ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g94 8/8 24-25 පි.
  • පිළිතුර සිය දිවි නසාගැනීමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පිළිතුර සිය දිවි නසාගැනීමද?
  • 1994 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සමහරෙකුට මෙලෙස හැඟීමට හේතුව
  • පවුලේ ශෝකය
  • ශෝකයේ වෙනත් හේතුකාරක
  • උපකාරය ලබාගැනීම
  • සාර්ථකව මුහුණ දීම
  • සියදිවි හානි කරගැනීම—යෞවනයන් අතර ඇති වසංගතයක්
    1998 පිබිදෙව්!
  • එකම විසඳුම සියදිවි නසාගැනීමද?
    2008 පිබිදෙව්!
  • සමස්ත ලෝක ගැටලුවක්
    2001 පිබිදෙව්!
  • ජීවිතය ගැන කලකිරීමට හේතු
    2001 පිබිදෙව්!
තව තොරතුරු
1994 පිබිදෙව්!
g94 8/8 24-25 පි.

යෞවනයන් අසති . . .

පිළිතුර සිය දිවි නසාගැනීමද?

“හැමදාම මා නැගිටින්නේ ජීවිතේ එපාවෙලා. මගේ ජීවිතෙන් ඵලක් නෑ. මා ඉන්නේ කේන්තියෙන්. මගේ හදවත වේදනා දෙනවා. . . . එනිසා මා ජීවිතේ නැතිකර ගන්නයි හිතන්නේ. . . . ජීවිතේ නැතිකර ගන්න මා කැමති නෑ, නමුත් මට හැඟෙනවා මා නැතිකර ගත යුතුයි කියලා. . . . මා අනාගතය දෙස බලන විට, එය අඳුරු, වේදනා ඇති එකක් ලෙස පමණයි පෙනෙන්නේ.”—21-හැවිරිදි පීටර්ගෙන් සිය දිවි නසාගැනීමේ සටහනක්.a

එක්සත් ජනපදයේ යෞවනයන් මිලියන දෙකක් වැනි බොහෝ සංඛ්‍යාවක් සිය දිවි නසාගැනීමට තැත් දරා ඇති බවට ප්‍රවීණයෝ පවසති. මින් වසරකට 5,000ක් පමණ සාර්ථක වීම ඛේදනීය යමකි. එහෙත් යෞවනයන් අතර සිය දිවි නසාගැනීම සීමා වී තිබෙන්නේ එක්සත් ජනපදයට පමණක් නොවේ. ඉන්දියාවෙහි 1990දී යෞවනයෝ 30,000ක් පමණ සිය දිවි නසා ගත්හ. ඉශ්‍රායලය, කැනඩාව, තායිලන්තය, නවසීලන්තය, නෙදර්ලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය සහ එවැනි රටවල, යෞවනයන් අතර සිය දිවි නසාගැනීමේ සංඛ්‍යාව පුදුමාකාරයෙන් වැඩිවී තිබේ.

දුක උසුලාගැනීමට නොහැකි තත්ත්වයක—හෝ වේදනාකාරි දැලක පැටලී ඉන්නේ යයි යමෙකුට හැඟෙන අතර ඉන් මිදීමට ක්‍රමයක් නැතැයි පෙනෙන්නට තිබිය හැකි නම් කුමක්ද? සිය දිවි නසාගැනීමට පෙලඹීමක් ඇතිවන බවක් පෙනෙන්නට තිබිය හැකි නමුත්, එහි යථාර්ථය නම් ඉන් දුක්ඛදායක නාස්තියක් වනවා මිස වැඩි යමක් නොවන බවය. එහි නරක ප්‍රතිඵලය වනාහි මිතුරන් හා පවුල සඳහා දුක්ඛිතභාවය හා වේදනාව ඇති කිරීමය. අනාගතය බෙහෙවින් අඳුරු යයි පෙනිය හැකි වුවත්, එමෙන්ම කරදර විශාල යයි පෙනිය හැකි වුවත්, කෙනෙකු තමාවම මරණයට පත් කරගැනීම පිළිතුර නොවේ.

