ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 5/12 29 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2012 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඕන දේකට සූදානම්!
  • කොට්ට උරය පිරිසිදු වුණාට . . .
  • ලෝකය දෙස බැලීම
    1995 පිබිදෙව්!
  • ඇයි ගැහැනු ළමයි මට අකමැති?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • කෘමීන්ගෙන් වැලඳෙන රෝග වර්ධනය වෙමින් තිබෙන ගැටලුවකි
    2003 පිබිදෙව්!
  • ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙමු
    2016 පිබිදෙව්!
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 5/12 29 පි.

දස දෙසින්

මුහුදු වෙරළේ, උද්‍යානවල හා මිනිසුන් ගැවසෙන පොදු ස්ථානවල දුම්පානය කිරීම නිව් යෝක් නගරයේ තහනම් කර තිබෙනවා. නීතිය කඩ කරන අයට ගෙවීමට සිදු වන දඩය ඩොලර් 50යි. මෙම නීතිය ජනයාට ආත්මදමනය ඇතුව ක්‍රියා කිරීමට උපකාරවත් වෙනවා කියා නිලධාරීන් පවසනවා.—THE WALL STREET JOURNAL, U.S.A.

“ගැහැනු දරුවන්ව ගබ්සා කිරීම ඉන්දියාවේ වැඩි වී තිබෙනවා. විශේෂයෙන්ම ගැහැනු දරුවෙක් පවුලේ සිටිනවා නම් එම ප්‍රවණතාව වැඩියි.” වර්ෂ 1990දී පිරිමි දරුවන් 1,000කට ගැහැනු දරුවන් 906ක් සිටියා. නමුත් 2005 වන විට ගැහැනු දරුවන්ගේ ගණන 836ක් දක්වා අඩු වී තිබෙනවා.—THE LANCET, BRITAIN.

“රැහැන් රහිත දුරකථන වැනි දෑ භාවිත කිරීම පිළිකා රෝගවලට අත වැනීමක්” කියා ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා.—INTERNATIONAL AGENCY FOR RESEARCH ON CANCER, FRANCE.

ගවයන්ට වැලඳෙන ආසාදිත රෝගයක් (rinderpest) මර්දනය කිරීමට එක්සත් ජාතීන්ට හැකි වී තිබෙනවා. “සතුන්ට වැලඳෙන රෝගයක් මර්දනය කිරීමට හැකි වූ පළමු අවස්ථාව මෙයයි. මීට පෙර මර්දනය කර ඇති එකම රෝගය මිනිසුන්ට වැලඳුණු වසූරියයි.”—FOOD AND AGRICULTURE ORGANIZATION OF THE UNITED NATIONS, ITALY.

ඕන දේකට සූදානම්!

නිව් යෝක් නගරයට ත්‍රස්ත ප්‍රහාරයක්, භයානක වසංගතයක්, විකිරණ හෝ වෙනත් රසායනික ද්‍රව්‍යයක් නිසා යම් හානියක් සිදු වූ විට ගත යුතු ක්‍රියාමාර්ග දක්වන පොතක් නිකුත් කර තිබෙනවා. එය නිකුත් කර තිබෙන්නේ විනිසුරුවන්ට හා නීතිඥවරුන්ට බව පුවත්පතක සඳහන් වෙනවා. එහි නීතික තොරතුරු මෙන්ම වසංගත පැතිරීම වැළැක්වීම සඳහා එවැනි රෝගීන්ව වෙන් කර තැබීම, රෝගී සතුන් ඝාතනය කිරීම හා උසාවි නියෝගයක් නැතුව පුද්ගලයන්ව හෝ නිවාස පරීක්ෂා කිරීමට අවසර තිබෙන බව සඳහන් වෙනවා.—New York Times.

කොට්ට උරය පිරිසිදු වුණාට . . .

සමහරවිට කොට්ට උරය පිරිසිදු වුණාට “ඇතුළේ භායනක විෂබීජ තියෙන්න පුළුවන්” කියා ලන්ඩන් නුවර පිහිටි බාර්ට්ස් රෝහලේ වෛද්‍ය උපදේශකයෙක් වන ආර්ට් ටකර් පවසනවා. ඔහු කළ පරීක්ෂණයකින් සොයාගත් දේ ගැන එක් පුවත්පතක මෙසේ විස්තර කර තිබෙනවා. කොට්ටයක් අවුරුදු දෙකක් පාවිච්චි කළාට පස්සේ එහි බරෙන් තුනෙන් එකකට වඩා වැඩියෙන් තියෙන්නේ “දූවිල්ලේ ඉන්න ඇසට නොපෙනෙන කිණිතුල්ලන්, උන්ගේ අපද්‍රව්‍ය හා මැරුණු සතුනුයි.” විෂබීජ හා එවැනි කුඩා සතුන් ඇති වීමට කොට්ට හොඳ තෝතැන්නක්. නමුත් මෙයට විසඳුමක් තිබෙනවා. “දූවිල්ලේ ඉන්න එම සතුන් අව්වට මැරෙනවා. ඒ නිසා කොට්ට මෙට්ට අව්වේ දැමීමෙන් උන්ගේ බෝ වීම අවම කරගන්න පුළුවන්.” උන්ට සබන්වලට ඔරොත්තු දීමේ හැකියාව තිබෙන නිසා කොට්ට උණු වතුරෙන් (සෙල්සියස් අංශක 60කට වඩා වැඩි උෂ්ණත්වයකින්) සේදීමෙන් උන් බෝ වීම වළක්වාගන්න පුළුවන්.—එම පුවත්පත The Times.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න