන්නේ වෙනස් කෝණයකින් ය: “පියා මට කරල තිබෙන දේවල වටිනාකම මිල කරන්න බෑ. දුෂ්කර වැඩ කරන විදියත්, දුෂ්කරතා විඳදරා ගන්නා ආකාරයත් ඔහු මට ඉගැන්නුවා. එවක් පටන් මට ඊටත් වඩා බරපතළ ගැටලුවලට මුහුණ පාන්නට සිදු වෙලා තියෙනවා, නමුත් ඒවාට කෙලින් මුහුණ දෙන්නේ කොහොමද කියල මං දන්නවා.”

මෝඩයන්ගේ පාරාදීසයක්

කෙසේ වෙතත්, හුදෙක් නිවසේ ජීවත්වීමෙන් ම, ඔබේ මේරූ භාවය සහතික කළ නොහැක. එක් යෞවනයෙක් මෙසේ පවසයි: “මගේ දෙමව්පියන් එක්ක නිවසේ ජීවත් වෙන එක මෝඩයන්ගේ පාරාදීසයක [මුළාකරවන සුලු සුරක්ෂිත භාවයක] ජීවත් වනවා වගෙයි. ඔවුන් මට සියල්ල කර දුන්නා.” හැදී වැඩීමේ කොටසක් වන්නේ ඔබ විසින් ම දේවල් කරන්නේ කෙසේ දැයි ඉගෙන ගැනීම ය. කුණු ඉවත දැමීම හෝ රෙදි සේදීම, ඔබේ ප්‍රියතම සංගීත තැටි වාදනය කිරීමෙන් ලැබෙන සතුට තරම් විනෝදයක් නොවන බව සැබෑවකි. එහෙත් මේ දේවල් කරන ආකාරය ඔබ කිසිදා ඉගෙන නොගන්නවා නම් ඇති විය හැකි ප්‍රතිඵලය කුමක් ද? ඔබ මුළුමනින් ම ඔබේ දෙමව්පියන් හෝ අන්‍යයන් මත රඳා සිටීමට සිදු වන අසරණ වැඩිහිටියෙකු බවට පත් වන්නට පුළුවන.

ඔබ (තරුණ පිරිමියෙකු හෝ තරුණ ස්ත්‍රියක වුවත්) ඉවුම් පිහුම්, පිරිසිදු කිරීම, ඉස්ත්‍රික්ක කිරීම හෝ ගෙදර දොර හෝ රථවාහන අලුත් වැඩියාව ඉගෙනීමෙන් අවසානයේ දී ස්වාධීන පුද්ගලයෙකු වීමට සූදානම් වෙමින් සිටිනවා ද?

ආර්ථික ස්වෛරී භාවය

ධනවත් රටවල යෞවනයෝ බොහෝ විට සිතන්නේ මුදල් සෙවීම පහසු බවත් එමෙන් ම වියදම් කිරීම ඊටත් වඩා පහසු බවත් ය. ඔවුන්ට අර්ධ-කාලීන රැකියාවක් තිබේ නම්, ස්ටීරියෝ යන්ත්‍ර සහ නවීන පන්නයේ ඇඳුම් ගැනීමට තම මුදල් වියදම් කිරීමට ඔවුහු බොහෝ විට නැඹුරු වෙති. එහෙත්, තමන්ගේ ම කැමැත්ත පරිදි ඉවත් වී යන විට එවැනි යෞවනයන් කෙතරම් කෲර පිබිදීමකට ලක් වනු ඇත් ද! (කලින් සඳහන් කළ) හෝර්ස්ට් මෙසේ සිහි කරයි: “[මගේ ම වියදමෙන් ජීවත්වීමෙන්] මාසය අවසන් වන විට මගේ මුදල් පසුම්බිය සහ මගේ අල්මාරිය යන දෙක ම හිස් වී තිබිණ.”