සමහරෙකුට මෙලෙස හැඟීමට හේතුව

ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකු වූ යෝබ් බලාපොරොත්තු රහිතවීමේ අරුත දැන සිටියේය. සිය පවුල, සිය ධනය හා සිය යහපත් සෞඛ්‍යය අහිමි වී සිටි ඔහු පැවසුවේ මෙසේය: “මාගේ මේ ඇටවලට වඩා මරණයටත් මාගේ ආත්මය කැමතිවන්නේය.” (යෝබ් 7:15) අදදින ඇතැම් යෞවනයන්ටද එලෙසම හැඟී තිබේ. එක් ලේඛකයෙක් එය විස්තර කරන්නේ මෙසේය: “චිත්ත පීඩාව, වේදනාවට (වේදනාවේ හා බියේ හැඟීම්වලට) . . . මඟ පාදන අතර [එය] ආරක්ෂා ක්‍රියාමාර්ගයක් ගැනීමට (වේදනාවෙන් මිදීමට වෑයම් කිරීමට) මඟ පාදයි.” මෙබැවින් සිය දිවි නසාගැනීම වනාහි දරාගත නොහැකි යයි පෙනෙන්නට තිබෙන වේදනාවෙන් මිදීමට නොමඟ ගිය වෑයමකි.

එවන් වේදනාවක් ඇති කරන්නේ කුමක් මගින්ද? කෙනෙකුගේ දෙමව්පියන්, පෙම්වතා හෝ පෙම්වතිය සමඟ ඇතිවන දරුණු වාදවිවාදයක් වැනි සිද්ධියකින් එය හටගත හැකිය. දාසය හැවිරිදි බ්‍රැඩ්, සිය පෙම්වතියගෙන් වෙන්වූ පසු, බලාපොරොත්තු රහිත තත්ත්වයකට වැටුණි. එහෙත්, ඔහු කිසිවිටකත් ඔහුගේ හැඟීම් ගැන කථා කළේ නැත. ඔහු එල්ලී මරණයට පත්වීම මගින් හුදෙක් සියල්ල අවසන් කළේය.

දහනව-හැවිරිදි සුනීටා, ඇගේ පෙම්වතා සමඟ දුරාචාර සබඳතාවක් පවත්වාගෙන යන වග ඇගේ දෙමව්පියන් දැනගත් විට ඈ මානසික පීඩනයට පත්වූවාය. “මා ජීවත්වෙමින් සිටි ආකාරයෙන් ජීවත්වීමට මට ඕන වුණේ නැති බව මා දැන සිටියා,” යයි ඈ සිහියට නඟන්නීය. “තවද දවසක් රෑ මා ගෙදර පැමිණි විගස, මා ඇස්ප්‍රීන් පෙති ගිල දැම්මා. පසුදා උදෑසන මම ලේ වමනය කරන්නට වුණා. මට වුවමනා වුණේ මගේ ජීවිතය අවසන් කරගැනීමට නොවේ, නමුත් මගේ ජීවිත ක්‍රියා මාර්ගය අවසන් කරගැනීමටයි.”

පාසැලද බලවත් පීඩනයේ මූලාශ්‍රයක් විය හැක. යෞවන ආශිෂ්ගේ (වෛද්‍යවරයන් වූ) දෙමව්පියන් විසින් ඔහුට වෛද්‍යවරයෙකු වනු වස් ඉගෙනීමට බල කළ බැවින්, ඔහු තුළ අනිද්‍රතාව (නින්ද නොයෑම) වර්ධනය වූ අතර ඔහු අන් අයගෙන් ඈත්වීමට පටන්ගත්තේය. දෙමව්පියන්ගේ අපේක්ෂාවනට අනුව අධ්‍යාපනික සමත්කමක් ලබාගත නොහැකි වූ ආශිෂ් නිදි පෙති අධිමාත්‍රාවක් ගත්තේය. මෙය බයිබලයෙහි හිතෝපදේශ 15:13හි ඇති දෙය මතකයට නඟයි: “එහෙත් සිතේ [හෘදයේ, NW ] ශෝකයෙන් ආත්මය බිඳෙයි.”

පවුලේ ශෝකය

දෙමව්පිය දික්කසාදය හෝ වෙන්වීම, පවුලේ සාමාජිකයෙකුගේ මරණය හෝ අලුත් ස්ථානයකට පදිංචිය වෙනස් කිරීම වැනි පවුලේ වියවුල—ඇතැම් යෞවනයන්හට සිය දිවි නසාගැනීමට හේතු සාධකයකි. උදාහරණයක් වශයෙන්, මෝටර් රථ අනතුරක් මගින්, ඉහත සඳහන් බ්‍රැඩ්ගේ මිතුරන් දෙදෙනෙකු හා නෑදෑයෙකු මරණයට පත්විය. එවිට ඔහුගේ පවුල මූල්‍යමය දුෂ්කරතා අද්දැකීමට පටන්ගති. බ්‍රැඩ්ට මෙය හුදෙක් ඉසිලිය නොහැකි බරක් විය. ගීතිකාකරු හැඬුවාක් මෙන් ඔහුට මෙසේ හැඟුණා විය හැකිය: “මාගේ ආත්මය දුකින් පිරී තිබේ. . . . [එක වෙලාවේම, NW ] එකට රැස්ව මා වටකෙළේය.”—ගීතාවලිය 88:​3, 17.

