“විද්‍යාවේ අපකීර්තිමත්ම ප්‍රෝඩාව”
බ්‍රිතාන්‍ය පිබිදෙව්! වාර්තාකරු විසින්
වර්ෂ 1912දී සොයාගත් පිල්ට්ඩවුන් මිනිසා, “සියවස තුළ විද්‍යාවේ අපකීර්තිමත්ම ප්‍රෝඩාව” බව ලන්ඩන්හි ද ටයිම්ස් පවසනවා. වර්ෂ 1953දී කළ විද්‍යාත්මක පරීක්ෂණයකින් පසු එය මිනිසා පරිණාමය වීමේ දම්වැලට අයත් අඩු පුරුකක් වෙනුවට, එම හිස් කබල නූතන මිනිසෙකුගේ සහ යටි හක්ක ඔරංඔටන් වානරයෙකුගේ බවත් ඔප්පු වුණා. එවැනි කපටි වංචාවකින් නරකක් කළේ කව්ද?
අවුරුදු ගණනාවක් පුරා සැකයේ ඇඟිල්ල දිගු කර තිබුණේ ඇටකටු සොයාගත්, නීතිඥයෙකු සහ ආධුනික භූගෝල විද්‍යාඥයෙකු වන චා’ල්ස් ඩෝසන් වෙතටයි. සැක කළ අනිත් පුද්ගලයන් වූයේ, දැඩි පරිණාමවාදියෙක් සහ රෝයල් කොලිජ් ඔෆ් ස’ජන්ස්හි හිටපු සභාපති වන ශ්‍රීමත් ආතර් කීත්, බ්‍රිතාන්‍ය ජාතික කර්තෘවරයෙකු වන ශ්‍රීමත් ආතර් කෝනෑන් ඩොයිල් සහ ප්‍රංශ ජාතික පූජකයෙක් වන ටයර් ඩ ෂාර් ඩොං යන අයයි. කෙසේවෙතත්, ඒකාන්ත සාක්ෂි අඩුවීම නිසා අන්තිමට ඩෝසන් ඊට වගකිවයුතු බව සිතුවා.
දැන්, නියම වැරදිකරුව නම් කර තියෙනවා. ඔහු ලන්ඩන්හි ස්වභාවික ඓතිහාසික සත්ව විද්‍යා කෞතුකාගාරයේ හිටපු අධිකාරිවරයෙක් වන 1961දී මියගිය මාටින් ඒ. සී. හින්ටන්. අවුරුදු නවයකට කලින් කෞතුකාගාරයේ තිබී හින්ටන්ට අයිතිව තිබූ කැන්වස් ට්‍රංක පෙට්ටියක් සොයාගත්තා. එතුළ අලියෙකුගේ දත්, හිපපොටේමසෙකුගේ ෆොසිල සහ වෙනත් ඇටකටු තිබූ අතර, ඒවා ඉතා පරෙස්සමින් විශ්ලේෂණය කරනු ලැබුවා. පිල්ට්ඩවුන් ඇටකටුවලට සමාන යකඩ සහ මැංගනීස් ප්‍රමාණයකින් මේ සියල්ලත් සායම් කර තිබූ බව සොයාගත්තා. නමුත් තීරණාත්මක සාධකය වුණේ සායම් ක්‍රියාවලියට යොදාගත් ක්‍රෝමියම්, දත්වලද අන්තර්ගත වීමයි.
තොරතුරු ඉදිරිපත් කරමින් කිංස් කොලිජ් ලන්ඩන්හි මහාචාර්ය බ්‍රයන් ගාඩින’ මෙහෙම කිව්වා: “හින්ටන් කියන්නේ ඇස් රතු වෙන දේවල් ක්‍රියාවෙන් කරන විහිළුකාරයෙක් කියල කවුරුත් දැනගෙන හිටියා. . . . සමහර ලියුම්වල [ඔහුගේ] චේතනාව පෙන්වා තිබුණා.” ගාඩින’ මෙහෙම නිගමනය කරනවා: “මට 100ට 100ක්ම විශ්වාසයි ඒක කළේ ඔහුමයි කියල.” සාක්ෂි පෙන්වන්නේ, හින්ටන් ඔහුට ලැබිය යුතුයයි සිතූ පිළිගැනීම හෝ මුදල් නොදුන් නිසා ඔහුගේ උසස් නිලධාරියා වන ආතර් ස්මිත් වුඩ්ව’ඩ්ගෙන් පළිගන්න සෙවූ බවයි. වුඩ්ව’ඩ්ව සාර්ථක ලෙස මෝඩ කළ අතර, ප්‍රයෝගය හසුවීමට අවුරුදු පහකට කලින් වුඩ්ව’ඩ් මියයන තුරුම පිල්ට්ඩවුන් මිනිසා ඇත්තක් කියා ඒත්තුගෙන තිබුණා. උත්තරයක් නැතුව පවතින එකම ප්රශ්නය නම්, මේ ප්‍රෝඩාව වුඩ්ව’ඩ් ප්‍රසිද්ධියේ පිළිගත් වහාම එය වංචාවක් කියා හින්ටන් පවසා නොසිටියේ ඇයි කියන එකයි. විද්‍යාත්මක ලෝකය පුරා මේ පිල්ට්ඩවුන් මිනිසාට ශීඝ්‍ර පිළිගැනීමක් ලැබුණු නිසා, පෙනෙන විදිහට බොරුව සමඟ ජීවත් වෙනවා මිස වෙනත් විකල්පයක් නැති බව හින්ටන්ට හැඟුණා.
එවැනි විශාරදයන් පිල්ට්ඩවුන් හිස් කබල පිළිගැනීමත් සමඟම මහජනයාත් රැවටුණා. පොත් සහ සඟරා වේගයෙන් ප්‍රවෘත්තිය පැතිරෙවූ අතර, ලොව වටා කෞතුකාගාරවල මේ හිස් කබලේ පිටපත් සහ ඡායා පිටපත් ප්‍රසිද්ධ කළා. හින්ටන්ගේ ඇස් රතු වෙන ක්‍රියාවෙන් කරන විහිළුවල හානිකර ඵලවිපාක ගැනිය නොහැකි තරම්. බයිබලය කියන දේ කොතරම් ගැළපෙනවාද: “තව කෙනෙකු රවටා ‘දන්නෙ නැද්ද මම ඒක විහිළුවටයි කළේ’ කියා කියන කෙනෙකු ගිනිපෙනෙලි, ඊතල සහ මරණය වීසි කරන මෝඩයෙක් වගෙයි.”—හිතෝපදේශ 26:18, 19, බයිංටන්.
[29වන පිටුවේ රූප සටහන]
අඳුරු ප්‍රදේශ, මිනිස් හිස් කබලක කොටස්
සම්පූර්ණ ලා පාට ප්‍රදේශය සාදා තියෙන්නේ ප්ලාස්ටර්වලින්
අඳුරු ප්‍රදේශ, ඔරංඔටන් වානරයෙකුගේ හක්කේ සහ දත්වල කොටස්