මිලියන ගණන් ජීවිත දුමට ගොදුරු වේ
එය ලෝකයේ වඩාත් හොඳින් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදනයන්ගෙන් එකකි. ලැදිවූ පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් ඊට සිටින අතර, ශීඝ්‍රයෙන් විශාල වන්නාවූ වෙළඳපොළක් එය භුක්තිවිඳියි. මෙයින් අතිශයින් සතුටු වන්නාවූ සමාගම්, සිත්ගන්නා ලාභ, දේශපාලනයේ අනුබලය හා ගෞරවය පිළිබඳ පාරට්ටු කරගනිති. එකම ප්රශ්නය වන්නේ, එහි හොඳම පාරිභෝගිකයන් මියයමින් සිටීමයි.
දි ඉකොනමිස්ට් මෙසේ නිරීක්ෂණය කරයි: “ලෝකයේ ඉමහත් ලාභ ලබන්නාවූ පාරිභෝගික නිෂ්පාදිත අතර දුම්වැටිද ඇත. අරමුණු කර ඇති පරිදි භාවිත කිරීමෙන් භාවිතකරන්නන්ව ඇබ්බැහි කරන්නාවුද, ඉන් බොහෝදෙනෙකුව මරුමුවට පත්කරන්නාවුද, එකම (නීත්‍යනුකූල) නිෂ්පාදිතද ඒවා වේ.” මෙයින් අදහස් කරන්නේ දුම්කොළ සමාගම්වලට ඉමහත් ලාභ හා එහි පාරිභෝගිකයන්ට විශාල පාඩු සිදුවන බවයි. එක්සත් ජනපදයේ රෝග මර්දන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන අනුව, සෑම වසරකම අමෙරිකානු දුම්බොන්නන්ගේ වසර මිලියන පහක ජීවත්වීමේ කාලයක් කපාහැර තිබෙන අතර, දළ වශයෙන් දුම්බීමට ගත කරන සෑම විනාඩියකටම විනාඩියක් අඩුවීම මින් අදහස් කෙරේ. “වසරකට අමෙරිකානුවන් 4,20,000ක් දුම්බීමෙන් මියයයි” යනුවෙන් නිව්ස්වීක් සඟරාව වාර්තා කරයි. “එනම් නීත්‍යනුකූල නොවන මත්ද්‍රව්‍ය ගන්නා අමෙරිකානුවන්ගේ මරණ සංඛ්‍යාව මෙන් 50 ගුණයකි.”
බ්‍රිතාන්‍යය අධිරාජ්‍ය පිළිකා පර්යේෂණ අරමුදල, ජසෞස (ජගත් සෞඛ්‍ය සංවිධානය) හා අමෙරිකානු පිළිකා සමාගම මගින් ප්‍රකාශයට පත් කරන ලද මෝර්ටැලිටි ෆ්‍රොම් ස්මෝකිං ඉන් ඩිවෙලප්ට් කන්ට්‍රීස් 1950-2000 (සංවර්ධිත රටවල දුම්බීමේ මරණ අනුපාතිකය, 1950-2000) යන පොතට අනුව, ලෝක ව්‍යාප්තව විනාඩියකට 6දෙනෙකු බැගින් වසරකට මිනිසුන් මිලියන තුනක් දුම්බීමෙන් මරණයට පත්වේ. දැනට වඩාත් විස්තර සහිතව කර තිබෙන ලෝක දුම්පානයේ ප්රවණතා පිළිබඳ මෙම විග්රහයට රටවල් 45ක් ආවරණය වේ. “තවත් බොහෝ රටවල,” අධිරාජ්‍ය පිළිකා පර්යේෂණ අරමුදලෙහි රිචඩ් පීටෝ මෙසේ අවවාද කරයි, “දරුණුතම දෙය තවමත් ඉදිරියෙහිය. දැනට දුම්බීමේ ආකාරය නොනැවතී පැවතුණහොත්, යෞවන දුම්බොන්නන් ඔවුන්ගේ මැදිවියට හෝ මහලුවියට ළඟාවෙත්ම, වසරකට දුම්බීමෙන් මිලියන 10ක පමණ මරණ සංඛ්‍යාවක් ඇතිවිය හැක—සෑම තත්පර තුනකට එක මරණයක් බැගින් සිදුවිය හැක.”
