බයිබලයේ දෘෂ්ටිකෝණය
ද්‍රෝහිකමෙන් පසුව විවාහයක් බේරාගන්න පුළුවන්ද?
“මම නුඹලාට කියමි—වේශ්‍යාකම නිසා මිස තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු සරණ පාවාගන්න කවරෙක් නුමුත් කාමමිථ්‍යාචාරය කරන්නේය.”—මතෙව් 19:9.
එම වචන පැවසීමෙන්, විශ්වාසය කඩ කළ කලත්රයෙක්ව දික්කසාද කරන්න තෝරගන්න යේසුස් ක්‍රිස්තුස් ක්‍රිස්තියානියෙකුට අවසර දුන්නා.a කොහොමවුණත්, නිර්දෝෂ කලත්‍රයා විවාහය ආරක්ෂා කරගන්න තෝරාගන්නවා නම් හා යුවළ තම සබඳතාව යළි ගොඩනඟන්න අධිෂ්ඨානය කරගන්නවා නම් කියන්න පුළුවන් මොකක්ද? යුවළ ඉදිරියේ තිබෙන්නේ මොන අභියෝගද? තවද ඔවුන්ට එම අභියෝගවලට සාර්ථකව මූණ දෙන්න පුළුවන් වෙන්නේ කොහොමද? මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න උපකාර කරන්න බයිබලයට පුළුවන් විදිහ අපි සලකා බලමු.
කැඩී බිඳී ගිය නිවසක්
අපි ප්‍රථමයෙන්ම ද්‍රෝහිකම මගින් සිදු කර තිබෙන හානියේ විශාලත්වය තේරුම්ගත යුතුයි. යේසුස් ක්‍රිස්තුස් පැහැදිලි කළ ආකාරයට, ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් “දෙදෙනෙක් නොව එකම මාංසය” වීම විවාහයේ මූලාරම්භකයා විසින් අරමුණු කළ දෙයක්. ඔහු මෙහෙමත් පැවසුවා: “එබැවින් [දෙවි] එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේ[වා].” එසේය, විවාහය සැලසුම් කර තිබෙන්නේ මනුෂ්‍යයා වෙන් නොකර එකට බැඳ තැබීමටයි. කාමමිථ්‍යාචාරය කිරීමෙන් කෙනෙක් විවාහ පොරොන්දුව කඩ කරන විට, වේදනාකාරි ප්‍රතිඵල ඇති වෙනවා.—මතෙව් 19:6; ගලාති 6:7.
නිර්දෝෂ කලත්‍රයා විසින් අද්දකින පීඩාව මීට සාක්ෂියකි. කාමමිථ්‍යාචාරයේ ප්‍රතිඵල සැඩ කුණාටුවකින් සුනු විසුනු වී යන ගෙවල්වලට සමාන කරන්න පුළුවන්. වෛද්‍ය. ෂ’ලි පී. ග්ලාස් මෙහෙම නිරීක්ෂණය කළා: “මම ප්‍රතිකාර කළ රෝගීන් කීපදෙනෙක්ම, ඒ අයගේ කලත්‍රයන් මියගියා නම් ඊට වඩා පහසුයි කියලයි මට කිව්වේ.” තම කලත්‍රයන් මියගොස් සිටින සමහරු එයට විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා. කොහොමවුණත්, කාමමිථ්‍යාචාරය ඉතා දරුණු වේදනාවන් ඇති කරන බව පැහැදිලියි. සමහරුන්ට ද්‍රෝහිවීම කවදාවත් අමතක කරලා දාන්න බෑ.
එවැනි වේදනාව ගැන සලකා බලද්දී, කෙනෙකුට මෙහෙම අහන්න පුළුවන්, ‘කාමමිථ්‍යාචාරය විවාහයක් අවසන් කළ යුතුද?’ එහෙම වෙන්න අවශ්‍යම නෑ. කාමමිථ්‍යාචාරය සම්බන්ධ යේසුගේ ප්‍රකාශය පෙන්නුම් කරන්නේ, විශ්වාසවන්ත කලත්‍රයාට දික්කසාද කරන්න ශුද්ධ ලියවිලිමය තෝරාගැනීමක් කරන්න පුළුවන් නමුත්, එහෙම කරන්න බැඳිලා නැති බවයි. ඇතැම් යුවළයන් අවශ්‍ය වෙනස්කම් කිරීම මගින්, කැඩී බිඳී ගිය දේ යළි ගොඩනඟන්නත්, ශක්තිමත් කරන්නත් තීරණය කරනවා—කොහොමවුණත් කාමමිථ්‍යාචාරය සැහැල්ලු ලෙස සැලකිය නොයුතුයි.
