යෞවන අය අසති . . .
මම විතරක් මේ තරං ලෙඩිං ඉන්නේ ඇයි?
ජේසන්ට අවුරුදු 13 වන විට නියූ යෝක්, බෘක්ලින්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ බෙතෙල්හි, පූර්ණ කාලීන සේවකයෙක් හැටියට සේවය කරන්න හිතාගත්තා. ඔහු ඔහුටම ලීවලින් පෙට්ටියක් සාදාගෙන එයට බෙතෙල් පෙට්ටිය යන නම තැබුවා. ඔහුගේ බෙතෙල් වෘත්තියට ප්‍රයෝජනයක් වෙයි කියා සිතූ දේවල් ඔහු එයට එකතු කරන්න පටන්ගත්තා.
කොහොම වුණත්, ඔහුගේ 18වන උපන් දිනයෙන් මාස තුනකට පසු, ඔහු දරුණු, උදර වේදනා ගෙනෙන තත්වයක් වන ක්‍රෝන්ස්ගේ රෝගයෙන් පෙළෙන බව පැවසුවා. “ඒකෙන් මගේ හිත කැඩුණා. මට කරන්න පුළුවන් වුණේ වැඩපොළේ හිටපු මගේ තාත්තට කෝල් කරලා අඬන්න විතරයි. ඒකෙන් මම දැනගත්තේ මෙච්චරයි, බෙතෙල් එකට යන්න මම හීන මවමින් හිටපු ඒ දේට හරහට වැට කඩොලු බැන්දා” යයි ඔහු මතකයට නංවයි.
“මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා වි[ඳීමට]” මූලික හේතුවක් නම් අසනීපයි. (රෝම 8:22) ලෙඩ වී සිටින අය අතරේ යෞවනයන් අසංඛ්‍යාත මිලියන ගණනක් සිටිනවා. යෞවනයන් බොහෝදෙනෙකුට අන්තිමේදී හොඳ වෙනවා. එනමුත් වෙනත් අයට නිදන්ගත නැතිනම්, සමහර අවස්ථාවලදී ජීවිතයට තර්ජනයක් පවා එල්ල කළ හැකි රෝග කාරකවලට මුහුණ දෙන්න සිදු වෙනවා. යෞවනයන් බොහෝවිට විඳිනු ලබන හිංසා පීඩා අතරට ඇදුම, දියවැඩියාව, දෑකැති හැඩැති සෛල රක්තහීනතාව, බෝවන රෝග, අපස්මාරය, මානසික රෝග හා පිළිකාව අයත් වෙනවා. සමහර යෞවනයන් රෝගී තත්වයන් රාශියකින් පෙළෙනවා.
‘මේක මටම වෙන්නේ ඇයි?’
ශාරීරික පීඩනයට අමතරව, අසනීප බොහෝවිට මානසික හා චිත්තවේගීය කාන්සාවන් ඇති කරයි. උදාහරණයක් හැටියට, අසනීපයක් ඔබගේ පාසැල් යෑම මාස ගණනාවකට අත්හිටෙව්වොත්, ඔබ ශිල්ප ශාස්ත්‍රයෙන් පස්සට යනවා පමණක් නොව, නමුත් සමාජයෙන්ද කපාහැර ඇති බවට හැඟෙන්න යනවා. තමා කලින් කලට රෝහල් ගතවීම හේතුවෙන් 12හැවිරිදි සනීට පාසැල් යෑම අත්හිටුවන්න සිදු වන කොට, ‘මගේ පන්තියේ යාළුවෝ මොනවද කරන්නේ? මට අද පාඩු වුණේ මොනවද?’ යනුවෙන් සිතා ඔහු තැවෙයි.
