ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 49 ලිපිය
  • යක්ෂයා ඉන්නේ කොහෙද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යක්ෂයා ඉන්නේ කොහෙද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • යක්ෂයා
    2013 පිබිදෙව්!
  • යේසුස් මෙන් “යක්ෂයාට විරුද්ධ වන්න”
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආත්ම විෂයෙහි පාලකයෝ
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට පුළුවන් සාතන්ව පරාජය කරන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 49 ලිපිය

යක්ෂයා ඉන්නේ කොහෙද?

බයිබලයේ ඒ ගැන කියන දේ

යක්ෂයාව පේන්නේ නැහැ වගේම ඔහු ඉන්න තැනත් අපිට පේන්නේ නැහැ. හුඟක් අය හිතන්නේ යක්ෂයා මේ පින්තූරේ පෙන්නලා තියෙනවා වගේ අපායක ජීවත් වෙනවා කියලයි. ඒත් ඒ අදහස බයිබලේට එකඟ නැහැ.

“ස්වර්ගයෙහි යුද්ධයක්”

සාතන් නමැති යක්ෂයා ස්වර්ගයේ හිටපු කාලයේ ඔහුට ස්වර්ගයේ කැමති තැනකට යන්න එන්න නිදහස දීලා තිබුණා. අනිත් විශ්වාසවන්ත දේවදූතයන් එක්ක දෙවි ඉදිරියේ පෙනී ඉන්නත් ඔහුට පුළුවන්කම තිබුණා. (යෝබ් 1:6) ඒත් ඒ නිදහස වැඩි කල් තිබුණේ නැහැ. බයිබලේ පෙන්නලා තියෙන විදිහට ‘ස්වර්ගයේ යුද්ධයක්’ ඇති වෙලා ඉන් පැරදුණු ‘සාතන්ව පොළොවට හෙළනු ලැබුවා.’ (එළිදරව් 12:7-9) බයිබලේ තියෙන විස්තරවලින් සහ අද දින පොළොවේ සිද්ධ වෙන දේවලින් යක්ෂයාව පොළොවට හෙළලා තියෙනවා කියන එක පැහැදිලියි. ඒ නිසා ඔහු දැන් ඉන්නේ පොළොවට කොටු වෙලයි.

ඒකෙන් අදහස් වෙන්නේ සාතන් පොළොවේ යම් නිශ්චිත තැනක ජීවත් වෙනවා කියන එකද? බයිබලේ එළිදරව් පොතේ පර්ගමම් කියන පුරාණ නගරය හඳුන්වලා තියෙන්නේ “සාතන්ගේ සිංහාසනය තිබෙන තැන” කියලයි. (එළිදරව් 2:13) ඒකෙන් අදහස් වෙන්නේ සාතන් එහෙ ජීවත් වුණා කියන එක නෙමෙයි. පර්ගමම් නගරය ඒ විදිහට හඳුන්වලා තියෙන්නේ එහේ යක්ෂයාට වන්දනාමාන කිරීම් හුඟක් සිද්ධ වෙච්ච හින්දයි. සාතන් “ලොව පුරා පිහිටුවා ඇති සියලු රාජ්‍යයන්” පාලනය කරනවා කියලා බයිබලේ සඳහන් වෙනවා. ඒකෙන් තේරෙන්නේ සාතන් පොළොවේ එක තැනකට විතරක් සීමා වෙලා නැහැ කියලයි.—ලූක් 4:5, 6.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න