Mary_Ukraine/stock.adobe.com
සෝදිසියෙන් ඉන්න!
දේශපාලනඥයන් ගැන තියෙන විශ්වාසය නැති වේගන යනවා - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
වෙන කිසිම අවුරුද්දකට වඩා 2024දී ලෝකේ හුඟක් රටවල මැතිවරණ පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. ඒත් දැන්දැන් දේශපාලනඥයන් ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසය නැති වේගනයි යන්නේ.
ඇමරිකාවේ සමීක්ෂණයකට හවුල් වුණ වැඩිදෙනෙක් කිව්වේ මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් පැති ගැන හිතනවා වෙනුවට “හුඟක් දේශපාලනඥයන් හිතන්නේ එයාලාගේ වාසිය ගැන විතරයි” කියලා.a—පිව් පර්යේෂණ ආයතනය, 2023 සැප්තැම්බර් 19.
ගොඩක් යෞවනයන්ටත් දේශපාලනඥයන් ගැන කිසිම විශ්වාසයක් නැහැ.
“ලෝකේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න අද ඉන්න යෞවනයන්ට ලොකු වුවමනාවක් තියෙනවා. ඒත් කරපු සමීක්ෂණවලදී එයාලා කියන්නේ ඒ ප්‍රශ්නවලට දේශපාලනඥයන් විසඳුම් හොයලා දෙන්නේ නැහැ කියලයි.”—The New York Times, 2024 ජනවාරි 29.
“යෞවනයන් දේශපාලනඥයන්ට වඩා විශ්වාස කරන්නේ යූ ටියුබ් වීඩියෝ හදන අයව කියලා එක සමීක්ෂණයකින් හෙළි වෙනවා.”—The Korea Times, 2024 ජනවාරි 22.
අනාගතයේදී අපිට මීට වඩා හොඳ ජීවිතයක් දෙන්න දේශපාලනඥයන්ට පුළුවන් වෙයිද? ඒ වගේ වෙනසක් කරන්න පුළුවන් කාටද? කාවද අපිට විශ්වාස කරන්න පුළුවන්?
එකපාරටම විශ්වාස කරන්න එපා
දකින දකින හැම කෙනාවම එකපාරටම විශ්වාස කරන එක හොඳ දෙයක් නෙමෙයි. මොකද බයිබලේ මෙහෙම කියනවා. “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”—හිතෝපදේශ 14:15.
ලැබෙන තොරතුරු ඇත්තද බොරුද කියලා තේරුම්ගන්නේ කොහොමද කියලා දැනගන්න “බොරු තොරතුරුවලට රැවටෙන්න එපා!” කියන ලිපිය බලන්න.
සමහර දේශපාලනඥයන් අවංකයි. එයාලා හොඳ චේතනාවෙන් දේවල් කරනවා. ඒත් එයාලා හිතන් ඉන්න හැම දේම කරන්න එයාලටත් බැහැ. ඒකයි බයිබලේ මෙහෙම කියන්නේ:
“රජ කුමරුන් කෙරෙහිවත්, පිහිටවිය නොහැකි කිසිම මිනිසෙකු කෙරෙහිවත් විශ්වාසය නොතබන්න.”—ගීතාවලිය 146:3, නව අනුවාදය.
විශ්වාස කරන්න පුළුවන් පාලකයෙක්
අපේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න පුළුවන්, විශ්වාසවන්ත පාලකයෙක්ව දෙවියන් පත් කරලා තියෙනවා. ඒ, යේසුස් ක්‍රිස්තුස්. (ලූක් 1:32, 33) දෙවියන්ගේ රාජ්‍යයේ, ඒ කියන්නේ ස්වර්ගයේ පිහිටුවලා තියෙන දෙවියන්ගේ ආණ්ඩුවේ රජ තමයි යේසුස්.—මතෙව් 6:10.
යේසුස්ව විශ්වාස කරන්න අපිට පුළුවන් ඇයි කියලත් අද අපි අද්දකින ප්‍රශ්න ඔහු විසඳන්නේ කොහොමද කියලත් දැනගන්න “දේවරාජ්‍යයේ රජු කවුද? ” සහ “දෙවියන්ගේ පාලනයෙන් කරන දේ ” කියන ලිපි කියවන්න.
a Pew Research Center, “Americans’ Dismal Views of the Nation’s Politics,” September 2023.