ඒ හා සමානව, ක්‍රිස්තියානි රැස්වීම්වලට යන්න නැත්නම් බයිබලය කියවන්න බැරි තරමට ඔබ ලෙඩ වන විට, ආත්මික වර්ධනයත් පීඩා විඳින බව පෙනෙන්න තියෙනවා. මේ තත්වයන් යටතේදී, ඔබට චිත්තවේගීය හා ආත්මික වශයෙන් වැඩිපුර අනුබලයක් අවශ්‍යයි. පළමුව, ඔබ රෝග නිර්ණය පිළිගන්න අකමැති වෙන්න පුළුවන්. පසුව, අසනීපය වළක්වාගන්න මීට වඩා වැඩි දෙයක් කරගන්න තිබුණායයි සිතමින්, සමහරවිට ඔබත් සමඟම, ඔබට දැඩි කෝපයක් ඇති වෙන්න පුළුවන්. ‘ඇයි දෙවි මටම මේක වෙන්න ඉඩ තිබ්බේ?’ යයි කියමින් ඔබට ශබ්ද නඟා මොරගසන්න හිතෙන්න පුළුවන්. (මතෙව් 27:46, සසඳන්න.) යම් ආකාරයේ දොම්නසේ හැඟීමක් ඇතිවීම ඇත්තෙන්ම සාමාන්‍ය දෙයක්.
ඊට අමතරව, වැඩිපුර හොඳ වෙන්න උත්සාහ කිරීම වැනි, විශේෂ වෑයමක් දැරුවොත් දෙවි ඔහුගේ අසනීපය ඔහුගෙන් ඉවත් කරයි කියා යෞවනයෙක් කල්පනා කරන්න පුළුවන්. කොහොම වුණත්, දෙවි මේ කාලයේදී ආශ්චර්යවත් සුව කිරීම් පොරොන්දු නොවන නිසා, එවැනි කල්පනාවන් අපේක්ෂා භංගත්වයට මඟ පාදන්න පුළුවන්.—1 කොරින්ති 12:30; 13:8, 13.
සමහරවිට ඔබට කවදාවත් මැරෙන්න සිදු වෙන්නේ නැහැයි කියා—එනම් දෙවි “මහත් පීඩා[ව]” ගෙනෙන විට ඔබ ජීවතුන් අතර සිටීවිය කියා ඔබ බලාපොරොත්තුවෙන් හිටියා වෙන්න ඇති. (එළිදරව් 7:14, 15; යොහන් 11:26) එය එසේනම්, ජීවිතයට තර්ජනයක් එල්ල කරන අසනීපයක් තියෙන බව දැනගැනීම, ඔබව දෙගුණයකින් තැතිගන්වන්න පුළුවන්. යෙහෝවාව කේන්ති ගස්සවන යමක් ඔබ කළාද කියා ඔබ කල්පනා කරන්නත්, අඛණ්ඩතාවේ යම් විශේෂ පරීක්ෂණයක් සඳහා දෙවි ඔබව විශේෂයෙන්ම තෝරාගත්තා කියාද ඔබ හිතන්නත් පුළුවන්. කෙසේනමුත්, මේවා සුදුසු නිගමනයන් නොවේ. “[දෙවි] නපුරෙන් පරීක්ෂාකරනු ලබන්ට නුපුළුවන, [ඔහුම] කිසිවෙකු පරීක්ෂානොකර[න්නේය]” කියා දේවවචනය වන, බයිබලය පවසනවා. (යාකොබ් 1:13) අසනීප හා මරණය වර්තමාන මනුෂ්‍ය තත්වයේ අසතුටුදායක අංගයන් වන අතර, අප සැවොම “කාලයත් හදිසි කාරණා[වලටත්]” ගොදුරු වෙනවා.—දේශනාකාරයා 9:11.