“වෙනත් කිසිදු අන්තරායකට වඩා දුම්පානය වෙනස්ය,” යනුවෙන් ජසෞස දොස්තර ඇලන් ලෝපෙස් පවසයි. අවසානයේදී එය දුම්පානයකරන්නන් දෙදෙනෙකුගෙන් එක්කෙනෙකු මරණයට පත් කරයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය අංශයේ මාර්ටින් වෙසී සමානාකාරයෙන් මෙසේ පවසයි: “වසර 40කට වැඩි මෙම සොයාගැනීම්, දුම්පානයකරන්නන්ගෙන් අඩක්ම ඔවුන්ගේ මෙම පුරුද්ද නිසා අවසානයේදී මරණයට පත්වන බවට වූ භයානක නිගමනයට එළඹීමට සලස්වයි—මෙය ඇත්තෙන්ම බිය උපදවන්නකි. එක්දහස් නවසිය පනස් ගණන්වල සිට, මිලියන 60ක් පමණ ජනයා දුම්පානයෙන් මරණයට පත්වී ඇත.
ඇත්තෙන්ම, මෙය දුම්කොළ සමාගම්වලටද බිය උපදවන්නාවූ කරුණකි. සෑම වසරකම ලොව පුරා මිලියන තුනක් පමණ ජනයා දුම්බීම හා සම්බන්ධ හේතුවලින් මියයමින්ද, තවත් බොහෝදෙනෙකු දුම්බීම අත්හරිමින්ද සිටියහොත්, එවිට වාර්ෂිකවම මිලියන තුනකට අධික නව දුම්පානයකරන්නන් සොයාගැනීමට සිදුවේ.
කාන්තා විමුක්තිය වශයෙන් දුම්කොළ සමාගම් ප්‍රශංසා කරන දෙය හේතුවෙන් එක් මූලාශ්‍රයක් මතුවී තිබේ. කාන්තාවන් විසින් දුම්පානය කිරීම බටහිර රටවල වසර ගණනාවක් සිටම ස්ථාපිත වී තිබෙන කරුණක් වුවත්, දැන් එය අපකීර්තියක් ලෙස සැලකූ ප්‍රදේශවලට පවා ගමන් කරමින් තිබේ. ඒ සියල්ලම වෙනස් කිරීමට දුම්කොළ සමාගම් අදහස් කරයි. ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ, කාන්තාවන් අලුත සොයාගත් ඔවුන්ගේ සමෘද්ධිය හා විමුක්තිය මහත් සතුටින් භුක්තිවිඳීමට උපකාර කිරීමටය. තාර හා නිකටින් අඩුවෙන් අඩංගුයයි සඳහන් කරන එවැනි විශේෂ නම්වලින් හඳුන්වන දුම්වැටි පානය කරන, එමෙන්ම එවැනි දුම්පානය අඩු බලපෑමකින් යුක්ත බව හැඟෙන ස්ත්‍රීන්ව ආකර්ෂණය කරනු ලැබේ. වෙනත් දුම්වැටි සුවඳවත් කර ඇත නැතහොත් ඒවාට සිහින් දිගටි පෙනුමක් තිබේ, දුම්පානයෙන් එබඳු පෙනුමක් අත්කරගැනීමට ස්ත්‍රීන් අපේක්ෂා කරනවා විය හැක. බටහිර අලංකාරය අනුව චිත්තාකර්ෂණීය ලෙස හොඳට ඇඳ පැළඳගත් ආසියානු මෝස්තර නිරූපිකාවන්ව ආසියානු දුම්කොළ වෙළඳ දැන්වීම්වල ප්‍රචාරය කෙරේ.
කෙසේවෙතත්, කාන්තා “විමුක්තිය” මෙන් එක සමාන වේගයෙන්ම දුම්පානය හා සම්බන්ධ මරණ සංඛ්‍යාවද වර්ධනය වේ. බ්‍රිතාන්‍යය, නෝර්වේ, පෝලන්තය හා ස්වීඩනය ආදී රටවල කාන්තාවන් අතර පෙණහලු පිළිකාවට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව, පසුගිය වසර 20 ඇතුළත දෙගුණයක් වී තිබේ. එක්සත් ජනපදයේ හා කැනඩාවේ මෙම සංඛ්‍යාව 300ගුණයකින් වැඩිවී තිබේ. “ඔබ බොහෝ දුරක් ගෙවා පැමිණ තිබේ, කෙල්ලේ!” යනුවෙන් එක් දුම්වැටි වෙළඳ දැන්වීමක් ප්‍රකාශ කරයි.
