ධනවත් ජාතීන්ගේ අපද්‍රව්‍ය ගොඩවල් බවට දිළිඳු ජාතීහු පත් වෙත්
අනවශ්‍ය අනාථ දරුවෙක් මෙන්, නිවසක් සොයාගැනීමේ අටියෙන් විෂ ද්‍රව්‍ය තොගය නැවෙන් නැවට සහ වරායෙන් වරායට ගමන් කර තිබිණ. විෂකර දුම්මල, පළිබෝධ නාශක සහ අනිකුත් අන්තරාදායක රසායනිකවලින් සම්පූර්ණයෙන් පිරුණු බැරල් එකොළොස් දහසක් ජිබූටි අප්‍රිකාවේ සිට වෙනිසුවේලාව, සිරියාව සහ ග්‍රීසිය දක්වා තැනින් තැනට පරිවහණය කර තිබිණ. අවසානයේදී කාන්දු වූ බැරල් හේතුකොටගෙන නැව් පිරිසෙන් කෙනෙකු මත බරපතළ ලෙස හානි පැමිණවීමට පටන් ගැනිණ. නැවෙහි ගබඩා කර තිබූ විෂ ද්‍රව්‍ය හේතුකොටගෙන එක් මිනිසෙක් මරණයට පත් වූ අතර, අනිකුත් අයගෙන් බොහෝදෙනෙකුට සමේ, වකුගඩු සහ ශ්වසන රෝග වැළඳිණ.
නැව්, ට්‍රක් රථ සහ දුම්රියවල් ඒ හා සමාන මාරාන්තික අපද්‍රව්‍ය රැගෙන එම අපද්‍රව්‍ය තැන්පත් කිරීමට යෝග්‍ය තැන් සොයා ග්‍රහ ලෝකය හරහා එහා මෙහා ගමන් කරයි. බොහෝවිට දැනටමත් දිළිඳුකම, සාගත සහ රෝගවලින් පීඩිත රටවල්, ටොන් ගණන් විෂ සහ දූෂණය වූ අපද්‍රව්‍ය සඳහා ගොඩ ගසන බිම් බවට පත්ව තිබේ. කාලයාගේ ඇවෑමෙන් පරිසර විද්‍යාත්මක විනාශයක් සිදු විය හැකි බව ස්වස්ථතා විශේෂඥයෝ බියට පත් වෙති.
පරණ තීන්ත, ද්‍රාවක, ටයර්, බැටරි, විකිරණශීලී අපද්‍රව්‍ය, ඊයම්-සහ PCBවලින් බරවූ ලෝබොර ඔබට පියකරු නොවනවා වන්ට පුළුවන, නමුත් ඒවා ශීඝ්‍රයෙන් දියුණු වන කර්මාන්ත ශාලා-අපද්‍රව්‍ය ව්‍යාපාරයට පියකරුය. පරස්පර විරෝධී කරුණක් නම්, ආණ්ඩුවක් අවට පරිසරය සම්බන්ධයෙන් දැඩි වනවා යම් සේද, විෂකර අපද්‍රව්‍ය එතරම් ප්‍රමාණයක් එහි කර්මාන්ත මගින් පිටරටවලට ඉවත් කරනු ලැබේ. කාර්මීකරණය වූ ජාතීන්ගේ “විෂකර රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා කිසි ප්‍රතිපත්තියක් නැති සමාගම් මගින්, තුන්වන ලෝකයේ රටවලට වාර්ෂිකව ආසන්න වශයෙන් ටොන් මිලියන 20ක් නැව්ගත කරනු ලැබේ,” යනුවෙන් එංගලන්තයේ සතිපතා පත්‍රයක් වන දි ඔබ්සර්වර් ප්‍රකාශ කළේය. නීතියේ රැහැනින් බේරීමට උපක්‍රම යෙදීමෙන් සහ නීති ලිහිල්ව පැනවීමෙන් අදහස් වන්නේ, ටොන් දහස් ගණන් විෂකර අපද්‍රව්‍ය අප්‍රිකානු, ආසියානු සහ ලතින් අමෙරිකානු දේශ මත පතිත වීමයි.
