යෞවනයන් වෙත ළඟාවීමට පූජක පක්ෂය උත්සාහ කරති
“තෙල් සහිත හිස කෙස් ඇති, හම් කබායක් පැළඳගත් පන්ක් විලාසයෙන් යුත් කණ්ඩායමක්, මැක්ගිල් සරසවියේ පූජක පිරිස ආක්‍රමණය කළ බව,” කැනඩාවේ මොන්ට්‍රියල්හි, ද ගසෙට් පත්‍රය වාර්තා කළේය. කෙසේවෙතත් මෙම “පන්ක් විලාසිතයන්” සාමාන්‍ය අය නොවූහ. ඔවුහු පූජක පක්ෂයේ සාමාජිකයෝ—එනම් සරසවි දේවගැතියෝ—වූහ, තවද පුවත්පත හඳුන්වා දෙන ආකාරයට, ඔවුහු “ආත්මික ඥානාලෝකය සොයන, සරසවි සිසුන් සමඟ කෙළින්ම කටයුතු කරන දේවධර්මාචාරීහු නව රැල්ලක කොටසක් වූහ.”
සරසවියේදී ඔවුන්ගේ සේවාවන් ප්‍රචාරය කිරීම සඳහා, පෝස්ටරයකට මෙම දේවගැතියෝ, “පන්ක් විලාසයෙන්,” ඇඳ පැළඳ සිටියෝය. ඔවුන්ගෙන් කෙනෙකු වූ ප්‍රෙස්බිටේරියන් දේවගැති රොබර්ටා ක්ලැයාර් මෙසේ පැහැදිලි කළාය: “අප ගැන ඇති කර තිබෙන ආත්ම-ධර්මිෂ්ඨ, විනිශ්චය කිරීමේ ආකල්පයෙන් ඉවත්වීමට, අපි පන්ක් විලාසයකින් යුත් පෝස්ටරයක් නිර්මාණය කිරීමට තීරණය කළා.”
පසුගිය කාලයට වඩා වැඩියෙන්, සිසුන්, පාසැලේදී ආගම අධ්‍යයනය කිරීමට උනන්දුවෙන් සිටින බව ඈ නිරීක්ෂණය කළාය. බොහෝ අය ගැඹුරු ප්‍රශ්න සමඟ පොර බඳමින් සිටින අතර, පිළිතුරු සඳහා ඔවුහු සරසවි උපදේශකයන් සහ දේවගැතියන්ගේ උපකාරය සොයති. ආගම ප්‍රජාවේ මෙතරම් ප්‍රබල බලපෑමක් ඇති කරන හේතුවත්, මෙතරම් ආගම් පැවතීමට හේතුවත්, පෙනෙනාකාරයට මේවා ලෝකයේ මෙතරම් ආරවුල් ඇති කිරීමට හේතුව දැනගැනීමට කුතුහලයකින් සිටි එක් සිසුවෙකුව, පුවත්පත විසින් සම්මුඛ සාකච්ඡාවට ලක් කරන ලදි. ඔහු යේසුස්වහන්සේගේ සැබෑ අනන්‍යතාව මෙන්ම, විශ්වයේ මූලාරම්භය පිළිබඳ ප්‍රශ්න සමඟ පොර බඳමින් සිටියේය.
මෙවැනි ගැඹුරු ප්‍රශ්නවලට දෙවියන්වහන්සේ දෙන පිළිතුරු, සිසුන්ට සෙවීමට උපකාර කිරීම සඳහා, මෙම දේවගැතියෝ බයිබලය යොදාගනිත්ද? පෙනෙන අයුරින්, කලාතුරකිනි. මෙම දේවධර්මාචාරිවරුන්ගේ නව රැල්ල තම ආගමට හරවාගැනීම, “බැටළුවන් සොරාගැනීම” ලෙස සලකා, ඔවුන් අතරේ එසේ නොකිරීමට එකඟ විය.
ඔවුන් හොඳ චේතනා ඇතුව සිටින නමුත්, මෙම දේවගැතියන් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ අනුගාමිකයන් යොදාගත් ඉගැන්වීමේ ක්‍රමවලින් බොහෝදුරට ඉවත ගොස් ඇත. මුල් ක්රිස්තියානිවරුන් “බැටළුවන් සොරාගැනීම” සම්බන්ධයෙන් කරදර නොවූ අතර, ඔවුන් දේවවචනය ඉගැන්වීමෙන් සහ අවංක ලෙස සත්‍යය සොයන්නන්ට එය තේරුම්ගැනීමට උපකාර කිරීමෙන්ද වැළකී සිටියේද නැත. (ලූක් 24:44, 45; ක්‍රියා 20:20) කෙසේවෙතත්, සදාකාල ජීවනය ලබාගැනීමට, යෙහෝවඃ දෙවියන්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඒකාන්ත දැනුම අවශ්‍ය කරයි. (යොහන් 17:3) සියලු ආකාර මනුෂ්‍යයන් “සැබෑව දැනගැනීමට පැමි[ණ]” ගළවනු ලැබීම දෙවියන්වහන්සේගේ කැමැත්ත වේ.—1 තිමෝති 2:3, 4.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩ කොටසේ, තම බයිබල් ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට සතුටු වන අයට නොමිලේ නිවාස බයිබල් පාඩමක් පැවැත්වීම ඇතුළත් වේ. ඔබගේ ප්‍රජාවේ සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ඔබට සහාය වීමට සතුටෙන් සිටිති.