යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ලකුණ ප්‍රේමයයි - ආත්මාර්ථකාමී වෙන්න හා කෝප වෙන්න එපා
ඒක වැදගත් ඇයි? යේසුස් කිව්වේ තම අනුගාමිකයන්ව හඳුනාගන්න පුළුවන් ගුණාංගය ප්‍රේමය කියලයි. (යොහ 13:34, 35) යේසුස් වගේ අනිත් අයට ආදරේ කරන්න නම් අනිත් අය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. කේන්ති ගන්නත් හොඳ නැහැ.—1කොරි 13:5.
ඒක කරන්නේ කොහොමද?
කෙනෙක් කියපු, කරපු දෙයක් නිසා ඔයාගේ හිත රිදුණොත් ටිකකට හිතන්න එයා එහෙම කිව්වේ, කෙරුවේ ඇයි කියලා. ඔයා කේන්ති ගත්තොත් මොනවා වෙන්න පුළුවන්ද කියලත් හිතන්න.—හිතෝ 19:11
හැමෝම අසම්පූර්ණයි කියලත් අනිත් අයගේ හිත් රිදෙන දේවල් අපි අතිනුත් වෙනවා කියලත් අමතක කරන්න එපා
ප්‍රශ්නයක් ඇති වුණු ගමන්ම විසඳගන්න
‘ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න - ආත්මාර්ථකාමී වෙන්න හා කෝප වෙන්න එපා’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
ටොම් යෝජනාවක් දුන්නාම ලැරී කළේ මොනවාද?
කේන්ති නොගෙන ඉන්න ටොම්ට උදව් වුණේ මොකක්ද?
ටොම් කේන්ති නොගෙන දීපු උත්තරේ නිසා ලැබුණු ප්‍රතිඵල මොනවාද?
කේන්ති යන දෙයක් වෙද්දීත් සන්සුන්ව වැඩ කරන එකෙන් සභාවේ අයට ලැබෙන ප්‍රයෝජන මොනවාද?