මෙලෙස අපද්‍රව්‍ය ගොඩ කිරීම මෙම කර්මාන්තවලට ආකර්ෂණීය යමක් ලෙස දිස්වීම පුදුමයට හේතුවක් නොවේ! නිවැරදි පිහිටීම උපයෝගි කරනු ලැබේ නම්, අතිවිශාල ලෙස වියදම කපා හැරිය හැක. යුනයිටඩ් ස්ටේට්ස් යන සංචාරක නෞකාව මෙයට උදාහරණයකි, මෙය එක් කලකදී ගමන් මඟීන් ගෙන යන අමෙරිකානු නෞකා අතුරින් කීර්තිමත් ප්‍රධාන නෞකාව විය. සුඛෝපභෝගි නෞකා සංචාරවල යෙදීම සඳහා නැවත අලුත් වැඩියා කිරීම පිණිස එය 1992දී මිල දී ගැනිණ. පෙනෙන ලෙසට දියත් වූ වෙනත් ඕනෑම නැවකට වඩා වැඩියෙන් එහි ඇස්බෙස්ටොස් අඩංගු විය. එක්සත් ජනපදයේ ඇස්බෙස්ටොස් අහක් කිරීම සඳහා ඩොලර් මිලියන 100ක් පමණ වියදම් වනු ඇත. ඩොලර් මිලියන 2කින් එය කරගත හැකි වන පිණිස නැව තුර්කියට ඇදගෙන යන ලදි. එහෙත් ඔවුන්ගේ රට තුළ පිළිකාකාරක ඇස්බෙස්ටොස් තන්තු, වර්ග මීටර 46,000කට වඩා වැඩියෙන් ගලවා දැමීමට අවසර දීම වඩාත් අනතුරුදායක බැවින් තුර්කි ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළේය. අවසානයේදී පාරිසරික ප්‍රමිති එතරම් දැඩි නොවන තවත් රටක වරාය කරා නැව ඇදගෙන යන ලදි.
මාරාන්තික ප්‍රතිචක්‍රීකරණය
සංවර්ධනය වෙමින් පවතින රටවල දිළිඳුන්ට උපකාරකරන්නන් ලෙස තමුන් ගැන සිතන්ට බටහිර ව්‍යාපාර කැමති විය හැක. “අපද්‍රව්‍ය අපනයනය සහ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය මෙම රටවල ජීවන මට්ටම ඉහළ නංවයි” යනුවෙන් එ.ජ. වානිජ මණ්ඩලයේ හාර්වි ඕල්ටර් තරයේ කියා සිටී. එහෙත් පිටරටවල ඔවුන්ගේ සාමුහික හැසිරීම පිළිබඳව පුනරීක්ෂණයක් කිරීමේදී බොහොමයක් අවස්ථාවල ජීවන මට්ටම ඉහළ නංවනවා වෙනුවට, මෙම කර්මාන්ත “පෙනෙන ලෙසට අවම දේශීය වේතනවලට වඩා වැඩියෙන් නොගෙවන අතර, පරිසරය අපවිත්‍ර කිරීම සහ සමහර අවස්ථාවල අනතුරුදායක සහ කූට ලෙස අළෙවි කරනු ලබන නිෂ්පාදන විකුණන බව” සොයාගන්නා ලදි.
මෑතකදී සංවර්ධනය වන ලෝකයේ පරිසර දූෂණය හා සම්බන්ධ වැඩමුළුවකට IIවන ජුවාම් පාවුලු පාප් ඔහුගේ අදහස්ද පළ කළේය. පාප් මෙසේ පැවසුවේය: “පරිසරය හා ජනගහනයේ සෞඛ්‍ය තත්වය පසුබෑමකට ලක් කරන දූෂිත තාක්ෂණික ක්‍රම හා අපද්‍රව්‍ය අපනයනය කිරීම මගින්, ධනවත් රටවල් වඩාත් දුප්පත් රටවල දුර්වල ආර්ථිකවලින් හා නීති පැනවීමෙන් වාසි ලබන විට, එය බරපතළ අපරාධයකි.”