සහකරුවන් දෙදෙනාම එකිනෙකාට විශ්වාසවන්ත වෙන විට විවාහ සබඳතාවක අවශ්‍ය වෙනස් කිරීම් කරන එක වඩාත් සුදුසු බව අමුතුවෙන් කියන්න ඕන නෑ. කොහොමවුණත්, ද්‍රෝහිකමක් සිදු වෙලා තියෙනවා වුණත්, ඇතැම් නිර්දෝෂ කලත්‍රයන් විවාහය රැකගන්න තෝරගන්නවා. සියල්ල යහපත් අතට හැරෙයි කියලා හිතනවාට වඩා නිර්දෝෂ තැනැත්තා ප්‍රතිඵල කිරා මැන බැලිය යුතුයි. ඇය තම දරුවන්ගේ අවශ්‍යතා මෙන්ම තමන්ගේම ආත්මික, චිත්තවේගීය, ශාරීරික හා මූල්‍යමය අවශ්‍යතා ගැන කල්පනා කරලා බලන්න ඉඩ තියෙනවා.b ඇගේ විවාහය බේරාගන්න පුළුවන්ද කියලා ඇය සලකා බලන එක ඇය කරන ඥානවන්ත දෙයක් වේවි.
විවාහය බේරගන්න පුළුවන්ද?
සැඩ කුණාටුවකින් කැඩී බිඳී ගිය නිවසක් යළි ගොඩනඟන්න වෑයම් කරන්න ඉස්සෙල්ලා, එය ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්ද කියලා ගොඩනඟන්නෙක් තීරණය කරගත යුතුයි. ද්රෝහිවීමකින් සුනු විසුනු වූ සබඳතාවක් ගොඩනඟන්න වෑයම් කරන්න ඉස්සෙල්ලා, යුවළකට—විශේෂයෙන්ම විශ්වාසවන්ත කලත්‍රයාට—ප්‍රකෘතිමත් කළ කුළුපගතාවකට හා විවාහය තුළ විශ්වාසය තැබීමට ඇති හැකියාව ගැන යථාර්ථවාදී තක්සේරුවක් කරන්න වුවමනා වේවි.
වැරදි කළ කලත්‍රයා අවංකවම පසුතැවිලි වෙනවාද නැත්නම්, ඒ වෙනුවට තවමත් ‘ඔහු තමාගේ හෘදයෙන්’ කාමමිථ්‍යාචාරය කරනවාද යන්න සලකා බැලිය යුතු එක කාරණයක්. (මතෙව් 5:27, 28) ඔහු වෙනස් වෙන්න පොරොන්දු වෙනවා වුණත්, ඔහු තම දුරාචාර සබඳතාව එක විගසම නවත්වන්න පසුබහිනවාද? (නික්මයාම 20:14; ලෙවී කථාව 20:10; ද්විතීය කථාව 5:18) ඔහුට තාමත් චපල ඇහැක්ද තියෙන්නේ? ඔහු තමන්ගේ කාමමිථ්‍යාචාරය සඳහා තම භාර්යාවට දොස් පවරනවාද? එහෙම නම්, විවාහයේ විශ්වාසය ප්‍රකෘතිමත් කරන්න දරන වෑයම් සාර්ථක නොවෙන්න ඉඩ තියෙනවා. අනික් අතට, ඔහු අනියම් සම්බන්ධය නතර කර, තමන්ගේ වැරදි සඳහා වගකීම පිළිගන්නවා නම් හා විවාහය සම්පූර්ණයෙන්ම යළි ගොඩනඟන්න පොරොන්දු වෙනවා නම්, යම් දවසක අවංක විශ්වාසය ප්‍රකෘතිමත් කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පදනමක් තියෙන බව දකින්න ඔහුගේ භාර්යාවට පුළුවන්.—මතෙව් 5:29.
