ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g20 අංක 3 4-5 පි.
  • හරි තොරතුරු දැනගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හරි තොරතුරු දැනගන්න
  • 2020 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ප්‍රශ්නය
  • බයිබල් ප්‍රතිපත්තිය
  • හරි තොරතුරු දැනගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන
  • ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • අනිත් අයව පහත් කරලා සලකන එක ඔයාටත් බෝ වෙලාද?
    2020 පිබිදෙව්!
  • ඔබ අගතියට ගොදුරු වූ කෙනෙක්ද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලොවම වෙළාගත් ගැටලුවක්!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හැමෝම හැමෝටම එක වගේ සලකන දිනක්!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 පිබිදෙව්!
g20 අංක 3 4-5 පි.
මිනිසුන් දෙන්නෙක් වාහන නිෂ්පාදනය කරන ආයතනයක සම්මුඛ පරීක්ෂණයකදී කාන්තාවක් එක්ක කතා කරනවා. ඒ කාන්තාව ඉන්නේ පීඩනයකින්.

හරි තොරතුරු දැනගන්න

ප්‍රශ්නය

හුඟක් වෙලාවට කෙනෙක් අනිත් අයව පහත් කරලා සලකන්නේ හරි තොරතුරු දන්නේ නැති නිසයි. පහත සඳහන් උදාහරණ බලන්න.

  • විද්‍යාව සහ තාක්ෂණය සම්බන්ධ රැකියාවන් කරන්න කාන්තාවන්ට හැකියාවක් නැහැ කියලා සමහර ආයතනවල ප්‍රධානීන්ට වැරදි මතයක් තියෙනවා.

  • 5වෙනි සියවස සහ 15වෙනි සියවස අතර කාලයේදී ළිංවලට වස දානවා කියලත් ලෙඩ බෝ කරනවා කියලත් යුරෝපය පුරා හිටපු යුදෙව්වන්ට බොරු චෝදනා එල්ල වුණා. ජර්මනියේ ආර්ථික බිඳ වැටීමට හේතුව යුදෙව්වන් කියලා නාට්සි පාලන කාලයේදී ආයෙත් චෝදනාවක් එල්ල වුණා. ඒ අවස්ථා දෙකේදීම යුදෙව්වන්ව හැමෝම පහත් කරලා සැලකුවා. අදටත් ඒ දේ දකින්න තියෙනවා.

  • ශාරීරික ආබාධයක් තියෙන හැම කෙනෙක්ම ජීවිතේ ගැන කලකිරිලා හුඟක් දුකින් ඉන්නවා කියලා හුඟදෙනෙක්ට වැරදි අදහසක් තියෙනවා.

ඒ වගේ බොරු මත විශ්වාස කරන හුඟදෙනෙක් එයාලා විශ්වාස කරන දේ හරි කියලා පෙන්වන්න බොරු සාක්ෂි ගොතනවා. ඒ වගේම එයාලා කියන දේවල් පිළිගන්නේ නැති අයව එයාලා සලකන්නේ කිසිම දෙයක් දන්නේ නැති මෝඩ අය විදිහටයි.

බයිබල් ප්‍රතිපත්තිය

“කාරණා හොඳින් වටහාගන්න තැනැත්තා දැනුම සොයා යයි.”—හිතෝපදේශ 15:14.

ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? යම් දෙයක් ගැන හරියටම තොරතුරු දන්නේ නැති වුණාම අපි වැරදි තීරණ ගන්නවා. හරි තොරතුරුවලට වඩා බොරු මත විශ්වාස කළොත් අපි මිනිසුන් ගැන වැරදි විදිහට හිතන්න පෙලඹෙනවා.

අනිත් අයව පහත් කරලා සලකන්න කියලා බයිබලේ දිරිගන්වලා තියෙනවාද?

සමහරු චෝදනා කරනවා අනිත් අයව පහත් කරලා සලකන්න බයිබලේ දිරිගන්වලා තියෙනවා කියලා. ඒත් ඇත්තටම බයිබලේ සඳහන් වෙන්නේ මොනවාද?

  • අපි හැමෝම එක පවුලකට අයිතියි. දෙවියන් “එක මිනිසෙකුගෙන් සියලුම ජාතීන් බිහි කළා.”—ක්‍රියා 17:26.

  • දෙවි හැමෝටම එක වගේ සලකනවා. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට දැන් හොඳට තේරෙනවා. මන්ද කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.”—ක්‍රියා 10:34, 35.

