ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 1/8 32 පි.
  • එය ඇයට අස්වැසිල්ලක් විය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එය ඇයට අස්වැසිල්ලක් විය
  • 1996 පිබිදෙව්!
1996 පිබිදෙව්!
g96 1/8 32 පි.

එය ඇයට අස්වැසිල්ලක් විය

ඉන්දියාවේ බොම්බායෙහි ප්‍රකාශයට පත් කරන ලද ද ඩේලි යන ප්‍රවෘත්ති පත්‍රයේ, “තනියෙන්ම” යන මාතෘකාව යටතේ ටාරා පටෙල් තීරුවක් ලියයි. එක්දහස් නවසිය අනූපහේ ජනවාරි 22, එවේක්! කලාපයේ පළ වූ “ඊස් යුවර් ලයිෆ් බෝරිං? යූ කැන් චේන්ජ් ඉට්! (ඔබගේ ජීවිතය නීරසද? ඔබට එය වෙනස් කළ හැක), යන ලිපිය සම්බන්ධයෙන් ඇය ජනවාරි මාසයේදී ලීවාය. “ලෝකයේ ඇති ඕනෑවට වඩා ශාන්ත දාන්ත ගතියක් පෙන්වන සඟරා ගණයට මා එය ඇතුළත් කර එය නිෂ්ප්‍රභ කිරීමට පෙලඹී සිටියත්, මා එයට දායකයක් ලබාගත්තා,” කියා ඇය පිබිදෙව්! සඟරාව සම්බන්ධයෙන් පැවසුවාය.

කෙසේවෙතත් ඈ තවදුරටත් මෙසේ ප්‍රකාශ කළාය: “එම ලිපියට වඩ වඩා සම්බන්ධ වීම තුළින් මම මා තුළම මෙසේ කෙඳිරි ගෑවා, සැබවින්ම මගේ ජීවිතය නීරසයි, අතිශයින්ම නීරසයි. කොතරම් දුරට නීරසද කියාවත් මගෙන් අහන්න එපා! ඉතින් විසඳුම කුමක්ද?” ඉන්පසු ඈ පිබිදෙව්! සඟරාවෙන් උපුටා දක්වමින් මෙසේ විස්තර සහිතව අවසන් කළාය: “ඉගෙනගනිමින් සිටින්න. පෞද්ගලික ඉලක්ක තබාගන්න. නිර්මාණාත්මක වන්න. ඔබගේ දෑත්වලින් යමක් කරන්න. ජීවිතයට අරමුණක් ඇතුව සිටින්න. දෙවියන්වහන්සේව සැලකිල්ලට ගන්න.

“මේ සෑම උපදෙසක්ම. මේවා ඕනෑවට වඩා ශාන්ත දාන්ත ගතියකින් යුක්ත වුවත් නැතත්, මේවා ඇත්තෙන්ම ප්‍රායෝගික උපදෙස්. කෙසේ හෝ මෙම පිබිදෙව්! සඟරාව මට අස්වැසිල්ලක් වුණා. ඔබට කැමති නම් එයට දායක වන්න.” ඉන්පසුව ටාරා පටෙල් වැඩි විස්තර ලබාගැනීම සඳහා ඉන්දියාවේ ලිපිනය සැපයුවාය.

පිබිදෙව්! සඟරාවේ සහ එහි සහයක සඟරාව වන මුරටැඹ සඟරාවේ පිටපතක් ලබාගැනීමට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල, 0730 යන ලිපිනයට හෝ 5වන පිටුවේ යෝග්‍ය ලිපිනයකට ලියන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න