යෞවන අය අසති . . .
පරිගණක හෝ වීඩියෝ ක්‍රීඩා කිරීම මට සුදුසුද?
ඔවුහු ඔබ වටලාගෙන සිටිත්! එහෙත් ඔබ කිසිසේත් අසරණ වී නැත. ඔබගේ ලේසර් තුවක්කුවලින් වෙඩි තබමින්, ඔබ ඔබේ සතුරන් සියලුදෙනාවම කැබලි කොට දමන්නෙහිය. ගැටලුව කුමක්ද කිවහොත්, ඔබ වැඩි වැඩියෙන් වෙඩි තබත්ම, සතුරනුත් වැඩි වැඩියෙන් මතුවීමයි. එබැවින් බේරීමට ඔබට ඇත්තේ එකම එක විකල්පයක් පමණි—එනම්, පෙනෙන්ට සිටින හැම ජීවියෙකුවම මරා දැමීමයි. ඔබ මෙසේ වෙඩි තබත්ම, සතුරෝ ලේ විලක වැටී මියයති . . .
“කොන්ද දෙපළු-කරන, මස් හූරා-දමන, හිස-පුපුරන විනෝදය”! ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක නවතම සංස්කරණය සම්බන්ධයෙන් එක් සඟරා ලේඛකයෙකු ඉතා උද්යෝගයෙන් විස්තර කළේ එලෙසය. ඇත්තෙන්ම කියනවා නම්, මෙය, ඉතා උද්යෝගවත් මනඃකල්පිත සිද්ධීන් රඟදැක්වීමට ක්‍රීඩකයන්හට ඉඩ හරින අලුත් වර්ගයේ පරිගණක හා වීඩියෝ ක්‍රීඩාවලින් එකක් පමණි. ලෙයින් නැහැවුණු, බොහෝවිට ඉතා කුරිරු, සාහසික වූ මෙම ක්‍රීඩා හා සන්සන්දනය කරන විට, කලින් මුදාහරිනු ලැබූ මෙවන් ක්‍රීඩා, සෑහෙන උදාසීන ගතියක් පිළිබිඹු කරයි.
ඒ කෙසේවෙතත්, සාහසික වීඩියෝ හා පරිගණක ක්‍රීඩා යෞවනයන් අතර මහත් ජනප්‍රියත්වයක් ලබා ඇත. ඇරත් එක්සත් ජනපදයේ වෙසෙන පවුල්වලින් තුනෙන් එකකට පමණ යම් ආකාරයක විද්‍යුත් ක්‍රීඩා පද්ධතියක් තිබෙන බැවින්, තරුණ තරුණියන් මිලියන ගණනකට ඒවා පහසුවෙන්ම සෙල්ලම් කළ හැක. එවන් විද්‍යුත් උපකරණ නොමැති නිවෙස්වල වෙසෙන තරුණ තරුණියන්ට, මෙම ක්‍රීඩා කිරීම සඳහා මිත්‍රයෙකුගේ නිවසකට හෝ වීඩියෝ ක්‍රීඩා මධ්‍යස්ථානයක් වෙත යෑමට අවශ්‍ය විය හැක්කේ, කෙටි දුරක් ඇවිදීම පමණි.
ඔබ සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? මෙම නව ක්‍රීඩාවලින් සමහරක් මිල දී ගැනීමට හෝ අඩුම තරමින් ඒවා අත්හදා බැලීමට හෝ ඔබ පෙලඹී තිබෙනවාද? හොඳයි, සාධක සියල්ල පරීක්ෂා කර බැලීමෙන් පසුව, එසේ කිරීම සම්බන්ධයෙන් ඔබගේ අදහස් වෙනස් විය හැකිය.
ක්‍රීඩා සියල්ලක්ම එක හා සමාන නොවේ!
සියලුම වීඩියෝ හෝ පරිගණක ක්‍රීඩා ප්‍රතික්ෂේප කළ යුතු හෝ සාහසික ඒවා නොවන බව ප්‍රථමයෙන් අප පිළිගත යුතුය. බොහෝ ක්‍රීඩා අධ්‍යාපනික ස්වරූපයක් ගනී; ප්‍රාණවත් මෙන්ම විනෝදාත්මක ආකාරයකින් භූගෝල විද්‍යාව, ගණිතය සහ යතුරු ලියනය වැනි විෂයන් එමගින් උගන්වනු ලැබේ. වෙනත් ක්‍රීඩා, පැසි පන්දු හා හොකී වැනි ක්‍රීඩා රඟ දක්වමින්, ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවට අභියෝගයක් එල්ල කරයි. එමෙන්ම මනසෙහි නොයෙක් ප්‍රශ්න උපදවන මෙන්ම අභියෝග කරන්නාවූ උසස්-තාක්ෂණික ප්රහේලිකාද තිබේ.