රසදිය අඩංගු අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන ලෝකයේ විශාලතම යන්ත්‍රය තිබෙන දකුණුදිග අප්‍රිකාවේ ඔබින නිදර්ශනයක් සොයාගත හැකි වේ. “එම මහද්වීපයේ දරුණුතම පරිසර දූෂණ අපකීර්තිවලින් එකක්” ලෙස හැඳින්වූ එම සිද්ධියේදී, විෂකර අපද්‍රව්‍ය හේතුකොටගෙන, එක් වැඩකරුවෙකු මියගිය අතර, තවත් කෙනෙකු අධිමුර්ඡාවට පත් විය, තවද ශ්‍රම බලකායෙන් තුනෙන් එක් කොටසක් යම් ආකාරයක රසදිය විෂවීමක් හේතුකොටගෙන පීඩා විඳිති. ඇතැම් රසදිය අපද්‍රව්‍ය විනාශ කිරීම සමහර කාර්මික ජාතීන්ගේ ආණ්ඩු මගින් තහනම් කර හෝ බලවත් ලෙස සීමා කර තිබේ. අඩු තරමින් මෙම රටවලින් එකක සංස්ථාවල නැව්, අප්‍රිකාවේ වෙරළබඩ ප්‍රදේශවලට මෙම අනතුරුදායක ද්‍රව්‍ය ප්රවාහණය කරයි. පිටරට සමාගම් තුනකින් රසදිය අඩංගු කසළ බැරල් 10,000ක් පිරියතේ ගබඩා කර තිබෙන බව එක් පරීක්ෂණ කණ්ඩායමක් සොයාගත්තේය.
අපද්‍රව්‍ය ඔවුන් මත ගොඩගසනවාට වඩා සංවර්ධනය වන ජාතීන්ට ප්‍රතිචක්‍රීකරණය සඳහා ද්‍රව්‍ය යැවීම, වඩාත් හොඳ බව පෙනී යයි. ඉන් වටිනා අතුරු නිෂ්පාදන, රැකියා සැපයිය හැකි අතර, ආර්ථිකයේ දියුණුවටද රුකුලක් විය හැක. එහෙත් ඉහත සඳහන් දකුණුදිග අප්‍රිකානු වාර්තාව පෙන්නුම් කරන්නාක් මෙන්, විනාශකාරි විපාකද ප්‍රතිඵල විය හැක. මෙම ද්‍රව්‍යවලින් සාදන ලද වටිනා නිෂ්පාදන ආපසු ගැනීමෙන්, පරිසර දූෂණය සහ ලෙඩරෝග, සමහරවිට වැඩකරුවන්ට මරණය උපදවන මාරාන්තික රසායනික ද්‍රව්‍ය මුදාහැරිය හැක. නිව් සයන්ටිස්ට් සඟරාව මෙසේ නිරීක්ෂණය කරයි: “ඇතැම්විට ප්‍රතිචක්‍රීකරණය මුවාවෙන් අපද්‍රව්‍ය ගොඩබැසීම සිදු කරන බවට කිසිදු සැකයක් නොමැත.”
යූ.එස්.නියූස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් මෙම දක්ෂ උපාය මෙසේ විස්තර කරයි: “නිෂ්පාදන සඳහා ව්‍යාජ ලේබල් ගැසීම, නීතියේ රැහැනින් බේරීමට තිබෙන උපක්‍රම එමෙන්ම ශිල්ප ඥානයේ ඌනතාවක් හේතුකොටගෙන, විෂකර කැළි කසළ ‘ඓන්ද්‍රීය පොහොර’ හැටියට හෝ යල් පැනගිය පළිබෝධනාශක ‘ගොවිපොළවල් සඳහා ආධාර’ ලෙස අළෙවි කරන කලහකාරි අපද්‍රව්‍ය වෙළඳුන්ට, සංවර්ධනය වෙමින් පවතින රටවල් පහසු ගොදුරු බවට පත් වේ.”
