ජීවත් වෙන පිළිවෙළ සඳහා අධ්‍යාපනික ආධාරකයක්
අප්‍රිකාවේ පිහිටි සිම්බාබ්වේ කියන රටේ පාසැල් ගුරුවරයෙක් සඳහන් කළේ, ඔහු උගන්වන නාට්සීමි විද්‍යාලයේ “ජීවත් වෙන පිළිවෙළ සඳහා අධ්‍යාපනය” නමැති විෂය තෝරාගන්න පුළුවන් කියලයි. ඔහු අද්දැක තිබෙන පවුල් ප්‍රශ්න ඔහු විස්තර කළ අතර, ඒවා විසඳාගන්න තමාට උපකාර අවශ්‍යව තිබූ බව ඔහු පිළිගත්තා.
තමාගේ විවාහයෙන් පසු, සිදු වූ දේවල් ගැන ඔහු මේ විදිහට කිව්වා: “හැම තිස්සේම වගේ ගැටලු ඇති වෙන්න පටන්ගත් අතර, 1989 නොවැම්බර් මාසයේදී වෙන්වීම සඳහා අපට තීරණයක් ගන්න ඒ ගැටලු හේතු වුණා.” වෙනත් ගැටලුත් තිබුණා. ඔහු මෙහෙම ලිව්වා: “මගේ අම්මාගේ වැඩිමල්ම පුතා මමයි; ඈ මගේ තාත්තාගේ පළවෙනි බිරිඳයි. ගුරුවරුන්ගේ පුහුණු වැඩසටහනේ දෙවන වසරේ මම ඉන්න කොට මගේ තාත්තා මැරුණා; බාල සහෝදර සහෝදරියන් 16දෙනෙකුව බලාගැනීමේ වගකීම මට බාරගන්න සිද්ධ වුණා.”
යෙහෝවාගේ සාක්ෂිකාරයන් සමඟ බයිබලය පාඩම් කිරීම, තමාගේ පවුලේ ගැටලු විසඳාගන්න මේ පාසැල් ගුරුවරයාට උපකාරයක් වුණා. ඔහු සහ ඔහුගේ භාර්යාව නැවතත් එකට ජීවත් වෙනවා; ඔවුන් සන්තෝෂයෙන් ජීවත් වෙනවා. ඔහු මෙහෙම ලිව්වා: “මමයි මගේ භාර්යාවයි අපේ වේදනාකාරි අද්දැකීමෙන් ඉගෙනගත් දෙයක් තමයි, දෙවිගෙන් වෙන් වෙලා තමාගේ ගැටලු විසඳගන්න මිනිසා ගන්නාවූ උත්සාහයන් නිෂ්ඵලයි කියන එක.” කොහොම වුණත්, ඔහුගේ ශිෂ්‍යයන්ට ඔවුන්ගේ ගැටලු විසඳාගන්න උදව් කරන එක ගැන ඔහුට කරන්න පුළුවන් මොනවද?
“අපේ පාසැලේ ප්රධානියාටත් අනිත් ගුරුවරුන්ටත් මම යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු කියන පොත සුදුසු පාඩම් පොතක් හැටියට නිර්දේශ කළා” කියා ඔහු ලියා තිබුණා. “හැම කෙනෙක්ම ඒකට එකඟ වුණා; පොත් 56ක ඇණවුමක් මට පාසැලෙන් ලැබුණු අතර මං එය පාසැලට ලබා දුන්නා.”
පිටු 320කින් සමන්විත, සිත්ගන්නා වර්ණවත් පින්තූර ඇතුළත් මේ අධ්‍යාපනික ආධාරකයෙන් ඔබත් හුඟක් ප්‍රයෝජන ලබාගනියි කියා අපි විශ්වාස කරනවා. ඔබ ඒ පොතේ පිටපතක් ලබාගන්න කැමති නම් හෝ නොමිලේ නිවාස බයිබල් පාඩමක් ලබාගන්න කැමති නම් හෝ කරුණාකර, වොච්ටව’, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300 යන ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න.