යෞවන අය අසති . . .
මගේ දෙමාපියා අසමත් වුවහොත් කිමෙක්ද?
“මගේ පියා වර්ෂ දහයකට ක්‍රිස්තියානියෙක්ව සිට තිබෙනවා. දැන් ඔහු අක්රියාශීලීයි. ඔහු බයිබලය අධ්‍යයනය කරන්නේවත්, නිතිපතා රැස්වීම්වලට පැමිණෙන්නේවත් නැහැ. ඔහු නිතරම සභාවේ සිටින තම ක්‍රිස්තියානි සහෝදරයන්ව, විවේචනය කරමින් සිටිනවා. ජාතිවාදය සහ වෙනත් බොහෝ විෂයන් මත ඔහු ලෝකයේ මත දරනවා. මා ඔහුව දකින්නේ අඩුලුහුඬුකම් බොහොමයක් ඇති කෙනෙක් හැටියටයි.”—නහඹර වියේ දැරියක්.
කිසිම දෙමාපියෙක් පරිපූර්ණ නැත. “සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටි[න]” බව බයිබලය පවසයි. (රෝම 3:23) එහෙත් කෙනෙකුගේ මව හෝ පියා, ප්‍රසිද්ධියේ ආදර්ශවත් ක්‍රිස්තියානියෙකු ලෙසත්, පෞද්ගලික ජීවිතයේදී අශෝභන ලෙස, මුළුමනින්ම වෙනස් වන්නේ නම්, එය සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයකි. “අන් අය ඉදිරියේදී මගේ පියා හොඳයි” යයි එක් යෞවන දැරියක් පැවසුවාය. “එහෙත් අන් අය නොමැති විට ඔහු වෙනස් පුද්ගලයෙක්—ඔහු කෲරයි! මා කරන සෑමදෙයක්ම විවේචනය කරන අතර, අප පවුලේ සෑමකෙනෙකුවම අමනාපයට පත්කරනවා. මා සිටින්නේ ජීවිතයේ කිසිම ප්‍රීතියක් ලබාගත නොහැකි අවස්ථාවක. මට ඔහු කෙරෙහි හැඟෙන එකම දෙය වෛරයයි.”
රහසිගතව සියලු ආකාර අඩන්තේට්ටම්වලට ලක්වන යෞවනයන් අතර විශේෂයෙන්ම කෝපය සහ තද අමනාපයක් ඇතිවිය හැක. මෙසේ මේරි නම් ස්ත්‍රියක්, රහසිගතව මත්පැන් පානය කරන්නෙකු වූ තම පියාගේ අතින්, “සාහසිකකම, අසභ්‍යතාව සහ සියලු ආකාර අතවරයන්” විඳීමට සිදුවූ බව ලියන්නීය. “අපට ලැබී ඇත්තේ කදිම පියෙකු බව හා අප කොයිතරම් වාසනාවන්තදැයි බොහෝදෙනෙක් අප වෙත පැමිණ කියනවා” යයි ඈ මහත් ශෝකයෙන් සිහිපත් කරයි.
සියලු ආකාර කුහකකම් බයිබලය හෙළා දකියි. (යාකොබ් 3:17) දෙවියන්වහන්සේගේ සැබෑ නමස්කාරකරන්නන් අතරේ පවා “තමන්ගේ සැබෑ තත්වය සඟවන” පුද්ගලයන් සිටින බව එය අනතුරු අඟවයි. (ගීතාවලිය 26:4, NW; සසඳන්න යූදස් 4.) ඔබ ප්‍රේම කළ යුතු සහ ගෞරවය දැක්විය යුතු—ඔබේම දෙමාපියෙක්, කුහක පුද්ගලයෙකු නම්, ඒ බව දැනසිටීම ඔබට දේවල් කිසිසේත් පහසු කරවන්නේ නැත. සමහර යෞවනයෝ එකිනෙකට විරුද්ධව පැන නඟින චිත්තවේගවලින් මුළුමනින්ම යටපත් වී සිටිති. “මට උපකාර අවශ්‍යයි” එක් යෞවන දැරියක් ශෝකයෙන් ප්‍රකාශ කරයි. “‘ඔබේ පියාට ගෞරව කරන්න’ කියලා බයිබලයේ කියා තිබුණත් මට ඒක කරන්න බැහැ.”
