ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 1/13 3 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2013 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මෙක්සිකෝ බොක්ක
  • රුසියාව
  • පේරූ
  • ඉතාලිය
  • දකුණු අප්‍රිකාව
  • තෙල් ලබාගන්නේ කොහෙන්ද?
    2003 පිබිදෙව්!
  • තෙල් මට්ටු කරන ක්ෂුද්‍ර ජීවීන්
    2015 පිබිදෙව්!
  • වෙනත් විකල්ප අවශ්‍ය වන්නේ ඇයි?
    2005 පිබිදෙව්!
  • අප්‍රිකාව ගැන විපරමක්
    2015 පිබිදෙව්!
තව තොරතුරු
2013 පිබිදෙව්!
g 1/13 3 පි.

දස දෙසින්

මෙක්සිකෝ බොක්ක

[3වන පිටුවේ පින්තූරය]

වර්ෂ 2010 අප්‍රියෙල් මාසෙදී ඛනිජ තෙල් නිධියක අනතුරක් වුණා. ප්‍රතිඵලය වුණේ මාස තුනක් පුරා බොර තෙල් සහ විවිධ වායූන් විශාල ප්‍රමාණයක් මුහුදු වතුරට එකතු වීමයි. වතුරට එකතු වුණ විෂ ද්‍රව්‍ය සමහරක් නැති වෙලා ගිය බව මාස දෙකහමාරකට පස්සෙ පර්යේෂකයන් හොයාගත්තා. ඔවුන් නිගමනය කළේ මීතේන් වායුවට ඇල්මක් දක්වන බැක්ටීරියා වර්ගයක් ඒවා කා දමා ඇති බවයි. එය විශ්වාස නොකරන විද්වතුන් කියන්නේ තෙල් බොහොමයක් මුහුදු පතුළේ තැන්පත් වී තිබෙනවා කියලයි.

රුසියාව

“ජීවිතේ දිනන්න නම් හැමවෙලේම ප්‍රතිපත්ති ගරුක වෙලා බෑ.” රුසියාවේ ඉන්න අවුරුදු 18ත් 35ත් අතර අයගෙන් සියයට 59ක්ම හිතන්නේ එහෙමයි කියලා සමීක්ෂණයකින් හෙළි වුණ බව එක පුවත්පතක වාර්තා වුණා.—Rossiiskaya Gazeta.

පේරූ

දැනට හොයාගෙන තියෙන පැරණිම ඉරිඟු නාරටි (පින්තූරයේ වගේ) අවුරුදු 3,000ක් විතර පරණයි. ඒ කාලෙත් පේරූ වැසියන් ඉරිඟුවලින් පොරි සහ පිටි හදාගත් බව ඒකෙන් පැහැදිලි වෙනවා.

ඉතාලිය

ආගමේ පණිවිඩයක් “මහජනයාගේ හදවතටම ගෙනියන්න නම් එයාලා ළඟටම යන්න ඕනෙ. දැන් කරන්න ඕනෙ පල්ලියෙ සීනුව ගහන එක නෙමෙයි. ගෙවල්වලට ගිහින් බෙල් එක ගහන එකයි.” එහෙම කිව්වෙ ලූචො සොරාවිතෝ ඩෙ ෆ්‍රැන්සෙස්චි කියන කතෝලික බිෂොප්වරයා.

දකුණු අප්‍රිකාව

බෙහෙතක් විදිහට පාවිච්චි වෙන රයිනෝසිරස් අං කිලෝවක් දැන් ජාවාරම්කරුවන් විකුණන්නේ ඇමරිකානු ඩොලර් 65,000කට. දකුණු අප්‍රිකාවේ විතරක් 2011දී නීති විරෝධී ලෙස රයිනෝවන් 448ක් මරා දාලා. අං හොයමින් යන මැර කල්ලි දැන් යුරෝපයේ කෞතුකාගාර හා වෙන්දේසි පොළවල්වලටත් බලෙන් ඇතුල් වෙනවා. එහෙ සත්තු වතුවල ඉන්න රයිනෝවන්ගේ ජීවිතත් දැන් තියෙන්නේ අනතුරේ!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න