භය සමඟ කටයුතු කිරීම
බරපතළ අසනීපයක් ඇතිවීම ඔබට මුලින්ම දැඩි භයක් දැනෙන්න සලස්වන්න පුළුවන්. බරපතළ අසනීපවලින් පෙළෙන යෞවනයන් 14දෙනෙකු පළ කළ අදහස් හෞ ඉට් ෆීල්ස් ටු ෆයිට් ෆෝ යෝ ලයිෆ් (ඔබේ ජීවිතය වෙනුවෙන් සටන් කිරීමේදී හැඟෙන අයුරු) නම් පොත වාර්තා කරනවා. උදාහරණයක් හැටියට, අවුරුදු දහයක් වයසැති ඇන්ටන්ට ඇදුම දරුණු ලෙස ආ අවස්ථාවකදී ඔහු මරණ භයෙන් හිටියා. එමෙන්ම ඇටකටු පිළිකාව සමඟ සටන් කරමින් සිටි අවුරුදු 16ක් වයසැති එලිසබත්, නිදාගත්තහම කවදා හරි ඇසිපිය නොඇරේවිදැයි බිය වුණා.
නමුත් සමහර යෞවනයන්ට, වෙනත් ආකාරයේ භය තියෙනවා; එනම් තමන්ව විවාහ කරගන්න කාටවත් වුවමනා නොවනු ඇතැයි හෝ ජීවිතයේ පසු කලකදී ඔවුන්ට සෞඛ්‍යසම්පන්න දරුවන් නොසිටිනු ඇතැයි කියා භය වෙනවා. ඔවුන්ගේ අසනීපය බෝවනසුලු හෝ නැති වුණත්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ඔවුන්ගේ අසනීපය පැතිරේවියයි වෙනත් යෞවනයෝ භය වෙනවා.
රෝගය යටපත් වී ඇතත් මැඩපවත්වා ඇතත්, යම් සුළු රෝගයකින් පහර ලැබුවොත්, භය සහිත හැඟීම් නම් නැවත එළි දකින්න ඉඩ තියෙනවා. ඔබට එවැනි භයක් දැනී ඇත්නම්, ඒවා සැබෑ හැඟීම් බව ඔබ දන්නවා. වාසනාවකට, මුලින්ම නික්මෙන නිෂේධාත්මක හැඟීම් කාලයාගේ ඇවෑමෙන් අඩු වෙන්න පටන්ගන්නවා. ඉන්පසු ඔබට පුළුවන් ඔබගේ තත්වයන් වඩාත් තර්කාන්විත ආකාරයකින් කිරා මැන බලන්න.
ලෙඩ වී සිටීමේ අභියෝගය
“අපි යෞවනව ඉන්නකොට හරියට ඉරහඳ වුණත් අල්ලන්න පුළුවන් වගෙයි හිතෙන්නේ. හැබැයි එකපාරටම බරපතළ විදිහට අසනීප වෙනකොට තමයි හරි සිහිය එන්නේ. පැත්තකට වෙලා හැම දෙයක්ම හෙමින් කරන්න වෙන කොට හරියට එක රෑකින් වයසට ගියා වගෙයි තේරෙන්නේ” යයි ඉහත සඳහන් වූ ජේසන් අදහස් දක්වයි. ඔව්, නව සීමාවන්ට මුහුණ දීම අභියෝගයක්.
වෙනත් අය ඔබගේ තත්වය තේරුම්ගැනීමට අපොහොසත් වන විට තවත් අභියෝගයක් මතු වෙන බව ජේසන් සොයාගත්තා. ජේසන්ට තියෙන්නේ “මතුපිටට නොපෙනෙන අසනීපයක්” කියලා නම් කරන්න පුළුවන් එකක්. ඔහුගේ පිටාතර පෙනුම අභ්‍යන්තර ගැටලුව සඟවයි. ජේසන් මෙහෙම පැහැදිලි කරනවා: “මගේ ශරීරය හරි විදිහට කෑම දිරවන්නේ නැහැ; ඒ හින්දා මට හැම තිස්සෙම වගේ කන්න වෙනවා, ඒ වගේම වෙන අය කනවාට වඩා ගොඩක් කන්නත් වෙනවා. ඒත් මම කෙට්ටුයි. ඒ වගේම, මට සමහර වෙලාවට කොච්චර මහන්සියිද කිව්වොත් දවල්ට මට ඇහැ ඇරගෙන ඉන්නවත් බැරි තරම්. හැබැයි මං කෑමට ගිජුයි නැත්නම් කම්මැළියි කියලා අඟවන දේවල් මිනිස්සු කියනවා. ඒගොල්ලන් මේ වගේ දේවල් කියනවා: ‘ඔයා දන්නවනේ ඔයාට මීට වැඩිය හොඳට කරන්න පුළුවන් කියලා. ඔයා අඩුම තරමේ උත්සාහ කරන්නේවත් නැහැ!’”