විදේශීය හිමිකම් ඇති මකීලාඩෝරොස් නොහොත් කර්මාන්ත ශාලා මෙක්සිකෝහි දලුලා තිබේ. නිමක් නැති අවම-වැටුප් ගෙවිය හැකි වැඩකරුවන් තුළින් මූල්‍යමය ලාභ ලබාගැනීම විදේශීය සමාගම්වල මූලික පරමාර්ථය වේ. දසදහස් ගණන් මෙක්සිකානුවෝ දූෂිත ජලයෙන් යුත් දුර්වර්ණ වූඇළවල් අද්දර පැල්පත්වල ජීවත් වෙති. “එළුවෝ පවා එම වතුර බොන්නේ නැහැ,” යනුවෙන් එක් කාන්තාවක් පැවසුවාය. අමෙරිකානු වෛද්‍ය සංගමයේ වාර්තාවක් එම දේශ සීමාව අද්දර ප්‍රදේශය හැඳින්වූයේ “ඇත්තෙන්ම වැසිකිළි වළක් හා බෝවන රෝග සඳහා උත්පාදක බිමක්” යනුවෙනි.
මියයන්නේ පළිබෝධකයන් පමණක් නොවේ
“රටක් එම රට තුළ යම් විෂ ද්‍රව්‍යයක් තහනම් කරන මුත්, එය නිෂ්පාදනය කර වෙනත් රටවලට විකිණිය හැක්කේ කෙසේද? මෙලෙස ක්‍රියා කිරීම සදාචාර ගතිපැවතුම්වලට අනුකූල වන්නේ කෙසේද?” යනුවෙන් කාර්ටුම්හි ශස්‍ය විද්‍යාඥ සහ පළිබෝධ විශේෂඥ අරිෆ් ජමාල් ඇසුවේය. ඒවා පැමිණි කාර්මික දේශයෙන් “පාවිච්චිය සඳහා ලියාපදිංචි කර නොමැත” යනුවෙන් මුද්‍රා කරන ලද බැරල්වල ඡායාරූප ඔහු විදහාපෙන්නුවේය. සූඩානයේ වනසත්ව උද්‍යානයක ඒවා සොයාගන්නා ලදි. ඒ අසල මළ සතුන් රාශියක් ගොඩ ගසා තිබිණ.
එක් පොහොසත් රටක් “දේශීය වශයෙන් පාවිච්චියට තහනම් කරන ලද, සීමා කරන ලද හෝ ලියාපදිංචි නොකරන ලද පළිබෝධ නාශක,” කිලෝග්‍රෑම් මිලියන 227ක් වාර්ෂිකව අපනයනය කරයි, යනුවෙන් ද නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කරයි. වර්ෂ 1978දී DDTවලට සමාන පිළිකා-උපදවන හෙප්ටක්ලෝර්, ආහාර බෝග වගාවලට භාවිත කිරීම තහනම් කර තිබිණ. එහෙත් එය නිපදවූ රසායනික සමාගම එය තවමත් නිෂ්පාදනය කරයි.
සංවර්ධනය වන ජාතීන්ගෙන් අඩුතරමින් 85ක පමණ, “ඉතා විෂකර පළිබෝධ නාශක” ඉතා සුලභව පවතින බව එක් එ.ජා. සමීක්ෂණයකින් සොයාගනු ලැබීය. සෑම වසරකම මිලියනයක් පමණ ජනයා, විෂවීමෙන් දරුණු ලෙස පීඩා විඳින අතර, සමහරවිට 20,000ක් පමණ රසායනික ද්‍රව්‍ය මගින් මරණයට පත් වෙති.
