කාන්තාවන්ට ආයුෂ වැඩියෙන් තිබුණත් එයින් වැඩි යහපතක් වෙලා නැහැ
ලොව පුරා සිටින කාන්තාවන් විවාහ වෙන්නේ, ඔවුන්ට වැඩි වයසක් ගියාට පසුවයි; දරුවන් ඉන්නේ ටිකදෙනයි; වැඩි කලක් ජීවත් වෙනවා. “කාන්තාවන්ගේ ජීවන රටාව වෙනස් වෙමින් පවතියි” කියා යුනෙස්කෝ ස’සස් නමැති සඟරාව වාර්තා කරනවා. වර්ෂ 1970 සහ 1990 අතර කාලයේදී, උපතේදී කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව සංවර්ධිත රටවල අවුරුදු හතරකින් වැඩි වූ අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල එය අවුරුදු නවයකට ආසන්න කාලයකින් වැඩි වුණා. “අද සංවර්ධිත රටවල කාන්තාවන් පුරුෂයන්ට වඩා සාමාන්‍යයෙන් අවුරුදු 6.5ක් වැඩියෙන් ජීවත් වෙන බව මෙයින් අදහස් කරනවා. ලතින් අමෙරිකානු හා කැරිබියන් දූපත්වල පිහිටි සංවර්ධනය වෙමින් පවතින රටවල මේ වෙනස අවුරුදු පහක් වෙනවා; අප්‍රිකාවේ මෙය අවුරුදු 3.5ක් වෙන අතර, ආසියාවේ හා පැසිෆික් කලාපයේ රටවල මෙය අවුරුදු තුනක් වෙනවා.”
කොහොම වුණත්, කාන්තාවන් හුඟදෙනෙකුට වැඩිකල් ජීවත් වෙන්න ලැබීමෙන්, වඩා හොඳ ජීවන තත්වයක් අදහස් වෙන්නේ නැහැ. එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන අව’ ප්ලැනට් යන සඟරාවේ සඳහන් වෙන්නේ, ලෝකයේ කාන්තාවන් බහුතරයක් සඳහා මූලික මානව හිමිකම් තවමත්, “තමන් කවදාවත් රස බලා නැති කේක් එකක තියෙන අයිසීන් වගෙයි. නිකම් සාමාන්‍යයෙන් කන බොන දේවල් ලබාගන්න ඔවුන් තවමත් වෙහෙසෙනවා.” ඒත්, තවමත් ලෝකයේ සිටින ලියන්න කියන්න බැරි, සරණාගත හා දුප්පත් අයගේ විශාල බහුතරය කාන්තාවන් නිසා, ඔවුන්ට මූලික මිනිස් අයිතිවාසිකම් පවා ලබාගන්න බැරි තත්වයක් පවතින බව එ.ජා. කියනවා. යම් වර්ධනයන් අත් කරගෙන තිබුණත්, “කාන්තාවන් සඳහා තියෙන අනාගතය සතුටුදායක තත්වයක තියේවි කියල බලාපොරොත්තු වෙන්න බැහැ” කියා යුනෙස්කෝ ස’සස් නිගමනය කරනවා.