ජේසන්ට ඉන්නවා නංගිලා, මල්ලිලා; හැබැයි ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ, බෝල ගහන්න එක්කං ගියා වගේ ඉස්සර කරපු දේවල් දැන් කරන්න බැරි ඇයි කියලා. “හැබැයි මම දන්නවා මට නිකමට හරි තුවාල වුණොත් මට සති ගණනාවක්වත් යයි සුව වෙන්න. ඒගොල්ලන් සමහර වෙලාවට මගේ වේදනාව ඒගොල්ලන්ගේ ඒවට සමාන කරලා මෙහෙම කියනවා, ‘එයා ඔය කෙඳිරිගාන්නේ අවධානෙ ලබාගන්න.’ ඒගොල්ලන්ට තියෙන ලොකුම වේදනාව සමහරවිට ඔය කකුලේ උළුක්කුවක් වගේ දෙයක්; ඉතින් ඒගොල්ලන්ට හිතාගන්නවත් බැහැ මගේ වේදනාව කොයි වගේ එකක්ද කියලා” යයි ජේසන් අදහස් දක්වයි.
ඔබේ අසනීපය ඔබේ පවුල මත බරක් තබනවා නම්, ඔබ වරදසහිතබවේ හැඟීම් සමඟ කටයුතු කරනවා ඇති. ඔබේ දෙමාපියන්ටද වරදසහිතබවේ හැඟීම් තියෙන්න පුළුවන්. “මගේ දෙමාපියො දෙන්නම විශ්වාස කරනවා ඒගොල්ලන් තමයි මට මේ ගැටලුව උරුම කෙරෙව්වේ කියලා” යයි ජේසන් පවසයි. “දරුවන් සාමාන්‍යයෙන් ලෙඩේ හැදිලා ටික කලක් ගියාට පස්සේ, ලෙඩේ ඔවුන්ට ඇත්තටම හැදිලා කියලා තේරෙද්දී ඒකට අනුව හැඩගැසෙනවා. හැබැයි දෙමාපියන්ට ඊට වඩා අමාරු වෙනවා. ඒගොල්ලන් මගෙන් අනේක වාරයක් සමාව ඉල්ලනවා. ඒගොල්ලන්ගේ වරදසහිතබවේ හැඟීම්වලට සහනයක් ගේන්න මට දිගටම මගේ උපරිමය කරන්න වෙනවා.”
වෛද්‍ය බැහැදැකීම්—සවාරියක් නොවේ
නොනවත්වා වෛද්‍යවරුන්ව බැහැදැකීම කාන්සාවේ උල්පතක් වෙන්න පුළුවන්. ඔබ සුළුයයි නැතහොත් ඔබට කිසිවක් කර කියාගන්න බැහැයි කියන හැඟීම් ඒවාට ඇති කරන්න පුළුවන්. ඔබේ වාරය එනකං ඉස්පිරිතාලේ පෝලිමේ බලං ඉන්න සිදුවීම පවා තැතිගන්වන දෙයක් වෙන්න පුළුවන්. “පුදුම පාළුවක් . . . දැනෙන්නේ, ඒ වගේම කවුරු හරි ළඟවත් ඉන්නවා නං හරිම ආසයි” යයි 14 හැවිරිදි හෘද රෝගියෙක් වන ජෝසෆ් පවසයි. කනගාටුවට කරුණක් නම්, සමහර යෞවනයන්ට ඔවුන්ගේ දෙමාපියන්ගෙන්වත් එම සහයෝගය ලැබෙන්නේ නැතිවීමයි.
