ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g97 7/8 30 පි.
  • අපගේ පාඨකයන්ගෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපගේ පාඨකයන්ගෙන්
  • 1997 පිබිදෙව්!
1997 පිබිදෙව්!
g97 7/8 30 පි.

අපගේ පාඨකයන්ගෙන්

විනෝද වීම “යෞවන අය අසති . . . මට විනෝද විය හැක්කේ කොහොමද?” (1996 දෙසැම්බර් 8) යන ලිපියේ සඳහන් කර තිබූ විදිහට, තරුණ තරුණියන්ට ප්‍රීතිවීම සඳහා බොහෝ ආරක්ෂා සහිත ක්‍රම තියෙනවයි කියන එකට මම එකඟ වෙනවා. අපිට කෞතුකාගාරයකට, සත්තු වත්තකට එහෙම නැත්නම් විනෝද ගමනක් යන්න, සුහද ඇසුරක් පවත්වන්න පවා පුළුවන්. එතරම් මුදල් නැති අපි වගේ අයටත්, සෙල්ලම් කරන්න හෝ කෑමක් සඳහා අනිත් යෞවනයන්ව ආරාධනා කිරීමෙන් සතුටක් ලබන්න පුළුවන්.

වී. ඒ., බ්‍රසීලය

වීර බැළලී “ඇගේ දරුවන්ට මවකගේ බැඳීම” කියන 1996 සැප්තැම්බර් 22වෙනිදා කලාපයේ (ඉංග්‍රීසියෙන්) තිබූ ලිපිය මම කොපමණ අගය කළාද කියා මම ඔබට කිව යුතුයි. සීමාව ඉක්මවූ ලිංගික පුරුදු සහ ගබ්සාවක් කරගන්න ගැහැනු ළමුන් පැකිලෙන්නේ නැති රටකයි මම ජීවත් වන්නේ. මම හිතනවා ස්කාලට් නම් බළල් අම්මා යුතුකම් නොපිරිහෙළා ඉටු කරන මවක් සඳහා කදිම ආදර්ශයක් කියලා.

ඊ. බී., මාලි

ගිනිගන්න ගරාජයකින් තම පූස් පැටවුන් බේරාගන්න මහත් එඩිතරකමක් පෙන්වූ ස්කාලට් ගැන කතන්දරය කියෙව්වාම ඒක මට අදහගන්න බැරුව ගියා. පූසියකගෙන් මිනිසුන්ට ගොඩක් දේවල් ඉගෙනගැනීමට සැලැස්වීමෙන් ඒ පූසි මාව පුදුමයට පත් කළා. මම හිතනවා ඔබ එවැනි ලිපි පළ කිරීම විශිෂ්ටයි කියලා.

ඩී. ඩබ්., ජර්මනිය

ස්කාලට් සහ ඇගේ පූස් පැටවුන් සම්බන්ධ හද උණුසුම් කරන ඔබේ කතන්දරය, ගබ්සාව ගැන මා කියවා ඇති ප්‍රබලතම ලිපියයි.

ජේ. ජී., එක්සත් ජනපදය

ඒ ලිපිය කියවූ විට මට වාවගන්න බැරුව ඇඬුණා. මම හැම ජාතියකම සතුන්ට කවදත් ආදරේ කළා; උන් තුළින් යෙහෝවා අපට උගන්වන පාඩම් මම අගය කරනවා. “බුද්ධිමත්” මිනිසුන් තම පැවතෙන්නන් කෙරෙහි එවැනිම සැලකිල්ලක් සහ අවධානයක් නොපෙන්වන බව දැනගැනීම මාව දුකට පත් කරවනවා.

සී. සී., එක්සත් ජනපදය

කන් කුරුකුරුව “කන් කුරුකුරුව—ශබ්දයක් සමඟ ජීවත් වීම” (ඉංග්‍රීසියෙන්) කියන ලිපියට බොහොම ස්තුතියි. (1996 සැප්තැම්බර් 22) මම අවුරුදු හයක් තිස්සේ මේ රෝගයෙන් දුක් විඳිමින් සිටිනවා. කිසිම වෛද්‍යවරයෙකුට මගේ රෝග තත්වය මොකක්ද කියල හරියටම කියන්න බැරුව ගිය හින්දා ඒක සුව කරන්න බැරි රෝගයක් කියල මම භය වුණා. ඔබේ ලිපිය කියවීම මාව සන්සුන් තත්වයකට පත් කළා. දැන් මම එය විඳදරාගන්න වෑයම් කරමින් සිටින අතර, කිසිවෙක් අසනීප නොවන දෙවිගේ අලුත් පොළොව එනතුරු බලා සිටිනවා.—යෙසායා 33:24.

කේ. එෆ්., ඉතාලිය

මම මේ ගැටලුව අද්දකින්න පටන් අරගෙන අවුරුදු දහයක් විතර වෙනවා. නොකඩවාම මේ ශබ්දය ඇසෙනවා කියල හිතන එක හරිම අමාරුයි! ඒත් අද, මගේ ඝෝෂාකාරි කනත් එක්ක ජීවත් වෙන්න ඉගෙනගනිමින් සිටිනවා. යෙහෝවාට ස්තුතිවන්ත වෙන්න, මම බලාගෙන ඉන්නවා ඒ කාලය දිහා, ඒ තමයි ආයෙත් නිහඬබව ඇහෙන කාලය!

ජේ. එස්., චෙක් ජනරජය

අවුරුදු දෙකහමාරක් තිස්සේ මම කන් කුරුකුරුවෙන් පීඩා විඳින අතර, මොළයේ සීටී පරිලෝකන කිරීමක් ඇතුළු හැම වෛද්‍ය පරීක්ෂණයක්ම කළා. කනස්සල්ල සහ දැඩි පීඩනය මගේ ජීවිතයේ ගැටලුයි. ඔබේ ලිපිය කියවීමත් සමඟම ඒ විකලතාවත් එක්ක ජීවත් වෙන්න මම ඉගෙනගෙන තියෙනවා.

එම්. ජී. ටී. එෆ්., ශ්‍රී ලංකාව

මගේ ස්වාමිපුරුෂයා කන් කුරුකුරුවෙන් පීඩා විඳිනවා. ඒ විතරක් නෙවෙයි ඔහු දැඩි කනස්සල්ලකිනුත් පෙළෙනවා. මේ තොරතුරු ඔහු කෙරෙහි වඩා වැඩියෙන් අනුකම්පාවක් ඇති කරගන්න උදව් වුණා. සමහර අවස්ථාවලදී මේ ශබ්දය ඔහුට හුඟක් පීඩාකාරි වන අතර, විය යුතු තරම් අනුකම්පාසහගත වුණේ නැති බව මම පිළිගත යුතුයි. මේ ලිපිය ලියල තියෙන තර්කානුකූල ආකාරය මම අවංකවම අගය කරනවා. කන් කුරුකුරුව ඇති කලත්‍රයන් කෙරෙහි වඩා තේරුම්ගන්නාසුලු වෙන්න බොහෝ අයට ඒ ලිපිය උපකාර කරන බව මට නිසැකයි.

එල්. එෆ්., එක්සත් ජනපදය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න