ඔවුන්ට ගෞරව කිරීම යන්නෙන් සැබවින්ම අදහස් වන දේ
තම දෙමාපියන් ගෞරවය ලබාගැනීමට නුසුදුසු බව හැඟී යන යෞවනයන්ට ‘මඟහැරීමට හේතුවක්’, එම බයිබල් ආඥාවේ ඇතුළත් කර නැති බව සැබෑය. (එපීස 6:1, 2) කෙසේවෙතත් දෙමාපියෙකුට ගෞරවය කිරීමෙන්, ඔබ ඔහුගේ ජීවිත රටාව අනුමත කරන බව හෝ ඔහු ඔබව සලකන ආකාරය ගැන ඔබ සතුටු වන බව හෝ ඉන් අදහස් නොකෙරේ.a බයිබලයේ “ගෞරවය” කිරීම නිකම්ම, හරියාකාරව නියම කරනු ලැබූ අධිකාරය පිළිගැනීමක් අදහස් කළ හැක.
උදාහරණයක් වශයෙන් ප්‍රේරිත පේතෘස් ලිව්වේ, ක්‍රිස්තියානීන් “රජ්ජුරුවන්ට ගෞරව [දැක්විය]” යුතු බවයි. (1 පේතෘස් 2:17) රජවරුන් බොහෝදුරට අප්‍රසන්න පුද්ගලයන් බව පේතෘස් තම අද්දැකීමෙන් දැනගෙන සිටියේය. උදාහරණයක් වශයෙන්, Iවන හෙරොද් අග්‍රිපා රජ, නොසැලකිලිමත්, සාහසික තැනැත්තෙක් විය. රෝමය විසින් පලස්තීනයේ රජ ලෙස පත්කරනු ලැබීමෙන් පසු, ඔහු ක්‍රිස්තියානීන්ට විරුද්ධව පීඩා කිරීමක් දියත් කළේය. ඔහු “යොහන්ගේ සහෝදරවූ යාකොබ් කඩුවෙන් මැරුවේය. ඊට යුදෙව්වරුන් ප්‍රසන්නවූ බව දැක, ඔහු පේත්‍රැස් ඇල්ලුවේය.” (ක්‍රියා 12:1-3) එහෙත් පේතෘස් කැරලි ගැසීම දිරිගැන්වූයේ නැත. ඒ වෙනුවට ඔහු රජවරුන්ට කීකරුවීමට දිරි දුන්නේය. තවද එසේ කළේ හොඳ හේතු සහිතවය. ලෝකයේ පාලකයන්ට කීකරුවීම යෙහෝවඃවහන්සේගේ කැමැත්තය. තවද පේතෘස්ගේ දවස්වලදී ඇතැම් රජවරුන්ට සම්පූර්ණ බලය සහ අධිකාරය තිබුණේය. සාලමොන් මෙසේ පැවසුවේය: “ඔහු කැමති කොයි දෙයක් නුමුත් ඔහු කරනවා ඇත. එසේය, රජුගේ වචනය බල සහිතය; ඔබ මක්කරනවාදැයි ඔහුට කියන්නේ කවුද?”—දේශනාකාරයා 8:3, 4.
එයාකාරයටම, ඔබගේ දෙමාපියා—කුමන අඩුලුහුඬුකම් සහිත වුවත්—ඔබව භාරව සිටින අතර, ඔබගේ ජීවිතය මත සැලකිය යුතු ප්‍රමාණයක බලයක් ඇතුව සිටියි. එසේනම්, කැරලි ගැසීම හෝ ඔහුව සුළුකර සැලකීම කිසිසේත් ඥානවන්ත ක්‍රියාවක් නොවනු ඇත. මෙසේ කිරීම ඔබගේ ජීවිතය තවදුරටත් දුෂ්කර කළ හැකිවනවා පමණක් නොව නමුත්, දෙවියන්වහන්සේගෙන් ඔබ ලද අනුග්රහයද නැතිවිය හැක. (සසඳන්න හිතෝපදේශ 30:17; දේශනාකාරයා 10:4.) අනික් අතට, ඔබට හැකි උපරිමයෙන් සහයෝගය දැක්වීම, යම්තාක්දුරට ඔබගේ දෙමාපියා සමඟ සාමකාමී, සන්සුන් සබඳතාවක් පවත්වාගැනීමට උපකාරවත් විය හැක.—කොලොස්සි 3:20.
