ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 නොවැම්බර් 32 පි.
  • “දෙවියන්ගෙන් ලැබුණ තෑග්ග” පාවිච්චි කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “දෙවියන්ගෙන් ලැබුණ තෑග්ග” පාවිච්චි කරන්න
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • හැම දවසකම එකිනෙකාව දිරිගන්වන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • හොඳම තෑග්ගක් දෙන්න නම් . . .
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දෙවියන් දීපු තෑග්ග වටිනාම තෑග්ග වෙන්නේ ඇයි?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ජනකාන්තබව මිනිසාට ප්‍රශංසාවද නැතහොත් දෙවිට මහිමයද?
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 නොවැම්බර් 32 පි.

බයිබලෙන් අදහසක්!

“දෙවියන්ගෙන් ලැබුණ තෑග්ග” පාවිච්චි කරන්න

අපේ සහෝදර සහෝදරියන් එක්ක ආශ්‍රය කරලා අපි හැමෝම ලොකු දිරිගැන්වීමක් ලබනවා. හැබැයි ඇත්තටම දිරිගැන්වෙන්න නම් නිකම්ම එකට එකතු වෙන එක විතරක් මදි. බයිබලේ කියනවා එකිනෙකාගේ විශ්වාසේ ශක්තිමත් කරන්න අපිට තියෙන හැකියාව “දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්” කියලා. (රෝම 1:11, 12) ඒ තෑග්ග උපරිමෙන් පාවිච්චි කරන්න අපිට පුළුවන් කොහොමද?

ඔයා කියන දේවල්වලින්. රැස්වීමේදී අපි අදහස් දෙද්දී අපි ගැනම, අපේ අදහස් ගැනම කියනවා වෙනුවට යෙහෝවාගෙන්, බයිබලෙන්, දෙවියන්ගේ සේවකයන්ගෙන් ඉගෙනගත්ත දේවල් ගැන කියන්න අපිට පුළුවන්. අනිත් අය එක්ක කතා කරද්දීත් අපි හැම වෙලේම එයාලාගේ විශ්වාසේ ශක්තිමත් කරන දේවල් ගැන කතා කරන්න ඕනේ.

ඔයාගේ තීරණවලින් සහ ඔයා වැඩ කරන විදිහෙන්. සමහරු ප්‍රශ්න, අභියෝග තියාගෙනත් දිගටම පූර්ණකාලීන සේවේ කරනවා. තවත් අය කාලයක් තිස්සේ තියෙන අසනීපයක් දරාගෙන නැත්නම් රස්සාව කරන ගමන් වරද්දන්නේ නැතුව සති මැද රැස්වීමට එනවා. ඒක අපිට ලොකු දිරිගැන්වීමක්!

යෙහෝවා ඔයාට දීලා තියෙන තෑග්ග පාවිච්චි කරලා ඔයා අනිත් අයව දිරිගන්වනවාද? අනිත් අය ඔයාව දිරිගන්වන්න කරන කියන දේවල් ඔයා දකිනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න