  • දෙවියන් බලන්නේ කෙනෙක්ගේ පිටාතර පෙනුම නෙවෙයි. ඒ වෙනුවට ඔහු බලන්නේ එයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියන එකයි. “මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය. නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.”—1 සාමුවෙල් 16:7.a

a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලේ සඳහන් වෙනවා.

හරි තොරතුරු දැනගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන

අපි මිනිසුන් ගැන හරි තොරතුරු දන්නවා නම් පොදුවේ අනිත් අය එයාලා ගැන කියන බොරු දේවල් අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම යම් පිරිසක් ගැන දැනගෙන හිටපු තොරතුරු වැරදියි කියලා අපි තේරුම්ගත්තාම ඊළඟ වතාවේ එයාලා ගැන යම් කෙනෙක් දෙයක් කියද්දී ඒක පිළිගන්න කලින් ඒකේ ඇත්ත නැත්ත හොඳට හොයලා බලනවා.

ජීවිත අද්දැකීමක්: යෝවිට්සා (යුරෝපය)

කලින් ලිපියේ සඳහන් කරපු යෝවිට්සාට පුංචි කාලේ ඉඳන්ම එයාගේ රටේ අයගෙන්, ප්‍රවෘත්තිවලින්, ටීවී එකෙන් අහන්න ලැබුණේ එක සුළු ජාතියක් ගැන වැරදි තොරතුරුමයි. ඒ නිසා එයාට වුණ දේ ගැන එයා මෙහෙම කියනවා. “මං හැම වෙලාවෙම එයාලව පහත් කරලා සැලකුවා. එයාලට වෛර කළා. මං හිතුවේ එහෙම කරන එකේ කිසි වරදක් නෑ කියලයි.

“ඒත් මං හමුදාවේ ඉන්න කාලේ මට වැඩ කරන්න වුණේ, ඉන්න වුණේ ඒ ජාතියේ අය එක්කමයි. මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. ඒ කාලෙදි මං එයාලා ගැන හුඟක් දේවල් දැනගත්තා. මං එයාලගේ භාෂාව ඉගෙනගත්තා. එයාලගේ සින්දුවලට ඇහුම්කන් දුන්නා. මට එයාලත් එක්ක හොඳට පෑහිලා ඉන්න පුළුවන් වුණා. එයාලා ගැන මං හිතපු විදිහ වෙනස් කරගන්නත් මට පුළුවන් වුණා. හැබැයි එයාලා ගැන මට කලින් තිබුණු හැඟීම් ආපහු එන්න පුළුවන් කියලා මං දන්නවා. ඒ නිසා ඒ ජාතියේ අය ගැන වැරදි තොරතුරු දෙන ප්‍රවෘත්ති මං දැන් අහන්නේ නෑ. එයාලව විහිළුවට ලක් කරන චිත්‍රපටි, විහිළු වැඩසටහන් වගේ දේවල් මං බලන්නෙත් නෑ. දිගින් දිගටම අනිත් අයව පහත් කරලා සැලකුවොත් ඒක අන්තිමට වෛරයකට පෙරළෙන්න පුළුවන් කියලා මං දන්නවා.”

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

  • යම් කණ්ඩායමක් ගැන මිනිසුන් පොදුවේ යම් මතයක් දැරුවාට ඒ කණ්ඩායමේ ඉන්න හැම කෙනෙක්වම ඒ මිම්මෙන් මනින්න බැහැ කියලා මතක තියාගන්න.

  • අනිත් අය ගැන ඔයා හැම තොරතුරක්ම දන්නේ නැහැ කියලා තේරුම්ගන්න.

  • නිවැරදියි කියලා සහතික වෙන්න පුළුවන් තැන්වලින් විතරක් තොරතුරු ලබාගන්න උත්සාහ කරන්න.

එයාලා වෛරය පැරැද්දුවා

පින්තූරවල අදහස: 1. මිනිසුන් දෙන්නෙක් කතා කරමින් ඇවිදිනවා. 2. යාළුවන් එක්ක ඉන්න මිනිසෙක් සිනාමුසුව ඉන්නවා.

අරාබි ජාතිකයෙක්ට සහ යුදෙව් ජාතිකයෙක්ට අනිත් අයව පහත් කරලා සලකන එකෙන් ගොඩ එන්න උදව් වුණේ මොනවාද?

‘වෛරය පරදා ප්‍රේමය ජය ගන්නේ කවදාද?’ කියන වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එක jw.org වෙබ් අඩවියේ තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න