කෝපය සහ තද අමනාපය සමඟ ක්‍රියා කිරීම
එහෙත්, ඔබව රිදවා ඇති හෝ ඔබගේ බලාපොරොත්තු කඩ කළ කෙනෙකු සමඟ ඔබට ගෞරවාන්විතව කටයුතු කළ හැක්කේ කෙසේද? මෙය පහසු දෙයක් නොවේ. එහෙත් ඔහුගේ දෝෂ හෝ අඩුලුහුඬුකම් ගැන නොකඩවා මෙනෙහි කිරීමෙන් සිදුවන්නේ, ඔහු කෙරෙහි ඇති, දැඩි අමනාපය තවදුරටත් පෝෂණය වීම පමණි. ඔබ ඊට වඩා නිශ්චිතාකාරයෙන් ඔබගේ දෙමාපියා ගැන කල්පනා කොට, ඔහුට තිබිය හැකි හොඳ ගුණාංගවලට නිසි ප්‍රශංසාව ලබා දිය යුතු විය හැකිද?
හිතෝපදේශ 19:11 පවසන දේ සැලකිල්ලට ගන්න: “සිහි කල්පනාව ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි.” ඔබගේ දෙමාපියාව තේරුම්ගැනීමට උත්සාහ කිරීමෙන්, කාරණා මත හොඳ කෝණයකින් බැලීමට හැකිවනු ඇත. ඔහු සැබවින්ම දුෂ්ට අන්දමින් හැසිරෙනවාද? එසේ නැත්නම්, ඔහු නිකම්ම දුර්වල, අධෛර්යයට පත්, උපකාරය අවශ්‍ය කෙනෙක් පමණක් විය හැකිද? ඔහුගේ හැසිරීම අසනීපය, අසහනය, තනිකම හෝ වැඩවලින් අධික වෙහෙසේ ප්‍රතිඵලයක් විය හැකිද? එසේනම්, මෙවැනි ගැටලු තේරුම්ගැනීමෙන්, ඔබගේ දෙමාපියා කෙරෙහි වඩාත් දයානුකම්පාවක් හැඟීමටත්, සමහරවිට කෝපය වඩාත් අඩුවෙන් දැනීමටත් හැකිවනු ඇත.
කාරණය කුමක් වුවත්, ඔබගේ හැඟීම් තවත් කෙනෙකු සමඟ කතා කිරීම උපකාරවත් වේ. (හිතෝපදේශ 12:25) “මගේ පියා මත්පැන් බීමට පුරුදුව සිටියා” යයි එක් දැරියක් සිහිපත් කළාය. මට හැඟුණු ආකාරය, මගේ දෙමාපියන්ට පැවසිය නොහැකිව, සියල්ලම මා තුළම තබාගත්තා.” කෙසේවෙතත් ඔබට තනිවම දුක්විඳීමට අවශ්‍ය නැත. සභාවේ මේරූ ක්‍රිස්තියානීන් දෙමාපියන්ගේ තැන නොගත්තද, ඔවුන්ට නිවසේදී නොලැබෙන සැලකිල්ල ලබා දීමට බොහෝ දේ කළ හැකිය. (මාර්ක් 10:30 සසඳන්න.) හිතෝපදේශ 17:17 මෙසේ පවසයි: “මිත්‍රයෝ සැමවිටම තම ප්‍රේමය දක්වති. කරදරයකදී උපකාර කිරීමට මිස, සහෝදරයන් වෙන කුමකටද?”—ටුඩේˈස් ඉංග්ලිෂ් වර්ෂන්.
‘මට ඔහුව වෙනස් කළ හැක’
වැරදිසහගත වගකීමේ හැඟීමක් නිසා ඇතැම් යෞවනයෝ චිත්තවේගීය ලෙස පීඩාවිඳිති. මේරි තමා ගැන සහ තමාගේ සහෝදර සහෝදරියන් ගැන මෙසේ සිහිපත් කරයි: “මගේ පියාගේ බීමත්කම ගැන අනික් අය සොයාගනියි කියා, අපි මහත් බියෙන් සිටියා.” තවත් සමහරු, තමන්වම වෙහෙසා, තම යුතුකම් පැහැර හරින දෙමාපියාව වෙනස් කිරීමට උත්සාහ දරති.
