ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g18 අංක 2 15 පි.
  • 12 ඉලක්ක තියාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 12 ඉලක්ක තියාගන්න
  • 2018 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
  • ඒක වැදගත් වෙන්නේ ඇයි?
  • ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • මගේ ඉලක්ක අත් කරගන්නේ කෙසේද?
    2010 පිබිදෙව්!
  • මගේ ඉලක්කවලට ළඟා වෙන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • ආත්මික ඉලක්ක තැබීමෙන් ඔබේ මැවුම්කරුව මහිමවත් කරන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තියානි ඉලක්ක අත් කරගන්නා අන්දම
    2006 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2018 පිබිදෙව්!
g18 අංක 2 15 පි.
ප්ලෑන් එකක් අඳින යෞවනයෙක්

ඉලක්කයක් ප්ලෑන් එකක් වගෙයි. උත්සාහ කළොත් ඒක සැබෑවක් කරගන්න පුළුවන්

යොවුන් දරුවන්ට

12 ඉලක්ක තියාගන්න

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

ඉලක්කයක් ඇතුව වැඩ කරන කෙනෙක් හීන ලෝකෙක ජීවත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට කලින්ම දේවල් සැලසුම් කරනවා. ඕනම තත්වෙකට අනුව හැඩගැහෙනවා. වෙහෙසිලා වැඩ කරනවා.

ඉලක්ක දවස් කීපයක්, මාස කීපයක් නැත්නම් අවුරුදු කීපයක් ඇතුළත ජය ගන්න සැලසුම් කරන්න පුළුවන්. කෙටි කාලීන ඉලක්ක තියාගන්න එක දිගු කාලීන ඉලක්කවලට ළඟා වෙන්න උදව් වෙයි.

ඒක වැදගත් වෙන්නේ ඇයි?

ඉලක්ක ජය ගද්දී ඔයාට ඔයා ගැනම තියෙන විශ්වාසය වැඩි වෙනවා. මිතුදම් ශක්තිමත් කරගන්නත් සතුටක් අද්දකින්නත් පුළුවන් වෙනවා.

ආත්ම විශ්වාසය: පුංචි පුංචි ඉලක්ක ජය ගද්දී ඊට වඩා ලොකු ඉලක්ක වුණත් ජය ගන්න පුළුවන් කියන විශ්වාසය ඔයාට ඇති වෙනවා. වැරදි දේවල් කරන්න යාළුවන්ගෙන් එන බලපෑම් ඇතුළු එදිනෙදා මුහුණ දෙන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නත් ඒක උදව් වෙනවා.

මිතුදම්: ඉලක්ක තියාගෙන ඒ අනුව වැඩ කරන අයව යාළුවන් කරගන්න හුඟක් අය කැමතියි. ඒ වගේම දෙන්නෙක් එකතු වෙලා එකම ඉලක්කය ජය ගන්න වැඩ කරනවා නම් ඒ දෙන්නා අතරේ තියෙන මිතුදම තවත් ශක්තිමත් වෙනවා.

සතුට: ඉලක්ක තියාගෙන ඒවා ජය ගද්දී යමක් ඉටු කරගත්තා කියන හැඟීම ඇති වෙනවා.

“ඉලක්ක තියාගෙන වැඩ කරන්න මං ආසයි. ඒකෙන් ජීවිතේට අලුත් අද්දැකීම් එකතු වෙනවා. ඉලක්කයක් ජය ගත්තාම ලොකු සතුටක් දැනෙනවා. ‘මං සැලසුම් කරපු දේවල් ඒ විදිහටම ඉටු කරගන්න පුළුවන් වුණානේ’ කියලා මට හිතෙනවා.”—ක්‍රිස්ටෆර්.

බයිබල් ප්‍රතිපත්තිය: “සුළඟ හමයිද කියා කල්පනා කරන තැනැත්තා කිසිවිටෙක වපුරන්නේ නැත. වැස්ස වහීද කියා කල්පනා කරන තැනැත්තා අස්වැන්න නෙළාගන්නේ නැත.”—දේශනාකාරයා 11:4.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

ඉලක්ක ජය ගන්න නම් මේ දේවල් කරන්න.

හඳුනාගන්න. ඔයා තියන් ඉන්න ඉලක්ක කොළයක ලියාගෙන ඒවා ජය ගන්න කැමති අනුපිළිවෙළ ලකුණු කරන්න.

සැලසුම් කරන්න. ඉලක්කයක් තියාගද්දී මෙහෙම කරන්න.

  • ඉලක්කය ජය ගන්න දිනයක් නියම කරගන්න.

  • ගන්න ඕන පියවර ගැන හිතන්න.

  • එන්න පුළුවන් බාධාත් ඒවා ජය ගන්න විදිහත් හිතන්න.

ක්‍රියාවට නංවන්න. ඉලක්කය ජය ගන්න හැම දෙයක්ම හරියන කල් බලන් ඉන්න එපා. ඔයා හිතපු මුල්ම පියවර ක්‍රියාවට නංවන්න. පියවරෙන් පියවර ඉටු කරගද්දී ඒවා ලකුණු කරගන්න.

බයිබල් ප්‍රතිපත්තිය: “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි.”—හිතෝපදේශ 21:5.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න