‘මං හිතන්නේ ඒකෙන් මගේ ජීවිතේ බේරුණා!’
“මගේ රෝග ලක්ෂණ මං ඒ තරම්ම ගණන් ගත්තේ නැහැ.” මෙසේ පැහැදිලි කළේ සති කිහිපයක් පුරාම හුස්ම හිර වන බවක් අද්දකිමින් සිටි ක්ලෞස්. එහෙත් යම් දෙයක් නිසා ඔහුගේ මනස වෙනස් වුණා.
ක්ලෞස් එය මෙසේ විස්තර කරනවා. “මගේ ඇඳ ළඟ තිබෙන මේසය උඩ මං පරණ මුරටැඹ හා පිබිදෙව්! සඟරා තියාගෙන ඉන්නවා. එක් සවස් වරුවකදී මං 2001 අප්‍රියෙල් 8 පිබිදෙව්! කලාපය අතට අරං පෙරළද්දී ‘රුධිර සංසරණ පද්ධතියේ අරුමයන්’ යන ලිපිය නිකම් අහම්බෙන් වගේ මගේ නෙත ගැටුණා. ඒක කියවද්දී මං ඉක්මනින්ම තේරුම්ගත්තා මට ඇන්ජයිනා රෝග ලක්ෂණ තිබෙන බව.”
ක්ලෞස් ඉක්මනින්ම ඔහුගේ ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය සායනයකට ගියා. වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වුණේ ඔහුගේ කිරීට ධමනි රෝගාතුර තත්වයක පවතින බවයි. ප්‍රමාද නොවී ඔහු ප්‍රතිකාර ලැබුවා. ප්‍රතිකාර නොලැබුවා නම් සමහරවිට ඔහුට මරණයෙන් පවා කෙළවර විය හැකි හෘදයාබාධයක් ඇති වෙන්න ඉඩ තිබුණා කියා ක්ලෞස්ගේ වෛද්‍යවරයා ඔහුට පැවසුවා. ක්ලෞස් මේ සඟරාවේ ප්රකාශිතයන්ට ලීවේ, “මං හිතන්නේ පිබිදෙව්! කියවීමෙන් මගේ ජීවිතේ බේරුණා” කියායි.
පිබිදෙව්! දැනුම් දෙන්නේ මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය ඇතුළු මැවිල්ලේ වෙනත් අසිරිමත් දේවල් ගැන පමණක්ම නොවෙයි. මේ සඟරාවේ 4වන පිටුවේ පිබිදෙව්! සඟරාවේ අරමුණ ගැන සඳහන් කර තිබෙන්නේ මෙසේයි. “වඩා වැදගත් ලෙස, මෙම සඟරාව දැනට පවතින දුෂ්ට, නොපනත්කමේ ක්‍රමය වෙනුවට, සාමකාමී එමෙන්ම සුරක්ෂිත නව ලොවක් බිහි කිරීමට වූ මැවුම්කරුගේ පොරොන්දුව කෙරෙහි නිසැකභාවය ගොඩනංවයි.”
එම අරමුණට එකඟව, ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද? යන නමින් යුත් විවරණිකාව සපයා තිබේ. ඔබේ පිටපත වෙන් කරවාගැනීම සඳහා පහත සඳහන් කූපනය පුරවා, එහි සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ තිබෙන සුදුසු ලිපිනයකට තැපැල් කරන්න.
□ ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද? නමැති විවරණිකාවේ පිටපතක් මට එවන්න.
□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.