තවද, විශ්වාසවන්ත කලත්‍රයා වන ඇයට සමාව දීමේ තත්වයට තමාව පත් කරගන්න පුළුවන්ද? සිද්ධ වුණ දේ ගැන ඇගේ දැඩි වේදනාකාරි හැඟීම් කතා කරන්න ඇයට බැහැ, නැත්නම් කිසි වෙනසක් වෙලා නෑ කියලා බොරුවට මවාපාන්න අවශ්‍ය බවක් මින් අදහස් කරන්නේ නෑ. එයින් අදහස් කරන්නේ ඇය යථා කාලයේදී තද අමනාපය දිගටම තබාගෙන නොසිටින්න වෑයම් කරයි කියන එකයි. එවැනි සමාව දීමකට කාලයක් ගත වෙන නමුත්, විවාහය යළි ගොඩනඟන්න ශක්තිමත් පදනමක් පිහිටුවාගන්න උපකාර කරන්න පුළුවන්.
“සුන්බුන්” ඉවත් කිරීම
විශ්වාසවන්ත කලත්‍රයා තම විවාහය බේරගන්න තීරණය කළාට පස්සේ, යුවළකට ඊළඟට ගන්න පුළුවන් මොන පියවරවල්ද? සැඩ කුණාටුවකින් කුඩුපට්ටම් වෙලා ගිය ගෙයක් අවට ඇති “සුන්බුන්” ඉවත් කර දැමිය යුතු වගේම, විවාහය වටා ඇති ‘සුන්බුන්ද’ ඉවත් කර දැමිය යුතුයි. යුවළ, එකිනෙකාට තම තමන්ගේ හැඟීම් හෙළි කරනවා නම් යම් දුරකට මෙය ඉටු කරගන්න පුළුවන්. හිතෝපදේශ 15:22 මෙහෙම කියනවා: “මන්ත්‍රණය [විශ්වාසයෙන් යුත් කතාබහ කිරීම, NW ] නැති කල යෝජනා නිෂ්ඵලවන්නේය.” “විශ්වාසයෙන් යුත් කතාබහ කිරීම” ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනය කුළුපගතාව අඟවන අතර, ගීතාවලිය 89:7හි “සභා[ව] [කුළුපග කණ්ඩායම, NW ]” ලෙස යොමු දක්වලා තියෙනවා. එමනිසා නිකම් මූනිච්චාවට කතාබහ කිරීම නෙවෙයි, නමුත් දෙදෙනාම තම ඇතුළාන්ත හැඟීම් හෙළි කරමින් අවංකව සහ ස්ථිරව අදහස් හුවමාරු කරගැනීම ඊට ඇතුළත් වෙනවා.—හිතෝපදේශ 13:10.
උදාහරණයක් වශයෙන්, සමහර අවස්ථාවලදී විශ්වාසවන්ත කලත්‍රයාට, ඇගේ ස්වාමිපුරුෂයාගෙන් අහන්න තවත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. සම්බන්ධය පටන්ගත්තේ කොහොමද? ඒක කොයි තරම් කාලයක් පැවතුණාද? ඒ ගැන දන්නේ තව කවුද? මේ කාරණා ගැන කතා කරන එක යුවළට වේදනාකාරි වෙන්න පුළුවන් බව ඇත්තයි. කොහොමවුණත්, විශ්වාසය ප්‍රකෘතිමත් කරගන්න එවැනි දැනගැන්මක් අවශ්‍යයි කියා විශ්වාසවන්ත කලත්‍රයාට දැනෙන්න පුළුවන්. එහෙම නම්, විශ්වාසය කඩ කළ කලත්‍රයා අවංකව හා සැලකිලිමත්ව පිළිතුරු දීම හොඳම දෙයයි. අදහස් හුවමාරු කරන්නේ වේදනා ඇති කරගන්න නොවෙයි, සුව කරගන්නයි කියන අදහස හිතේ රඳවාගෙන ඔහු කාරණා ප්‍රේමනීයව හා කාරුණිකව පැහැදිලි කළ යුතුයි. (හිතෝපදේශ 12:18; එපීස 4:25, 26) සිද්ධ වුණ දේ ගැන තම තමන්ගේ හැඟීම් ඉදිරිපත් කරද්දී දෙදෙනාම නුවණක්කාරව, ආත්ම දමනයෙන් හා අනුකම්පාවෙන් යුතුව සවන් දිය යුතුයි.c—හිතෝපදේශ 18:13; 1 කොරින්ති 9:25; 2 පේතෘස් 1:6.