ඔබ ඔබගේ දෙමාපියාට ඉමහත් සේ ප්‍රේම කළද, සැලකිල්ල දැක්වුවද, ඔබ හුදෙක් ඔහුගේ අඩුලුහුඬුකම්වලට වගකිව යුතු නොවේ. ඔහු දෙවියන්වහන්සේ ඉදිරියේ ‘තමාගේ බර උසුලන්නේය.’ (සසඳන්න ගලාති 6:5; යාකොබ් 5:14.) ඔබගේ දෙමාපියාගේ හැසිරීම, අධීක්ෂණය කිරීම හෝ පාලනය කිරීම ඔබගේ වගකීම නොවේ. ඔබගේ දෙමාපියාට නිතරම කෙඳිරීම හෝ බැණ වැදීම ඔහුව කුපිත කරනවා පමණයි.
ඔබට කිසිදෙයක් කිරීමට නොමැති බව මින් අදහස් නොකෙරේ. අඩුම වශයෙන් ඔබගේ දෙමාපියා සිත වෙනස් කිරීමකට භාජන වෙයි කියා ඔබට “නොකඩව යාච්ඤා” කළ හැක. (1 තෙසලෝනික 5:17) නොකඩවාම, සුදුසු අවස්ථාවලදී, ඔහුට ඔබගේ ප්‍රේමය ප්‍රකාශ කිරීම තුළින් සහ අවංක ප්‍රශංසාව ඉදිරිපත් කිරීමෙන්, ඔහුගේ ආකල්ප මොළොක් කිරීමට උපකාරවත් විය හැක. මීට අමතරව, මෙම තත්වය ඔබට හැකි තරමින් හොඳින් විඳදරාගැනීමට වඩා වෙන කිසිදු දෙයක් ඔබට කළ නොහැක.b
සැබවින්ම ඔබ සහ ඔබගේ දෙමාපියා ක්රිස්තියානිවරුන් නම් සහ ඔහු මත්පැන් අනිසි ලෙස භාවිතය හෝ බලවත් කෝපයට පත්වීම, වැනි බරපතළ වැරදිවල නිරත වන්නේ නම්, මේ කාරණා සම්බන්ධයෙන් සභා වැඩිමහල්ලන් සමඟ සහතික ලෙස සාකච්ඡා කළ යුතු බව ඔබට නිතැතින්ම හැඟීයා යුතුය. (යාකොබ් 5:14) මෙය අපක්ෂපාත ක්‍රියාවක් නොවන නමුත්, ඔබගේ දෙමාපියාට බොහෝසෙයින් අවශ්‍ය කරන උපකාරය ලබා දීමට ඔබ විසින් කරන ප්‍රේමනීය උත්සාහයක් වනු ඇත. සමහර දෙමාපියන් තම වැරදි ක්‍රියා කෝපයෙන් ප්‍රතික්ෂේප කර රහසිගතව දරුවන්ට විරුද්ධව පළිගෙන තිබෙන බව සැබෑ වුවත්, “ධර්මිෂ්ඨකම නිසා දුක්විඳින” යෞවනයන්ගේ ධෛර්යයවත් ක්‍රියාකලාපය යෙහෝවඃවහන්සේ අනුමත කරමින්, උන්වහන්සේගේ නියමිත කාලයේදී, උන්වහන්සේගේ සත්‍යය හෙළිදරව් කරන බව සහතික විය හැක.—1 පේතෘස් 3:14; 1 තිමෝති 5:24, 25.
ඔබගේම ගැළවීම සකසාගන්න
සාලමොන් මෙසේ ප්‍රකාශ කළේය: “බලාත්කාරය නිසා ප්‍රඥාවන්තයා මෝඩවන්නේය.” (දේශනාකාරයා 7:7) කීමට කනගාටුදායක දෙය නම්, ඇතැම් යෞවනයන්, තම දෙමාපියන්ගේ දුර්වල ආදර්ශය නිසා තික්ත බවට පත්වී, අනිසි ලෙස හැසිරීමට පටන්ගෙන තිබීමය. ඇතමුන් යෙහෝවඃවහන්සේට විරුද්ධව කුපිත වී ක්‍රිස්තියානි මාර්ගය පවා අත්හැර ඇත! (හිතෝපදේශ 19:3) බයිබලය මෙසේ අනතුරු අඟවයි: “කෝපය නිසා [කුඩුකේඩු ක්‍රියාවලට] නොපෙලඹෙන බවට වගබලාගන්න. ඔබ වේදනාකාරි දෙයට නැඹුරුවීමට එරෙහිව පරෙස්සම් වන්න.”—යෝබ් 36:18-21, NW.
