බොහෝදෙනා දිවිගෙවන්නෙත් මියයන්නෙත් අන්ත දිළිඳුකමිනි!
ගිනිකොන දිග ආසියාතික රටක වෙසෙන යැටී, ඇගේ පැල්පතෙන් පිට වී යන්නේ කර්මාන්ත ශාලාවේ වැඩ කිරීමටය, එහිදී ඈ සපත්තු සඳහා හම් කැබලි හා ලේස් මසා නිම කරයි. එක් මසක වැඩ සඳහා—එනම් සතියකට පැය 40ක් බැගින් සහ පැය 90ක අතිකාල වැඩ සඳහා—ඇය උපයන්නේ ඩොලර් 80කටත් වඩා අඩුවෙනි. ඇයව සේවයට බඳවාගෙන තිබෙන සපත්තු සමාගම, ඌන සංවර්ධිත රටවල මානව අයිතිවාසිකම් වෙනුවෙන් වෙහෙස මහන්සිය නොබලා කටයුතු කරන සංවිධානයක් ලෙස ආඩම්බරව පෙනීසිටියි. මෙම සමාගම බටහිර ලෝකයේ එම සපත්තු විකුණන්නේ කුට්ටමක් ඩොලර් 60කට වඩා වැඩි මුදලකටය. සමහරවිට ඒ සඳහා ගෙවන වැටුප ඉන් ඩොලර් 1.40ක පමණ මුදලක් වේ.
යැටී, “පිරිසිදු, ආලෝකනය කරන ලද කර්මාන්ත ශාලාව අතහැර යන විට, ඇගේ අතේ ඉතිරිව තිබෙන්නේ විශාල වශයෙන් හූනන් සිටින, කිලිටි වූ බිත්ති සහිත මීටර් 3ක් දිග 3.6ක් පළල පැලක් කුලියට ගැනීමට ප්‍රමාණවත් මුදලක් පමණි,” යනුවෙන් බොස්ටන් ග්ලෝබ් පත්‍රයේ වාර්තාවක් පවසයි. “ගෘහ භාණ්ඩ නොමැති බැවින්, යැටී සහ ඇගේ කාමර සහකාරියෝ දෙදෙනා පිඟන් ගඩොල් ඇල්ලූ මඩ සහිත බිමෙහි ගුලි ගැසී නිදාගනිති.” ඇගේ තත්වය පොදුවේ දක්නට ලැබෙන දෙයක් වීම කනගාටුවට කරුණකි.
“මේ මිනිසුන්ගේ තත්වය වඩාත් හොඳ වන්නේ මගෙන් උපකාරය ලැබීමෙන්ද, නැද්ද?” යනුවෙන් වෙළඳ සමාගමක ප්‍රධානියෙක් විරෝධය ප්‍රකාශ කරයි. “සුළු වැටුපක් ඔවුන්හට සෑහීමකට පත් විය හැකි ජීවන රටාවක් භුක්තිවිඳීමට හැකියාව ලබා දෙනවා. ඔවුන් සුඛෝපභෝගීව ජීවත්ව නොසිටිනවා විය හැකියි, නමුත් ඔවුන් හාමතයෙන්ද නොසිටී.” කෙසේවෙතත්, ඔවුන් බොහෝවිට මන්දපෝෂණයෙන් සිටින අතර, ඔවුන්ගේ දරුවෝ බොහෝවිට කුසගින්නෙන් නින්දට යති. අන්තරාදායක රැකියා ස්ථානවලදී, උවදුරුවලට ඔවුහු දිනපතා මුහුණ දෙති. තවද විෂ සහ විෂ සහිත අපද්‍රව්‍ය පරිහරණය කිරීම හේතුවෙන් බොහෝදෙනෙක් සෙමින් සෙමින් මරණයට පත් වෙති. “සෑහීමකට පත් විය හැකි ජීවන රටාවක්”?
දකුණු ආසියාතික ගොවිපොළක කුලී වැඩකරන්නෙකු වන හැරී, කාරණා වෙනස් අන්දමකින් දුටුවේය. වචනවලින් සහ කාව්‍යාත්මක වාග් චාතූර්යයෙන් අවට ඇති ජීවිතයේ-සහ-මරණයේ බරපතළ චක්‍රය ඔහු විස්තර කළේය. “වංගෙඩිය හා මෝල්ගහ අතර මිරිස් කරලට පැවතිය නොහැකියි” යනුවෙන් ඔහු පැවසුවේය. “දිළිඳු අය වන අප හරියට මිරිස් වගේ—සෑම වසරකම අපි කෙටීමකට යටත් වෙනවා, ඉක්මනින්ම එහි කිසිවක් ඉතිරි වන එකක් නැහැ.” හැරී කෙදිනකවත් එම “සෑහීමකට පත් විය හැකි ජීවන රටාව,” දුටුවේ නැත, එමෙන්ම ඔහුගේ සේවා යෝජකයන් ඇතැම්විට භුක්තිවිඳි සුඛෝපභෝගී ජීවිතය ගැන ඔහුට අල්ප මාත්‍රයක අදහසක්වත් නොතිබෙන්ට ඇති. දින කිහිපයකට පසු, හැරී මරණයට පත් විය—අන්ත දිළිඳුකමට ගොදුරු වූ තවත් අසරණයෙකි.
හැරී මෙන් බොහෝදෙනෙක් ජීවත් වී මියයති. ඔවුන්ගේ ජීවිතයෙන් ශක්තිය සූරාකනු ලබන බැවින්, විරුද්ධ වී සිටීමට බොහෝ සෙයින් දුර්වල වී ඔවුහු දුක්ඛිත ලෙස අසරණ වී සිටිති. කවුරුන් විසින්ද? කුමන මාදිලියේ මිනිසුන් මෙය කරනු ඇද්ද? ඔවුහු සෑහෙන කරුණාවන්ත අය මෙන් පෙනෙති. ඔබගේ දරුවා පෝෂණය කිරීමට, ඔබගේ බෝග වගාවේ දියුණුවට උපකාර කිරීමට, ඔබගේ ජීවිතය වැඩිදියුණු කිරීමට සහ ඔබව පොහොසත් කිරීමට ඔවුන්ට අවශ්‍ය බව ඔවුහු පවසති. යථාර්ථය නම්, ඔවුන් ඉලක්ක කරන්නේ ඔවුන්වම පොහොසත් කිරීමටය. විකිණීම සඳහා සහ ලාභ ලබාගැනීම සඳහා නිෂ්පාදන තිබේ. ඔවුන්ගේ ගිජුකමේ අතුරු නිෂ්පාදන මන්දපෝෂිත දරුවන්, විෂවලට ලක් වැඩකරුවන් හා දූෂණය වූ පරිසරයක් නම්, එසේම වේවා. එය වූ කලි, සමාගම් සිය ගිජුකම වෙනුවෙන් අත් කරගන්ට කැමති වන ප්රතිඵලයකි. එනිසා ලාභය ඉහළ යනවාත් සමඟම, හද කම්පිත කරවන හදිසි අනතුරු ගණනද එලෙසම වැඩි වේ.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
U.N. Photo 156200/John Isaac