“නිකමට ඔබේ ඇස් ඇරල බලන්න”
ඔබේ දරුවන් දකින්නේ මොනවාද? යුද්ධ? සැහැසියාව? පරිසර දූෂණය? දිළිඳුකම? අසනීප? මේවා සැමදා පැවතුණු යථාර්ථයන් බව ඇත්තයි. නමුත් මේ දේවලට ඔබ්බෙන් බයිබලයේ සඳහන් කර ඇති මවිතාකාර පොරොන්දුව දිහා බලන්න ඔබ ඔවුන්ට උගන්වා තියෙනවාද? නව හැවිරිදි ජොඑල් පිය’සන්ගේ දෙමාපියන් මෙය කර තියෙනවා. මොන ප්‍රතිඵල ඇතුවද?
“නිකමට ඔබේ ඇස් ඇරල බලන්න” කියන විෂය යටතේ ජොඑල් ලියපු දේ සලකා බලන්න. අමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා දිස්ත්‍රික් පාසැලක තුරුණු වියේ සිටින අයට ලිඛිත පැවරුමක් හැටියට මේ මාතෘකාව ලබා දුන්නා. වර්ෂ 1996 අගෝස්තු 22වනදා ද සෙන්ට්‍රල් වර්ජීනියන් පුවත්පතේ ජොඑල්ගේ රචනාව ප්‍රකාශයට පත් වුණා. මෙය, දෙවිගේ වචනයෙන් ඔහු ඉගෙනගෙන තියන දේ මත ඔහුගේ බලාපොරොත්තුව පදනම් වෙලා තියන ආකාරය එළිදරව් කරන හැටි බලන්න. ඔහු මෙහෙම ලිව්වා:
“අරමුණු කර ඇති අලංකාරය දිහා නිකමට ඔබේ ඇස් ඇරල බලන්න.
“එක උදෑසනක නැඟිටල දූෂණය තවත් නැහැ කියල අහන්න ලැබෙන එක පුදුම දෙයක් නෙමෙයිද? මිනිමැරුම් සහ අපරාධ ප්‍රවෘත්තිවල සඳහන් වෙනවා වෙනුවට, මිනිසුන්ගේ ජීවිතවල තියෙන්න යන්නේ සාමය සහ සන්තෝෂයයි.
“යහළුවෙකුට ඔහුගේ නිවස හදන්න උපකාර කරන්න අසල්වැසියෝ එකට වැඩ කරනවා. අනිත් අය ඒ හරියෙම වත්තක් වවනවා අපිට පේනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ චේතනා පිරිසිදුයි. එකිනෙකාට උදව් කරන්න හැමෝම එකට එක්කහු වෙනවා. කිසිම කෙනෙක් කොහෙත්ම දුප්පත් වෙන්නේ නැහැ, ඕනෙ තරම් කෑම ජාති තියෙන්න යනවා. ලෝකය පුරාම එකමුතුකම සහ සමාදානය පවතින්න යනවා. කිසිම කෙනෙක් ආයෙත් කිසිදාක බඩගිනිව හෝ අසනීපව සිටින්න යන්නේ නැහැ. හැම කෙනාටම බලන්න ලස්සන වටපිටාවක්; ආහ් බලන්න, කොටියෙකු පිට උඩ යන ළමයෙක්! කොටි විතරක් නෙවෙයි අනිත් සත්තුත් මිනිස්සු එක්ක සමගියෙන් වාසය කරන්න යනවා.
“මේ වගේ තැනක ජීවත් වෙන්න මම ආසයි. ඔයගොල්ලනුත් කැමතිද මාත් එක්ක එහෙ ජීවත් වෙන්න?”
කුඩා ජොඑල් මෙහි විස්තර කර තියෙන ආශීර්වාද, ඇත්තටම දෙවි පොරොන්දු වෙලා තියෙනවාද? ඇත්තෙන්ම ඔව්! කරුණාකර ඔබේ බයිබලය එවැනි පොරොන්දු ගැන සොයාගන්න පුළුවන් තැන් වන ගීතාවලිය 46:8, 9; 67:6; 72:16; යෙසායා 2:3, 4; 11:6-9; 33:24; 65:17-25; මතෙව් 6:9, 10; 2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4 පෙරළා කියවන්න.