යෞවනයන් අසති . . .
“සීමාව ඉක්මවා නොයෑමට” සීමාව කුමක්ද?
“කරුණාකර සීමාව ඉක්මවා යෑමෙන් ඇතිවන අනතුරු ගැන ජනයාට අනතුරු ඇඟවීමට ඔබට හැකිද? . . . සංවාසයට පෙර කරන සෑම දෑ ගැන සඳහන් කළ යුතුයි, මක්නිසාද ලිංගික ක්‍රියාවට මඟපාදන්නේ ඒ දේවල් නිසායි. මගේ ප්රශ්නය වනාහි, සීමාව කොතැනද?”
නහඹරයන් සඳහා වූ සඟරාවකින් එක් ගැහැනු ළමයෙකු ඇසුවේ එයයි. එහෙත් සමහර විට ඔබත් එම ප්රශ්නය ගැනම කල්පනා කරන්නට ඇති.
ඔබ ක්‍රිස්තියානියෙකු නම්, ඔබ 1 තෙසලෝනික 4:3-6හි මෙම වචන බරපතළ ලෙස සලකනවා ඇත: “දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් ඔබ ශුද්ධ ව සිටීම ය; ඔබ කාමයෙහි වරදවා [වේශ්‍යාකමින්, NW ] හැසිරීමෙන් වැළකී සිටිය යුතු ය. . . . මේ කාරණයේ දී කිසිවෙකු තම සහෝදරයා රවටා, වාසියක් නොගත යුතු ය. . . . මෙබඳු අයට ස්වාමීන් [යෙහෝවඃ, NW ] වහන්සේ විපාක දෙන සේක.”—නව අනුවාදය.
එබැවින් අවිවාහක ක්‍රිස්තියානින් විසින් ලිංගික සබඳතාවල යෙදීම වැරදි බව ඔබට වැටහෙනවා විය හැකි වුවත්, විරුද්ධ ලිංගයේ කෙනෙකු සිපගැනීම, වැළඳ ගැනීම හෝ ආදරයෙන් ස්පර්ශ කිරීම ගැන දෙවියන්වහන්සේ සලකන්නේ කෙසේදැයි ඔබ තවදුරටත් සිතිය හැක.
වැඩිවියට පත්වීමේ අංගයක්
සියල්ලටම පළමුවෙන්, ලිංගික පෙලඹවීම්වලින් තොරව ආදරය දැක්වීමේ සුදුසු, පිරිසිදු ප්‍රකාශයන් බයිබලය මගින් හෙලා නොදකින බව මතක තබාගැනීම හොඳය. පැරණි ක්‍රිස්තියානිහු තම ප්‍රේමය එකිනෙකාට නොවළහා පෙන්නුම් කළහ. ඔවුන් සාමාන්‍යයෙන්ම “ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාර[කරන්නට] විය.” (රෝම 16:16; 1 කොරින්ති 16:20) එපමණක් නොව එකම පක්ෂයට අයත් ක්‍රිස්තියානින් පවා සිප, වැළඳ ගන්නට විය.—ක්‍රියා 20:37 සසඳන්න.
සිපගැනීම හා වැළඳගැනීම යමෙකුට ආදරය දැක්වීමට සුදුසු මාර්ගයන් බවට තවමත් සංස්කෘතීන් ගණනාවක සැලකේ. කෙසේවුවද, අදදින බොහෝ යෞවනයෝ සුදුසු දේ කුමක්ද යන්න ගැන සාධාරණ අර්ථ දැක්වීමකට වඩා ඔබ්බට යන්නාවූ මාර්ගවලින් ආදරය දක්වති. විමසීමක් කරන ලද නහඹරයන්ගෙන් තුනෙන් දෙකකට වඩා ශරීරයේ පෞද්ගලික කොටස් ස්පර්ශ කරමින් ආලය දැක්වීමේ යම් ආකාරයක තමන් යෙදී ඇතැයි පැවසූ බවට එක් එ.ජ. සමීක්ෂණයකදී සොයාගනු ලැබීය. වයස 14 වැනි කුඩා අවධියක පටන් බොහෝ දෙනෙක් එසේ කිරීමෙන් පටන්ගත්හ. තවත් සමීක්ෂණයකදී සොයාගත් පරිදි, සියයට 49ක් කාම උද්දීපනයේ ඉහළම අවස්ථාවටම යන තෙක් ආලය දැක්වීමේ හවුල් වී ඇත.
