ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 8/8 31 පි.
  • “මහත් මූල්‍යමය විනාශයක්”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මහත් මූල්‍යමය විනාශයක්”
  • 1995 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පිළියම් සොයමින්
    2000 පිබිදෙව්!
  • යුදෙව්වන්ව සමූල ඝාතනය කරද්දී දෙවියන් එය නැවැත්තුවේ නැත්තේ ඇයි?
    බයිබලයෙන් උත්තර
  • යුදෙව් සමූල ඝාතනය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • දස දෙසින්
    2014 පිබිදෙව්!
තව තොරතුරු
1995 පිබිදෙව්!
g95 8/8 31 පි.

“මහත් මූල්‍යමය විනාශයක්”

නයිජීරියාවේ පිබිදෙවි! වාර්තාකරු විසිනි

යූනිසෙෆ් ආයතනයේ (එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල) වාර්තාවක් අනුව, අප්‍රිකාවේ සබ්-සහරන් ප්‍රදේශය “මහත් මූල්‍යමය විනාශයකින්” පීඩා විඳියි. මිලියන 220ක් පමණ ජනයා—ජනගහනයෙන් අඩක් පමණ—ඔවුන්ගේ මූලික අවශ්‍යතාවන් පවා සපුරාලිය නොහැකිව අන්ත දිළිඳුභාවයෙන් ජීවත් වෙති. දශකයකට පෙර ජීවත් වූ සාමාන්‍ය පුරවැසියා හා සැසඳු විට දැන් ඔහු හෝ ඇය සියයට 20කින් වඩාත් දිළිඳුභාවයෙන් ජීවත් වෙයි.

එක්දහස් නවසිය අසූ ගණන් අධ්‍යාපනය අතින් “සියල්ල නැතිවූ දශකය” හැටියට විස්තර කළ හැක. ශිෂ්‍යයෙකු සඳහා වියදම තුනෙන් එකකින් පහත වැටුණු අතර, ප්‍රාථමික පාසැල් ලියාපදිංචි කිරීම සියයට 79 සිට 67 දක්වා පහත වැටිණ. බොහෝ අප්‍රිකානු රටවල සෞඛ්‍ය ආරක්ෂක සේවා දුර්වල වෙමින්ද, සායන බොහොමයක් සේවකයන්ගේ හා ඖෂධවල අඩුපාඩුව හේතුවෙන් වැසෙමින්ද පවතී.

මහාද්වීපයේ ආර්ථික අර්බුදයට හේතු කිහිපයක් වාර්තාව ලැයිස්තුගත කරයි, මේවාට යුද හමුදා සඳහා වියදම, කර්මාන්තවල පිරිහීම සහ අතිවිශාල ණය බර ඇතුළත් වන අතර, ප්‍රවීණයන් පවසන්නේ මෙය නැවත ගෙවිය නොහැකි බවයි. “තවමත් කල්පනා කර නොතිබෙන පරිමාණයක ජාත්‍යන්තර ප්‍රයත්නයක් මගින් මිසක, අප්‍රිකාව යළි යථා තත්වයට පත් කළ නොහැක” යනුවෙන් යුනිසෙෆ් වාර්තාව පවසයි.

මෙය සිදුවීමට ඉඩකඩ තිබේද? බයිබලය යථාර්ථානුරූපිතව මෙසේ පවසයි: “අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.” (ගීතාවලිය 146:3) අප්‍රිකාවේ මුල් බැසගත් ප්‍රශ්නවලට විසඳුම මනුෂ්‍ය ආණ්ඩු මත රඳා නොපවතී. අප්‍රිකාවට පමණක් නොව, එහෙත් මුළු ලෝකයටම—කල් පවතින සහනය ගෙනෙනු ලබන්නේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයයි.—මතෙව් 6:10.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

WHO/OXFAM

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න