සමහර දුම්කොළ සමාගම්වලට ඔවුන්ගේම දක්ෂ උපායන් තිබේ. එක් පිලිපීන සමාගමක් එම ඉතා දැඩි කතෝලික රටේ කන්‍යා මරියාගේ රූපය සහිත කැලැන්ඩර බෙදාහරිති, එමෙන්ම ඔවුන්ගේ දුම්වැටි වර්ගයේ වෙළඳ සලකුණ කිසිදු අදිමදි කිරීමකින් තොරව එම රූපය යටතේ දමා තිබේ. “මෙවැනි දෙයක් මම කිසිදාක දැක නැහැ” යනුවෙන් පැවසුවේ, ජසෞස ආසියානු සෞඛ්‍ය උපදේශිකා වෛද්‍ය. රෝස්මරි එර්බන්ය. “පිලිපීන කාන්තාවන්ට දුම්බීමේ අදහස හා සම්බන්ධයෙන් පහසුවක් හැඟීමට, ප්‍රතිමාව ප්‍රධාන වශයෙන් දුම්කොළ සමඟ සම්බන්ධ කිරීමට ඔවුහු මින් වෑයම් කර සිටියෝය.”
චීනයේ කාන්තාවන්ගෙන් සියයට 7ක් හා වැඩිහිටි පුරුෂයන්ගෙන් සියයට 61ක් දුම්පානය කරන බව තක්සේරු කර තිබේ. මිලියන ගණන් අයට මෙතෙක් කල් ඔවුන්ගේ අලංකාරවත් බටහිර සහෝදරියන්ගේ “ආස්වාදය” වළක්වා තිබෙන හෙයින්, බටහිර දුම්කොළ සමාගම් මෙම ලස්සන ප්‍රාචීන කාන්තාවන්ගේ “විමුක්තිය” දෙස නෙත් යොමා සිටිති. කෙසේවෙතත්, බටහිර සමාගම්වල මතයට අනුව මෙහි ප්‍රධානම මදිපාඩුවක් නම්, රජය දුම්වැටිවලින් වැඩි ප්‍රමාණයක්ම සැපයීමයි.
කෙසේවෙතත්, බටහිර සමාගම් ක්‍රමක්‍රමයෙන් නිෂ්පාදන සඳහා ප්‍රවේශය ලබමින් සිටිත්. වෙළඳ දැන්වීම් සඳහා සීමා සහිත අවස්ථාවන් සහිතව, සමහර දුම්වැටි සමාගම් ඔවුන්ගේ අනාගත පාරිභෝගිකයන් වෙත විශේෂිත අභිප්රායක් ඇතුව රහසිගතව එළඹීමට සූදානම් වෙති. චීනය හොංකොං සිට චිත්‍රපට ආනයනය කරන අතර, ඉන් බොහොමයක දුම්පානයෙහි යෙදීමට නළුවන්හට මුදල් ගෙවා තිබේ—මෙය මෘදු ආකාරයකින් කැමති කරවාගැනීමකි!
ඔවුන්ගේ රට තුළම දුම්පානය සඳහා විරුද්ධවාදීකම් තිබෙන හෙයින්, සමෘද්ධිමත් අමෙරිකානු දුම්කොළ සමාගම් නව ගොදුරු උගුලට අසුකරගැනීමේ අභිප්‍රායෙන් තම ග්‍රහණය පුළුල් කරති. සංවර්ධනය වන්නාවූ ජාතීන් වෙත ඔවුන්ගේ මාරාන්තික ඉලක්කය ගෙන තිබෙන බව තොරතුරු පෙන්නුම් කරයි.