ඔබ නිවසේ ජීවත් ව සිටිය දී ම මුදල් පාලනය කරන ආකාරය ඉගෙන නොගන්නේ මන්ද? මෙසේ කිරීමෙන් ඔබේ දෙමව්පියන් අවුරුදු ගණනාවක අත්දැකීම් ලබා තිබෙන අතර බොහෝ උපද්‍රවවලින් වැළකීමට ඔබට උපකාර කිරීමට ද හැක. පුලිං අප් රූට්ස් නම් පොත, ඔවුන්ගෙන් මෙවැනි ප්‍රශ්න ඇසීමට යෝජනා කරයි: ‘විදුලිය, උෂ්ණත්වය, වතුර, දුරකථනය ආදී දෑ සඳහා සෑම මාසයක ම යන වියදම කොපමණ ද? අප ගෙවන්නේ කිනම් ආකාරයක අයබදු ද? අප ගෙවන්නේ කුමන කුලියක් ද?’ තම දෙමව්පියන් ළඟ තිබෙනවාට වඩා වැඩ කරන යෞවනයන් ළඟ සුළු සුළු වියදම් සඳහා වැඩි මුදලක් තිබෙන බව දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් වනු ඇත! එබැවින් ඔබට රැකියාවක් තිබේ නම්, ගෙදර දොර කටයුතු පවත්වා ගෙන යාම සඳහා සාධාරණ සම්මාදමක් දීමට ඉදිරිපත් වන්න.

ඔබ අත් හැර යාමට පෙර ඉගෙන ගන්න

නැත, හැදී වැඩීමට ඔබ නිවස අත් හැර යා යුතු නැත. එහෙත් මනා විනිශ්චය සහ හොඳ සිහි බුද්ධිය වර්ධනය වීමට ඔබ මහන්සි වී වැඩ කළ යුතුයි. අන්‍යයන් සමඟ පෑහී කටයුතු කරන ආකාරය ද ඉගෙන ගන්න. විවේචනය, අසමත්වීම, හෝ අධෛර්යයට පත්වීම, ඔබට දරාගත හැකි බව ඔප්පු කරන්න. ‘කරුණාව, යහපත්කම, මෘදුකම හා ආත්ම දමනය,’ දියුණු කර ගන්න. (ගලාති 5:​22, 23, නව අනුවාදය) මෙම ගති ලක්ෂණ වැඩුණු ක්‍රිස්තියානි පිරිමියෙකුගේ හෝ ස්ත්‍රියකගේ සැබෑ සලකුණු වේ.

විගස හෝ පසු ව, විවාහය වැනි අවස්ථාවල දී, ඔබේ දෙමව්පියන්ගේ කැදැල්ලෙන් ඔබ ව හොඳින් පිට කර හැරිය හැකි වනු ඇත. එහෙත් ඒ වන තෙක් ඔවුන් ව අත් හැර යාමට ඉතා හදිසි වන්නේ මන්ද? ඔබේ දෙමව්පියන් සමඟ ඒ ගැන කථා කරන්න. විශේෂයෙන් ම පවුලේ ශුභ සාධනය සඳහා ඔබ සැබෑ සම්මාදමක් කරනවා නම්, ඔබ ඔවුන් සමඟ සිටිනවාට ඔවුන් සතුටු වන්නට පුළුවන. ඔවුන්ගේ උපකාරය ඇති ව, නිවසේ දී ම ඔබට නොකඩවා වැඩීමට, ඉගෙන ගැනීමට සහ මේරූ භාවයට පැමිණීමට හැක.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

◻ බොහෝ යෞවනයන් නිවස අත් හැර යාමට උත්සුක වන්නේ මන්ද?

◻ එවන් ඉවත් ව යාමකට බොහෝ යෞවනයන් සූදානම් නැත්තේ මන්ද?

◻ පමණට වඩා කලින් නිවස අත් හැර යාමේ ඇති ඇතැම් අනතුරු මොනවා ද?

◻ පැන යන්නවුන් මුහුණ පාන ගැටලුවලින් සමහරක් කවරේ ද?

◻ තවදුරටත් නිවසේ ජීවත් වෙන අතරතුරේ දී ම මේරූ භාවයට පැමිණීමට ඔබට හැකි වන්නේ කෙසේ ද?

[57 පිටුවෙහි හුවා දැක්වීම]

“ඔබේ දෙමව්පියන් සමඟ ඔබට කල් ගෙවිය නොහැකි නිසා ම කිසිදා නිවස අත් හැර නොයන්න . . . වෙනත් අය සමඟ කල් ගෙවීමට ඔබට හැකි වන්නේ කෙසේ ද?”

[60 පිටුවෙහි ඇති කොටුව]

පලා යාම පිළිතුර ද?