යෞවනයන්ගෙන් බිය එළවන සංඛ්‍යාවක් වෙනත් ආකාරයක අධික වෙහෙසකට යටත්වී සිටිති: එනම් කායික, චිත්ත වේගීය හා ලිංගික අතවරය. ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට යෞවන සිය දිවි නසාගැනීමේ ඉහළම සංඛ්‍යාවලින් එකක් තිබේ. එහි නව යොවුන් ගැහැනු ළමුන්ගේ පියවරුන් විසින් ඔවුන්ව අතවරයට ලක්කිරීම හේතුවෙන් ඔවුන් තමන්වම මරණයට පත් කිරීමට වෙර දරා ඇත. විවිධාකාරයේ ළමා අතවර ලොව පුරා විශාල ප්‍රමාණවලින් වැඩි වී තිබෙන අතර ඊට ගොදුරුවන අහිංසකයන්ට ඇතිවන ශෝකය දරුණු විය හැක.

ශෝකයේ වෙනත් හේතුකාරක

එහෙත් සියලු සිය දිවි නසාගැනීම් සිදුවන්නේ පිටත හේතු සාධකයන් නිසා නොවේ. අවිවාහක නහඹර යෞවනයන් පිළිබඳ එක් පර්යේෂණ වාර්තාවක් මෙසේ පවසයි: “ලිංගික සබඳතාවල යෙදෙන හා මත්පැන් භාවිතා කරන පිරිමි හා ස්ත්‍රීහු, එයින් වැළකෙන්නන්ට වඩා [සිය දිවි නසාගැනීමේ] වැඩි අවදානමක සිටිති.” සුනීටාගේ දුරාචාර හැසිරීම ගර්භිණීභාවයකින් අවසන් වූ අතර—ඈ එය කෙළවර කළේ ගබ්සා කිරීමෙනි. (1 කොරින්ති 6:18 සසඳන්න.) වරද සහිත බවෙන් පීඩා විඳි ඇයට මිය යෑමට වුවමනා විය. එලෙසම, බ්‍රැඩ්ට වයස 14 පටන් නිතර නිතර ඔහු මත්පැන් අධික සේ පානය කිරීමෙත් මත් වෙමින්, මත්පැන් පානය අත්හදාබලමින් සිටියේය. එසේය, අනිසි ලෙස භාවිතා කළ විට, මත්පැන් ‘සර්පයෙකු මෙන් හපාකන්නට’ පුළුවනි.—හිතෝපදේශ 23:32.

පුද්ගලයෙකුගේම “[නොසන්සුන්කරවන, NW ] සිතිවිලි” පවා සිය දිවි නසාගැනීමේ හැඟීම් ඇති කළ හැක. (ගීතාවලිය 94:19) විවිධ ජීවවිද්‍යාත්මක හේතු සාධකයන් හේතුවෙන් සමහර විට මානසික පීඩනයේ සිතුවිලි ඇති විය හැකි යයි වෛද්‍යවරු පවසති. උදාහරණයක් වශයෙන්, මුලදී සඳහන් කළ පීටර්හට, සිය දිවි නසාගැනීමට පෙර සිය මොළයේ රසායනික අසමබරතාවක් තිබූ බවට රෝග පරීක්ෂණයේදී නිර්ණය කර තිබුණි. මානසික පීඩාවේ හැඟීම් සෝදිසි නොකළහොත් ඒවා උග්‍ර විය හැක; සිය දිවි නසාගැනීම විකල්පයක් මෙන් පෙනෙන්නට පටන්ගත හැක.

උපකාරය ලබාගැනීම

එහෙත්, සිය දිවි නසාගැනීම, විකල්පයක් වශයෙන් සැලකිය යුතු නැත. අපට එය වැටහුණත්, නැතත්, මානසික-සෞඛ්‍ය පිළිබඳ විශාරදයන් වන ඇලන් එල්. බර්මන් හා ඩේවිඩ් ඒ. ජෝබ්ස් විසින් ‘චිත්ත පීඩාව හා විරෝධය සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා ඇතුළාන්ත හා පිටස්තර මූලාශ්‍රයන්’ ලෙස හඳුන්වන ලද දෑ අප සියල්ලන්ටම තිබේ. පවුල හා මිතුරන් එක් මූලාශ්‍රයක් විය හැක. හිතෝපදේශ 12:25 [නව අනුවාදය] මෙසේ පවසයි: “සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි. කාරුණික වචනය සිතට ප්‍රීතිය දෙයි.” එසේය, තේරුම්ගන්න පුද්ගලයෙකුගේ හොඳ වචනයක් මගින් තත්ත්වය සැලකිය යුතු අන්දමකින් වෙනස් කළ හැක!

