අපගේ පාඨකයන්ගෙන්
සිංගප්පූරුව මේ වත්මන් ආණ්ඩුව සාමයට ප්‍රේම කරන ක්‍රිස්තියානීන්ට සලකා ඇති තැතිගන්වන ආකාරය “සිංගප්පූරුව—ආසියාවේ පලුදු වූ මැණික” (1997 ජූනි 8) නම් ලිපියේ හෙළි කළා. එහි සිටින ක්‍රිස්තියානි ස්ත්‍රී පුරුෂයන්ගෙන් වැඩිදෙනෙක්ව මම දන්නවා, ඒ වගේම ඒගොල්ලන් හැමෝම හරිම හොඳ අය, ප්‍රේමනීය අය. පීඩාවන් මැද ඒගොල්ලන් යෙහෝවාට සේවය කරන එකෙන් මාව ධෛර්යවත් වෙනවා.
අයි. ඕ., මලයාසියාව
ආහාර රටාව “ඔබේ ආහාර රටාව—ඔබව මරන්න එයට හැකිද?” (1997 ජූලි 8) යන ලිපිය මගේ ජීවිතය බේරුවා. මම ඒක කියෙව්වාට පස්සේ, මම මගේ බිරිඳට කිව්වා ඉක්මනටම වෛද්‍යවරයාට කතා කරන්න කියලා, මොකද ඒ ලිපියෙන් මගේ තත්වය හොඳට විස්තර වෙලා තිබුණා. මාව පරීක්ෂා කළාට පස්සේ, ඊළඟ දවසේදී සැත්කමකට මාව භාජන කරන්න මගේ වෛද්‍යවරයා සැලසුම් යෙදුවා. මට ඊළඟ දවස දකින්නවත් වෙන්නේ නැහැයි කියලා එයා භය වුණ නිසා මාව ඒ මොහොතේදීම රෝහල්ගත කළා. දැන් මම ත්‍රිත්ව බයිපාස් සැත්කමකින් සුවය ලබමින් සිටිනවා.
එෆ්. එස්., එක්සත් ජනපදය
සමහරක් අවස්ථාවලදී, ආහාර ගන්න කොට අපිව පාලනය කරගන්න බැරි වගක් මගේ ස්වාමිපුරුෂයාටයි මටයි දැනෙනවා. මම ආහාර රටාව ගැන ලිපි කියවලා තිබුණත්, මේක සරල, ප්‍රායෝගික විදිහකට දේවල් සාකච්ඡා කරලා තිබුණා. ඔබගේ යෝජනා ක්‍රියාවට නැංවීමෙන් අපිට හොඳ සෞඛ්‍යයක් ඇතුව ඉන්න පුළුවන් වෙයි කියලා මට සහතිකයි.
වී. ඒ., බ්‍රසීලය
“ඔබේ ආහාර රටාව—සැලකිලිමත් විය යුතු හේතුව” යන ලිපි මාලාව සඳහා ස්තුතියි. සාමාන්‍යයට වඩා බරවීමේ ඇති අවදානම දැකගන්න එය මට උපකාර වුණා. මම එහි තියෙන හැම යෝජනාවක්ම අදාළ කරගන්න පටන්ගෙන තියෙන අතර, යෙහෝවාගේ උපකාරය ඇතුව, මම මගේ ආහාර ගැනීම පාලනය කරන්න යන වග මම දන්නවා.
වී. වයි. ඩී., ලයිබීරියාව
සෞඛ්‍යයට අහිතකර ජීවන රටාවන් “සෞඛ්‍යයට අහිතකර ජීවන රටාවන්—වියදම කොපමණ මහත්ද?” යන ලිපිය මම අගය කළා. (1997 අගෝස්තු 8) ක්‍රිස්තියානි යෞවනියක් හැටියට මම පරීක්ෂාවන් බොහොමයකට මුහුණ දෙනවා. නමුත් බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් අපි ලෙඩ රෝග හා විපත්වලින් වැළකෙන වග ඇත්තෙන්ම දැකගන්න මට මේ ලිපිය උපකාර වුණා.
ආර්. කේ., එක්සත් ජනපදය
යුක්තිය සඳහා වූ සෙවිල්ල “යුක්තිය සඳහා වූ අපේ සෙවිල්ල” (1997 ජූලි 8) යන ලිපියෙන් මම ආස්වාදයක් ලැබුවා. අයුක්තිය නිසා කෙඳිරිගාමින් අඬමින් ඉන්න අයව දෙවිගේ ධර්මිෂ්ඨ ගුණාංග නිසා ඇත්තෙන්ම ඔහු වෙතට ඇදෙනවා. මම විශේෂයෙන්ම අයුක්තියට සංවේදීයි, ඒ වගේම මම දේවල් දිහා බලන ආකාරය වගේම මගේ ක්‍රියා දෙවිගේ ප්‍රමිතිවලට අනුව හැඩගස්වාගන්න මට විශාල වෑයමක් දරන්න සිද්ධ වෙනවා.
ඩී. එල්., තායිවානය
ලෙඩරෝග “යෞවන අය අසති . . . මෙච්චර බරපතළ ලෙඩක් එක්ක කොහොමද මම කටයුතු කරන්නේ?” (1997 ජූලි 8) යන ලිපිය ඇත්තටම මගේ හදවතට ළං වුණා. ජේසන්, ඈෂ්ලි හා කාමන් ඔවුන්ගේ ලෙඩ රෝග සමඟ ඵලදායී ලෙස කටයුතු කිරීම මම අගය කරනවා.
ආර්. ඩී., ප්‍රංශය
ඔබ දෙන අවවාද ඇත්තෙන්ම ප්‍රායෝගිකයි, උනන්දු ඇති කරවනවා වගේම ඵලදායි. විශේෂයෙන්ම ඈෂ්ලිගේ කතාව මාව දිරිගැන්වුවා. මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේවසේවකයෙක්. තමන්ගේ සෞඛ්‍යය නිසා බැරි වුණත්, පූර්ණ කාලීන සේවයට ඇතුල් වෙන්න ආශාවෙන් ඉන්න මිනිසුන් ඉන්නවා කියන සිතුවිල්ල, මට තිබෙන දුෂ්කරතා මැද දිගටම සේවය කරගෙන යන්න මට ධෛර්යයක් වෙලා තියෙනවා.
ඩී. අයි., ඇල්බේනියාව
මට ක්‍රොන්ස්ගේ රෝගය තියෙනවා කියලා දැනගත්ත දා ඉඳලා මාව දහ වතාවකට වැඩිය රෝහල්ගත කරලා තියෙනවා වගේම මට සැත්කම් දෙකක් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. කොහොම වුණත්, පහුගිය අවුරුදු හතරේදී, මම මෙහි විදේශ රටක නොපැවරූ ප්‍රදේශයක සේවය කරලා තියෙනවා. ඉතින් මගේ සෞඛ්‍යය තවමත් සම්පූර්ණ තත්වයක නැති වුණත්, ඒක පුදුමාකාර විදිහකට හොඳ අතට හැරිලා තියෙනවා. ඒ ලිපි මට විශාල දිරිගැන්වීමක් වුණා.
ජී. එච්., ඉක්වදෝරය