ඔහු සෙවිල්ලෙන් සිටියේ අවංකභාවය ගැනයි
ඉක්වදෝරයේ විසූ තරුණ ස්ත්‍රියක් රැකියා සම්මුඛ පරීක්ෂණයකට ගියාය. වෙනත් අපේක්ෂකයන් සමඟ කතා කිරීමෙන් පසුව—මුළු එකතුව ගත් කල 36දෙනෙක් සිටියහ—තමාට එම රැකියාව ලැබීමේ ඉඩ කඩ අඩු බව ඇයට පෙනී ගියේය. ඔවුන් රැකියාවේ පළපුරුද්ද හා විශ්වවිද්‍යාලීය අධ්‍යාපනයක් ලබා සිටි අය වුවත්, ඇයට ඒ කිසිවක් තිබුණේ නැත. එපමණක්ද නොව, ඇගෙන් අසනු ලැබූ ප්‍රශ්න හයෙන්, දෙකකටම ඈ දුන් උත්තරත් වැරදි ඒවා විය. කෙසේවෙතත්, එක ප්‍රශ්නයක් පෞද්ගලික ස්වභාවයක් ගත්තේය: “සත්‍යයෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද?”
එම ස්ත්‍රිය මෙසේ උත්තර දුන්නාය: “සත්‍යය කියන්නේ නිකම්ම අපැහැදිලි සංකල්පයක් නෙවෙයි. ඒක අපි ක්‍රියාවට නැංවිය යුතු දෙයක්. අපි බොරු කියන්නේ නැතුව සත්‍යය කතා කරන්න අවශ්‍යයි. බොරු කීවොත් අපි සාතන් නමැති යක්ෂයාව අනුකරණය කරනවා. සත්‍යය කතා කළොත්, අපි දෙවියන්වහන්සේව සතුටු කරන්න යනවා. එතකොට අපට පෞද්ගලික ප්‍රයෝජන හුඟක් ලැබෙයි.”
එම ස්ත්‍රියගේ ආගම කුමක්දැයි කළමනාකරු ඇගෙන් විමසූ විට, තමා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක බව ඇය පැවසුවාය. රැකියාවට ඇයව තෝරාගනු ලැබූ බව ඊළඟ දිනයේදී ඇයට දැනුම් දෙන ලදි. තමාව තෝරාගත්තේ මන්දැයි මාසයකට පසුව එම ස්ත්‍රිය කළමනාකරුගෙන් විමසුවාය. ඔහු එසේ කළේ ඇගේ අවංකභාවය නිසායයි ඔහු කීවේය.
අදදින වෙසෙන බොහෝදෙනෙකු වංක බව සැබෑවක් නොවේද? අනික් අතට, බයිබලයට ගරු කරන අය තම අවංකභාවය සම්බන්ධයෙන් ප්‍රසිද්ධව සිටිති. වර්ෂ 1995 ජූලි 1, මුරටැඹ සඟරාවේ මෙසේ සඳහන් විය: “බයිබලය තුළ ඇති ‘සත්‍යය’, දර්ශනවාදීන් විවාද කරන වියවුල්සහගත, තේරුම්ගත නොහැකි යම් සංකල්පයක් නම් නොවේ.”
මුරටැඹ සඟරාව නිතිපතා කියවීමෙන් ඔබට ප්‍රයෝජන ලැබෙනු ඇත. මෙය, බයිබල් සත්‍යතාවලට පක්ෂව කතා කරන බවට ලොව පුරා කීර්තියක් ලබා තිබෙන සඟරාවකි. එහි පිටපතක් ලබාගැනීමට හෝ නොමිලේ බයිබල් පාඩමකට ඔබ කැමති නම්, කරුණාකර, වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල 0730 යන ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න.