මිලියනයකට අධික නහඹර යෞවනයන් ගණනාවක් සෑම වසරක ම නිවසෙන් පලා යති. ඇතැමෙක් ශාරීරික හෝ ලිංගික දූෂණය වැනි නොඉවසිය හැකි තත්ත්වයන්ගෙන් පලා යති. එහෙත් වැඩි වශයෙන්, පලා යාම ඇරඹෙන්නේ නිවසට නැවත පැමිණිය යුතු වේලාව පැනවීම, පාසලේ ලකුණු මට්ටම, ගෙදර දොර වැඩ කොටස සහ මිතුරන් තේරීම වැනි කාරණා සම්බන්ධයෙන් දෙමව්පියන් සමඟ විවාදයන් ඇති වීමෙනි.

සමහර විට ඔබේ දෙමව්පියන්ගේ අදහස් සහ ඔවුන් කාරණා සම්බන්ධයෙන් සිතන ආකාරය හුදෙක් ඔබේ අදහස් හා සිතුවිලිවලට ගැළපෙන්නේ නැත. එහෙත් “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW ] හික්මවීමෙන්ද අවවාදයෙන්ද,” ඔබ ව ඇතිදැඩි කිරීමට ඔබේ දෙමව්පියෝ බැඳී සිටිති යන කාරණය ගැන ඔබ සලකා තිබේ ද?” (එපීස 6:4) එබැවින් ඔවුන් විසින් තමන් සමඟ ආගමික රැස්වීම්වලට යාමට සහ ක්‍රියාවලියන්හි යෙදීමට බල කර ඉල්ලා සිටීම හෝ අන් යෞවනයන් සමඟ ඔබේ ආශ්‍රය සීමා කිරීම පවා කරනු ඇත. (1 කොරින්ති 15:33) එය කැරලි ගැසීමට හෝ පලා යාමට යම් හේතුවක් ද? “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” යන නියෝගයට කීකරු වීමට ඔබ ද දෙවියන් වහන්සේ ඉදිරියෙහි වගකීමෙන් බැඳී සිටින්නෙහි ය.—එපීස 6:​1-3, නව අනුවාදය.

ඒ හැර, පලා යාමෙන් කිසිවක් විසඳෙන්නේ නැත. “පලා යාමෙන් සිදු වන්නේ ඔබට වඩාත් ගැටලු ඇති කර ගැනීම පමණකි,” යයි 14 හැවිරිදි වියේ දී පලා ගිය ඒමී මෙනෙහි කරයි. මයි ෆ්‍රෙන්ඩ් වොන්ට්ස් ටු රන් අවේ නැමැති තම පොතේ මාගරට් ඕ. හයිඩ් මෙසේ පවසන්නී ය: “ඇත්තෙන් ම රැකියා ලබා ගෙන තමන්ට රිසි සේ ජීවත් වන්නේ පලා යන්නන්ගෙන් ස්වල්ප දෙනෙකි. එහෙත්, ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට, ඔවුන් නිවස හැර යාමට පෙර තිබුණාටත් වැඩියෙන් ජීවිතය වඩා නරක් වේ.” තව ද ’ටීන් සඟරාවේ මෙසේ සටහන් වෙයි: “නහඹර යෞවනයන්ට වීථිවල නිදහස සම්බ වන්නේ නැත. ඒ වෙනුවට, තමන් වාගේ ම පලා ගිය වෙනත් අය හෝ අත්හැර දැමූ අය, ස්ත්‍රී දූෂකයන්ගෙන් හෝ බලෙන් පැහැර ගන්නන්ගෙන් ආරක්ෂාවක් නැති, පාළු ගොඩනැගිලිවල ජීවත් වෙති. තම නීච ව්‍යාපාරයන්හි ප්‍රයෝජනය තකා යෞවනයන් ව යොදා ගන්නා බොහෝ මිනිසුන් ද මොවුන්ට සමු වෙන අතර ඔවුන්ගේ පහසු කුරුමානම වන්නේ පලා යන නහඹර යෞවනයන් ය.”