දුම්කොළ කර්මාන්තය මාරාන්තික ගිජුකමට පරමාදර්ශයක් ලෙස හඳුන්වනු ලැබිය හැක. සයන්ටිෆික් අමෙරිකන්හි “ලෝක ව්‍යාප්ත දුම්කොළ වසංගතය” යනුවෙන් නම් කරන ලද ලිපියක මෙසේ ප්‍රකාශ කරනු ලැබිණ: “ලොව පුරා සිදු වන දුම්කොළ හා සම්බන්ධ රෝගවල හා මරණවල බහුලත්වය පිළිබඳව පමණට වඩා අවධාරණය කළ නොහැක.” දුම්පානය කිරීමට ආරම්භකරන්නන්ගේ වයස් මට්ටම කිසිදාකට වඩා පහත වැටෙමින් තිබෙන අතර, දුම්පානය කරන කාන්තාවන්ගේ සංඛ්‍යාව විස්මයජනක ලෙස වැඩි වෙමින් පවතී. බලගතු දුම්කොළ සමාගම්, කූට වෙළඳ ප්‍රචාරකයන් සමඟ එකතු වෙමින් ඌන සංවර්ධිත රටවල අතිවිශාල වෙළඳපොළවල් සාර්ථක ලෙස අත් කරගනිමින් සිටිති. ධනයට මඟ පෑදූ ඔවුන්ගේ මාර්ගය පුරා මළ සිරුරු හා රෝගවලින් විනාශ වූ ශරීර විසිර තිබේ.a
කෙසේවෙතත්, සංවර්ධනය වන ජාතීන්ගේ ශුභසිද්ධියට සියලුම සමාගම් අනවධානයෙන් නොසිටින බව පැවසිය යුතුය. සංවර්ධනය වන රටවල සාධාරණ සහ වගකීම් සහිත ව්‍යාපාර පවත්වා ගැනීමට උත්සාහ කරන සමහර සමාගම් ඇත. නිදසුනකට, එක් සමාගමක් විශ්‍රාමය සහ සෞඛ්‍ය සඳහා උපකාර සපයන අතර, වැඩකරුවන්ට නියමිත වැටුප මෙන් තුන් ගුණයක්ද ගෙවයි. තවත් සමාගමක් මානව අයිතිවාසිකම් කෙරෙහි ශක්තිමත් ස්ථාවරයක් ගෙන තිබෙන අතර, දූෂණය හේතුවෙන් ගිවිසුම් රාශියක් අවලංගු කර තිබේ.
කුහක ලෙස ප්‍රතිපත්ති කඩ කිරීම
ජාතීන් අතර උවදුරු සහිත අපද්‍රව්‍ය එහා මෙහා ගෙනයෑම පාලනය කිරීමට 1989දී, ස්විට්සර්ලන්තයේ බාර්සල්හි පැවති එ.ජා. සමුළුවකදී ගිවිසුමක් අත්සන් කරන ලදි. ගැටලුව නිරාකරණය කිරීමට එය අසමත් වූ අතර, 1994 මාර්තු මස අගභාගයේදී එම ජාතීන් අතර පසුව පැවැත්වූ රැස්වීමක් පිළිබඳව නිව් සයන්ටිස්ට් වාර්තා කරයි:
“සංවර්ධනය වන ජාතීන්ගේ තේරුම්ගත හැකි කෝපයට ප්‍රතිචාරයක් වශයෙන් ආසසසං රටවල [ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය] සිට ආසසසං නොවන රටවලට උවදුරු සහිත අපද්‍රව්‍ය අපනයනය කිරීම තහනම් කිරීමෙන් එම ගිවිසුම තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ විට, බාර්සල්හි පැවති සමුළුවට සහභාගි වූ රටවල් 65 වැදගත් පියවරක් ඉදිරියට ගත්තේය.”
