ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 8/10 25 පි.
  • බත්කූරාගේ තටු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බත්කූරාගේ තටු
  • 2010 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • කුරුලු ලොවේ නිහඬ පියාපත් සලන්නා
    නිර්මාණයක්ද?
  • කෘමීන්ගේ පියාසර කිරීමේ ප්‍රහේලිකාව විසඳෙයි
    1997 පිබිදෙව්!
  • කාන්තියෙන් දිදුලන සමනල තටුව
    2012 පිබිදෙව්!
  • පටුන
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 8/10 25 පි.

නිර්මාණයක්ද?

බත්කූරාගේ තටු

● සමහර බත්කූරන්ට තටු නොගසා තත්පර 30ක් පමණ එකම මට්ටමකින් ගුවණේ රැඳී සිටිය හැකියි. ඊට හේතුව උන්ගේ තටුවල සුවිශේෂී පිහිටීමයි. එහි ඇති සැකැස්ම අනුකරණය කරමින් විශාල ප්‍රමාණයේ ගුවන් යානයක් නිපදවීමට ඉන්ජිනේරුවන් මෙතෙක් සමත් වී නැහැ!

මේ ගැන සිතා බලන්න: උන්ගේ තටුවල සෙවිලි තහඩුවක හා සමාන රැලි පිහිටා තිබෙනවා. එයින් තටුවල ශක්තිය වැඩි වෙනවාට අමතරව තවත් දෙයක් සිදු වෙනවා. එනම් ඌට ගුවනේ රැඳී සිටීමට හැකි වන්නේ එම රැලි නිසා බව විද්‍යාඥයන් සොයාගෙන ඇති බව එක් සඟරාවක සඳහන් වුණා. “ඌ ගුවනේ සිටින විට එම රැලි අතර ඇති හිඩසෙහි සුළං කරකැවෙන නිසා එහි යම් වායු පීඩනයක් ඇති වෙනවා. එවිට උගේ තටුවලට ඉහළින් හමා යන සුළං නිසා ඌට පහසුවෙන්ම ගුවනේ රැඳී සිටින්න පුළුවන්.”—New Scientist

බත්කූරාගේ තටු අධ්‍යයනය කිරීමෙන් පසු ගුවන් යානා ඉන්ජිනේරුවෙකු වන ආබෙල් වාගාස් හා ඔහුගේ සහයකයන් පවසන්නේ “සත්ව ලෝකයේ දකින්න ලැබෙන මෙවැනි තාක්ෂණයක් ඉතාමත් කුඩා ගුවන් යානා නිපදවීමට අපිට විශාල පිටුවහලක්” කියායි. කැමරා හෝ වෙනත් උපකරණ සවි කළ මෙවැනි කුඩා යානා ඉතාමත් ප්‍රයෝජනදායකයි. උදාහරණයකට අනතුරක් සිදු වූ ස්ථාන නිරීක්ෂණය කිරීමට මෙන්ම වායු දූෂණය ගැන සොයාබැලීමට මෙවැනි යානා භාවිත කරනවා.

මේ ගැන කල්පනා කර බලන්න: බත්කූරාගේ ඉතා සියුම් රැලි සහිත තටු ඌට ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් එය බුද්ධිමත් නිර්මාණයක්ද?

[25වන පිටුවේ පින්තූරය]

බත්කූරාව අනුකරණය කරමින් සෑදූ මේ පුංචි ගුවන් යානයේ බර මිලිග්‍රෑම් 120යි. එහි පළල සෙන්ටිමීටර් හයයි. එහි සිලිකන්වලින් තැණූ ඉතා සියුම් තටු ක්‍රියා කරන්නේ විදුලි බලයෙනුයි

[හිමිකම් විස්තර]

© Philippe Psaila/Photo Researchers, Inc.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න