එවන් ලිංගික අත්හදාබැලීම් හුදෙක් වැඩිවියට පැමිණීමේ කොටසක් බව දක්වමින් ඇතැමෙක් එය යුක්තිසහගත බව දක්වති. ද ෆැමිලි හෑන්ඩ්බුක් ඔෆ් ඇඩොලෙසන්ස් (නහඹරවිය සඳහා පවුල් අත්පොත) යන පොතට අනුව, “සැබවින්ම සියලු සාමාන්‍ය නහඹරයන් අතර ලිංගික ක්‍රියාවල යෙදීම හා ලිංගික සෝදිසි කිරීම්වල යෙදීම පොදු දෙයකි.” ඇතැම් අය ආලයෙන් ස්පර්ශ කිරීම පවා නිර්දේශ කරති. කැතරින් බර්කහර්ට්ගේ ග්‍රොවිං ඉන්ටු ලව් (ප්‍රේමය තුළ වර්ධනය වීම) යන පොත මෙසේ ප්‍රකාශ කරයි: “එය සංවාසයට ආසන්නයේදී නවත්වන බැවින්, කාන්සාවෙන් තොරව ආලයෙන් ස්පර්ශ කිරීම අද්දැකිය හැකි අතර, එය ලිංගික ශක්තිය පුදුමාකාරයෙන් පිට කිරීමක් වශයෙන් ක්‍රියා කරයි.”
එහෙත්, ප්රශ්නය වනාහි, දෙවියන්වහන්සේ විසින් එවන් හැසිරීමක් සලකන්නේ කෙසේද?
සිපගැනීමක් කුමකට මඟ පෑදිය හැකිද?
ඔබ “යෞවනයේ මල් පූදින වියේ” සිටින විට, ලිංගික ආශාව බලවත් වේ. (1 කොරින්ති 7:36, NW ) එමනිසා, විරුද්ධ ලිංගයේ කෙනෙකු සිපගැනීමෙන් හෝ ඇල්ලීමෙන් ඇතිවන හැඟීම ගැන කුතුහලය ඇතිවීම ස්වාභාවික දෙයක් පමණි. එහෙත් ද ෆැමිලි හෑන්ඩ්බුක් ඔෆ් ඇඩොලෙසන්ස් මෙසේ හුවා දක්වයි: “සමහර විට චිත්ත වේගීය මේරූභාවයට වසර ගණනකට පෙර ලිංගික හැකියාව ඇතිවේ.” ඇත්තෙන්ම, සිපගැනීමකට හෝ ආලයෙන් ස්පර්ශ කිරීමකට බලවත් ප්‍රේමයේ හැඟීම් හෝ ලිංගික පෙලඹවීම් ඇවිස්සීමට බලයක් තිබෙන බව බොහෝ යෞවනයෝ සම්පූර්ණයෙන්ම තේරුම් නොගනිති.
එබැවින්, ලිංගික හැඟීම් අවුස්සන හැසිරීමක යෙදීමෙන් ඇතිවන ප්‍රතිඵල ගැන ඔබ ඥානවන්තව සලකා බැලිය යුතුය. ඔබ විවාහ වීමට ඉතා බාල වැඩි නම් කුමක් කිව හැකිද? එසේනම් ලිංගිකව හැඟීම් අවුස්සන ආකාරයකින් සිපගැනීමක හෝ එවන් යමක යෙදෙන්නේ මන්ද? මෙයින් සිදුවනු ඇත්තේ ඔබව කලකිරීමකට පත්කරනු ලැබීමක් පමණකි. මෙසේ පවසන්නේ සැබෑ ක්‍රිස්තියානියෙකු වශයෙන් එම ප්‍රේමයේ හැඟීම් ඒවායේ තර්කානුකූල අවසානය—එනම් ලිංගික සබඳතාව දක්වා ගෙනයෑමට ඔබට මඟක් නොමැති නිසාය. එවන් සබඳතා සුදුසු වන්නේ විවාහය තුළ පමණක් බව බයිබලය පැහැදිලි කරයි.—1 කොරින්ති 6:18.
ඔබේ ප්රේමාධික ක්‍රියා කලාපයෙන් ලිංගිකව ඇවිස්සිය හැකි අනෙක් තැනැත්තා ගැනත් සිතාබලන්න. විවාහ වීමට හෝ සුදුසු විවාහ සහකරුවෙකු වශයෙන් බරපතළ ලෙස සැලකීමට පවා ඔබ සුදුසු තත්ත්වයක නොසිටින විට යමෙකු සිපගැනීම හෝ ස්පර්ශ කිරීම ප්‍රයෝගකාර පමණක් නොව කෲරද නොවන්නේද? (හිතෝපදේශ 26:18, 19 සසඳන්න.) බයිබලය මෙසේ අනතුරු අඟවයි: “කෲරයා තමාගේම මාංසය කලඹන්නේය.”—හිතෝපදේශ 11:17.
