“පිබිදෙව්! කියවන්න මට කවදාවත් උවමනාවක් තිබුණේ නැහැ”
මේ වචන කැලිෆෝනියාවේ, සැන් ඕසේ ජනපද විශ්වවිද්‍යාලයේ පාරිසරික අධ්‍යයන පාඨමාලාවක් හදාරන ශිෂ්යාවකගෙයි. ඇය තවදුරටත් මෙහෙම කියනවා: “‘පල්ලි යන්න’ නැත්නම් ‘යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් වෙන්න’ කියලා මේ සඟරාව මට දේශනා කරන්න යනවා කියන හැඟීම මට තිබුණා.” ඒත් පුදුමයක් වුණේ මම ඒ කලාපය (1996 මාර්තු 8, ‘තර්ජනයට ලක් අපේ ග්‍රහයා—එය බේරාගත හැකිද?’) කියෙව්වාම ඒකෙ තිබුණු කාරණා සම්පූර්ණයෙන්ම ස්ථිරසාරයි! වන නාශනය, විෂකර අපද්‍රව්‍ය, වායුගෝලීය දූෂණය, ජල හිඟය, සත්ව විශේෂ අන්තරායට ලක් වී සහ දේශ පාළු කිරීම සිදු වී ඇති තැන් සිතියම් කළ ‘ලෝකයේ ප්‍රධාන පරිසර ගැටලුවලින් සමහරක්’ යනුවෙන් සඳහන් තොරතුරු බරිත රූපසටහනක් එම ලිපිවල අඩංගුයි.
“මට තවම දරුවන් නැති වුණත්, හුස්ම ගන්න පිරිසිදු වාතය, සෙල්ලම් කරන්න උද්‍යාන එහෙමත් නැත්නම් ජීවත් වෙන්න අවශ්‍ය කරන වතුර ඔවුන්ට තියෙයිද කියල මට භය හිතෙනවා. . . . මේ ලිපි ගැන මම ඔබ සැමට ප්‍රශංසා කරනවා.”
පිබිදෙව්! සෑම කලාපයක්ම දැන් භාෂා 80කින් පිටපත් මිලියන 18.3ක බෙදාහැරීමක් කර ඇති අතර, ඉන් භාෂා 56කින් එය සමගාමීව ප්‍රකාශයට පත් කෙරෙනවා. මේ සඟරාවේ ඉදිරි කලාප ස්ථාවර පදනමක් මත කියවන්න ඔබ කැමති නම්, කරුණාකර ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව දූරකථනයෙන් හෝ ප්‍රාදේශීය රාජ්‍ය ශාලාවකදී හමු වන්න; එහෙම නැත්නම් 5වන පිටුවේ දක්වා තිබෙන ළඟම ලිපිනයට ලියන්න.