ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 171 ලිපිය
  • යක්ෂයාට තියෙන්නේ මොන වගේ පෙනුමක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යක්ෂයාට තියෙන්නේ මොන වගේ පෙනුමක්ද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • බයිබලේ යක්ෂයාව විස්තර කරලා තියෙන්නේ කොහොමද?
  • ඔබට පුළුවන් සාතන්ව පරාජය කරන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් මෙන් “යක්ෂයාට විරුද්ධ වන්න”
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලයේ කියන්නේ මොනවාද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 171 ලිපිය

යක්ෂයාට තියෙන්නේ මොන වගේ පෙනුමක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

යක්ෂයා කියන්නේ අපිට වඩා හුඟක් බලවත් නොපෙනෙන කෙනෙක්. යක්ෂයාට තියෙන්නේ අපිට තියෙනවා වගේ ශරීරයක් නෙමෙයි.—එෆීස 6:11, 12.

ගොඩක් චිත්‍ර ශිල්පීන් යක්ෂයාව චිත්‍රයට නඟලා තියෙන්නේ ත්‍රිශූලයක් අතේ තියාගෙන ඉන්න, අං දෙකක් සහ වලිගයක් තියෙන, එළුවෙකුගේ පෙනුමක් ඇති සතෙක් විදිහටයි.

ගොඩක් චිත්‍ර ශිල්පීන් යක්ෂයාව චිත්‍රයට නඟලා තියෙන්නේ ත්‍රිශූලයක් අතේ තියාගෙන ඉන්න, අං දෙකක් සහ වලිගයක් තියෙන, එළුවෙකුගේ පෙනුමක් ඇති සතෙක් විදිහටයි. සමහරු කියනවා යක්ෂයාව මුලින්ම ඒ විදිහට චිත්‍රයට නඟලා තියෙන්නේ අවුරුදු 1,000කට වැඩි කාලෙකට කලින් හිටපු චිත්‍ර ශිල්පීන් කියලයි. එයාලා යක්ෂයාව ඒ විදිහට චිත්‍රයට නඟන්න ඇත්තේ ඒ කාලේ තිබුණ ජනප්‍රවාද සහ ප්‍රබන්ධ කතා පදනම් කරගෙන කියලා හිතන්න පුළුවන්.

  • බයිබලේ යක්ෂයාව විස්තර කරලා තියෙන්නේ කොහොමද?

  • යක්ෂයා ගැන සඳහන් වෙන බයිබල් පද

බයිබලේ යක්ෂයාව විස්තර කරලා තියෙන්නේ කොහොමද?

යක්ෂයාව බයිබලේ විවිධ විදිවලින් විස්තර කරලා තියෙනවා. ඒ විස්තර අපිට උදව් වෙන්නේ යක්ෂයා මොන වගේ කෙනෙක්ද කියන එක තේරුම්ගන්න මිසක් යක්ෂයාගේ පෙනුම මොන වගේද කියලා තේරුම්ගන්න නෙමෙයි. යක්ෂයාව විස්තර කරලා තියෙන විදි කිහිපයක් බලන්න.

  • ආලෝකය ලබා දෙන දූතයෙක්. යක්ෂයා අපිට හොඳ දේවල් දෙන හොඳ කෙනෙක් විදිහට පෙනී ඉඳලා අපිව රවට්ටන්න හදනවා. එහෙම කරලා යක්ෂයා උත්සාහ කරන්නේ අපිව දෙවියන්ගෙන් ඈත් කරලා තමන්ගේ පැත්තට නම්මගන්නයි.—2 කොරින්ති 11:14.

  • ගොරවන සිංහයෙක්. යක්ෂයා දරුණු විදිහට දෙවියන්ගේ සේවකයන්ට පහර දෙනවා.—1 පේතෘස් 5:8.

  • මහත් මකරා. යක්ෂයා භයානක, බලවත්, විනාශකාරී කෙනෙක්.—එළිදරව් 12:9.

යක්ෂයා ගැන සඳහන් වෙන බයිබල් පද

  • 2 කොරින්ති 11:14: “සාතන් පවා ආලෝකය ලබා දෙන දූතයෙකු ලෙස පෙනී සිටියි.”

    තේරුම: යක්ෂයා හොඳ කෙනෙක් විදිහට පෙනී ඉඳලා අපිව රවට්ටන්න හදනවා. එහෙම කරලා යක්ෂයා උත්සාහ කරන්නේ අපිව දෙවියන්ගෙන් ඈත් කරලා තමන්ගේ පැත්තට නම්මගන්නයි.

  • එෆීස 6:11: “යක්ෂයාගේ උපායන්වලට විරුද්ධව නොසැලී ස්ථිරව සිටීම සඳහා දෙවි ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න.”

    තේරුම: යක්ෂයා දක්ෂ උපායන් යොදලා දෙවියන්ගේ නීති කඩන්න මිනිසුන්ව පොලඹවනවා.

  • යාකොබ් 4:7: “දෙවිට යටත් වන්න. යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යයි.”

    තේරුම: දෙවියන්ට කීකරු වෙන්න අපි අධිෂ්ඨාන කරගෙන ඉන්නවා නම් යක්ෂයාගේ උපායන්වලට අහු වෙන්නේ නැතුව ඉන්න අපිට පුළුවන්.

  • 1 පේතෘස් 5:8: “ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින් ඔබ මොබ ඇවිදියි.”

    තේරුම: දෙවියන්ට කීකරු වෙන අයට යක්ෂයා වෛර කරනවා. යක්ෂයාට ඕනෙ දෙවියන් එක්ක එයාලට තියෙන බැඳීම කඩලා දාන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න