ලෝක ව්‍යාප්ත සෞඛ්‍ය නිලධාරීහු අනතුරු අඟවති. ශීර්ෂ පාඨ මෙසේ ප්‍රකාශ කරයි: “අප්‍රිකාව නව වසංගතයක් සමඟ සටන් කරයි—දුම්වැටි පානය.” “ආසියාවේ දුම්වැටි වෙළඳපොළ ඉහළයත්ම දුම ගින්න බවට හැරේ.” “ආසියාතික දුම්පානයේ අනුපාතිකය පිළිකා වසංගතයකට මඟ පාදයි.” “තුන්වන ලෝකයේ රටවල නවතම සටන දුම්පානය හා සම්බන්ධය.”
අප්‍රිකානු මහාද්වීපය නියඟ, සිවිල් යුද්ධ සහ ඒඩ්ස් වසංගතය ආදියෙන් පහර ලැබ සිටියි. එහෙත් බ්‍රිතාන්‍ය හෘද විශේෂඥ වෛද්‍ය. කීත් බෝල් පවසන්නේ, “න්‍යෂ්ටික යුද්ධ හෝ සාගත හැර අප්‍රිකාවේ අනාගත සෞඛ්‍යය සඳහා එකම බලවත් තර්ජනය වී තිබෙන්නේ, දුම්වැටි පානයයි.”
යෝධ බහුජාතික සමාගම් දුම්කොළ වගා කිරීම පිණිස ප්‍රාදේශික ගොවීන්ව කුලියට ගනිති. ගොවීහු පිසීමට, උණුසුම සපයා දීමට, ගෙවල් සෑදීමට අවශ්‍ය බොහොමයක් ගස් කපා දමා, දුම්කොළ රසායනිකව සූදානම් කිරීමට ඉන්ධන වශයෙන් භාවිත කරති. ඔවුහු අඩුලාභ ඇති ආහාර අස්වැන්න වෙනුවට, ලාභ උපදවන දුම්කොළ වගා කරති. දිළිඳුභාවයට පත් අප්‍රිකානුවෝ, පොදුවේ ඔවුන්ගේ ප්‍රමාණවත් නොවන ආදායමෙන් විශාල ප්‍රමාණයක් දුම්වැටිවලට වැය කරති. බටහිර දුම්කොළ සමාගම්, ලබන ධන සම්භාරයෙන් පොහොසත් වනවාත් සමඟම, අප්‍රිකානු පවුල් මන්දපෝෂණයෙන් පෙළෙති.
සංවර්ධනය වන්නාවූ ලෝකය විශාල ව්‍යාපාර ප්‍රස්තාවක් ලෙස දකින බටහිර දුම්කොළ සමාගම්, අප්‍රිකාව, නැඟෙනහිර යුරෝපය හා ලතින් අමෙරිකාව වැනි රටවල් ඔවුන්ගේ ඉලක්ක බවට පත්කරගෙන ඇත. එහෙත් ලාභ ලැබීමට ඔවුන්ගේ හොඳම ප්‍රස්තාව වී තිබෙන්නේ ජනාකීර්ණ වූ ආසියාව අල්ලාගැනීමය. එක්සත් ජනපදයේ සම්පූර්ණ ජනගහනයට වඩා වැඩි ප්‍රමාණයක දුම්පානයකරන්නන් චීනයේ පමණක් දැනට සිටියි—එනම් මිලියන 300ක්. මහත් විස්මයට පත්කරවමින්, ඔවුන් දුම්වැටි ට්‍රිලියන 1.6ක් වසරකට පානය කරන අතර, මෙය ලෝකයේ පරිභෝජනය කරන්නාවූ මුළු ප්‍රමාණයෙන් තුනෙන් එකකි!
“ආසියාවේ දුම්පානයේ හදිසි වැඩිවීමෙන් භයානක සෞඛ්‍ය ප්‍රතිඵල ගම්‍යවන බව වෛද්‍යවරුන් පවසන බව” ද නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කරයි. ඉදිරි දශක දෙක තුන තුළදී, සෑම වසරකම බලාපොරොත්තු වන දුම්පානය හා සම්බන්ධ මරණ මිලියන දහයෙන්, චීනයේ පමණක් මිලියන දෙකක් පමණ සිටියියයි රිචඩ් පීටෝ තක්සේරු කරයි. අද ජීවත්වන චීන දරුවන් මිලියන 50ක් දුම්පානය හා සම්බන්ධ රෝගවලින් මියයෑමට හැකියයි පීටෝ පවසයි.