එහෙත් මෙම නවතම තීරණය පිළිබඳ සංවර්ධිත රටවල් එතරම් ප්‍රසන්න නොවූ බව පෙනෙන්ට තිබේ. නිව් සයන්ටිස්ට් එහි සැලකිල්ල මෙසේ පළ කළේය: “එබැවින් එ.ජ., බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව තීරණය යටපත් කිරීමට උත්සාහ කරනවා යන ප්‍රවෘත්තිය කනගාටුවට කරුණකි. එ.ජ. ආණ්ඩුවෙන් අනියම් ලෙස පිට වූ ලියකියවිලිවලින් හෙළි වන්නේ, ගිවිසුම ස්ථිර කිරීමට එකඟ වීමට පෙර, එය එම තහනමේ ‘ස්වභාවය වෙනස් කිරීමට’ ගෙන තිබෙන ‘නිහඬ’ උපායශීලී වෑයම්ය.”
ගිජු වූවන්ට ගණන් දීමේ දවසක්
“දැන් ඉතින් ධනවතුනි, ඔබ පිට පැමිණෙන්නට තිබෙන අවාසනාවන්ත ඉරණම ගැන හඬා වැලපෙන්න!” යනුවෙන් බයිබලය යාකොබ් 5:1හි (නව අනුවාදය) අනතුරු අඟවයි. දේවල් නිසි ලෙස හැසිරවීමට හැකි තැනැත්තාණන් තුළින් ගණන් දීමේ දවස පැමිණෙනවා ඇත: “ස්වාමීන්වහන්සේ පීඩා විඳින සියල්ලන් උදෙසා ධර්මිෂ්ඨ ක්‍රියා හා යුක්තිය ඉෂ්ටකරනසේක.”—ගීතාවලිය 103:6.
දැන් අන්ත දිළිඳුකමින් පීඩා විඳින්නන්ට ගීතාවලිය 72:12, 13හි සඳහන් වචන ඉක්මනින් ඉටුවීමට යන බව දැනගැනීමෙන් සැනසිල්ල ලබාගත හැකිය: “උන්වහන්සේ මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. උන්වහන්සේ දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පාකරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය.”
[පාදසටහන]
a “මිලියන ගණන් ඉපයීමට මිලියන ගණන් මැරීම” යන 1995 සැප්තැම්බර් 8, පිබිදෙව්! බලන්න.
[6වන පිටුවේ කොටුව]
පහව යෑමට ප්‍රතික්ෂේප කරන මාරාන්තික කසළ
“පැහැදිලි විසඳුමක් අතළඟ නොමැතිව මාරාන්තික න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගොඩගැසෙමින් පවතී.” පසුගිය මාර්තු මස පළ වූ ද නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයේ විද්‍යා කොටසේ ශීර්ෂ පාඨයේ එසේ කියවිණ. “පහසුම විසඳුම වන්නේ එය වළලා දැමීමයි,” යනුවෙන් ලිපියේ කියවේ. “එහෙත් නෙවාඩාහි යෝජනා කරන ලද භූගත අපද්‍රව්‍ය තැන්පතුවක් අවසානයේදී ප්ලූටෝනියම් අපද්‍රව්‍ය මගින් පෝෂණය වූ න්‍යෂ්ටික පිපිරීමකට තුඩු දිය හැකිද යන්න, විද්‍යාඥයන් අතර මතභේදයක් පවතින අතරම, ෆෙඩරල් නියෝජ්‍ය ආයතන අධ්‍යයනය කටයුතුවලදීද, ඒ පිළිබඳව විවාදයක් පවතී.”
