අපගේ පාඨකයන්ගෙන්
අධ්‍යාපනය මම දැන් නයිජීරියානු විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා, උසස්ම ලකුණු මට්ටම ලබාගැනීමට සියයට 2කින් අසමත් වුණෙමි. මේ නිසා මම තරමක් අසහනයකින් පෙළුණෙමි. අධ්‍යාපනය, උගත් කීර්තියක් ලබාගැනීමේ හේතුව නිසා ලුහුබැඳිය නොයුතු බව, “කීපිං එඩ්යුකේෂන් ඉන් ඉට්ස් ප්ලේස්” (1994 අගෝස්තු 22, එවේක්!) යන ලිපිය පළ කිරීමෙන් පෙන්නුම් කළ විට, ඒ සම්බන්ධයෙන් හරි ආකල්පයක් ලබාගැනීමට මට හැකි විය. මගේ ගුරුවරුන් තවදුරටත් උපාධිධාරි පාඨමාලා හැදෑරීමට මා දිරිගැන්වුවත්, මම ඉගෙනගත් දේවල් ගැන විශේෂ සැලකිල්ලක් දක්වමින් මේ ගැන බරපතළ ලෙස කල්පනා කරමින් සිටිමි.
ජී. ජේ., නයිජීරියාව
අවුරුදු 14ක් වන මට උසස් අධ්‍යාපනයක් ලබාගැනීමට ඉමහත් සේ බල කර තිබේ. ඔබගේ ලිපියේ උපකාරයෙන්, මම කරන්ට කැමති දෙය තීරණය කර ඇත්තෙමි. මට පුරෝගාමියෙක් [පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරයෙක්] වීමට අවශ්‍යයි, රැකියාවක් කිරීම සඳහා මට අමතර පුහුණුවක් අවශ්‍ය වේ නම්, වෘත්තීයමය පුහුණු පාසැලකට ගොස් ඡායාරූප ශිල්පය සම්බන්ධයෙන් ඉගෙනගැනීමට මා කැමතියි.
එච්. ඕ., එක්සත් ජනපදය
අතිරේක අධ්‍යාපනයක් ලබා නොගැනීමට මම තෝරාගත්තෙමි. මැවුම්කරුවාණන් ගැන, අනික් අයට උගන්වන්ට ඒ සඳහා වැයවෙන කාලය යොදාගැනීමට මා කැමතියි. විවිධ විෂයන් සම්බන්ධයෙන් මගේ පූර්ණ දැනුම දකින බොහෝදෙනෙක් පුදුම වෙති. “ඔබ උසස් විද්‍යාල ශිෂ්‍යයෙක්ද?” කියා ඔවුහු මගෙන් විමසති. මට මෙම දැනුම බයිබලය තුළින් සහ වොච් ටවර් සමිතියේ ප්‍රකාශන තුළින් ලැබුණු බව මම ඔවුන්ට පවසමි.
එම්. එල්., එක්සත් ජනපදය
අතිරේක අධ්‍යාපනයේ වාසි සහ අවාසි පැති සැලකිල්ලට ගැනීමේ අවශ්‍යතාව ඔබගේ ලිපිය තුළ පෙන්නුම් කරන ලදි. නැවත පාසැල් යෑමට මට සිතුණ නමුත්, ආත්මික කටයුතු අතපසු කිරීමට මම අකමැති වුණෙමි. මගේ ක්‍රිස්තියානි රැස්වීම් වැඩසටහන, පාසැල් ලේකම්ට විස්තර කළ නිසා, මට සෑම රැස්වීමකටම යෑමට හැකි වන පිණිස ඔහු මගේ පංති වේලාවන් සකස් කළේය.