වෛද්‍ය නයිජල් ග්‍රේ එය මෙසේ සාරාංශ කොට දැක්වීය: “චීනය හා නැඟෙනහිර යුරෝපයේ පසුගිය දශක පහ තුළ දුම්පානය කිරීමේ ඉතිහාසය බලන කල, එම රටවල් තවදුරටත් දුම්පානයෙන් ඇතිවන විශාල රෝග වසංගතයකට ඇදී වැටීමට නියමිත බව කිව හැක.”
තායිලන්තයේ දුම්පාන විරෝධී ව්‍යාපාරයේ වෛද්‍ය ප්රාකිට් වටීසාටොකිට් මෙසේ ඇසුවේය: “එ.ජ. අකල් මරණ 4,00,000කට හේතුවන්නාවූද, එ.ජ. ආණ්ඩුව සිය පුරවැසියන්ට අත්හැරීමට උපකාර කිරීමට වෙහෙස මහන්සි වී වෑයම් කරන්නාවූද නිෂ්පාදිතයක්, අමෙරිකානු දේශ සීමාවලින් ඔබ්බට එකවිටම වෙනස් යමක් බවට පත්විය හැක්කේ කෙසේද? එකම නිෂ්පාදිතය වෙන රටවලට අපනයනය කරනු ලබන විට සෞඛ්‍යය අදාළ නොවන යමක් බවට පත්වේද?
මෙම වර්ධනය වන්නාවූ දුම්කොළ ව්‍යාපාරයට එ.ජ. ආණ්ඩුව යන බලගතු අනුග්‍රාහකයා සිටී. විශේෂයෙන්ම ආසියානු වෙළඳපොළවල ස්ථාවරයක් ලබාගැනීම සඳහා ඔවුන් එකතුවී සටන් කර ඇත. සමහර ආණ්ඩුවල දුම්කොළ නිෂ්පාදනය සඳහා ඔවුන්ගේ ඒකාධිකාරිය තිබුණ බැවින් වසර ගණනාවකටම අමෙරිකානු දුම්වැටි ජපානය, තායිවානය, තායිලන්තය හා අනිකුත් රටවල වෙළඳපොළට ඉදිරිපත් කිරීමට අවසර දී නොතිබිණ. දුම්පාන විරෝධී කණ්ඩායම් ආනයනවලට විරුද්ධව උද්ඝෝෂණය කළහ. එහෙත් එ.ජ. පරිපාලනය දඬුවම්කාරි තීරුබදු පැනවීමට තර්ජනය කිරීම ඒත්තුගන්වන ආයුධයක් කොටගත්හ.
වර්ෂ 1985 සිට එ.ජ. රජයේ බලවත් පීඩනය යටතේ බොහෝ ආසියාතික රටවල් දුම්වැටි ආනයනයට අවසර දුන් අතර, අමෙරිකානු දුම්වැටි ගලා ඒමට පටන්ගත්තේය. වර්ෂ 1988දී ආසියාවට එ.ජ. දුම්වැටි අපනයනය සියයට 75කින් වැඩිවිය.
සමහරවිට වැඩි වශයෙන් දුම්වැටි සටනට ඉතා දුඃඛදායක ලෙස ගොදුරු වන්නේ දරුවන්ය. ද ජර්නල් ඔෆ් දි අමෙරිකන් මෙඩිකල් එසෝසියේෂන් සඟරාවෙහි වාර්තා වී තිබෙන අධ්‍යයනයක පවසන්නේ, නව දුම්පානයකරන්නන්ගෙන් 90%කටම “දරුවන් හා නහඹරවියේ පසුවන්නන් ඇතුළත් වන බවය.”
එක්සත් ජනපදයේ නහඹරවියේ දුම්බොන්නන් ප්‍රමාණය මිලියන 3.1ක් බව යූ.එස්.නිව්ස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් තක්සේරු කරයි. සෑම දිනකම නවකයන් 3,000ක් දුම්පානය ආරම්භ කරන අතර, වසරකට ගණන 10,00,000කි.