අතිරික්ත ප්ලූටෝනියම් ලෝකය තුරන් කිරීමට විද්‍යාඥයන් බොහෝ සැලසුම් යෝජනා කර තිබේ, නමුත් වියදම, විවිධ මතභේද සහ බිය සැක නිසා, මෙම යෝජනා ක්‍රියාවිරහිත තත්වයක පවතී. එය මුහුදේ වළලා දැමීම බොහෝදෙනෙකුට ඉතා අප්‍රසන්න අදහසක් වේ. එය සූර්යයා තුළට ශීඝ්‍රයෙන් එල්ල කිරීම මනඃකල්පිතයෙන් පෝෂණය වූ අදහසකි. තවත් විසඳුමක් නම්, එය පුලුස්සා දැමීමට ප්‍රතික්‍රියාකාරක භාවිත කිරීමයි. එහෙත් ඒ සඳහා “අවුරුදු සිය දහස් ගණන්” ගත වන බැවින්, මෙය ඉවත දමන ලදි.
ශක්තිය සහ පාරිසරික පර්යේෂණ ආයතනයේ ආචාර්ය මකිජානි මෙසේ පැවසුවේය: “තාක්ෂණික ලෙස හොඳ සෑම විසඳුමකටම දරුණු දේශපාලනික පැති තිබෙන අතර, දේශපාලනික වශයෙන් හොඳ සෑම විසඳුමක්ම තාක්ෂණික වශයෙන් පහත් තත්වයක තිබේ. අප ඇතුළුව කිසිවෙකුට, මෙම අවුලට කිසිම හොඳ සමස්ත විසඳුමක් නොමැත.”
රටේ ශක්ති අවශ්‍යතාවෙන් සියයට 20ක් වන ගෙවල් මිලියන 60කට විදුලි බලය සැපයීම සඳහා, එක්සත් ජනපදයේ තිබෙන න්‍යෂ්ටික බලාගාරවල ඇති ප්‍රතික්‍රියාකාරක 107 සෑම වර්ෂයකම ඉන්ධන අපද්‍රව්‍ය ටොන් 2,000ක් නිෂ්පාදනය කරන අතර, 1957 පටන් එම ඉන්ධන අපද්‍රව්‍ය තාවකාලිකව එම න්‍යෂ්ටික බලාගාරවල ගබඩා කොට තිබේ. ඒවා ඉවත් කර දැමීමට මාර්ගයක් සොයාගැනීම සඳහා මිනිසුන් දශක ගණනාවක් පුරා නිෂ්ඵල ලෙස ආණ්ඩු කෙරෙහි රඳා පැවත තිබේ. ජනාධිපතිවරුන් නවදෙනෙකු ජනාධිපති ධුරයට පැමිණ කටයුතු කර ඇත, එමෙන්ම කොන්ග්‍රෙස් සභා 18ක් සැලසුම් ඉදිරිපත් කර තිබෙන පරිදි භූගත පහසුකම්වල විකිරණශීලී කසළ ආරක්ෂිත ලෙස ගබඩා කර තැබීම පිළිබඳව සීමාවන් පනවා තිබේ, නමුත් වසර දහස් ගණනක් පුරා ආරක්ෂා කළ යුතු මාරාන්තික අපද්‍රව්‍යවල අවසාන වශයෙන් ඉවතලෑම පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැත.
මීට ප්රතිවිරුද්ධව දිවයන කාරණයක් නම්, යෙහෝවඃ දෙවියන්වහන්සේ විසින් විශ්වයේ බොහෝ ඈත තරුවල ක්‍රියාත්මක කරනු ලබන විලයන ඌෂ්මක ට්‍රිලියන ගණනකින් කිසිම තර්ජනයක් එල්ල නොවන අතර, අපගේ සූර්යයා තුළ උන්වහන්සේ ක්‍රියාත්මක කරන ඌෂ්මකය පොළොව මත ජීවිතය පැවතීමට ඉවහල් වේ.
[හිමිකම් විස්තර]
UNITED NATIONS/ IAEA
[7වන පිටුවේ පින්තූරය]
බීමට හා සේදීමට ගන්නා ජලය විෂකර රසායනික ද්‍රව්‍යවලින් දූෂණය වී තිබේ
[7වන පිටුවේ පින්තූරය]
අනතුරුදායක හෝ මාරාන්තික අපද්‍රව්‍ය අතර දරුවෝ සෙල්ලම් කරති