දෙවියන්වහන්සේ සමඟ ඔබගේ දෙමාපියාගේ අනුමැතිය ලත් තත්වය ගැන අධික ලෙස කරදර වෙනවා වෙනුවට, ඔබ “භයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ටකර [සකසාගත NW]” යුතුය. (පිලිප්පි 2:12) පුරාතන කාලවලදී, යෞවන හෙසකියා කුමරු, එවැනිම තත්වයන් යටතේදී එසේම කළේය. ඔහුගේ පියා වන ආහාස් රජ, යෙහෝවඃවහන්සේට නමස්කාර කරන බව කියා සිටියේය. (යෙසායා 7:10-12) තමන්ගේම පුත්‍රයෙකුව පවා මිනිස් පූජාවක් ලෙස ඔප්පු කරමින්, ඔහු ඇත්තෙන්ම මිථ්‍යා දෙවිවරුන්ව නමස්කාරකරන්නෙක් විය! (2 රාජාවලිය 16:1-4) මෙම පැවති ඇදහිල්ල අත්හැර යෑමේ තත්වය, යෞවන හෙසකියාට මොනතරම් සංවේගදායක වන්ට ඇද්දැයි සිතා බලන්න! මෙම යොවුන් කුමරා විසින් ලියනු ලැබුවායි සිතන, ගීතාවලිය 119:28, මෙසේ ප්‍රකාශ කරයි: “ශෝකය නිසා මාගේ ආත්මය දියවේ. ඔබගේ වචනය පරිද්දෙන් මා ශක්තිමත්කළ මැනව.”
යෙහෝවඃවහන්සේ එලෙසම කළසේක! හෙසකියා, යාච්ඤාවට සහ දේවවචනය අධ්‍යයනය කිරීමට තමාවම යොදවද්දී, ඔහු ජීවත්වූ වාතාවරණය මධ්‍යයෙහි පවා ඔහුගේ ආත්මිකත්වය, වර්ධනය විය. (ගීතාවලිය 119:97) ඔහු තමාගේ ආශ්‍රයද පරෙස්සමින් ආරක්ෂා කළේය. (ගීතාවලිය 119:63) එහි ප්‍රතිඵලය? ඔහුගේ කුහක පියා විසින් තබන ලද කනගාටුදායක ආදර්ශය නොසලකා, හෙසකියා, ‘යෙහෝවඃවහන්සේට ඇලුම්ව සිටියේය.’ (2 රාජාවලිය 18:6) ඔබටත් හැක! ඔබගේ දෙමාපියාද කුහක ලෙස හැසිරෙනවා විය හැක, නමුත්, ඔබට එම ආදර්ශය අනුගමනය කිරීමට අවශ්‍ය වන්නේ නැත. යෙහෝවඃවහන්සේට ඇලුම්ව සිටින්න, සමහරවිට ඔබගේ විශ්වාසවන්තකමේ සන්සුන් ආදර්ශය, ඔබගේ දෙමාපියාව, එක්දිනක වෙනස්වීමට පෙලඹවිය හැක.
[පාදසටහන්වල]
a තේරුම්ගැනීමේ පහසුව සඳහා, අපි දෙමාපියන් පුරුෂ ලිංගයෙන් යොමු දක්වමු.
b යෞවනයෙක්, ශාරීරික සහ ලිංගික අතවරවලට ඉඩහැරිය යුතු බව මින් අදහස් නොකෙරේ. මෙවැනි තත්වයක සිටින යෞවනයෙකුට, උපකාරය ලබාගැනීමට පවුලෙන් පිටතට යෑමට සිදුවුවහොත් එසේ කළ යුතුය.
[25වන පිටුවේ පින්තූරය]
ඔබගේ දෙමාපියා අසමත් වන නිසා, ඔබද අසමත් විය යුතු නැත