ප්රේමාධික ස්පර්ශයක් හෝ සිපගැනීමක් බලවත් ලිංගික ආශාවක් ඇවිස්සිය හැකි බව බයිබල් ශිෂ්‍යයෙකුට කිසි රහසක් නොවිය යුතුය. ගණිකාවක් විසින් යෞවන පුරුෂයෙකුව වරදට පෙලඹවීමක් ගැන බයිබලය පවසයි. එය මෙසේ පවසයි: “ඈ ඔහු අල්ලා සිඹ[ගත්තාය.]” (හිතෝපදේශ 7:13) එවන් සිපගැනීමක් හෝ ස්පර්ශයක් මගින් ගැඹුරු ශාරීරික ප්‍රතික්‍රියාවක් හටගැන්විය හැක. සමීපතා වැඩි දියුණු වන විට පිරිමි ළමයෙකුගේ හෝ ගැහැනු ළමයෙකුගේ හැඟීම් ඇවිස්සීම වැඩි දියුණු වේ. අවංකවම කියනවා නම්, ශරීරය ලිංගික සබඳතා සඳහා සූදානම් වේ.
යුවළක් විවාහක නම්, ඔවුන්ට තම රාගයන් සතුටුදායක හා ගෞරවනීය ආකාරයකින් තෘප්තිමත් කරගත හැකියි. එහෙත් අවිවාහක යුවළක් රාගය-අවුස්සන ලිංගික ක්‍රියාවල යෙදේ නම්, ගැටලු ඇතිවන බවට ස්ථිරය. එක් සමීක්ෂණයකදී, නැන්සි වැන් පෙට් සොයාගත්තේ ආලයෙන් ස්පර්ශ කිරීමේ යෙදුණු බොහෝ යෞවනයන්ට හුදෙක් “තමන්වම පාලනය” කරගත නොහැකි වූ බවට නොසඟවා පිළිගත් බවය. පෙර කිසිදාකටත් වඩා සීමාව ඉක්මවා යෑමට බල කරනු ලැබූ යෞවනියෙකුගේ අද්දැකීම ආදර්ශයක් සේ සැලකිය හැක. ඇය ලිංගික සබඳතාවල නොයෙදුණත්, ඇයව ඉතා සමීපව ස්පර්ශ කිරීමට ඈ පිරිමි ළමයාට ඉඩහැරියාය. ඈ මෙසේ පවසන්නීය: “දැන් මට ඉතා පිළිකුල් ගතියක් දැනෙනවා.” ඇය පිරිමි ළමයාට කිරීමට ඉඩ දුන් දෙය සැබවින්ම වැරදිද?
“සීමාව ඉක්මවීම” යනු කුමක්ද?
සමහර යෞවනයෝ ලිංගික සබඳතාවල නොයෙදෙන තාක් කල්, ඔවුන් සීමාව ඉක්මවා ගොස් නැතැයි, ඔවුන් කරන දෙය සැබවින්ම වැරදි නැතැයි විශ්වාස කරති. බයිබලය ඊට වෙනස් දෙයක් පෙන්නුම් කරයි. ගලාති 5:19-21, ප්‍රේරිත පාවුල් මෙසේ පැවසීය: “ඉඳින් මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ; එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම; . . . මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැ[බේ].”
වේශ්‍යාකම යනු කුමක්ද? වේශ්‍යාකම සඳහා මුල් ග්‍රීක් වචනය පෝර්·නිʹයා යන්නය. ඉන් යොමු දක්වන්නේ විවාහ බැම්මෙන් පිටතදී ලිංගේන්ද්‍රියන් යොදාගෙන ලිංගික ක්‍රියාවල යෙදීමය. සෙවන්ටීන් සඟරාවේ සඳහන් වූ එක් ගැහැනු ළමයෙකුගේ පෙම්වතා ඇයට මුඛයෙන් කාම ක්‍රියාවල යෙදීමට බල කළ විට ඈ ඊට ඉඩ දුන්නාය. “මා ඇත්තෙන්ම මෝඩකමක් කරා කියලයි මට හිතෙන්නේ,” යයි ඈ පැවසුවාය, “හේතුව මගේ මිතුරියන් කියන්නේ හැමෝම ඔවුන්ගේ පෙම්වතුන් සමඟ එසේ කරන බවත් එමෙන්ම මා එසේ නොකළා නම් මට ඔහුව නැතිවෙන බවත්ය.” යෞවනයන්ගේ තැතිගන්වන සංඛ්‍යාවක් එවැනි ආකාරයක දුරාචාරයේ යෙදී ඇති බවට පර්යේෂණ මගින් පෙන්නුම් කරයි. කෙසේනමුත්, එවන් ක්‍රියා පෝර්·නිʹයා වශයෙන් සලකන අතර දෙවියන්වහන්සේගේ ප්‍රතික්ෂේප කිරීමට භාජන වේ.
