ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g25 අංක 1 4-5 පි.
  • ඇත්ත පිළිගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇත්ත පිළිගන්න
  • 2025 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒක වැදගත් ඇයි?
  • ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • දමනය කරගන්න බැරි උද්ධමනය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • පටුන
    2025 පිබිදෙව්!
  • බලාපොරොත්තුවක් තියාගන්න
    2025 පිබිදෙව්!
  • තියෙන ගාණ පරෙස්සමින් පාවිච්චි කරන්න
    2025 පිබිදෙව්!
තව තොරතුරු
2025 පිබිදෙව්!
g25 අංක 1 4-5 පි.
පින්තූරවල අදහස: 1. පොළට ගිය කාන්තාවක් තක්කාලි තෝරනවා. 2. එයා ගත්ත බඩුවලට කඩේ මුදලාලිට සල්ලි දෙනවා.

බඩු මිල දරාගන්න බැරිද?

ඇත්ත පිළිගන්න

බඩු මිල ටික ටික වැඩි වෙද්දී ඒත් එක්කම පඩියත් ටික ටික වැඩි වෙනවා නම් ඒක එච්චර ඇඟට දැනෙන්නේ නැහැ. ඒත් බඩු මිල රොකට් වේගයෙන් ඉහළ යද්දී පඩිය එහෙම්මම නම් ඒක ඔළුවට ලොකු පීඩනයක්. ඔයාට පවුල් බර තියෙනවා නම් ඒක තවත් අමාරුයි.

ජීවන වියදම දවසින් දවස ඉහළ යන එක අපිට නවත්තන්න බැහැ. තිත්ත වුණත් ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත තේරුම්ගන්න එකෙන් අපිට ගොඩක් ප්‍රයෝජන තියෙනවා.

ඒක වැදගත් ඇයි?

බඩු මිල වැඩි වෙනවා කියන ඇත්ත පිළිගන්නවා නම් . . .

  • අපි කලබල වෙන්නේ නැහැ. එතකොට හොඳට හිතලා බලලා වැඩ කරන්නත් හරි තීරණ ගන්නත් අපිට පුළුවන්.

  • අපි අමාරුවේ වැටෙන දේවල් කරන්නේ නැහැ. උදාහරණෙකට බිල් ගෙවන්නේ නැතුව ගොඩගහගෙන ඉන්න එක, අනවශ්‍ය දේවල්වලට වියදම් කරන එක වගේ දේවල් අපි කරන්නේ නැහැ.

  • අපි සල්ලි ප්‍රශ්න නිසා පවුලේ ප්‍රශ්න ඇති කරගන්නේ නැහැ.

  • අපි ඒකට හැඩගැහෙන්න පුළුවන් විදි හොයනවා. උදාහරණෙකට අත්‍යවශ්‍යම දේවල් මොනවාද කියලා හිතලා අනවශ්‍ය වියදම් කපාහරිනවා.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

වෙනසත් එක්කම වෙනස් වෙන්න. බඩු මිල වැඩි වෙද්දී පුළුවන් නම් ඔයාගේ වියදමුත් අඩු කරගන්න බලන්න. සමහරු හදන්නේ හම්බ කරනවා වගේ දහගුණයක් වියදම් කරලා සුපිරි ජීවිත ගත කරන්න. ඒත් ඒක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක හරියට සැඩ පහරක උඩුගම් බලා පීනනවා වගේ. ඒකෙන් ජීවිතේ තව තවත් අමාරු වෙනවා. ඔයා විවාහ වෙලා නම් පවුලේ අයට අවශ්‍ය දේවල් දෙන එක ගැනත් ඔයා හිතනවා ඇති. ඒකේ වරදක් නැහැ. ඒත් වෙන කිසි දේකට වඩා එයාලට ඕනෙ ඔයාව. ඔයාගේ ආදරේ, සැලකිල්ල.

“කනස්සලු වුණා කියලා ඔයාලාගේ ආයු කාලය මොහොතකින් හරි දික් කරගන්න ඔයාලාගෙන් කාට හරි පුළුවන්ද?”—ලූක් 12:25.

“කවදාවත් හෙට දවස ගැන කනස්සලු වෙන්න එපා. මොකද අද වගේම හෙට දවසෙත් කරදර තියෙයි. හැම දවසකම කරදර තියෙනවා කියලා මතක තියාගන්න.”—මතෙව් 6:34.

හම්බ කරනවා වගේ දහගුණයක් වියදම් කරලා සුපිරි ජීවිත ගත කරන්න හදන එක හරියට සැඩ පහරක උඩුගම් බලා පීනනවා වගේ

ෆසිල්යා.

“2 තිමෝති 3:1 කියන විදිහට අපි මේ ගෙවන්නේ ‘හරිම අනතුරුදායක, ජීවත් වෙන්න අමාරු කාලයක්.’ ඒ නිසා ආර්ථිකය අමාරු වෙද්දී, බඩු මිල අහස උසට යද්දී මං ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. මං හැම තිස්සේම බලන්නේ අනවශ්‍ය වියදම් අඩු කරලා අතේ තියෙන ගාණ ඉතුරු කරගන්න.”—ෆසිල්යා, අසර්බයිජානය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න