හොඳම ආකාරයේ ක්‍රීඩාවලට පවා සෑහෙන කාලයක් වැය විය හැකි බව සැබෑවකි. ඇරත් ‘කාලය මිල දී ගැනීමට’ එනම් ආත්මික කාරණා සඳහා කාලය ඥානවන්ත ලෙස භාවිත කිරීමට බයිබලය ක්‍රිස්තියානීන්ට දිරිගන්වයි. (එපීස 5:16, NW) කෙසේවෙතත්, ඔබ අවදි වී සිටින සෑම මොහොතක්ම වැඩ කිරීමට හෝ පාඩම් කිරීමට යෙදවිය යුතුයයි බයිබලය ඉල්ලා සිටින්නේ නැත. ඊට වෙනස්ව, “සිනාසෙන්ට කාලයක් . . . සහ නටන්ට කාලයක්” තිබෙන බව එය අපට සිහි කර දෙයි. (දේශනාකාරයා 3:4) පමණ දැන ක්‍රීඩා කටයුතුවල යෙදෙද්දී, ඉන් නැවුම්බවක්ද ප්‍රයෝජනයක්ද ලැබිය හැකිය.
කෙසේවෙතත්, මෙම ක්‍රීඩාවලින් වැඩිහරියක් නිර්මාණය කර තිබෙන්නේ, ක්‍රීඩකයන්ට වැඩි කාලයක් අපතේ යැවීම සඳහා බව අප විසින් තේරුම්ගත යුතුය. ඉන් සමහරක, තරඟය යම් මට්ටමකට ගෙන ඒමට පැය ගණනාවක් ගත කිරීමට සිදු වන අතර, එසේ වන්නේ, තවත් මට්ටම් කිහිපයක් තිබෙන බව ක්‍රීඩකයා විසින් සොයාගැනීමට පෙරය—එනම්, ඒවා වළකාලිය නොහැකි, සංකීර්ණ මෙන්ම පැටලිලි සහිත වන අතර—ඉන් ගොඩ ආ යුත්තේ, අවසන් කිරීමට පෙරය! තවද සෑහෙන වෑයමක් දැරීමෙන් පසුව ඉතා සුළු ප්‍රතිඵලයක් ලබා දෙන ක්‍රීඩාද තිබේ. ක්‍රිස්තියානි මාංශික සහෝදරයෝ දෙදෙනෙක් වන ඩෑන් සහ සෑම් ගණිත ගැටලු විසඳීමට පොරොන්දු වූ ක්‍රීඩාවක ඉතා උද්යෝගයෙන් සහභාගි වූහ. කෙසේවෙතත්, තිරය මත එම ගණිත ගැටලුව විසඳීමට වඩා එය කොළ කැබැල්ලක විසඳීම වඩාත් ඉක්මන් බව ඔවුන්ට ඉක්මනින්ම පැහැදිලි විය!
එමනිසා, යම් දුරකට හිතකර විය හැකි පරිගණක සහ වීඩියෝ ක්‍රීඩා සම්බන්ධයෙන්ද, තෝරා බේරාගැනීම සඳහා අවශ්‍යතාවක් තිබේ. ඩෑන් සහ සෑම් මෙසේ පවසති: “ඔබ සාප්පු යන විට සෙවිල්ලෙන් සිටිනවා නම්, සාමාන්‍යයෙන් ඔබට හොඳ ක්‍රීඩාවක් සොයාගැනීමට පුළුවනි.” කෙසේවෙතත්, කෙනෙකුට ඉක්මනින්ම එපා විය හැකි ක්‍රීඩාවක් මිල දී ගැනීම සඳහා සෑහෙන මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමෙන් වැළකීම නුවණට හුරු දෙයකි. එක් පියෙකු තම පුතුන්ට දිරිගන්වන්නේ, ඔවුන් පාසැලේදී හදාරන විෂයන් සම්බන්ධයෙන් ඔවුන්ට උපකාරවත් විය හැකි ක්‍රීඩාවලට පමණක් සීමාවීමටයි.