ප්‍රේරිත පාවුල්ද වේශ්‍යාකම සමඟ “අපවිත්‍රකම” සම්බන්ධ කළේය. අ·ක·තාර්·සිʹයා යන මුල් ග්‍රීක් වචනය, ඕනෑම ආකාරයක කථාවේ හෝ ක්රියාවේ අපවිත්‍රතාව ආවරණය කරයි. යමෙකුගේ ඇඳුම් ඇතුළට අයාලයේ අත් යැවීමට, යමෙකුගේ ඇඳුම් ගැළවීමට හෝ වෙනත් කෙනෙකුගේ පයෝධර වැනි පෞද්ගලික තැන් ස්පර්ශ කිරීමට ඉඩහැරීම නිසැකවම අපවිත්‍ර දෙයක් වනු ඇත. මන්දයත්, පයෝධර ස්පර්ශ කිරීම බයිබලයේ සඳහන් වන්නේ විවාහක යුවළයන් සඳහා වෙන්කර තිබෙන ආස්වාදයක් වශයෙනි.—හිතෝපදේශ 5:18, 19; සසඳන්න හොෂෙයා 2:2.
කෙසේ නමුත්, ඇතැම් යෞවනයෝ මුරණ්ඩු ලෙස මෙම දේව ප්‍රමිති නොසලකා හරිති. ඔවුහු හිතාමතාම දුරදිග යති, නැතහොත් ඔවුහු තමන්ට ලිංගික අපවිත්රකම්වල යෙදිය හැකි සහකරුවන් ගණනාවක් කෑදරකමින් සොයති. ප්‍රේරිත පාවුල් හැඳින්වූ “සල්ලාලකම” සම්බන්ධයෙන් ඔවුහු වරද සහිතව සිටිති.
“සල්ලාලකම” සඳහාවූ මුල් ග්‍රීක් වචනය වන (අ·සෙල්ʹජෙයි·යා) මගින් අදහස් කරන්නේ ‘දරුණු ක්‍රියා, සීමාව ඉක්මවීම, ගරුසරු බවක් නැතිව හැසිරීම, නොහික්මුණු කාම තෘෂ්ණාව හා දරුණුකම’ යන්නය. සල්ලාලකමේ යෙදෙන යෞවනයන් පාවුල් සඳහන් කළ මිථ්‍යාදෘෂ්ටිකයන්ට සමානය. “තමුන්ගේ සිත්වල නිෂ්ඵලකම [හෘදවල අසංවේදිතාව, NW ]” නිසා එම මිථ්‍යාදෘෂ්ටිකයෝ “හැඟීමක් නැතුව සියලු අපවිත්‍රකම් ගිජුලෙස කරන පිණිස සල්ලාලකමට භාරවුණෝය.” (එපීස 4:17-19) සැබවින්ම එවන් ප්‍රතික්ෂේප කිරීමක් යටතට පැමිණීමෙන් වැළකීමට ඔබට වුවමනා වනු ඇත!
එසේනම්, යෙහෝවඃවහන්සේගේ දෘෂ්ටිකෝණයෙන් කෙනෙකුට “සීමාව ඉක්මවා යෑම” සඳහා ලිංගික සබඳතාවල යෙදීමටම අවශ්‍ය නැති බව වටහාගන්න. විවාහ වීමට ඔබ බාල වැඩි නම්, ආලයෙන් ස්පර්ශ කිරීම හා සිපගැනීම නොකළ යුතු දෙයකි. තවද පූර්ව විවාහ ඇසුරක යෙදෙන්නන් සිය ආදරය දැක්වීම අපවිත්‍රකමට පත් නොවීමට වගබලාගත යුතුය. දේව ප්‍රමිතිවලට අනුව රැඳී සිටීම පහසු නොවන බව ඒත්තුගත හැක. එහෙත් දෙවියන්වහන්සේ යෙසායා 48:17හි මෙසේ පවසන සේක: “ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW ] වන මමය.’’—ගලාති 5:16ද බලන්න. g93 10/22
[13 පිටුවෙහි ඇති පින්තූරය]
ඔබ අවිවාහක නම්, රාගය අවුස්සන හැසිරීමක යෙදීම කලකිරීමට හා වඩා බරපතළ දේවලට මඟ පාදයි