ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w20 සැප්තැම්බර් 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අධිකාරය පිළිබඳ ක්‍රිස්තියානි දෘෂ්ටිය
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අය සන්තෝෂවත්
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අධිකාරියක් ඇති අයට ගෞරව කරමු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w20 සැප්තැම්බර් 31 පි.
මරකත මැණිකක පාටින් යුත් සිංහාසනයක ඉඳන් ඉන්න යෙහෝවා දෙවියන් වටේ දේවදූතයන් ඉන්නවා. සිංහාසනය වටේ දීප්තිමත් ආලෝකයක් විහිදෙනවා.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

දේශනාකාරයා 5:8 සඳහන් වෙන්නේ මිනිස් පාලකයන් ගැනද නැත්නම් යෙහෝවා දෙවියන් ගැනද?

දේශනාකාරයා 5:8 කියන්නේ මෙහෙමයි. “යම් දේශයක සිටින නිලධාරීන් දුප්පතුන්ට පීඩා කරන බව හෝ ඔවුන් බලහත්කාරයෙන් යුක්තිය පෙරළා අධර්මිෂ්ඨකම් කරන බව හෝ ඔබ දකින්නෙහි නම් ඒ ගැන පුදුම නොවන්න. ඔවුන්ටත් වඩා බලවත් අධිපතීන් සිටින බවත් ඒ සියලුදෙනාටම වඩා බලවත් තැනැත්තෙකු බලා සිටින බවත් මතක තබාගන්න.”

යෙහෝවා දෙවියන් ගැන අමතක කරලා අපි ඒ බයිබල් පදය කියෙව්වොත් අපිට හිතෙයි ඒ පදයේ කතා කරන්නේ ආණ්ඩුවල බලධාරීන් ගැන විතරයි කියලා. හැබැයි හොඳට හිතද්දී අපිට තේරුම්ගන්න පුළුවන් යෙහෝවා දෙවියන් ගැන වැදගත් තොරතුරක් එතන තියෙනවා කියලා. ඒක තේරුම්ගන්න එක අපිට ලොකු සහනයක්.

ඒ පදයේ කතා කරන්නේ දුප්පතුන්ට පීඩා කරන යුක්තිය පෙරළන මිනිස් පාලකයන් ගැන. එයාලා මතක තියාගන්න ඕනෙ, ඒ ආණ්ඩුවල එයාලට වඩා උසස් තනතුරුවල ඉන්න, වැඩි බලතල තියෙන නිලධාරීන් එයාලා කරන දේවල් දිහා බලන් ඉන්නවා කියලා. සමහරවිට ඒ හැම නිලධාරියෙකුටම වඩා බලවත් නිලධාරියෙකුත් ඉන්න පුළුවන්. ඒත් ඒ හැම මිනිස් පාලකයෙක්ම වගේ දූෂිතයි. ඒ නිසා එයාලා යටතේ ඉන්න අසරණ මිනිස්සු දුක් විඳිනවා.

ඒ නිසා බැලූ බැල්මට පේන්න තියෙන්නේ මිනිසුන්ට කිසිම බලාපොරොත්තුවක් නැහැ වගේ. ඒත් මිනිස් ආණ්ඩුවල ඉන්න ‘බලවත් අධිපතීන් කරන කියන දේවල් දිහා යෙහෝවා දෙවියන් බලාගෙනයි ඉන්නේ.’ ඒක තේරුම්ගන්න එක අපිට ලොකු සහනයක්. මොකද අපේ හිතේ තියෙන බර යෙහෝවා දෙවියන්ට භාර දෙන්නත් ඔහුගෙන් උදව් ඉල්ලන්නත් අපිට පුළුවන්. (ගීතා. 55:22; ෆිලි. 4:6, 7) “යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි” කියලා අපි දන්නවා.—2 ලේක. 16:9.

දේශනාකාරයා 5:8 පෙන්නන්නේ මිනිස් පාලකයන්ගේ සැබෑ තත්වය ගැනයි. හැම බලධාරියෙක්ටම එයාට වඩා උසස් බලධාරියෙක් ඉන්නවා. ඒ පදයෙන් අපිට මතක් කරලා දෙන වැදගත්ම දේ තමයි ඒ හැමෝටම වඩා උසස්ම අධිකාරිය තියෙන්නේ යෙහෝවා දෙවියන්ට කියන දේ. ඔහු දැන් ඔහුගේ පුතා සහ දේවරාජ්‍යයේ රජු වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් පාලනය කරනවා. හැම දෙයක්ම, හැම කෙනෙක්ම දිහා බලන් ඉන්න සියලු බලැති දෙවියන් වන ඔහුත් ඔහුගේ පුතාත් අනිවාර්යයෙන්ම යුක්තිය ඉටු කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න