යුද්ධයෙන් තොර ලොවක් නුදුරෙහි
යෙසායාහි බයිබල් අනාවැකිය දෙස යළිත් බලන්න, එය මෙසේ පවසයි: “ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.” මෙහි පද සම්බන්ධයට අනුව, තමුන්ගේ කඩුවලින් හීවැල් තළාගන්නන්, දෙවියන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන “බොහෝ ජනයන්” බව සලකන්න. (යෙසායා 2:2-4) මෙම ජාතීන් යෙහෝවඃ දෙවියන්වහන්සේට නමස්කාර කරන අතර, උන්වහන්සේගේ නීතිවලට කීකරු වන බව මින් අදහස් කරයි. ඔවුහු කවරහුද?
ඔවුහු නිකම්ම යුද අවි ප්‍රතික්ෂේප කරන බහු ජාතික ජනකායක් නොව, නමුත් ආරවුල් හා සටන්වලට මඟ පාදන ආකල්ප හා සිතැඟියාවන් සිය මනස් හා හෘදවලින් මුලිනුපුටා දැමීමට ක්‍රියා කළ අය වෙති. (රෝම 12:2) සිය අසල්වාසියාව ඝාතනය කරනවා වෙනුවට, ඔවුහු ඔහුට ප්‍රේම කරති. (මතෙව් 22:36-39) ඔබ එවන් සෙනඟක් ගැන අසා තිබේද?
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අන්තර්ජාතික සහෝදරත්වයක් භුක්තිවිඳින බවත්, අන්‍යයන්ව ඝාතනය කිරීමට යුද අවි ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත් සමහරවිට ඔබ අසා තිබිය හැක. ඒ ගැන සිතා බලන්න: පොළොවේ සෑම කෙනෙකුම එම දෘෂ්ටිකෝණය දැරුවා නම්, මෙම ග්‍රහයා දැනටමත් සාමය හා සුරක්ෂිතභාවය ඇති තැනක් නොවනු ඇද්ද?
සෑම කෙනෙකුටම එම දෘෂ්ටිකෝණය නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය මීට වසර 3,000කට පමණ පෙර සාලමොන් රජ ලියූ මෙම දෙයට සමානය: “නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය.”—දේශනාකාරයා 4:1.
සාමයට කැමති අයට අමතනු ලැබේ
යුද්ධයෙන් තොර ලොවක් කවදා හෝ තිබෙනු ඇද්ද? එසේය. එය මිනිසාගේ ප්රයත්නයන්ගෙන් පැමිණේද? නැත. අතිමහත් ජනකායක් සැබෑ ආගමට හැරවීමෙන් එය පැමිණෙනු ඇද්ද? නැත. ගීතාවලිය නමැති බයිබල් පොත මෙසේ පිළිතුරු දෙයි: “[ජනයෙනි, NW ] එව්, ස්වාමීන්ගේ ක්‍රියාවන්, . . . බලව්. උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක.”—ගීතාවලිය 46:8, 9.
යෙහෝවඃ දෙවියන්වහන්සේ එය කරනු ඇත්තේ කෙසේද? හිතෝපදේශ පොත මෙසේ පිළිතුරු දෙයි: “අවංක අයවල් දේශයෙහි වාසයකරන්නෝය. නිර්දෝෂ අයවල්ද එහි නැවතී සිටින්නෝය. නුමුත් දුර්ජනයෝ [දෙවියන්වහන්සේගේ නීති නොසලකා හරින්නෝ] දේශයෙන් සිඳදමනු ලබන්නෝය. ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය.”—හිතෝපදේශ 2:21, 22.
දෙවියන්වහන්සේ මීට පෙර ක්‍රියාත්මක නොවීමට මූලික හේතුව මෙයයි: ජනයාට උන්වහන්සේගේ මාර්ගවල හැසිරීමට හැකි වන පරිදි, උන්වහන්සේ ඔවුන්ට ස්වකීය මාර්ග පිළිබඳව ඉගෙනීමට ප්‍රස්තාවක් දෙනසේක. ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේය: “ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමීන්වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට උන්වහන්සේ නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක.”(2 පේතෘස් 3:9) මෙබැවින්, දෙවියන්වහන්සේගේ සෙනඟ යෙහෝවඃවහන්සේ ගැන ඉගෙනීමට පරාර්ථකාමී ලෙස අන්‍යයන්ට උපකාර කරති. යෙසායා ඒ සම්බන්ධයෙන් පැවසූ ලෙස, ඔවුහු මෙසේ හඬගසති: “වරෙල්ලා, ස්වාමීන්වහන්සේගේ කන්දට . . . යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග අපට උගන්වනසේක.”—යෙසායා 2:3.
‘දවස්වල අවසාන භාගය’
සාමයේ මාර්ගවල ජනයාව දැනුවත් කිරීම “දවස්වල අවසාන භාගයේදී” සිදු වනු ඇතැයිද යෙසායාහි මෙම පදය පුරෝකථනය කළේය. (යෙසායා 2:2, NW ) අප දැනටමත් ජීවත් වන්නේ එම කාලයේමය. පැහැදිලිවම, මෙම සියවසේ යුද්ධ අප එම කාලයේ ජීවත් වන බව අඟවයි.