වෛද්‍ය පරීක්ෂණද කාන්සාවට තුඩු දෙන්න පුළුවන්. කෙළින්ම කියනවා නම්, සමහරක් පරීක්ෂණ ඇත්තෙන්ම ප්‍රසන්න දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි, ඉන්පසු, ඔබ ප්‍රතිඵල එන තුරු දින හෝ සති ගණන් කාන්සාවෙන් යුක්තව ගත කරන්න පුළුවන්. හැබැයි මෙය මතකයේ තියාගන්න: වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම පාසැලේ විභාගයකට පෙනී සිටිනවාට සමාන වෙන්න යන්නේ නැහැ; වෛද්‍යමය ගැටලුවක් තිබීමෙන් ඔබ කෙසේ හෝ අසමත් වුණා කියන දෙය අඟවන්නේ නැහැ.
ඇත්තෙන්ම, පරීක්ෂණයක් ඉතා උපකාරවත් වන තොරතුරු සපයන්න පුළුවන්. ඔබට ඇත්තේ පහසුවෙන්ම ප්‍රතිකාර කළ හැකි වෛද්‍යමය ගැටලුවක් බව එයින් පෙන්වන්න පුළුවන්. එය එවැන්නක් නොවේ නම්, මෙම රෝගකාරක සමඟ කටයුතු කරන්න පුළුවන් කොහොමද කියා පරීක්ෂණයකින් පෙන්වන්න පුළුවන්. එසේත් නැතිනම් ඔබට තිබේයයි සිතූ අසනීපයක් ඇත්තටම නැති බව එයින් පෙන්වන්න පුළුවන්. එමනිසා, ඔබගේ තත්වය ගැන හදිසි නිගමනවලට එළඹෙන්න උත්සාහ කරන්න එපා.
අධික ලෙස කනස්සලු වීම ඔබව වෙහෙසට පත් කරවනවා පමණයි. “මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව නිසා එය නැමීයයි” කියා බයිබලය පවසයි. (හිතෝපදේශ 12:25) ඒ වෙනුවට, දෙවි අපගේ කාන්සාවන් ගැන ඔහුට කියන්න කියා ආරාධනා කරනවා. ඔහු අපි ගැන සැලකිලිමත් වෙනවා කියාත්, ඒ වගේම ගැටලුව සමඟ හොඳම ආකාරයට කටයුතු කරන්න ඔහු ඔහුගේ මඟ පෙන්වීම හා ඥානය සපයාවි කියාත් අපි විශ්වාස කරන්න අවශ්‍යයි.—ගීතාවලිය 41:3; හිතෝපදේශ 3:5, 6; පිලිප්පි 4:6, 7; යාකොබ් 1:5.
අපගේ මැවුම්කරු, යෙහෝවා දෙවි, ධර්මිෂ්ඨකමින් යුත් නව පොළොවක් උදා කරන්න අවශ්‍ය විධිවිධානයන් කර ඇති නිසා අපට සතුටු වෙන්න පුළුවන්. එම නව පොළොව භුක්ති විඳින්න ප්‍රස්තාවක් දෙන පිණිස ඔහු මළවුන්වත් නැවත නැඟිට්ටවන්න යනවා. ඒ කාලයේදී “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය” කියා බයිබලය අපිට සහතික කරනවා.—යෙසායා 33:24.
ඒ වන තුරු ඔබට, බරපතළ අසනීප සමඟ කටයුතු කරන්න සිදු වේවි. කොහොම වුණත්, ඔබගේ තත්වයෙන් උපරිමය ලබාගන්න ඔබට කරන්න පුළුවන් වෙන ප්‍රායෝගික දේවල් රාශියක් තියෙනවා. අපි මේවා ඉදිරි ලිපියක සාකච්ඡා කරන්න යනවා.
[20වන පිටුවේ පින්තූරය]
‘ඇයි දෙවි මටම මේක වෙන්න ඉඩ තිබ්බේ?’ යනුවෙන් ඔබ අහන්න පුළුවන්