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන අයට සභාවේ වැඩිමහල්ලන්ගෙන් සහාය ඉල්ලන්න වුවමනා විය හැකියි. සැබවින්ම, යුවළගේ හා සභාවේ ආත්මික ශුභසිද්ධිය සම්බන්ධයෙන් සැලකිලිමත් වන වැඩිමහල්ලන්ට, කාමමිථ්‍යාචාරය වැනි බරපතළ පාප ගැන ක්‍රිස්තියානීන් පාපොච්චාරණය කළ යුතුයි. කාමමිථ්යාචාරිකයා වැඩිමහල්ලන්ව මුණගැසුණු විට, ඔහු අවංක පසුතැවිල්ලක් පෙන්නුවා විය හැකි අතර, මේ හේතුවෙන් සභාවේ රැඳී ඉන්න ඉඩහැරියා වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී, කලත්‍රයන් දෙන්නාටම නිරතුරු සහාය දෙන්න වැඩිමහල්ලන්ට පුළුවන්.—යාකොබ් 5: 14, 15.
යළි ගොඩනැඟීම
යුවළ හැකි තරම් දුරකට තම හැඟීම් ස්ථිරත්වයකට ගෙනා පසු, ඔවුන්, ඔවුන්ගේ විවාහයේ වැදගත් පැති යළි ගොඩනඟන්න සුදුසු තත්වයක ඉන්නවා. අවංකව අදහස් හුවමාරු කරගැනීම දිගටම කළ යුතුයි. දුර්වලකම් දැනගත් විට, යෝග්‍ය වෙනස්කම් කළ යුතුයි.
වෙනස්කම් කිරීමේ අවශ්‍යතාව මූලිකවම පැටවෙන්නේ වරද කළ කලත්‍රයා මතයි. කොහොමවුණත්, විවාහයේ දුර්වල පැති ශක්තිමත් කරමින් විශ්වාසවන්ත කලත්‍රයා ඇගේ කොටස කළ යුතුයි. කාමමිථ්‍යාචාරය ඇගේ වරදක්, එහෙමත් නැත්නම් එය නිදහසට කරුණක් බව මින් අදහස් කරන්නේ නෑ—එවැනි පාපයක් කිරීම සඳහා වලංගු නිදහසට කරුණක් නෑ. (සසඳන්න උත්පත්ති 3:12; 1 යොහන් 5:3) විවාහය තුළ විසඳුමක් අවශ්‍ය වූ ගැටලු තියෙන්න ඇති කියන එකයි එයින් අදහස් කරන්නේ. යළි ගොඩනැඟීම හවුල් ව්‍යාපාරයක්. දෙදෙනාම අන්‍යොන්‍ය සාරධර්ම හා ඉලක්ක ශක්තිමත් කරගත යුතුව තිබෙනවාද? ආත්මික ක්‍රියාකාරකම් අතපසු කර තිබෙනවාද? පැහැදිලිව පෙනෙන දුර්වලකම් සොයා දැනගැනීමත්, අවශ්‍ය වෙනස්කම් කිරීමත්, දැඩි ලෙස හානියට පත් විවාහයක් යළි ගොඩනැංවීමට අත්‍යවශ්‍යම දෙයයි.
පවත්වාගෙන යෑම
හොඳින් ගොඩනැඟූ නිවසකටත් නිතිපතා පවත්වාගෙන යෑමක් අවශ්‍යයි. එහෙම නම්, යළි ගොඩනැඟූ සබඳතාවක් පවත්වාගෙන යෑම කොයි තරම් වැදගත්ද? යුවළ තම නව අධිෂ්ඨානවලට එකඟව ක්‍රියා කිරීමට ගන්නාවූ තමන්ගේ තීරණය කාලයාගේ ඇවෑමෙන් පහ වී යන්න ඉඩ නොදිය යුතුයි. අදහස් හුවමාරු කිරීමේ පුරුදු දුර්වල වී යෑම වැනි සුළු සුළු බාධාවීම් අද්දකිද්දී අධෛර්යය වෙනවා වෙනුවට, ඔවුන් නැවතත් නියම මාර්ගයට ඒමට වහාම පියවර ගත යුතු අතර, දිගටම ඉදිරියටම ගමන් කළ යුතුයි.—හිතෝපදේශ 24:16; ගලාති 6:9.