එබැවින් යමෙකුට මානසික පීඩාවක් හෝ කාන්සාවක් ඇතිවේ නම්, ඔහු තනිවම එයින් වේදනා නොවිඳීම නුවණට හුරුය. (හිතෝපදේශ 18:1) තමා විශ්වාස කරන පුද්ගලයෙකුහට තම හෘදය වැගිරවීමට වේදනා විඳින්නාට හැක. යමෙකුහට කථා කිරීම, කෙනෙකුගේ චිත්තවේගයන්ගේ අධිකත්වය අඩු කිරීමට උපකාරවත් වන අතර, එය නැවුම් හැඟීමකින් යුතුව ගැටලු දෙස බැලීමට කෙනෙකුට සැලැස්විය හැක. මිතුරෙකු හෝ ප්‍රේමනීයයෙකු මරණයෙන් අහිමි වීමේ හේතුවෙන් යමෙකු හද බිඳීමකට ලක් වී සිටියි නම්, එම තැනැත්තා විශ්වාසවන්ත කෙනෙකු සමඟ ඒ ගැන කථා කළ යුතුය. එවැනි අහිමිවීම්වල වේදනාව ඒත්තුගෙන, ශෝක වූවාට පසු, පුද්ගලයෙකුහට සැනසීමක් ලැබේ. (දේශනාකාරයා 7:​1-3) කෙනෙකුහට සිය දිවි නසාගැනීමේ බලවත් ආශාවක් යළි ඇති වුවහොත් විශ්වාස තැනැත්තෙකුව හමුවීමට පොරොන්දුවීම උපකාරයක් විය හැක.

යමෙකු විශ්වාස කිරීම අසීරුවිය හැකි බව සැබෑවකි. එහෙත් ජීවිතයම අනතුරක තිබෙන බැවින්, එවන් අවදානමක් ගැනීම නොවටින්නේද? දේවල් කථා කරගතහොත් කෙනෙකු තමාටම හානි කරගැනීමේ ආශාව පහවී යා හැක. ‘කා සමඟද?’ යයි සමහරෙකු අසන්නට පුළුවනි. කෙනෙකුගේ දෙමව්පියන්, දේව-බියැති අය නම්, ඔවුනට ‘ඔබේ හෘදය දීමට’ වෑයම් නොකරන්නේ මන්ද? (හිතෝපදේශ 23:26) බොහෝ දෙනෙකු සිතනවාට වඩා හොඳින් තේරුම්ගැනීමට හා උපකාර වීමට ඔවුන්ට හැක. වෛද්‍යවරයෙකුගේ පරීක්ෂා කිරීමක් වැනි—අමතර උපකාරයක් අවශ්‍යව ඇතැයි පෙනෙන්නට තිබේ නම්—එවැන්නක් සඳහා සැලසුම් යෙදීමට ඔවුන්ට හැක.

ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් උපකාරයේ තවත් මූලාශ්‍රයකි. මානසික පීඩාවට පත් අයට සහායවීමට හා උපකාර කිරීමට සභාවේ සිටින වයසින් මුහුකුරා ගිය ආත්මික පුරුෂයන්ට හැක. (යෙසායා 32:​1, 2; යාකොබ් 5:​14, 15) සුනීටා සිය දිවි නසාගැනීමට තැත් කළාට පසු, පූර්ණ-කාලීන දේව සේවිකාවකගෙන් (පුරෝගාමියකගෙන්) උපකාරය ලැබුවාය. සුනීටා මෙසේ පවසන්නීය: “හැම දේකදීම ඈ මා සමඟම සිටියා. ඈ නොසිටියා නම්, ඇත්තෙන්ම මට පිස්සු හැදිලා තියෙයි.”