එක් දුම්වැටි වෙළඳ දැන්වීමක ප්‍රචාරය කරන්නේ, බොහෝවිට දුම්වැටියක් ඔහුගේ මුඛයේ රඳවා සිටින විනෝදයට ප්‍රිය, සතුට සොයන කාටුන් ඔටුවෙකි. මෙම දුම්වැටි වෙළඳ දැන්වීම, යෞවනයන්ව ආකර්ෂණය කර සෞඛ්‍ය අනතුරු පිළිබඳ තේරුම්ගැනීමට පෙර නිකටින්වලට වහල් කිරීමේ චෝදනාවට ලක්වී සිටී. මෙම වෙළඳ දැන්වීම ප්‍රචාරය කර වසර තුනක් ඇතුළත, යෞවනයන්ට විකිණීමෙන් සියයට 64ක වැඩිවීමක් එම දුම්වැටි සමාගම භුක්තිවින්දේය. ජොර්ජියා වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යයනයක් අනුව විභාග කොට බැලීමෙන් සොයාගන්නා ලද්දේ, වයස අවුරුදු හයක් වූවන් සියයට 91ක්ම මෙම දුම්පානය කරන කාටුන් චරිතය අඳුනාගත් බවයි.
තවත් ජනප්‍රිය ආදර්ශයක් නම්, වගකීමෙන් තොරව ක්‍රියා කරන කෞබෝයි කෙනෙකි, එක් යෞවනයෙකු පවසන පරිදි ඔහුගේ පණිවිඩය නම්, “දුම්පානය කරන විට, ඔබේ ඉදිරි ගමන කාටවත් නැවැත්විය නොහැක” යන්නය. ලෝකයේ වැඩිම වශයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදනය, නහඹරවියේ දුම්බොන්නන් සියයට 69ක්ම තමන් සතු කර ඇත්තාවූද, වැඩිම ප්‍රචාරණයට භාජන වන්නාවූද, දුම්වැටි වර්ගයක් බවට පවසා තිබේ. අමතර දිරිදීමක් ලෙස යෞවනයන් අතර ප්‍රසිද්ධ, කලිසම්, තොප්පි සහ ක්‍රීඩා භාණ්ඩ හුවමාරු කරගැනීම සඳහා සෑම පැකට්ටුවකම කූපන් නිකුත් කර ඇත.
ප්රචාරණයේ අතිවිශාල බලය හඳුනාගෙන දුම්පාන විරෝධී කණ්ඩායම් බොහෝ රටවල රූපවාහිනියෙන් හා ගුවන් විදුලියෙන් දුම්කොළ පිළිබඳ ප්‍රචාරණය තහනම් කිරීමට සාර්ථක වී තිබේ. එහෙත් කූට දුම්වැටි වෙළඳ ප්‍රචාරකයන් නීතිය මඟ හරින එක් ක්‍රමයක් නම්, ක්‍රීඩා තරඟ පවත්වන තැන්වල, කැපීපෙනෙන ස්ථානවල දැන්වීම් පුවරු තැබීමයි. එබැවින්, විශාල යෞවන පිරිසක් ඉදිරියෙහි රූපගත කරන ලද ක්‍රීඩාවක, ඔවුන්ගේ ප්‍රියතම ක්‍රීඩකයා ක්‍රීඩා කිරීම පිණිස සෑදී සිටින අවස්ථාවේ, දැවැන්ත දුම්වැටි වෙළඳ දැන්වීම් පුවරුවක් පසුබිමෙහි දර්ශනය විය හැක.
කොට සායකින් හෝ කෞබෝයි ඇඳුමින් හෝ සෆාරි ඇඳුමින් දක්ෂ ලෙස සැරසී සිටින කාන්තාවෝ, නගරයේ කඩමණ්ඩි පිහිටි ස්ථානවල හෝ පාසැල් ඉදිරිපිට සිට මහත් ආශාව හෝ කුතුහලය ඇති යෞවනයන්ට නොමිලේ දුම්වැටි ඉදිරිපත් කරති. වීඩියෝ මධ්‍යස්ථාන, ඩිස්කෝ සංගීතාගාර හෝ රොක් සංගීත ප්‍රසංග ආදියෙහි නියැදි නොමිලේ බෙදාහරිනු ලැබේ. එක් සමාගමක අලෙවි කිරීමේ සැලැස්මක් පුවත්පත් වාර්තාකරුවන්ට හෙළි කර පෙන්නුම් කළේ, කැනඩාවේ එක් නියමිත දුම්වැටි වර්ගයක් ප්‍රංශ භාෂාව කතා කරන අවුරුදු 12 සිට 17 දක්වා පිරිමි ළමුන් සඳහා ඉලක්ක කර ඇති බවයි.