ඒවායේ අප්‍රසන්න පැත්ත
සියලුම පරිගණක හා වීඩියෝ ක්‍රීඩාවලින් අධ්‍යාපන ප්‍රයෝජනයක් නොලැබෙනවා මදිවට, ඒවා හානි රහිත විනෝදයක් හැටියට පවා සැලකිය නොහැකි වීම අවාසනාවන්ත දෙයකි. විනෝදාස්වාදය සඳහා අදදින ලබාගත හැකි පරිගණක වැඩසටහන් බොහොමයක්, දෙවියන්වහන්සේ හෙළාදකින අපිරිසිදු ව්‍යවහාරයන් වන, “මාංසයේ ක්‍රියා” යනුවෙන් බයිබලය හඳුන්වන දෙයට යොමු දක්වයි. ‘ආත්ම බන්ධන ක්‍රියා,’ හෙළාදකිනු ලබන එවන් “ක්‍රියා” අතුරින් එකකි. (ගලාති 5:19-21) ඇත්තවශයෙන්ම, මායාව යෙහෝවඃ දෙවියන්වහන්සේට “පිළිකුලක්ය.”—ද්විතීය කථාව 18:10-12.
කෙසේවෙතත්, අදදින පවතින ක්‍රීඩා බොහොමයක් ආත්ම බන්ධනයෙන් හා මායාවෙන් පිරී පවතී! එක් ක්‍රීඩාවක ජය අත් කරගැනීමට නම් “මායාකාර මන්ත්‍ර” භාවිත කළ යුතු වේ. ක්‍රීඩා කරන්නන්ට මෙසේ උපදෙස් දී තිබේ: “හූනියම් කිරීමට ඔබ සූදානමින් සිටින විට, මෙනු එකේ වම් පැත්තේ කෙළවරේ තිබෙන අකුණු සංකේතය මත කර්සරය ඔබන්න, ඉන්පසුව මරු පහරක් එල්ල කිරීමට ඔබට වුවමනා වන සත්වයා මත කර්සරය ඔබන්න.” එවන් ක්‍රීඩා තුළින් භූතමය බලවේග පිළිබඳව නුසුදුසු කුතුහලයක් ඇති කිරීමට හැකි නොවේද?
තවද කම්පිත කරවන සාහසිකකම් රැසකට වරින් වර තමාව නිරාවරණය කිරීම සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? “සතුරෙකුගේ පපුව පළා හෘදය ඇදගැනීම” සහ “පිශාචයන් විසින් යන්තමට ඇඟ වැසෙන පරිදි ඇඳ පැළඳ සිටින නව යොවුන් වියේ දැරියන්ගේ ඇඟවල්වල හිල් විදීම” දක්වන ජනප්‍රිය ක්‍රීඩා දෙකක් ගැන යූ.එස්.නියූස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් වාර්තා කරයි. පරිගණක ගත කළ මෙවන් ලේ වැගිරීම්, හානිදායක නොවන මනඃකල්පිතයක් පමණක්ය යන අදහසින් ඇතමෙකු එය නොසලකා හැරිය හැකි මුත්, ගීතාවලිය 11:5හි බයිබලය මෙසේ අනතුරු අඟවයි: “ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයා [මෙන්ම දුෂ්ටයා, NW] විමසනසේක. නුමුත් උන්වහන්සේගේ ආත්මය දුෂ්ටයාටත් බලාත්කාරකමට ප්‍රිය වෙන්නාටත් ද්වේෂකරයි.”—යෙසායා 2:4, සසඳන්න.
පරිගණක තිරයේ ඇඳෙන බාල වර්ගයේ කාමුක කෘති නැරඹීමටද හැකිය. නිරුවත සහ අශික්ෂිත කාමුක ක්‍රියා කොපමණ සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවාද කිවහොත්, නුසුදුසු ක්‍රීඩා ගැන පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීම සඳහා එ.ජ.යේ ක්‍රීඩා නිෂ්පාදකයෝ වර්ග කිරීමේ පිළිවෙළක් ඇති කළහ. එහෙත් තරුණ තරුණියන්ට තහනම් ක්‍රීඩා විකිණීමෙන් වැළකීමට කැමැත්තෙන් සිටින්නේ සිල්ලර ව්‍යාපාරිකයන් ස්වල්පදෙනෙකු පමණි. “පාරිභෝගිකයන්ට අවශ්‍ය දේ සැපයීම තමා අපිට තිබෙන එකම වගකීම” යනුවෙන් එක් සාප්පුවක ලේකම්වරයෙක් කීවේය. එහෙත් ඔබගෙන් මෙසේ අසා බලන්න, ‘කාමුක සිතුවිලි අවුස්සන රූපවලට නිරාවරණය වීම, මට ‘ධර්මිෂ්ඨ, පිරිසිදු, ආදරණීය සහ යහපත් කීර්තියක් ඇති’ දේවලට මගේ සිත යොමු කිරීම සඳහා උපකාරයක් වේවිද?’—පිලිප්පි 4:8.
