ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g20 අංක 3 14-15 පි.
  • සදාකාලික විසඳුමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සදාකාලික විසඳුමක්
  • 2020 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • විසඳුමක් ගේන ආණ්ඩුවක්
  • 1. වටිනා අධ්‍යාපනයක්
  • 2. සුවයක්
  • 3. හොඳ නායකත්වයක්
  • 4. එකමුතුකම
  • අනිත් අයව පහත් කරලා සලකන එක ඔයාටත් බෝ වෙලාද?
    2020 පිබිදෙව්!
  • යෙහෝවා දෙවි සහ යේසුස් වගේ අපිත් එකට බැඳී ඉමු
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • භේදවලට නිමාවක්
    2004 පිබිදෙව්!
  • හැමෝම හැමෝටම එක වගේ සලකන දිනක්!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 පිබිදෙව්!
g20 අංක 3 14-15 පි.
විවිධ ජාතීන්වලට අයිති, විවිධ වයස්වල ඉන්න මිනිසුන් කණ්ඩායමක් සිනාමුසුව ඉන්නවා.

සදාකාලික විසඳුමක්

මේ සඟරාවේ කලින් ලිපිවල සඳහන් වුණු මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසා අනිත් අයව පහත් කරලා සලකන හැඟීම් එයාලගේ හිත්වලින් හුඟක් දුරට අයින් කරගන්න මිලියන ගාණකට පුළුවන් වෙලා තියෙනවා. ඒත් ඇත්තටම අනිත් අයව පහත් කරලා සලකන හැඟීම් සම්පූර්ණයෙන්ම අපේ හිතින් අයින් කරගන්න අපේම හැකියාවෙන් අපිට බැහැ. ඒ කියන්නේ ඒකට කවදාවත් විසඳුමක් ලැබෙන්නේ නැද්ද?

විසඳුමක් ගේන ආණ්ඩුවක්

මිනිස් ආණ්ඩුවලට පුළුවන් වෙලා නැහැ අනිත් අයව පහත් කරලා සලකන හැඟීම් මිනිසුන්ගේ හිත්වලින් සම්පූර්ණයෙන්ම අයින් කරන්න. ඒත් ඒකෙන් අදහස් කරනවාද ඒ දේ කරන්න පුළුවන් කිසිම ආණ්ඩුවක් නැහැ කියලා?

යම් ආණ්ඩුවකට අනිත් අයව පහත් කරලා සලකන එක නැති කරන්න පුළුවන් වෙන්න නම් ඒ ආණ්ඩුවට . . .

  1. 1. මිනිසුන් අනිත් අය ගැන හිතන විදිහ එයාලට හැඟෙන විදිහ වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනේ.

  2. 2. අනිත් අයට හොඳින් සලකන්න අමාරු වෙන්න හේතු වෙලා තියෙන සිත් වේදනාවන් නැති කරන්න පුළුවන් වෙන්න ඕනේ.

  3. 3. හැමෝටම එක වගේ සලකන පාලකයෙක් ඉන්න ඕනේ.

  4. 4. සියලුම ජාතීන් අතරේ එකමුතුකම ඇති කරන්න පුළුවන් වෙන්න ඕනේ.

ඒ දේවල් කරන්න පුළුවන් ආණ්ඩුවක් දෙවියන් පිහිටුවලා තියෙනවා කියලා බයිබලේ සඳහන් වෙනවා. ඒ ආණ්ඩුව හඳුන්වන්නේ “දෙවිගේ රාජ්‍යය” කියලා.—ලූක් 4:43.

ඒ ආණ්ඩුවෙන් අපිට ලබා දෙන්න යන දේවල් ගැන දැන් අපි බලමු.

1. වටිනා අධ්‍යාපනයක්

“පොළොවේ වැසියන් . . . ධර්මිෂ්ඨකම කුමක්ද කියා තේරුම්ගන්නෝය.”—යෙසායා 26:9.

“ධර්මිෂ්ඨකම රජයන නිසා සාමය උදා වෙයි. ධර්මිෂ්ඨ සමාජයක් බිහි වන නිසා ජනයා සදහටම කිසි කරදරයක් නොමැතිව සුරක්ෂිතව කල් ගෙවනු ඇත.”—යෙසායා 32:17.

ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? හරි දේ මොකක්ද කියලා දේවරාජ්‍යයෙන් මිනිසුන්ට උගන්වන්න යනවා. එහෙම කරන එකෙන් මිනිසුන්ට හරි වැරැද්ද අතර වෙනස හඳුනගන්න පුළුවන් වන නිසා සාධාරණය සහ අසාධාරණය අතර වෙනස හඳුනගන්නත් එයාලට පුළුවන් වෙනවා. එතකොට අනිත් අය ගැන හිතන විදිහ එයාලා වෙනස් කරගන්නවා. හැම තරාතිරමකටම අයිති අයට ආදරේ කරන එක තමයි කරන්න ඕන හරි දේ කියලා එදාට හැමෝම තේරුම්ගන්න යනවා.

2. සුවයක්

“දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:4.

ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? අසාධාරණකම්වලට මුහුණ දෙන්න වුණ නිසා ඇති වෙලා තියෙන සිත් වේදනා දේවරාජ්‍යයෙන් සම්පූර්ණයෙන්ම අයින් කරන්න යනවා. ඒ නිසා ඒ වගේ දේවලට මුහුණ දුන්නු අයට අනිත් අය ගැන හිතේ වෛරයක් තියාගන්න එදාට කිසිම හේතුවක් තියෙන්න යන්නේ නැහැ.

3. හොඳ නායකත්වයක්

“ඔහු මතුපිටින් දකින දේ අනුව විනිශ්චය නොකරයි. ඔහුට යමක් ඇසුණු පමණින්ද ඔහු දඬුවම් නොකරයි. ඔහු දිලිඳු අයව ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි. ඔහු සාධාරණව කටයුතු කර යටහත්පහත් අයගේ ප්‍රයෝජනය සඳහා අවවාද දෙයි.”—යෙසායා 11:3, 4.

ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? ස්වර්ගයේ පිහිටවලා තියෙන දේවරාජ්‍යයේ රජ විදිහට යේසුස් ක්‍රිස්තුස් සාධාරණව හැමෝටම එක වගේ සලකමින් මුළු පොළොවම පාලනය කරන්න යනවා. ඔහු කිසිම ජාතියක් තවත් ජාතියකට වඩා උසස් කියලා සලකන්නේ නැහැ. එදාට මුළු පොළොව පුරාම ඉන්න මිනිසුන් යේසුස් දීලා තියෙන නීතිවලට කීකරු වෙන්න යනවා.

4. එකමුතුකම

“ඔබ අතර කිසි භේදයක් නොතිබිය යුතුයි. ඔබ සියලුදෙනා අතර පූර්ණ එකමුතුකමක් තිබිය යුතුයි. එසේ කළ හැක්කේ එක හා සමාන ආකල්ප දැරීමෙන් හා එක හා සමාන ආකාරයකින් කල්පනා කිරීමට පුරුදු වීමෙනි.”—1 කොරින්ති 1:10.

ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? දේවරාජ්‍යයේ යටත්වැසියන් අතර තියෙන්න යන එකමුතුකම නිකම්ම වචනයට විතරක් සීමා වුණු එකක් නෙවෙයි. එයාලා අතර “පූර්ණ එකමුතුකමක්” තියෙන්න යනවා. මොකද එයාලා ඇත්තටම එකිනෙකාට ආදරේ කරනවා.

ඇත්තටම ඒ වගේ ආණ්ඩුවක් එයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද?

ඔව්. හැබැයි මුලින්ම ඒක විශ්වාස කරන්න තියෙන සාක්ෂි ගැන ඔයා හොයන්න ඕනේ. මේ විධි තුනෙන් ඒක කරන්න ඔයාට පුළුවන්.

  • දේවරාජ්‍යයෙන් ඉදිරියේදී කරන්න යන දේවල් ගැන බයිබලයේ සඳහන් වෙලා තියෙන දේවල්, විශ්වාස කරන්න තියෙන සාක්ෂි මොනවාද කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ගෙන් අහන්න.

  • jw.org කියන වෙබ් අඩවියට ගිහිල්ලා බයිබල් ඉගැන්වීම් > බයිබලෙන් උත්තර > දේවරාජ්‍යය යටතේ බලන්න.

  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට සහභාගි වෙලා එයාලා අතර තියෙන ආදරය සහ එකමුතුකම අද්දකින්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න