ප්‍රදීප්ත පණිවිඩය නම්, දුම්පානයෙන් ප්‍රීතිය, යෝග්‍යතාව, පුරුෂ ශක්තිය හා ප්‍රසිද්ධිය අත්වන බවය. එක් ප්‍රචාරණ උපදේශකයෙකු පැවසුවේ, “මා වැඩ කළ ස්ථානයේ, අප බලවත් ලෙස උත්සාහ දැරුවේ අවුරුදු 14 පමණ දරුවන්ව දුම්පානය සඳහා පෙලඹවීමටය.” ආසියාවේ වෙළඳ දැන්වීම්වල දක්වනු ලබන්නේ සෞඛ්‍යසම්පන්න තරුණ දේහ ශක්තිය ඇති බටහිර ක්‍රීඩකයන් බඳු අය, ඇත්තෙන්ම දුම්පානය කරන අතරතුරම මුහුදු වෙරළේ හෝ ක්‍රීඩා පිටිවල දුව පැන යන අන්දමයි. “බටහිර නිරූපිකාවන් හා ඔවුන්ගේ ජීවිත ක්‍රමය අනුකරණය කිරීමට චිත්තාකර්ෂණීය ප්‍රතිපත්ති බිහි කරයි” සහ “ආසියානු දුම්බොන්නන්ට මෙය වැළැක්විය නොහැකි තරම් පෙලඹීමක්” යනුවෙන් අලෙවි කිරීමේ ව්‍යාපාර සඟරාවක් ප්‍රකාශ කළේය.
ඩොලර් බිලියන ගණන් ප්‍රමාණයක් වෙළඳ දැන්වීම් සඳහා වියදම් කිරීමෙන්, දුම්කොළ ව්‍යාපාරිකයන් විශාල සාර්ථකත්වයක් ලබාගෙන ඇත. යෞවන දුම්පානයකරන්නන්ගේ වැඩිවීමේ ප්‍රමාණය භයානක බව එක් රීඩර්ස් ඩයිජෙස්ට් විශේෂ වාර්තාවක් පෙන්නුම් කරයි. “පිලිපීනයේ” දැන් “අවුරුදු 18ට අඩු මිනිසුන් සියයට 22.7ක ප්‍රමාණයක් දුම්පානය කරන” බව වාර්තාව පවසයි. “සමහර ලතින් අමෙරිකානු රටවල යෞවනයන්ගේ සංඛ්‍යාව සියයට 50ක පුදුම උපදවන ප්රමාණයකි. හොංකොංහි වයස අවුරුදු 7ක් තරම් කුඩා දරුවෝද දුම්පානය කරති.”
එහෙත් දුම්කොළ පිටරටවල ජයග්‍රහණය අත්පත්කරගන්නා අතරම, තමන්ගේම රටේ එයට විරුද්ධව කුණාටුවක් ආරම්භ වෙමින් පවතින බව, දුම්කොළ වෙළඳුන්ට අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවේ. දුම්කොළවලට මෙම කුණාටුවෙන් ගැළවීමට ඇති හැකියාවන් මොනවාද?
[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
එහි හොඳම ගැනුම්කරුවෝ මියයති
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ආසියාව, දුම්කොළවල නවතම මරණය ගෙන දෙන කෙත්
[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
නව දුම්පානයකරන්නන්ගෙන් සියයට 90ක්ම—ළමුන් හා යෞවනයන්ය!
[4වන පිටුවේ කොටුව]
මාරක වට්ටෝරුව—දුම්වැටියක අඩංගු වන්නේ මොනවාද?
