යහපත් ක්‍රිස්තියානීන් වෙමු
පෞද්ගලික අධ්‍යයනයෙන් උපරිම ප්‍රයෝජන ලබාගමු
ඒක වැදගත් ඇයි? බයිබලයේ තොරතුරු පෞද්ගලිකව අධ්‍යයනය කරන එක සත්‍යයේ ‘දිගත් පළලත් උසත් ගැඹුරත් සම්පූර්ණයෙන්ම වටහාගන්න’ උදව් වෙනවා. (එෆී 3:18) ඒ වගේම දුෂ්ට ලෝකයක ජීවත් වෙන අපිට නිකැළැල් ජීවිතයක් ගත කරන්නත් ‘ජීවනදායක පණිවිඩය තදින් අල්ලන් ඉන්නත්’ ඒක උදව් වෙනවා. (ෆිලි 2:15, 16) ඒ විතරක් නෙවෙයි අපි එක් එක් කෙනාගේ අවශ්‍යතාවට ගැළපෙන තොරතුරු අධ්‍යයනය කරන්නත් ඒකෙන් අවස්ථාව ලැබෙනවා. බයිබලය කියවන්නත් අධ්‍යයනය කරන්නත් යොදවන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?
ඒක කරන්නේ කොහොමද?
අධ්‍යයනයට පාවිච්චි කරන බයිබලයේ ඔයාට වැදගත් වෙන බයිබල් පද හයිලයිට් කරන්න. ඔයා හොයාගන්න තොරතුරු සටහන් කරන්න
බයිබලයේ කොටසක් කියවද්දී ඒකේ කතා කරන්නේ කවුරු ගැනද, මොකක් ගැනද, ඒක වුණේ කවදාද, කොහේදීද, එහෙම වුණේ ඇයි, ඒක වුණේ කොහොමද කියලා හොඳට කල්පනා කරන්න
අධ්‍යයනය කරන්න සකස් කරලා තියෙන මෙවලම් පාවිච්චි කරලා යම් විෂයක් යටතේ හරි බයිබල් පදයක් යටතේ හරි ඒ තොරතුරු ගැන තවත් හොඳින් හොයලා බලන්න
කියවන තොරතුරු ඔයාට අදාළ වෙන විදිහ ගැන හොඳට හිතන්න
ඔයා ඉගෙනගන්න දේවල් එදිනෙදා ජීවිතයේදී අදාළ කරගන්න.—ලූක් 6:47, 48
‘පෞද්ගලික අධ්‍යයනය කිරීමෙන් “සත්‍යය තදින් අල්ලගන්න”’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
සමහර අය පෞද්ගලික අධ්‍යයනය ගැන කිව්වේ මොනවාද?
පෞද්ගලික අධ්‍යයනය කරන්න කලින් යාච්ඤා කරන්න ඕනෙ ඇයි?
බයිබල් පදයක් තවත් හොඳින් තේරුම්ගන්න අපිට උදව් වෙන්නේ මොනවාද?
ඔයාගේ බයිබලයේ අවශ්‍ය කරුණු සටහන් කරගන්න පුළුවන් ක්‍රම මොනවාද?
අධ්‍යයනය කරන තොරතුරු ගැන හොඳට හිතන එක වැදගත් ඇයි?
යම් දෙයක් ගැන අධ්‍යයනය කළාට පස්සේ අපි කරන්න ඕනෙ මොනවාද?
“ඔබේ නීතියට මම බොහෝ සෙයින් ඇලුම් කරමි. දවස මුළුල්ලේ ඒ ගැන මම කල්පනා කරමි.”—ගීතා 119:97