අනුකරණය කිරීම සඳහා ආදර්ශයක්
චිලිහි පිබිදෙව්! වාර්තාකරුගෙන්
ජාකෝමෝ කාස්තෙලී ජීවත් වන්නේ, චිලි රටේ උතුරු ප්‍රදේශයේ පිහිටි 1,70,000ක පමණ ජනගහනයකින් යුත් ආන්තෝෆාගාස්ටා කියන නගරයේ මහල් නිවසකට අයත් නිවසකයි. ඔහුගේ නිවසේ උඩුමහලේ තිබෙන ආලින්දයේ සිට, පසුගිය ජූනි මාසයේ ඒ ප්‍රදේශයේ උද්‍යානයක සිටි පිරිසක් දෙස ඔහු හොඳින් බලා සිටියා. “නහඹරයන් සිනාසෙමින්, තමන්ගේ දෙමාපියන් එක්ක ප්‍රීතියෙන් එකට ඉන්නවා දැකීම, හරිම පුදුම දෙයක් වුණා” කියා එල් මෙර්කූරීයෝ පුවත්පතට ඔහු ලියූ ලිපියක සඳහන් කළා. මේ අසාමාන්‍ය දර්ශනය මොකක්ද කියල හරි හැටි දැනගැනීම සඳහා ඔහු උද්‍යානයට ගියා.
“මං තවත් පුදුම දෙයක් දැක්කා” කියා විමසුම් ඇසක් ඇති මේ ලේඛකයා ප්‍රකාශ කළා. “එතැන සිටි පවුල්වල සමහර අය දහවල් ආහාරය ගත්තාට පස්සේ, ඒ ඒ පවුල්වල හැම කෙනෙක්ම, තණ පිට්ටනියේ අහම්බෙන් වගේ වැටිල තිබුණු දේවල් අහුලාගෙන, එක් එක්කෙනා ළඟ තිබුණු කුණු දමන මල්ලේ ඒවා දමාගත්තා. . . . .
“මේ අසාමාන්‍ය මිනිස්සු කවුද කියලා මට දැනගන්න ඕන වුණා” කියා මේ ලේඛකයා තවදුරටත් සඳහන් කළා. “ඕනෙම රූප සුන්දරී තරඟයකින් පළවෙනියා වෙන්න පුළුවන් තරමටම ලස්සන ගැහැනු ළමයෙක් ළඟට මම ගියාම, ඈ මට බොහොම ප්‍රියමනාප විදිහට මෙහෙම කිව්වා: ‘අපි යෙහෝවාගේ සාක්ෂිකාරයෝ; අපි මේ රෙක්යොනාල් ක්‍රීඩාංගනයට ඇවිල්ල ඉන්නේ එක්රැස්වීමකටයි.’” චාරිකා එක්රැස්වීමට පැමිණ සිටි 3,000කට වඩා වැඩි පිරිසෙන් සමහර කණ්ඩායම් දහවල් කෑම වෙලාවේදී, තමන්ගේ දහවල් ආහාරය ගන්න මේ උද්‍යානයට ඇවිල්ලා තිබුණා.
“මම ප්‍රේරිතයන්ගෙන් පැවතෙන රෝමානු කතෝලික සභාවේ කෙනෙක්” කියා මේ පුවත්පත් ලේඛකයා කිව්වා. “මම ඇදහිලිවන්තව පූජාවට යනවා; ඒ වගේම ප්‍රංශයේ ලූඩ්ස්වලට අවුරුදු කිහිපයකට කලින් වන්දනා ගමනකුත් ගිහිල්ලා තියෙනවා.
“කොහොම වුණත්, ක්‍රිස්තියානියෙක් හැටියට හැදී වැඩීමෙන් මට ගැඹුරින් කාවැදුණු දෙයට ගරු කිරීමක් හැටියට මම මගෙන්ම අවංකවම මෙහෙම අසාගත යුතුයි: චිලි රටේ වැඩිදෙනෙකුගේ ආගම වන කතෝලික ආගමේ ඉන්න අපිට නැති, ඒ අයට තියෙන දෙය මොකක්ද? මේ නහඹරයන් තමන්ගේ දෙමාපියන් එක්ක සතුටින් ඉන්න බව පෙනෙන්න තියෙද්දී, මගේ දුවලා තුන්දෙනාට පවුලක් හැටියට කොහෙ හරි යං කියලා නිකමට හරි කිව්වොත් ඇයි ඒගොල්ලන් ඒකට අදිමදි කරන්නේ?
“අපේ කතෝලික දරුවන් දරුණු ඇයි? මේ දරුවන් සාමකාමීව, සතුටු සිනහවෙන් යහපත් ලෙස හැසිරෙමින්, අවට පරිසරය ගැන සැලකිල්ල දැක්වුවත්, ඔවුන් මහ හයියෙන් කෑගසමින්, ‘සෙල්ලම් තුවක්කුවලින්’ වෙඩි තියාගන්නෙත්, අනිත් ළමයින් එක්ක ගහගන්නෙත් ඇයි? ලා ටිරානා හා ආබ්ඩාකොයෝ සහ වෙනත් අතිශුද්ධ ආගමික ස්ථානවලදී, ඉතා පිළිකුල්සහගත කූට ව්‍යාපාර සම්බන්ධ නොකර, කතෝලිකයන් වන අපිට එක්රැස්වීම්වලදී එකට එකතු වෙන්න බැරි ඇයි?”
කාස්තෙලී නම් මේ ලේඛකයා මේ ප්රශ්නය සමඟින් පුවත්පතට ලියූ තමාගේ ලිපිය අවසන් කළා: “කතෝලිකයන් හා ක්‍රිස්තියානීන් කියා සිතාගෙන ඉන්න අපි කවදා හරි ඒ අයට සමාන වෙයිද? අපිට එහෙම කරන්න දෙවිගෙන් හා කන්‍ය මරියාගෙන් උපකාර ලැබේවා!”