සාර්ථකව මුහුණ දීම

ඇතුළාන්තයෙන්ම ශක්තිමත්වීමට හැකි ක්‍රියා මාර්ගයන්ද තිබේ. උදාහරණයක් වශයෙන්, වරද සහිත බවේ හැඟීම්වලින් වේදනා විඳින්නේ යම් වරදක් හේතුවෙන්ද? (ගීතාවලිය 31:10 සසඳන්න.) එවැනි හැඟීම් ගොඩගැසීමට ඉඩහරිනවාට වඩා, කෙනෙකු කාරණා සමතයකට පත් කරගැනීම සඳහා වැඩ කළ යුතුය. (යෙසායා 1:18; සසඳන්න 2 කොරින්ති 7:11.) ඒකාන්ත පියවරක් වනු ඇත්තේ කෙනෙකුගේ දෙමව්පියන්ට සියල්ල පැවසීමය. ප්‍රථමයෙන්ම ඔවුන් සිත්තැවුලට පත්විය හැකි බව ඒත්තුගත හැක. එහෙත් ඔවුන් උපකාරය දීම කෙරෙහි යොමුවන්නට පුළුවනි. තවද අව්‍යාජ ලෙස පසුතැවිලිවන අයට, යෙහෝවඃවහන්සේ ‘අතිශයින් කමාවන’ බවට අපට සහතික කර ඇත. (යෙසායා 55:7) යේසුස්වහන්සේගේ මිදීමේ මිල පූජාව මගින් පසුතැවිලිවන තැනැත්තන්ගේ පව් වසාලයි.—රෝම 3:​23, 24.

ක්‍රිස්තියානින්ට ඇදහිල්ලෙන්, ශුද්ධලියවිලි පිළිබඳ දැනගැන්මෙන්, යෙහෝවඃ දෙවියන්වහන්සේ සමඟ ඔවුන්ගේ සබඳතාවෙන් අනුබල ලබාගැනීමට පුළුවන. විවිධ අවස්ථාවලදී ගීතිකාකාර දාවිත් කෙතරම් චිත්ත පීඩාවකින් සිටියාද කිවහොත් ඔහු මෙසේ පැවසුවේය: “සතුරා . . . මාගේ ජීවිතයට පහරදී බිම හෙළුවේය.” ඔහු බලාපොරොත්තු නැති කරගත්තේ නැත. ඔහු මෙසේ ලීවේය: “මාගේ ශබ්දය නගා ස්වාමීන්ට [යෙහෝවඃවහන්සේට, NW ] මොරගසමි; ස්වාමීන්ට [යෙහෝවඃවහන්සේට, NW ] මාගේ ශබ්දය නගා කන්නලව් කරමි.” “ඔබගේ සියලු ක්‍රියා භාවනාකරමි. ඔබගේ හස්තකර්ම මෙනෙහිකරමි.”—ගීතාවලිය 142:1; 143:​3-5.

කෙනෙකුහට තමාටම හානි කරගැනීමේ ආශාව බලවත් වුවහොත්, එම තැනැත්තා යෙහෝවඃවහන්සේට යාච්ඤාවෙන් ඇමතිය යුතුය. උන්වහන්සේ වේදනාව තේරුම්ගන්නා අතර වේදනා විඳින්නා ජීවත්වනවා දැකීමට උන්වහන්සේට වුවමනාය! (ගීතාවලිය 56:8) වේදනාවට සාර්ථකව මුහුණ දීමට උපකාරය සඳහා “සාමාන්‍යය ඉක්මවූ බලය” සැපයීමට උන්වහන්සේට හැක. (2 කොරින්ති 4:7, NW ) ස්ව-කෘත මරණය පවුලට, මිතුරන්ට සහ යෙහෝවඃවහන්සේටම ගෙනෙන වේදනාව ගැනත්, කෙනෙකු කල්පනා කළ යුතුය. එවැනි දේවල් ගැන කල්පනා කිරීම මගින් පුද්ගලයෙකුට ජීවත්ව සිටීමට බෙහෙවින් උපකාරවත් විය හැක.

වේදනාව කිසිවිටකත් පහවී නොයනු ඇතැයි ඇතැමෙකුට පෙනෙන්නට තිබිය හැකි වුවද, එවැනිම අන්දමක වේදනාව විඳ ජීවත්වී ඇති අය ඉන්න බවට සහතිකවීමට ඔවුන්ට හැක. පළපුරුද්ද මගින් දේවල් වෙනස්විය හැකි හා වෙනස් කළ හැකි බව පැවසීමට ඔවුන්ට හැකියි. එවැනි වේදනාකාරි අවස්ථාවකින් ගොඩ ඒමට උපකාර කිරීමට වෙනත් අයට හැක. මානසික පීඩනයට පත් අය තමන්ට ලැබීමට යෝග්‍ය උපකාරය සෙවිය යුතුය—එමෙන්ම දිගටම ජීවත්විය යුතුය! g94 4/8

[පාදසටහන්වල]

a සමහර නම් වෙනස්කර ඇත.

[25 පිටුවෙහි ඇති පින්තූරය]

වෙනත් කෙනෙකු සමඟ වේදනාකාරි හැඟීම් ගැන කථා කිරීම වඩා හොඳය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න