ඊට ඇබ්බැහි වී!
පරිගණක ගත කරන ලද ක්‍රීඩා යෞවනයන්ට සැබවින්ම බලපාන්නේ කෙසේද යන්න ගැන ප්‍රවීණයන් අතර මතභේදයක් තිබෙන බව සැබෑවකි. නිව් සයන්ටිස්ට් සඟරාවේ, වාර්තා කරන ලද එක් අධ්‍යයනයක්, එවන් ක්‍රීඩා “නරක හැසිරීමට මුල නොවේ” යන ශුභාන්විත නිගමනයට බැස්සේය. කෙසේවෙතත්, එම අධ්‍යයනයට භාජන කරනු ලැබූ යෞවනයන්ගෙන් සියයට 97ක්ම “ක්‍රීඩාවලට ඇබ්බැහි වීමට හැකි බව සිතූහ.” එබඳු ක්‍රීඩා තිබෙන ස්ථානවල ක්‍රීඩා කිරීම විශේෂයෙන්ම හානිදායක වන බව ඔවුහු පැවසූහ. මක්නිසාදයත් “ක්‍රීඩකයන්ට විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමට ඉන් දිරිගන්වනු ලබන නිසාය.”
මෙම ක්‍රීඩාවලට සැබවින්ම ඇබ්බැහි කරවනසුලු ස්වභාවයක් තිබිය හැකිද? ඇතැම් ක්‍රීඩකයන්ට තත්වය එසේ වන බව පෙනේ. එක් තරුණියක් පිබිදෙව්!ට මෙසේ පැවසුවාය: “කල්පනාව සීමා වී තිබෙන්නේ අවසාන අදියරට පැමිණ, ජයගන්න විතරයි.” ඊට සමාන ආකාරයකින් තරුණයෙක් මෙසේ සිහියට නංවයි: “සැමදෙනාවම මරලා, ක්‍රීඩාවේ ඊළඟ මට්ටමට යන්න ක්‍රමයක් සෙවීමට මම පැය ගණනාවක් ගත කළා.”
කිසි දිනක එලෙස ක්‍රීඩාවකට හසු නොවන බව ඔබට හැඟිය හැක. එහෙත් රූපවාහිනී වෘත්තාන්ත සහ චිත්‍රපට මගින් මිනිසුන්ගේ චිත්තවේග හසුරුවනු ලබන ආකාරය ගැන කල්පනා කර බලන්න. කඳුළු සැලීමට, කෝපයට පත් කිරීමට හෝ ප්‍රීති ඝෝෂා පැවැත්වීමට එමඟින් පෙලඹවිය හැකිය. එසේනම්, කුතුහලය දනවන කුමන්ත්‍රණයක්, අද්විතීය චරිත සහ කැපීපෙනෙන විශේෂාංග පමණක් නොව, නමුත් වීරයා වීමටත් ඔබට ඉඩහරින වැඩසටහනක් ගැන කල්පනා කර බලන්න. එයට සම්පූර්ණයෙන්ම සම්බන්ධ වීමෙන් වැළකීම පහසු දෙයක් වනු ඇද්ද? එමනිසා, යථාර්ථයෙන් මනඃකල්පිතය වෙන් කිරීමෙහිලා ඇතැම් ක්‍රීඩකයන්ට දුෂ්කරතා තිබීම පුදුමයට හේතුවක් නොවෙයි. එක් යෞවනයෙක් මෙය සිහියට නංවයි: “සාහසික ක්‍රීඩා කිරීමේ බලපෑම මොනතරම් දරුණු දෙයක්ද කිව්වොත්, මගේ අත පවා තුවක්කුවක් කියා සිතමින් මම එය මනුෂ්‍යයන් වෙත දික් කළා.”
