ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 9/10 3 පි.
  • දහසක් මැද තනිවූවෝ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දහසක් මැද තනිවූවෝ
  • 2010 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ඔබගේ ජීවිතය පාළු කිරීමට තනිකමට ඉඩ නොදෙන්න
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තනිකමට සාර්ථකව මුහුණ දීම
    2004 පිබිදෙව්!
  • මෙතරම් පිරිසකට තනිකමක් දැනෙන්නේ ඇයි?
    2004 පිබිදෙව්!
  • තනිකමට හේතුව
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 9/10 3 පි.

දහසක් මැද තනිවූවෝ

අදහස් හුවමාරු කරගැනීමට වර්තමානයේ මොන තරම් නම් පහසුකම් තිබෙනවාද! දුරකථනය, කෙටි පණිවිඩ, ඊ-මේල්, අන්තර්ජාලය හා කතා කුටි ඒ අතර සඳහන් කළ හැකියි. මිනිස් ඉතිහාසයේ කෙදිනකවත් අදහස් හුවමාරු කරගැනීමට මෙතරම් පහසුකම් තිබී නැහැ. එසේ තිබියදීත් බොහෝදෙනෙකුට තමන් තනි වී ඇති බවක් හැඟෙන්නේ ඇයි?

“මුහුණට මුහුණලා කතා කරනවා වෙනුවට අන්තර්ජාලය ඔස්සේ අදහස් හුවමාරු කිරීම ඉහළ යෑම, තනිකම හා මානසික පීඩනයට හේතු වී තිබෙනවා” කියා එක් පොතක සඳහන් වුණා.

නූතන සමාජය ඉතා කාර්යබහුල නිසා හමු වී කතා කිරීමටවත් කාලයක් නැති තරම්. ඒ නිසා ඔවුන් දුරකථනය, කෙටි පණිවිඩ හෝ ඊ-මේල් වැනි මාධ්‍යයන් භාවිත කරනවා. නමුත් මුහුණේ දිස්වන උණුසුම් සිනහවක් හෝ හැඟීමක් ඒවා මගින් හුවමාරු කරගන්න බැහැ.

එදා විද්‍යුත් මාධ්‍ය වැඩි හරියක්ම භාවිත කළේ කාර්යාලවලයි. නමුත් දැන් එය පවුල් කවය තුළද දැකගත හැකියි. බොහෝ නිවෙස් දැන් හරියට ඉන්ධන පිරවුම්හල් වගෙයි. ඔවුන් එහි පැමිණෙන්නේ තම අවශ්‍යතාවන් ඉටු කරගැනීමට පමණයි. එකට ආහාර වේලක් ගැනීම හෝ අදහස් හුවමාරු කරගැනීම දකින්න නැති තරම්. යෞවන දරුවන් නිවසේ සිටියත් ඔවුන් වැඩි කාලයක් ගත කරන්නේ පරිගණකය හෝ ජංගම දුරකථනය සමඟයි. අදහස් හුවමාරු කරගැනීමට ඔවුන්ට මෙතරම් පහසුකම් තිබුණත් ඔවුන්ද තනිකමින් පෙළෙන බව වාර්තා වෙනවා.

යුවළකට පවා තනිකමක් දැනීම ඔවුන්ගේ විවාහයට විශාල තර්ජනයක් විය හැකියි. ඔවුන් අතර අදහස් හුවමාරු කරගැනීමේ ඌනතාවක් තිබෙනවා නම් දෙදෙනා එක වහලක් යට ජීවත් වුණත් තමන් තනි වෙලා කියා ඔවුන්ට හැඟෙන්න ඉඩ තිබෙනවා. එය ඉතා භයානක තත්වයක්.

තනිකම සමඟ පොරබදින තවත් පිරිසක් වන්නේ දරුවන් සමඟ තනි වූ මව්වරු සහ පියවරුයි. දුරකථනය, කෙටි පණිවිඩ, අන්තර්ජාලය වැනි දේවල් ඔවුන් හා දරුවන් අතර අදහස් හුවමාරුවට බාධාවක් වී තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ තනිකම දෙගුණ තෙගුණ වෙනවා. තනිකඩ අය බොහෝදෙනෙක්ද තනිකමින් මිදීම සඳහා විවාහ වීමට කැමැත්තක් දැක්වුවත් සමහර අයට ඒ සඳහා අවස්ථාවක් ලැබී නැහැ.

මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ තනිකම අද සමාජයේ විශාල ගැටලුවක් බවයි. එය බොහෝදෙනෙකුව මත්පැන්, මත්ද්‍රව්‍ය හා නුසුදුසු ලිංගික සම්බන්ධකම්වලට පමණක් නොව සියදිවි හානි කරගැනීමට පවා පොලඹවා තිබෙනවා. ඒ නිසා තනිකමට මූලික හේතුව හඳුනාගැනීම අත්‍යවශ්‍යයි. මේ ගැටලුවෙන් ගොඩ ඒම සඳහා ගත යුතු මුල් පියවර එයයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න