“ප්‍රීතිමත් ප්රශංසාකරන්නෝ” දිස්ත්‍රික් සමුළුව අතපසු නොකරන්න
බයිබල් උපදෙස්වලින් යුත් විපාකදායී දින තුනක් ඔබ දෙස බලා සිටී. සිකුරාදා දින පෙ.ව. 9.40ට සංගීතය සමඟින් මෙම වැඩසටහන ආරම්භ වන විට, එහි පැමිණ සිටින්න. “යෙහෝවඃවහන්සේගේ ප්‍රීතිමත් ප්රශංසාකරන්නෙනි, ඔබ සාදරයෙන් පිළිගනිමු” යන තේමාවෙන් යුත් ආරම්භක කතාවත්, “ලෝක ව්‍යාප්ත ප්‍රීතිමත් ප්රශංසාකරුවන් ලෙස වෙන් වී සිටින්න” යන තේමාවෙන් යුත් මූලික ඇමතුමත්, රස විඳින්න.
සිකුරාදා පස්වරු වැඩසටහන, යෞවනයන්, දෙමාපියන් සහ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත. “මා විවාහ වීමට සූදානම්ද?” යන්න, බොහෝදෙනෙකුට ඇසීමට වුවමනා කතාවකි. “තම දරුවන් තුළ සතුට ලබන දෙමාපියෝ” යන සාකච්ඡාවට දෙමාපියන් සාවධානව සවන් දිය යුතුය. පස්වරු වැඩසටහන අවසන් වනු ඇත්තේ, “අධ්‍යාපනය—යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට එය යොදාගන්න” යන කතාව සමඟින්ය. සපයනු ලබන දෙය, යෞවනයන්ට සාර්ථකව පාසැලේදී ක්‍රියා කිරීමට උපකාර කළ යුතුය.
සෙනසුරාදා උදෑසන, “යෙහෝවඃවහන්සේව ප්‍රශංසා කිරීමට තිබෙන කැඳවීමට පිළිතුරු දීම” යන මැයෙන් යුත් කතා මාළාව බොහෝදෙනෙකුට දිරිගැන්වීමක් ලබා දිය යුතුය. උදෑසන සැසිවාරය බව්තීස්ම කතාවෙන් අවසන් වනු ඇත. මුල් කාලවල පටන් ජනයා උගුලට දැමීමට, සාතන් විසින් ලිංගික තෘෂ්ණාව යොදාගෙන තිබෙන ආකාරය පිළිබඳව විවෘත සාකච්ඡාවක් පස්වරු වැඩසටහනේ තිබෙනු ඇත. දෙවියන්වහන්සේගේ සෙනඟට තම සේවය වඩාත් බලපෑමෙන් යුක්තව කරගෙන යෑමට අවශ්‍ය කරුණු ඉදිරිපත් කිරීමෙන් මෙම දවසේ වැඩසටහන අවසන් වනු ඇත.
ඉරිදා උදෑසන, “මහත් පීඩාවේ” ආරම්භය ඉදිරිපිටින් අප්‍රමාදව ආරක්ෂා සහිතව පලා යෑමේ හදිසිතාව කෙරෙහි අවධානය යොමු කරනු ඇත. (මතෙව් 24:21) “මහලුවියේ සුදුස්සන්ට ගෞරව කිරීම” යන වැදගත් නාට්‍යයත් සමඟ, ඉරිදා උදෑසන වැඩසටහන අවසන් වනු ඇත. සමුළුවේ තවත් උච්චාවස්ථාවක් වන, “සදාකාල රජාණන්ට ප්‍රශංසාකරන්න” යන ප්‍රසිද්ධ කථාව ඉන් අනතුරුව ඉදිරිපත් කෙරෙනවා ඇත.
ශ්‍රී ලංකාව පුරා සමුළු හයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බැවින්, ඔබ ජීවත් වන ස්ථානයට නුදුරින් මෙම එක් සමුළුවක් පැවැත්වීමට ඉඩ කඩ තිබේ. ඔබගේ නිවසට ළඟම ස්ථානය දැනගැනීම සඳහා, ඔබගේ ප්‍රදේශයේ සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න. g95 5/22