මෙම දේවල පිළිවෙළේ අවසානය ලකුණු කරනු ඇත්තේ කුමක්දැයි යේසුස්වහන්සේගේ ගෝලයන් ඇසූ විට, උන්වහන්සේ “මහත් භූමිකම්පාද නොයෙක් තැන්වල සාගත හා වසංගතද වන්නේය,” යයි පුරෝකථනය කළසේක. (ලූක් 21:11; මතෙව් 24:3) උන්වහන්සේ මෙසේද පැවසූසේක: “යුද්ධ සහ කෝලාහල ගැන අසන කල, ත්‍රස්ත නොවෙල්ලා. මක්නිසාද මේ දේවල් පළමුකොට සිදුවෙන්ට ඕනෑය; නුමුත් කෙළවර එකෙණෙහිම නොපැමිණෙන්නේ[ය. ඉන්පසු] උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත.”—ලූක් 21:9, 10.
වසර දහස් ගණනක් පුරා යුද්ධ තිබී ඇතත්, මෙම සියවසේදී පමණක් ලෝක යුද්ධ දෙකක් දැක තිබෙන අතර, යම් වාර්තාවලට අනුව, වචනානුසාරයෙන්ම කුඩා යුද්ධ සියගණනක් සිදු වී ඇත. මිලියන දස ගණන් ජනයාව යුද්ධවලදී ඝාතනය කර ඇතැයි යන කාරණය බියගන්වනසුලුය. වර්ල්ඩ් වොච් සඟරාවට අනුව, 20වන සියවසට වසර 2,000කට පෙර කාලයේදී, සාමාන්‍ය වශයෙන් ගත් කල, මිලියනයක ජනතාවකට යුද්ධයේදී මියයෑම සඳහා වසර 50ක් ගත විය. මෙම සියවසේදී, සාමාන්‍යයක් වශයෙන්, මිලියනයක ජනතාවකට යුද්ධයෙන් මියයෑම සඳහා ගත වූයේ වසරකි.
යුද්ධයෙන් තොර ලොවක්
අපේ සියවසේ සිදු වූ භයානක යුද්ධ ඇතුළු බයිබල් අනාවැකිවල පුරෝකථනය කර තිබෙන වෙනත් බොහෝ දේවල් සිදුවීම, දෙවියන්වහන්සේ ගෙනෙන නව ලොවක එළිපත්තේ අප සිටින බව පෙන්නුම් කරයි. පැරණි අපිළිවෙළ ලෝකය තුරන් කර, ඒ වෙනුවට සාමය හා ධර්මිෂ්ඨකම පවතින “අලුත් පොළොවක්” ඇති වනු ඇත. (2 පේතෘස් 3:13) දෙවියන්වහන්සේගේ වචනය මෙසේ ප්‍රකාශ කරයි: “නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය. නුමුත් ස්වාමීන් කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුමකරගන්නෝය. නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”—ගීතාවලිය 37:9, 11.
අදදින ලොව පුරා, ගණන් කළ නොහැකි මිලියන සංඛ්‍යාතයක් යුද්ධයෙන් තොර ලොවකට දැඩි ආශාවක් දක්වති. එවැනි ලොවක් ඇති කිරීමට වූ දෙවියන්වහන්සේගේ පොරොන්දුව ඉටු කරලීමට උන්වහන්සේ සහතික වන බව පෙන්වමින්, දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙක් බොහෝ කලකට පෙර මෙසේ ලීවේය: “දර්ශනය නියම කාලය දක්වා තව ප්රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටපන්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවාම ඇත.”—හබක්කුක් 2:3.
එබැවින්, ඥානවන්ත ලෙස, දෙවියන්වහන්සේ කෙරෙහි ඔබේ විශ්වාසය තබා, උන්වහන්සේගේ පොරොන්දුවේ ඉටුවීම භුක්තිවිඳින්න: “දෙවියන්වහන්සේම [ස්වකීය සෙනඟ] සමඟ සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක. උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:3, 4.
[9, 10වන පිටුවේ කොටුව⁄පින්තූරය]
එම නව ලොව ගැන බයිබලයේ පොරොන්දු වන දේ:
අපරාධ, ප්රචණ්ඩත්වය හෝ දුෂ්ටකම නැත
“[දෙවියන්වහන්සේ] පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක.”—ගීතාවලිය 46:9.
“නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය. . . . මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය.”—ගීතාවලිය 37:9, 10.
සියලු මිනිස්වර්ගයා සාමයෙන්
“අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය . . . සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය. . . . උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය.”—යෙසායා 9:6, 7.
මුළු පොළොවම පාරාදීසයක්
යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: ‘නුඹ මා සමඟ පාරාදීසයෙහි සිටින්නෙහිය.’—ලූක් 23:43.
“ධර්මිෂ්ඨයෝ දේශය උරුමකරගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.”—ගීතාවලිය 37:29.
ලොව පුරා ප්‍රේමනීය සහෝදරත්වයක්
“දෙවියන්වහන්සේ . . . තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ උන්වහන්සේ කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ උන්වහන්සේට ප්‍රසන්න[ය].”—ක්‍රියා 10:34, 35.
මියගිය ප්රේමනීයයන්ගේ නැවත නැඟිටීමක්
“සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට [යේසුස්වහන්සේගේ] හඬ ඇසෙන පැය පැමිණ, . . . පිටත්ව එන්නෝය.”—යොහන් 5:28, 29.
අසනීප, මහලු වයස හෝ මරණය තවත් නැත
“උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:4.