එම්. එෆ්. එස්., බ්‍රසීලය
වඩා දුර්වලවූ භාජනය? “බයිබලයේ දෘෂ්ටි කෝණය: ‘වඩා දුර්වලවූ භාජනය’— ස්ත්‍රීන්ට නින්දාවක්ද?” (1995 පෙබරවාරි 8, පිබිදෙව්! ) යන ප්‍රබෝධවත් ලිපියට මගේ කෘතඥතාව ප්‍රකාශ කරන්ට සතුටු වෙමි. මෙම ලිපිය ඉතාමත්ම අලංකාර ආකාරයකින් ඉදිරිපත් කර තිබෙන බැවින්, සෑම පුරුෂයෙක් විසිත්ම එය කියවිය යුතුයි.
ජී. බී., එක්සත් ජනපදය
1 පේතෘස් 3:7හි ස්ත්‍රීන් ‘දුර්වල භාජන’ වන බවට වූ බයිබලයේ ප්‍රකාශනය, මට පැහැදිලිව තේරුම්ගත නොහැකිව තිබුණා. ස්ත්‍රීන් වඩාත් පහත් ජීවීන් හැටියට මා සැමවිටම සිතූ අතර, ඇති දැඩි වන විට මා නිතරම දැක තිබෙන්නේ පුරුෂයන් විසින් ස්ත්‍රීන්ව අඩු ගෞරවයකින් සලකන ආකාරයයි. නමුත් ඒ ලිපිය මගේ අදහස වෙනස් කළේය.
ටී. සී., එක්සත් ජනපදය
විරුද්ධ ලිංගයේ අය “විරුද්ධ ලිංගයේ අය ගැන සිත සිතා සිටීමෙන් වැළකීම මෙතරම් අමාරු මන්ද?” සහ “විරුද්ධ ලිංගයේ අය ගැන සිත සිතා සිටීම මට නතර කළ හැක්කේ කෙසේද?” (1995 ජනවාරි 8; 1995 පෙබරවාරි 8) යන “යෞවන අය අසති . . . ” ලිපි මාළාවට මගේ කෘතඥතාව ප්‍රකාශ කිරීමට සතුටු වෙමි. අවුරුදු 12ක්ව සිටින මට අඳුනන පිරිමි ළමයෙකු ගැන බලවත් හැඟීම් ඇති නිසා, මා අසමාන්‍ය කෙනෙකු නොවන බව දැනගැනීමට ලැබීම මට සතුටක් විය. ඔහු ගැන නිතර සිත සිතා සිටීමෙන් වැළකීමට දෙවන ලිපිය මට උපකාර විය. මේ ගැන මම සභාවේ සිටින වැඩිමහල් සහෝදරියකට පැවසූ අතර, ඈ මට උපකාර කළාය.
පී. ඉසෙඩ්., එක්සත් ජනපදය
ස්වයංවින්දනය ගැන වූ කොටස මටම අදාළ එකක් විය. ස්වයංවින්දනයේ යෙදීමෙන් ලිංගික තෘෂ්ණාවේ බලවත් හැඟීම් අඩු කිරීමට හැකි බව මා සිතූ නමුත්, එයින් ඒ හැඟීම් තවත් උග්‍ර කළා පමණි. මෙම පිළිකුල් ක්‍රියාවේ නියැලී සිටි මට, යෙහෝවඃවහන්සේ සමාව දෙනු ඇතැයි මම යාච්ඤා කරමි.
පී. එම්., එක්සත් ජනපදය
මෙම ලිපිය මට සුදුසුම අවස්ථාවේ පිටවිය. පාසැලේදී, වැඩියෙන්ම කතා කරන මාතෘකාව ලිංගික කාරණා වේ. මා යන සභාවටම පැමිණෙන ගැහැනු ළමයෙක් පාසැලේ සිටිනවා. මා ඇයව දකින්නේ ඉතාමත් බුද්ධිමත්, දක්ෂ, රූමත් කෙනෙක් හැටියටයි. ඇය ගැන නිතර නිතර සිතීම සහ ඇය කෙරෙහි බලා සිටීමෙන් වැළකීමට, මෙම ලිපිය මට උපකාර කළේය.
එම්. එෆ්., ජර්මනිය