සියල්ලටම වඩා, ස්වාමිපුරුෂයා හා භාර්යාව තමන්ගේ ආත්මික ක්‍රියාකාරකම්වලට වැඩිම ප්‍රමුඛතාව දිය යුතු අතර, එය හෝ ඔවුන්ගේ විවාහය දෙවන තැනට දමමින් වෙනත් යම් ක්‍රියාකාරකමකට මුල් තැන නොදිය යුතුයි. ගීතාවලිය 127:1 මෙහෙම කියනවා: “[යෙහෝවා, NW ] ගෙය නොසාදනසේක් නම්, සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති.” එමෙන්ම, යේසුත් මෙහෙම අවවාද කළා: “යමෙක් මාගේ මේ වචන අසා, ඒවා පිළි නොපදීද, ඔහු වැලි මත්තෙහි තමාගේ ගෙය සාදාගත් නුවණ නැති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය. වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; ඒක වැටුණේය. එහි වැටීමද බලවත්විය.”—මතෙව් 7:24-27.
එසේය, බයිබල් ප්‍රතිපත්ති අදාළ කිරීම අමාරු නිසා ඒවා නොසලකා හැරියොත්, විවාහයේ ඊළඟට එන්න තිබෙන විශ්වාසීව සිටීමේ කුණාටු සහිත පරීක්ෂණයේදී එය සුනු විසුනු වෙලා යාවි. කොහොමනමුත්, ස්වාමිපුරුෂයා හා භාර්යාව සියලු කාරණාවලදී බයිබල් ප්‍රමිති පිළිපදිනවා නම්, ඔවුන්ගේ විවාහයට දිව්‍යමය ආශීර්වාද තිබේවි. විවාහයේ විශ්වාසය පවත්වගන්න පොලඹවන බලවත්ම දේ—එනම් විවාහයේ මූලාරම්භකයා වන යෙහෝවා දෙවිව සතුටු කිරීමේ ආශාවත්—ඔවුන්ට තිබේවි.—මතෙව් 22:36-40; දේශනාකාරයා 4:12.
[පාදසටහන්වල]
a කෙනෙක්ට කාමමිථ්‍යාචාරික කලත්රයෙක්ව දික්කසාද කරන්න තෝරගන්න ඉඩ තිබෙන්නේ ඇයි කියන එකට වලංගු හේතු තියෙනවා. මේ කාරණය සම්බන්ධයෙන් සවිස්තර සාකච්ඡාවක් සඳහා, 1995 නොවැම්බර් 8 පිබිදෙව්! කලාපයෙහි “බයිබලයේ දෘෂ්ටිකෝණය: කාමමිථ්‍යාචාරය—සමාව දිය යුතුද, නැද්ද?” යන ලිපිය බලන්න.
b විශ්වාසය කඩ කළ කලත්‍රයා කියා අපි යොමු දක්වන්නේ පුරුෂයෙකුටයි. එක් ඡන්ද විමසුමක් තක්සේරු කරන්නේ ස්ත්‍රීන් මෙන් දෙගුණයක් පිරිමින් ද්‍රෝහි වෙන බවයි. කෙසේවුවත්, සාකච්ඡා කළ ප්‍රතිපත්ති, නිර්දෝෂ කලත්‍රයා ක්‍රිස්තියානි පුරුෂයෙක් වන විටත් එක සමානවම අදාළ වෙනවා.
c හොඳ සවන් දෙන්නෙකු වීම සම්බන්ධයෙන් තොරතුරු සඳහා පිබිදෙව්! 1994 මැයි 8, පිටු 6-9 සහ 1995 අප්‍රියෙල් 8, පිටු 10-13 බලන්න.