ඥානවන්ත ලෙස තෝරන්න
දෙමව්පියන් විසින් පරිගණක හෝ වීඩියෝ ක්‍රීඩා සීමා කරනු ලබන්නේ නැත්නම්, යෞවනයන් විසින් දේශනාකාරයා 2:14හි සඳහන් උපදෙස් සැලකිල්ලට ගත යුතුය: “ප්‍රඥාවන්තයාගේ ඇස් ඔහුගේ හිසේය.” ඉන් අදහස් කරන්නේ, ප්‍රඥාවන්ත තැනැත්තා තම ගමන ගැන සුපරීක්ෂාකාරිව සිටින අතර, ඉදිරියේ තිබෙන දෙය දකින බවයි. ඇත්තෙන්ම කියනවා නම්, පරිගණක විනෝදාස්වාදය තුළ දැනටමත් දෙවියන්වහන්සේ පිළිබඳ දැනුමට විරුද්ධ දේවල් බොහොමයක් අන්තර්ගත වේ. (2 කොරින්ති 10:5, සසඳන්න.) ඇරත් මෙම පරිගණක වැඩසටහන් නිෂ්පාදනය කරන්නන් ඊළඟට කුමක් නිකුත් කරාවිද කියා දන්නේ කවුද? එමනිසා, ඕනෑම යෞවනයෙකු ක්‍රීඩාවක් මිල දී ගැනීමට, සෙල්ලම් කිරීමට හෝ කුලියට ගැනීමට පෙර, තමාගෙන් මෙසේ ඇසිය යුතුය: ‘එය ඉදිරිපත් කරන විෂය කුමක්ද? එහි නාමය ගුප්ත දේවලට නැඹුරුවාවක් දක්වනවාද? කවරයේ තිබෙන චිත්‍රය කුරිරු සාහසිකකම පිළිබිඹු කරන්නේද?’
උපරිමයෙන් ගත් කල, විද්‍යුත් ක්‍රීඩා මගින් යම් ප්‍රයෝජනදායක සතුටක් සහ දැනුමක් සැපයිය හැකිය. එහෙත් ඔබගේ අගනා කාලයෙන් විශාල ප්‍රමාණයක් වැය කිරීමට තරම් ඒවා සැබවින්ම වටිනවාද? අවුරුදු දාහතරක් වයසැති, කලින් සඳහන් කළ සෑම් මෙසේ විස්තර කරයි: “වීඩියෝ ක්‍රීඩා තහනම් කළ දෙයක් කියා අපේ තාත්තා කවදාවත් අපිට කිව්වේ නැහැ. නමුත් ඔහු මෙහෙම අහලා තියෙනවා, ‘බොත්තමක් එබුවාම, කෙනෙක් තිරය හරහා දුවන එක හෝ පනින එක දැකීමෙන් වැඩක් තියෙනවාද?’” “දැන් අපිත් කල්පනා කරන්නේ ඒ විදිහටයි,” යනුවෙන් ඔහුගේ සහෝදර ඩෑන් පවසයි.
එසේය, සතුටු වීම සඳහා වෙනත්—සමහරවිට වඩාත් ඵලදායක—ක්‍රම තිබෙන බව අමතක කරන්න එපා. කියවීම, කලා ශිල්පවල යෙදීම, සෞඛ්‍යයට හිතකර ක්‍රීඩාවල යෙදීම, ගී ගැයීම හෝ සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට ඉගෙනගැනීම ඉන් සමහරකි. ‘දේවභක්තිය ඔබගේ ඉලක්කය කොට පුහුණු වීම’ ඊටත් වඩා අතිශයින් ප්‍රයෝජනදායක වේ. (1 තිමෝති 4:7, NW) එසේ කිරීම, ඕනෑම විද්‍යුත් ක්‍රීඩාවක් කිරීමට වඩා ඉතා අගනා දෙයකි.
[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
එක් අධ්‍යයනයකට භාජන කරනු ලැබූ යෞවනයන්ගෙන් සියයට 97ක්ම “ක්‍රීඩාවලට ඇබ්බැහි වීමට හැකි බව සිතූහ.”
[14වන පිටුවේ පින්තූරය]
සාහසික වීඩියෝ ක්‍රීඩා කිරීම ඇත්තෙන්ම ඔබට හානිදායක විය හැකිද?