සිගරට් නිෂ්පාදකයන් විසින් විවිධ රසායනික ද්‍රව්‍ය 700ක් පමණ දක්වා භාවිත කළ හැකි වුවද, සමාගම්වලට මෙම ලැයිස්තු රහසිගතව තබාගැනීමට නීතියෙන් අවසර දී තිබේ. කෙසේවෙතත්, මෙම ලැයිස්තුවල ඝන ලෝහ පලිබෝධනාශක හා කෘමිනාශක තිබේ. ඇතැම් අංග කොතරම් විෂද කිවහොත් මේවා ඉඩම් පුරවන ස්ථානවල දැමීම පවා තහනම්ය. මෙම සුන්දර දුම්වැටියේ සුළි වැටෙමින් යන දුම් රැල්ල ඇසිටෝන්, ආසනික්, බියුටේන්, කාබන්මොනොක්සයිඩ් හා සයනයිඩ් ඇතුළත්ව ද්‍රව්‍ය 4,000ක් පමණ රැගෙන යයි. දුම්පානයකරන්නන් හා ඔවුන් අසල සිටින මිනිසුන් මෙම දුම ආශ්වාස කිරීමෙන්, පෙණහලු පිළිකා හේතුකාරකයන් අවම වශයෙන් 43කට නිරාවරණය වේ.
[5වන පිටුවේ කොටුව]
දුම්පානය නොකරන්නන් අවදානමක
ඔබ බොහෝසෙයින් දුම්පානයකරන්නන් සමඟ ජීවත්වනවාද, වැඩ කරනවාද, නැතහොත් ගමන් කරනවාද? එසේනම්, ඔබට සමහරවිට පෙණහලු පිළිකාව හා හෘදයාබාධ වැළදීමට වැඩි අවදානමක් තිබේ. එක්සත් ජනපද පාරිසරික සංරක්ෂණ නියෝජ්‍ය ආයතනය (පා.ස.නි.) මගින් 1993දී කරන ලද අධ්‍යයනයකදී, පාරිසරික දුම්වැටි දුම (පා.දු.දු.) පිළිකා ඇති කිරීමට ශක්තිය ඇති, ඉතා භයානක පළමු ඝනයේ පිළිකාකාරක පදාර්ථයක් බව නිගමනය කරන ලදි. එම දැවැන්ත වාර්තාව දුම්වැටියක කෙළවරින් පිටවන දුම හා ප්‍රශ්වාස දුම වගකිව යුතු බව පෙන්වමින්, අධ්‍යයනයන් 30කදී ලද ප්‍රතිඵල විශ්ලේෂණය කළේය.
එක්සත් ජනපදයේ වසරකට සිදුවන පෙණහලු පිළිකා මරණ 3,000කට දුම්පානයෙන් පසු අවට එකතු වන දුම වරදකරු බව පා.ස.නි. පවසයි. ජීවිත කාලයටම දුම්පානය නොකළ අයට වඩා, කවදාකවත් දුම්පානය නොකළ නමුත් පා.දු.දු.වලට අනාවරණය වූ ස්ත්රීන්ට පෙණහලු පිළිකාව සෑදීමේ අවදානම සියයට 30කින් වැඩි බව පෙන්වන අධ්‍යයනයක් සමඟින්, අමෙරිකානු වෛද්‍ය සංගමය 1994 ජූනි මාසයේදී එළඹුණු නිගමන සනාථ කළේය.
දුමට නිරාවරණය වූ යෞවන දරුවන්ට ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව 1,50,000 සිට 3,00,000 දක්වා ප්‍රමාණයකට ශ්වාස නාලිකා ප්‍රදාහය හා නියුමෝනියාව වැළදේ. සෑම වසරකම එක්සත් ජනපදයේ දරුවන් 2,00,000 සිට 10,00,000 දක්වා ප්‍රමාණයකට දුම හේතුවෙන් උග්‍ර ලෙස ඇදුම රෝග ලක්ෂණ ඇතිවේ.
වසරකට මරණ 40,000ක් තරම් ප්‍රමාණයක් සිදුවන්නේ පා.දු.දු. නිසා ඇතිවන හෘද හා රුධිරවාහිනී රෝග නිසා බව අමෙරිකානු හෘද සංගමය තක්සේරු කරයි.
[7වන පිටුවේ පින්තූර]
එක් අලංකාරවත් ආසියානු නිරූපිකාවක් හා ඉලක්කයන්