පලායන්නියක ලෙස, ඒමී ව මිත්‍ර කරගත් අවුරුදු 22ක පිරිමියෙකු ඈට නවාතැන් දීම පිණිස උදව් කළේ ගාස්තුව වශයෙන් ඔහු හා ඔහුගේ මිතුරන් 9 දෙනා සමඟ ලිංගික ආශ්‍රය පවත්වා ගැනීමෙනි. ඇය ද “මත් වූ අතර බොහෝ මත් ද්‍රව්‍ය ගත්තා ය.” සැන්ඩි නම් වූ වෙනත් දැරියක්, තම සුරැකි සීයාගේ අතවරයෙන් ලිංගික පීඩා විඳි අතර ඇය පලා ගියා ය. වීථිවල ජීවත් වෙමින්, උද්‍යාන බංකුවල හෝ ඇයට හැකි කොතැනක හෝ නිදමින්, ඇය ගණිකාවක් බවට පත් වූවා ය. පලා යන්නන් බොහොමයකට වන දේ පිළිබඳ ව ඔවුන් හොඳ නිදසුන් ය.

පලා යන, බොහෝ දෙනෙකුට මිල කළ හැකි දක්ෂතාවයන් ඇත්තේ ස්වල්පයකි. උප්පැන්න සහතිකය, සාමාජික හැඳුනුම් පත, ස්ථිර ලිපිනය යන රැකියාවක් ලබා ගැනීමට අවශ්‍ය කරන කිසි ලියකියවිල්ලක් සාමාන්‍යයෙන් ම ඔවුන් ළඟ නොමැත. “මට සිද්ධ වුණේ සිඟා කන්නට නැත්නම් සොරකම් කිරීමටයි. ඒත් ප්‍රධාන ලෙස ම සොරකම් කරන්න සිද්ධ වුණේ කිසිවෙකු කිසිවක් නොදෙන නිසායි,” යයි ලුයිස් පවසයි. පලා යන්නන්ගෙන් සියයට 60ක් පමණ ගැහැණු ළමුන් වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් යැපෙන්නේ ගණිකා වෘත්තියෙනි. කාමුක කෘති රචනය කරන අය, මත් ද්‍රව්‍යය විකුණන්නෝ සහ ගණිකා ස්ත්‍රීන් සපයන්නෝ තමන්ගේ ජාවාරම්වලට යොදා ගැනීම සඳහා පලා යන්නන් සොයමින් නිතර බස් නැවතුම් පොළවල බලා සිටිති. මහත් භයක් ඇති යෞවනයන්ට ඔවුන් විසින් නිදා ගැනීමට ස්ථානයක් සහ කෑමට ආහාර සැපයීමට පවා හැක. නිවසේ දී ඔවුන් නොලද දේ පවා දෙමින් ඔවුන්ට ආදරය කරනු ලබන බවක් හඟවන්නට පුළුවන.

එහෙත්, කල්යත් ම, එවන් “උපකාරකයෝ” බලෙන් ගෙවීමක් ඉල්ලා සිටිති. තව ද ඉන් අදහස් විය හැක්කේ, ගණිකාවක් වශයෙන් ඔවුන්ට වැඩ කිරීම, අශික්ෂිත විකෘති ලිංගික ක්‍රියාවල යෙදීම හෝ කාමුක අදහස් ඇති කරන ආකාරයෙන් ඡායාරූපවලට පෙනී සිටීම වැනි දේවල නිරත වීමට සිදු වීම ය. එසේ නම්, බොහෝ පලා යන්නන් බරපතළ අනතුරුවලට—හෝ අවසානයේ දී මරණයට පවා ගොදුරු වීම පුදුමයක් නොවේ!

එමනිසා සෑම වෑයමක් ම දරා—ඉන් අදහස් වන්නේ එක් වතාවකට වැඩියෙන් වුවත්—ඔබේ දෙමව්පියන් සමඟ කථා කිරීම නුවණට හුරු ය. ඔබට හැඟෙන ආකාරය සහ සිදු වෙමින් පවතින්නේ කුමක් දැයි ඔවුනට දැනගැනීමට සලස්වන්න. (පරිච්ඡේද 2 සහ 3 බලන්න.) ශාරීරික සහ ලිංගික දූෂණය වැනි අවස්ථාවන්වල දී, පිටත උපකාරය අවශ්‍ය විය හැක.

කාරණය කුමක් වුවත්, කථා කරන්න, පලා නොයන්න. නිවසේ ජීවිතය සිත් ගන්නා එකක් නොවුවත්, ඔබ පලා ගොස් සිටින විට දේවල් වඩා නරක් විය හැකි බවත් මතක තබාගන්න.

[59 පිටුවෙහි ඇති පින්තූරය]

තමන්ට රිසි සේ ජීවත්වීමට අවශ්‍ය වන ගෙදර දොර දක්ෂතාවයන් නිවසේ දී ම ඉගෙන ගත හැක

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න